Monday, April 29, 2019

හමුදා දිවියේ නොදුටු පැතිකඩක්…


DISCLAIMER : මේ ලේඛකයා යුද  විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්ර සියල්ල ලිපියේ දක්වා ඇත.



හුගක් වෙලාවට අපි වගේ සිවිල් මිනිස්සු හිතන්නේ යුද්දයක් කියන්නේ සතුරෝ ඉන්න පළාතකට ගිහින් උන්ව මරලා සතුටෙන් වීරත්වය කරේ තියාගෙන එන දෙයක් විදියට නමුත් යථාර්තය සම්පූර්ණයෙන්ම වෙනස්, පළවෙනි මූනිස්සම ගිය ගමන් ඇතිවෙන්නේ යුධ මීදුම..ඒක ඇතුලේ වෙනස්වන අවස්ථාවලට තමනුත් යුනිට් එකත් බේරගෙන මිශන් එක සම්පූර්ණ කරන එක තමයි නියම වීරත්වය..නියම සොල්දාදුවෝ පුහු බුකි වීරයෝ නෙමෙයි තමන්ගේ යුතුකම හරියට කරලා වන්දිභට්ටකම් අතැරලා වෘත්තීය සොල්දාදුවෙක් විදියට නිහඩවම විශ්රාම යැම තමයි වෙන්නේ....ලන්කාවෙත් එහෙම දෙයක් වුනා ලගදී ඒවා ගැන පොඩි කසු කුසු තිබුනට ලොකුවට ඇගයීම් නැ හේතුව ඒ පුද්ගලයින්ම ඒවා එපා කියන නිසා..කායිකව හා මානසිකව නිරොගීව විශ්රාම යැම යුද්දෙකට සහභාගී වූ වෘත්තීය සොල්දාදුවෙකුට අමාරැදෙයක්..ඒකට හේතුව යුද බිමේ ඉදලා එන සොල්දාදුවෝ පිටට පෙනෙන තුවාල වගේම මානසික දෝමනස්සයනුත් අරගෙන එන නිසා..මේ මානසික දෝමනස්සයන් එන්නේ සතුරන් අඩපණ කිරීමෙන්ම නෙමෙයි..

"සතුරන් සහසක් කලදා පරාජය.....
 තම හට තම සිත වේ පසමිතුරා....
 ශිල්ප ශාස්ත්ර හැම පරතෙර දුටුවද....
 දත මනාදේ ගෙවා දත්තද....
 රාග දෝස දුරලන තුරු සිතිනා...
 නැත පිළිසරණා පුහුදුන් සතහට...
                               ~ පේමති ජායතී සෝකෝ සහ තවත් කථා ~

                                  එදිරිවීර සරත්චන්ද්ර සූරීන්..මේ විදියට මිනිස් හිතේ හැටි ලස්සනට ලිව්වා මතකයි…රට වෙනස් වුනාට යුද බිමක හිටපු හැම සොල්දාදුවටම මේක අදාළයි..

මේ කතාව මම අහන්නේ ගාර්ඩ්න් අයිලන්ඩ් එක ගාවින් ලිෆ්ට් එකකට සෙට් වෙච්ච SAS සෝල්ජර් කෙනෙක් ගෙන්..මිනිහව ඩ්රොප් කරාම බියර් එකකට සෙට් වෙනවා කෑම්බල් බෑරෑක්ස් ලග..ස්වැන්බෝර්න් නූඩිස්ට් බීච් එක ලග තියෙන මේ ආර්මි බේස් එකේ තමයි ඕස්ට්රේලියා විශේශ බළකා ස්කොඩ්රන් තුනක් බේස් වෙලා තියෙන්නේ..මෙල්බෝන්, අරබෝන් හැමබෝන් එකෙකම ඉන්න අයියලා අන්තිමට බහින්නේ පර්ත් තමයි..කරක්කටා වල තව රිසව් බ්රිගෙඩ් එකක් තියෙනවා, ආතල් එක කියන්නේ ඔය කරකටා වල අර්වින් බැරැක්ස් වලින් 93දී පොරක් යුද්ද ටැන්කියක් හොරකන් කරලා පාරෙත් ගිහිල්ලා..මාරයි නේහ්….ඔය ගාඩ්න් අයිලන්ඩ් එකේ තමයි සබ්මැරීන් තියෙන්නේ..මම අපේ මාමව බස්සලා එනකොට තමයි මේ පොර සෙට් වෙන්නේ..අපේ මාමත් සූරයා..සූරයා කියන්නේ “SLNS සූරයා” එකේ සීඕ වෙලා ඉදලත් තියෙනවා..ඒක කොටිගහලා ගිලෙන්න කලින්..හරියට නම කිව්වොත් ඔය ඩීසල් සබ්මැරීන් කටුවල නෙමෙයි..න්යශ්ටික සබ් එකක ෆ්රී ටුවර් එකක් දෙනවා..

