Tuesday, December 28, 2021

අමතක_නොවන_සිදුවීමක්

 


#අමතක_නොවන_සිදුවීමක්



සමහර අය අපේ ජීවිත වලට එන්නේ අහම්බෙන්, යාළුකම් ඇතිවෙන්නේ නොහිතන විදියට ඒ අය අපෙන් ඇත්වුනාම අපේ කොටසකුත් ඒ අය අරගෙන යනවා. ජීවිතය කියන්නේ අත්දැකීම්, අත්විදීම් අනුසාරයෙන් ගොඩනැගෙන අපූරු කතාවක්. ඔය කතාවේ එක එක පරිච්චේදවල අපි කාලයෙන් කාලයට ගොඩනගපු, අපි හැමෝගෙම ඇතුලේ ඉන්න රසවතා, ලේඛකයා, කියන චරිත කතාවක් තුලින් එලියට එනවා. සමහර වෙලාවට ඒ පරිච්චේදය මුළු ලෝකයෙන්ම සැඟවුන හිතේ කොනක පුපුරු ගහන අපූරු මතක..


෴ 


"I don't believe in love at first sight..

I believe in love at first debate, first argument, first inside joke, first genuine laughter after a lifetime of sadness ,

I believe in love at first heartfelt conversation, first completely comfortable un-awkward silence ,

I believe in love at first support through hardships, first shared pain and first divided joy ..

I don't believe in falling in love with a face ,

I believe in falling in love with a mind and a soul." 

-Maryame Sabry Zakhary   


මිරියම් ගේ උඩ තියෙන කවිය දැක්කම ජීවිතේ එක පරිච්චේදයක අඟුළු හිමිහිට විවරවුනා. මම වැඩිය කතාකරන කෙනෙක් නෙමෙයි. යාළුකම් ඇතිකරගත්තා වගේ නෙමෙයි පවත්වාගෙන යන එක. විශේශයෙන්ම විරුද්ධ ලිංගික අයත් එක්ක. මට තේරෙන විදියට අපි මුලින්ම ලව් කරන්නේ, කැමති වෙන්නේ පෙනුමට පස්සේ තමයි අපි ගතිගුණට ආදරේ කරන්නේ. ඔතන රාගයෙන් තොර හද එළිය සේ අචින්ත්යය ප්රේමයක් නෑ, සමහර වෙලාවට පෙනුමට වඩා ගොඩක් වෙනස් අය කාළයත් එක්ක හම්බ වෙනවා. කෙල්ලෝ හුඟක් වෙලාවට කැමතිවෙන්නේ කතාකාරයොන්ට, චැටර් බොක්ස් වලට, එහෙම අයට තමන්ගේ පැත්තට ගැහැණු ළමයෙක්ව හරව ගන්න ලේසියි, ඒ වගේම තමයි කවි ලියන අයටත්. 


ඒ කාලේ මම හොඳ කවියෙක්. 



ඒ මගේ මුල්ම වෘත්තීමය ජීවිතයේ මුල් කාළය, මට හමුවෙනවා අපූරු ගැහැණු ළමයෙක්. කරාටි බ්ලැක් බෙල්ට් එකක් තියෙන හරිම කැරිස්මැටික් කෙල්ලෙක් එයත් තමන්ගේ වෘත්තීමය ජීවිතය ආරම්භ කල මුල් කාලය. අපි දෙන්නාට එකට වැඩකරන්න ලැබෙන්නේ අහම්බයකින්, ඒකෙනුත් වැඩි හරියක් අපි දෙන්නා කලේ රණ්ඩු කරන එක.