ඉතින් ආපහු කතාවට ඕස්ට්රේලියාවෙදී ඇහුවට මේක ඉන්දියන් කතාවක්. පසුබිම වෙලා තියෙන්නේ "සියැචන් ග්ලෙසියරය" ඒක තමයි ලෝකයේ තියෙන උසම සටන් බිම. මුහුදු මට්ටමේ ඉදන් අඩි 18000ක් උසින් තියෙන ධ්රැව ආසන්න නොවන දෙවන විශාලම ග්ලැසියරය. පකිස්ථානය හා ඉන්දියාව අතර තිබෙන  ලයින් ඔෆ් කන්ට්රොල් (LOC) එකේ උතුරැම කොන. මේකේ තියෙන සියළුම කපොළු 1984 ඉදන් ඉන්දියානු හමුදා පාළණය යටතේ තියෙන්නේ.පකිස්තානූ කීර්තිමත් හමුදා නායකයෙක් වන එවකට බ්රිගේඩියර් ජෙනරල් පර්වේස් මුශාරෆ් 87දීත්, නැවත 99දීත් මේ කපොළු අල්ලගන්න ට්රයි කරාට බැරිවෙනවා ඒ ප්රධානවම  ඉන්දියන් සික් හා ගුර්කා රෙජිමන්ට් එකේ රණශූරත්වය නිසා. ඔය කාගිල් යුද්දේ ගැන තව දැනගන්න කාගිල් යුද්දේ ගැන 11ත් ගුර්කා රයිෆල්ස් කමාන්ඩ් කරපු කර්නල් ලලිත් රායි ගේ කතා බලන්න ඒවා නම් පට්ට..මේ කාගිල් වෝ එකේ තමයි ඉන්දියාවේ ප්රසිද්ද මනොජ් කුමාර් පාන්ඩේ, වික්රම් බත්රා "පරම් වීර් චක්ර" මෙඩ්ල් එක ගත්තේ..දෙන්නම මැරණා නියම වීරයෝ වගේ.. මේ සන්ග්රාම අපිට ඇත්තටම වැදගත්..අපිට විතරක් නෙමයි ලෝකයටම මොකද න්යශ්ඨික හැකියාවන් සහිත රටවල් දෙකක් අතර වූ සාම්ප්රදායික යුධ ගැටුමක් නිසා..කොහොමද එකෙක් හරි නියුක් එකක් ගැහුවා නන්..ආසියානු කළාපයම සදාසොත්ති තමා.. හැබැයි ඔය ඇමෙරිකන් කාරයා ඔය වහුකුණු වැඩේ කරාට ආසියාතික රටවල් වල රජයේ හමුදා සිවිල් මිනිස්සු මරලා යුද්ද දින්නන ට්රයි කරන්නේ නෑ....ඒත් මේ දෑනට පේන්න තියෙන දේවලුත් ඉතින් එච්චරම හොද නෑ..

ඉතින් මේ සියැචන් ග්ලසියරේට යන්න ට්රේනින් කරන බේස් කෑම්ප් එකේදී 10-15% ෆැටලිටි රේට් එකක් තියෙන්නේ..අනික සියැචන් වලදී උන්ඩෙන් මැරෙනවට වඩා සීතලට හැදෙන ලෙඩ වලින්,ඇල්ටිට්යුඩ් සික්නස්, ෆ්රොස්ට් බයිට්, ඇවලාන්ච් වලින් තමයි මැරෙන්නේ..කට්ට කරැවලේ..පට්ට හීතලේ..හුස්මගන්න බැරැව මැරෙන්න වුනත් සූදානම් වෙලා යන සෝල්ජර්ස්ලා සේරම ස්වෙච්චාවෙන් ඉදිරිපත් වුන අය..

ඔය ග්ලැසියරේට යන්න තියෙන්නේ ඇවිදගෙන, වාහන වලට යන්න තරම් ඔය අයිස් තට්ටු ඝණ මදි. හෙලිකොප්ටර් අඩි 18000ක උසකට යන එකත් ඉන්දියන් කාරයන්ගේ තියෙන කැසිල්ලට කරන එකක්ද, මෝඩකමට කරන එකක්ද නැත්නම් අසීමාන්තික වීරත්වයද කියලා මට නම් හිතාගන්න බැ. කොහොමහරි ඔය චොපර් එකක් ලැන්ඩ් කරත් නවත්තන්න බැ. හීතලට සේරම ගල් වෙන නිසා..ඒවගේමයි අයිස් හෙලි පැඩ් එකක හෙලිකොප්ටර් බ්ලෙඩ්ස් කැරකෙන කොට පහළ වැකූම් එකක් ඇතිවෙනවා..ඉතින් ඔය වගේ දාහක් ප්රශ්ණ..අනික ඔය වගේ තැනකට යන සොල්ජර්ස් ලා නියමිත කාළයට කලින් පහලට ගන්නේ නැ. එතකොට මැරැනොත් මොකද වෙන්නේ? මොනව වෙන්නද, ඔතනට ගිය ගමන්ම සෝල්ජර් කෙනෙක් මැරිලා තියෙනවා එතන කැප්ටන් මැරැණ සෝල්ජර්ව ඉන්දීය කොඩියකින් ඔතලා කැම්ප් එකේ තියලා, හීතලට නරක් වෙන්නෙත් නෑනේ..කොහොමද මාස හයක් තිස්සේ මෑරිච්ච සගයෙක් එක්ක, පොඩි කූඩාරමක භූමිතෙල් ගද, අනිත් එවුන්ගේ ශරීර ගද (අන්ශක සෘණ ගියපු තැනක නැමක් නෑනේ ) එක්ක ඉන්න කොට,  මේවා තමයි කායික මානසික දරාගැනීම හොදටම පරීක්ශනයට ලක් කෙරෙන සැබැ ජීවිතයේ අවස්තා..

ඒ වගේම තමයි ඔය වගේ ඔපරේශන්ලි වැදගත් පෝස්ට් වල ඉන්න සොල්ජර්ස්ලගේ මානසික තත්වය හොදින් තියෙන්න ඕන..ගෙදර දරැවා ඩෙන්ගු හැදිලා මැරිලා, තාත්තා ඇක්සිඩන්ට් එකකින් අන්තරා වෙලා වගේ නිව්ස් දීලා සොල්ජර්ගේ මානසික තත්වය වෙනස් වෙන්න හමුදාව ඉඩ තියන්නේ නැ..හැබැයි කමාන්ඩින් ඔෆිසර්ට ඒ සොල්දාදුවාගේ ගෙදර ප්රශ්නේ දැනුම් දෙනවා..තමන් එක්ක එකට වැඩ කරන සොල්ජර්ගේ පනවගේ ආදරේ කරපු දුව, පුතා, බිරිද හෝ ඔහුගේ දෙමව්පියන් මේ ලෝකේ නැති බව දැනගෙනත් කිසිම වෙනසක් පෙන්නන්නේ නැතිව වැඩ කරන්න කොහොම දරාගැනීමක් තියෙන්න ඕනද? ඒ දරාගැනීම ඩෙස්ක් එකක් පිටිපස්සේ 8-5 වැඩ කරන මිනිහෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැ..හැබැයි එහෙම අවස්තාවලදී ග්ලැසියරේ පහල පෝස්ට් එකකට සෝල්ජර් යවලා ඔය බඩු අරන් එන හෙලිකොප්ටර් එකකින් ට්රාන්ස්ෆර් කරන්නත් අවස්තානුකූලව සමහර කැප්ටන්ලා වැඩ කරලා තියෙනවා..