කාටහරි දෙයක් කියල දෙනකොට මුලින්ම මම ඒ අදාල වැඩේ කෙරෙන, අපි වැඩකරන පිලිවෙල කියලා දෙනව. බේසික් ෆ්රේම් වර්ක් එක ඇතුලේ තමන්ට ලේසි විදියට වැඩකරන්න මගෙන් ඉගෙන ගන්න අයට මම නිදහස දීලා තිබුනෙ. ඒත් කෙල්ලගේ පණ්ඩිතකම් හින්දා අපි දෙන්නගේ මත ගැටුම් හැමදාම තිබුන. මම වැඩකරන්නේ මගේම පිලිවෙලකට, මුලින්ම අමාරුම වැඩ ටික ඉවරකරනව ඊට පස්සෙ ලේසියෙන්, ඉක්මනට ඉවර කරන්න පුලුවන් ටික අන්තිමටම සම්පූර්ණ කරනව. ඒ වුනාට අළුත් කෙල්ල වැඩකරන්නේ වෙනස් විදියට එයා වැඩ බෙදාගන්නේ උදේ වරුවේ කරන වැඩ සහ හවස් වරුවේ කරන වැඩ විදියට...දෙන්නගේම තිබුනේ හිතුවක්කාර, මුරණ්ඩු අදහස්. දෙන්නාගෙන් එක් කෙනෙක්වත් තමන්ගේ වැඩකරන විදිය වෙනස්කරන්න යන්නේ නෑ..ඉතින් අපි දෙන්නා ගැටෙනව.. හැමදාම රණ්ඩු, හැමදාම ගැටීම්..


ඔය කොහොම කිව්වත් කාන්දමක වුනත් එකට ඇලෙන්නේ ප්රතිවිරැද්ධ ධ්රැව, කාළයත් එක්ක මටත් දැනෙනවා ආකර්ශණයක් හැබැයි ඒක ආදරයක්ද කියන්න තේරෙන්නේ නෑ..සමහර විට සාංසාරිකව එකතුවෙච්චි දෙයකට ගෙවීමක්ද දන්නෙත් නැහැ. 


එදත් අපි දෙන්නා රණ්ඩු කරගෙන වැඩකරපු දවසක්..පරක්කු වුන නිසා මම එයාව බෝඩිමට ඇරලවන්න එයත් එක්කම පාරදිගේ යන්න ගත්ත. ඒ යන අතරෙත් අපි රණ්ඩු වෙනව, එයා කවදාවත් තමන් වැරදියි කියල පිළිගන්න කෙනෙක් නෙමෙයි. මමත් මගේ වැඩකරන ක්රමය වෙනස් කරන් කෙනෙක් නෙමෙයි. එයා කතාකරනව මම අහගෙන ඉන්නව, ඇත්තටම එයා හරි කියන එක ඔප්පු කරන්නයි හදන්නේ. ඉතින් අපි දෙන්න රණ්ඩු වෙවී යනකොට මට හොදටම තරහයි. 


"කොල්ලෙක් නම් මෙළහකට මම ඔයාට මෙලහකට මයිගෙරි හරි මාවාසි ගෙරි කික් එකක් දීලා කට වැහෙන්න" 


මම එහෙම කිව්වම කෙල්ල නැවතුනා, 


"හරි ගහනවකො බලන්න" එහෙම කියල බලන් ඉන්න ගත්තම මම තරහ වැඩිකමටම කලේ එයාව ඇදල කිස් එකක් දීපු එක. අනපේක්ශිතව වෙච්චි දේට කෙල්ල පුදුමයෙන් වගේ මම දිහා බලන් හිටිය. තරහ වැඩි හින්දා හිතුවෙ නැතුව කලාට මගේ හිතත් එකපාරටම කරපු  දේ ගැන දොස්කියන්න ගත්ත. මම ටිකක් පස්සට වෙලා පාරේ කවුරුත් අපි දෙන්නා දැක්කද කියල බැලුව. විනාඩි දෙකක් විතර යන්නැති එකපාරටම මගේ ළඟට ආපු කෙල්ල මගේ කොළර් එකෙන් අල්ල ගත්ත. ලොකු අතුල් පාරක් බලාපොරොත්තුවෙන් මම ඇස් දෙක පියාගත්ත මතකයි. එක පාරටම මගේ තොල්දෙකට බරක් දැනුනා, ඇස් අරිනකොට ටිකක් විතර බර, ඒත් සුමුදු චුම්බණයක්. "දැන් හරි, තරහ නිවුණ" එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන එහෙම කියනව මට හිමිහිට ඇහුණ.. ඒත් ඒ වෙලාවෙ අපි ආපහු ඇවිලුනා..අවාරෙට වැස්සක් ඇවිත් වියළි කළාප තෙත් කරගෙන, ක්ශීරපථ දැඩිකරගෙන, අකුණු ගහලා ගිණි විජ්ජුම්බරයක් වුනා...එදායින් පටන් ගත්ත ගිණිජාලාවෝ මාස 8 - 10ක් එක දිගට ඇවිළුනා.....