මේ කතා අහන කොට තේරෙන දෙයක් තමයි හමුදාව කියන්නේ ලොකු වගකීමක් වගේම අභියෝගයක්..හැමෝටම ටයි පටි දාන්න පුලුවන් වුනාට තරැ අදින්න බැ කියන්නේ විහිලුවට නෙමෙයි...කායික මානසික දරාගැනීම උපරිමයටම හදලා පොදු යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැපකරපු ජාති, ආගම්, කුළ භේදයෙන් තොර තැනක් තමයි හමුදාව...උදාහරණයකට ගත්තොත් ලෝකයෙන්ම දෙවැනියට  විශාලම හමුදාව තමයි ඉන්දියන් හමුදාව..තමිල් නාඩුවේ කන්යාකුමාරි ඉදන් හිමාලයේ සියැචන් ග්ලැසියරය දක්වා පැතිරැන ප්රදේශයක ඉන්න විවිධ භාශා කතාකරන, විවිධ ආගම් අදහන මිනිසුන්ගේ සන්කලනයක් නමුත් ඒ හැමෝම හමුදාව එක අරමුණකට ගොනුකරනවා...ඒ තමන්ගේ රටේ ස්වෛරීභාවය ආරක්ශා කරන්න දිවිහිමියෙන් සටන් කරන්න..ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්න ඔවුන් දෙවරක් හිතන්නේ නැ.

අපි අහපු ප්රසිද්දම කතාව තමයි..ගලක අත හිරවුනාම තමන්ගේ අත කපපු කදු නගින (ඇරොන් ලී රැල්ස්ටන් ගේ) කතාව..හැබැයි අහලා තියෙනවද සියැචන් ග්ලැසියරේ යද්දී අනිත් අය බේරගන්න ග්ලැසියර විවරයකට වැටුනු සොල්ජර්ගේ කඹය කපපු කතාව..බියර් එකකට සෙට් වෙලා උඩින් පල්ලෙන් අහපු කතාව පස්සේ මම ඉන්ටනෙට් එකේ සර්ච් කරා...කැප්ටන් රඝු රාමන් ඒක හිතට වදින්න “සියැචන් ග්ලැසියරෙයේ තේඩාව” ගැන මෙහෙම ලියලා තියෙන්වා...ලින්ක් එක ක්ලික් කරලා කියවන්න....මොකද මම පරිවර්තනය කරනවට වඩා ඒකේ අව්යාජ, යථාභූත ස්වභාවය කියවීමෙන්ම ලබා ගන්න පුලුවන්...මේක කියවලා කොහේ නමුත් හමුදාවක් විවෙචනයට පෙර ඔවුන්ගේ තම රට කෙරේ කැපකිරිම ගැන ටිකක් හිතන්න..මම මේ මාසේ ගොඩක් ලිව්වා...එක පාරටම ලියන්න හිතුවෙ පාස්කුවත් එක්ක ලන්කාවේ වුන සිද්ධිදාමය..දැන් ඉදන් මාසෙකට එකක් ලියනවා..බොහෝ විට ඒක ස0ග්රාම භූමිය සහ නායකයෙකුගෙන් පරිබාහිරව යන ත්රස්තවාදයේ ෆ්රැන්චයිස් මොඩ්ල් එක ගැන වෙන්න පුලුවන්...කියවූ ඔබට තුති…


                                                                                            © පසන්,  අප්රේල්, 30, 2019.

                                                                                 පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

No comments:

Post a Comment