ඔය අතරේ මම පුරුදුවුනා මගේ සාම්ප්රදායික වැඩ රටාවෙන් මිදිලා බොහොම ෆ්ලෙක්සිබල් විදියට වැඩකරන්න. නිකිණිත් පුරුදු වුනා එයාගේ උදේ වරැවේ වැඩ සමහර දවසට හවසටත් කරන්න. මම ඒ කාලේ කවි ලියලා එයාට දෙනව රස විදින්න.


ඒත් ඒ කවි එයාට කවදාවත් තෙරුම් ගියේ නෑ..


හුගක් වෙලාවට සිකුරාදා වැඩ ඉවර වෙලා, වෑන් එකක කට්ටිය ගාලු හරහා කොලඹ යනවා..

මම මාතර යනවා කියලා හොරෙන් ආපහු ගාලු එනවා…නිකිණිත් එයාගේ නැදැවෙන අක්කා කෙනෙක්ගේ ගෙදරට යනවා කියලා ගාල්ලෙන් බැහැලා මාත් එක්ක එනවා..අපි දෙන්නාත් ඉතින් ඉර බහින හැන්දැවේ අහස දිහා බලාගෙන කිසිම තේරැමක් නැති බොළඳ දේවල් ගැන කතා කරනවා..මම එයාට කවි, නිසැදැස් ලියලා දෙනවා එයා ඒවා බලලා ගුලි කරලා මුහුදට දාන්නේ පොඩි කෙල්ලෙක් වගේ.. පැයකින් විතර පස්සේ ආපහු එයාව ඩ්රොප් කරනවා කොලඹ යන බස් එකකට...ගෙදර ගියාද? පරිස්සමට ගියාද? කියල යාලුවොන්ගෙන් අහන මම කවදාවත් එයාගෙන් එහෙම අහලා නෑ..


අපි දෙන්නම ආදරේ කියලත් නෑ...අහලත් නෑ...ඒත් සමහර බැදීම් තියෙනවා ඒවා ඇයි ඇතිවුනේ කියල කියන්න බැරි වෙන, සමහර වෙලාවට අපිට අපේ හැඟීම් වචන වලට පෙරලන්න අමාරුයි. ඒ හැඟිම් වලට වචන නැහැ..


ඒ දවස් වල මම වැඩිපුරම කවි ලිව්වේ "ලප" වලට, එයත් හරියට ප්රමිලා වගේ…මම ඉතින් දස්කොන් වුනා…..මේක දිගටම ගියොත් කෙල්ලට හොද නෑ කියලා මට තේරුණා..මම ලියන කවි මේ කෙල්ලට කවදාවත් තේරැනේ නැ..ව්යංගයෙන් හොරෙන් මම එයාට කැමතියි කියලා කවි වලින් ලිව්වා..මගෙත් වැරැද්ද අවශ්යයම නැත්නන් මම කිසි දෙයක් කෙලින් කියන්නේ නැ....මම එයාට යවහන් දෝශ ඇරලා, ගැටපද දාලා, වර්ණනා ඇඩ් කරලා කවි, නිසැදැස් ලිව්වට එයා ඒවා රස වින්දේ නැති තරම්..එයාගේ ෆෙයාවෙල් එකේදී මම කවියක් ලියලා දුන්නම එයා මට ඒක ආපහු දීලා මෙහෙම කියනවා "කවි කන්නද අනේ, හවසට අයියා ගෙදර නැ”…එදා ක්වාටර්ස් එක නිකම් මළගෙදර වගේ හැමෝම ඒකිට හිතින් ලව් කරලා..කිසි කෙනෙක් දන්නේ නැතිවුනාට මට පොඩි ආඩම්බරේකුත් තිබුනා මම ගැනම...අන්තිම වතාවටත් මම එයා බලන්න ගියා..ප්රේමය, විරහව, වේදනාව සේරම එකට දාලා හින්දපු මට හිතට වැදුනු මගේ කවියක් අරගෙන…එයා ඒක කියවලා ගුලිකරලා විසිකරා…


මේකිට කවි තේරෙන්නේ නැ..


”පවර ඔයා මට සිංදු, කවි ලියන්න එපා..ඔය ඇතුලේ ඉන්න කවි කාරයට වඩා පිටතින් පේන නිශ්ශබ්ද දරදඬු කොල්ලට මම ආසයි”..…එයා එහෙම කිව්වේ කිසිම හැගීමකින් තොරව…


"මම කවදාවත් ආපහු කවි ලියන්නේ නැ..ඔයත් කොල්ලෙක්ගේ පෙනුම විතරක් බලන්න එපා හිත් ඇතුලත් කියවන්න පුරුදු වෙන්න" මම එයාට කිව්වා.."ඔයාට පිස්සු අනේ" එයා කිව්වේ එච්චරයි..


ඇත්ත පිරිමි අපිට සමහරවෙලාවට පිස්සු... 


තාත්තගේ කන්ටැක්ට්ස් එක්ක එයා රට යනවා කොහේද කියලා මම ඇහුවෙත් නැ…

මට කිව්වෙත් නැ…

බ්රාන්ච් එකේ හිටියේ හරියටම අවුරැදු එකහමාරක් විතර...ඒ තිබුන සම්බන්දකන් ලෝකයට රහසේම වැහිලා යනවා…..


සමහර අය අපේ ජීවිත වලට එන්නේ අහම්බෙන්, යාළුකම් ඇතිවෙන්නේ නොහිතන විදියට ඒ අය අපෙන් ඇත්වුනාම අපේ කොටසකුත් ඒ අය අරගෙන යනවා..


මම ඊට පස්සේ කවි ලියන්න ගියේ නැ..සමහර වෙලාවට වචන් තුන හතරක් ගෙතුවට ඒවයේ පරණ තිබුණ ජීවය අතුරැදහන් වෙලා තිබුනේ…


සමහර දේවල් අපිට නැති වෙනවා…


සමහර දේවල් අපි නැති කරගන්නවා..


ඒත් ඒ දේවල් දේවල් ලැබුණට වඩා නැතිවුන නිසා අපි රියලිටියෙන් එහා ගිය ෆැන්ටසියක හීණ දකිනවා…


හප හප රස විදින්න වේදනාවත් වෙලාවකට රසයි..


ජීවිතේ සමහර හමුවීම් හරි සංකීර්ණයි……



“Perhaps we are in this world to search for love, find it and lose it, again and again. With each love, we are born anew, and with each love that ends we collect a new wound. I am covered with proud scars.”

― Isabel Allende 


 © පසන්, පර්ත්, 2020.

පින්තූර අන්තර්ජාලයෙනි..



ප.ලි - කාලෙකට කලින් වත්පොතේ (එෆ්.බී එකේ) ලියන ගෲප් එකක තරඟෙකට ලියනලද සහ ජයග්රහනය කල කතාවකි. විප්රවාසී සහුර්දයන්ගේ රස විඳීම උදෙසා නැවත මෙහි පළකරමි.

Sunday, April 18, 2021

ජමීලා!!

 


♥️..

රන්වන් තිරිඟු කරල් කෝමළ පාමින් නටනවිට..

වෙර්බ් ගස් මුදුනේ සිට,

මම අයිලය දෙස බලමි..


හිමිදිරි පාන්දර පිණිබිදු සහිත තණබිමේ 

අසුන්ගේ පිට පීරා මදින විට..

එපිට කඳුගැටයෙන් හිරැරැස් මා තවන විට..


ජමීලා, 

වසන්තයේ කූඩාරමට ඉහලින්,

මම නුඹ දෙස බලමි..


මාගේ ආදරය නුඹට නොදැනෙන්නේදැයි,

ස්ටෙප්ස් අහසේ සැරිසරණ රාජාලියාගෙන් අසමි..


මීට දනියාර්…


© පසන්, පර්ත්, 2021.

පින්තූර අන්තර්ජාලයෙනි.

Sunday, November 8, 2020

~~~අයිතියක් නැති ආදරයක අතරමග~~~

 තුන් කොන් ප්රේම කතා කියන්නෙම ආදරේ වරද්දගත්ත මිනිස්සුන්ගේ ජීවිතේ පැතිකඩක් කිව්වට මටනම් හිතෙන්නේ හැඟීම් දැනීම් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ගේ ඇලීම් ගැටීම් පෙන්වන මිම්මක් කියලයි. කාළයක් පුරාවට ආදරෙන් වෙලිච්චි දෙන්නෙක් අතරට තව කෙනෙක් එන එකම මේ සසර ගමනේ නවාතැන්පොළවල ඇතිවේච්චි ගණුදෙණු වල ඉතිරිවුන සමහරදේ බේරැම් කරන අවස්තාදැයි මට බොහෝවිට හිතිලා තියෙනවා. 


හුඟක් වෙලාවට තුන්දෙනාටම අන්තිමට ලැබුන දේට වඩා නැතිවෙච්චිදේ බොහෝමයි. ඒ වගේමයි එහෙම වෙලාවට වෙන වැරදිවැටහීම් ජීවිතකාළයක් තියෙන කතා. සමහර වෙලාවට ඒවා ශතවර්ශ ගණනාවක් මිනිස්සුන්ගේ සරතැස නිවන අතිශෝක්තීන් බවට පත්වෙලා හිමිහිට කාලයත් එක්ක අපෙන් ගිලිහිලා යනවා, එහෙමත් නැත්නම් ලේඛණගතවෙලා මුළු සංස්කෘතියක් පුරාවට දිවෙන පුරාවෘත බවටත් පත්වෙනව.

ආළකමන්දාව වාසභවණය කරගෙන පුශ්පිකයෙන් ගමන්කරපු රාවණ කියන්නේ ලංකාවේ විතරක් නෙමේ ඉන්දියාව ඇතුළු තව රටවල් බොහෝමයක පරාක්රමය විහිදුවපු කෙනෙක්. ඒත් මේ ලියමණ රාවණා කියන බලපුළුවන්කාරයා ගැන නෙමෙයි, රාවණාටත් ආදරේ වැරදුනාද කියල මට හිතුන දේ ලියන්නයි.


රාවණා ගැන රාම-රාවණ යුද්ධය සහ සීතා ගැනත් සදහන් වෙන්නේ ඉන්දියාවේ රාමායණය කියන පොතේ. අයෝධ්යාවේ රාම කුමාරයාත් මිථිලාවේ සීතා කුමරිය ගැනත් වෙනම ලියන්න තරම් කරැණු තියෙනනිසා ඒ දෙන්නා ගැන වැඩියමක් මෙතන ලියන්නේ නෑ. ඒ වෙනුවට රාමායණය ලියපු කෙනා ගැන සදහනක් කිරීම වටිනවා. රාමායණය ලියන්නේ “වාල්මිකී”, වාල්මිකී වෙන්න කලින් රත්නකාර. රතනකාර කැලේ අතරමන් වෙලා ඉද්දී  දඩයක්කාරයෙක් අරගෙන යනවා තමුන්ගේ හොරමුළට. එතැන් පටන් රතනකාර සොරමුළක දරැකමට හැදෙනව. අද කාලේ විදියට නම් වාල්මිකි හොරෙක් විදියට අතපොත් තියල ඉන්ටර්න්ශිප් එකක හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් ගන්න පොරක්. 


දවසක් මහාරිෂි නාරදව කොල්ලකන්න හදන රත්නකාරගේ ජිවිතේ බ්රහක්මරාශි වාල්මිකී ලෙස දෛවොපගත වෙනස්කමකට බඳුන් වෙනවා. ග්රහතාරකා එක්ක ජීවිතේ අහුමුළු හොයන කෙනෙක්ට මේ සිද්දිය වෙනමම පැත්තකින් පෙන්වන්නත් පුළුවන්. වාල්මිකී ගැනත් වෙනමම සදහන් කරන්න බොහෝ කරැණු කාරණා තියෙන නිසා දැනට මේ ඇති. ඒත් මෙතැනදී මේ අනුකතා පටලව ගත්තේ මනුශ්යයෙක් යම් තත්වයක ඉන්නවද ඒ තත්වයේ ඒ විදියට ඉන්න, හැසිරෙන්න හේතුපාදක වෙච්චි අපිට බැලු බැල්මට නොපෙනෙන බොහෝ කාරණා තියෙන්න පුළුවන් කියන එක අවධාරණය කරන්නයි. ඒ වගේමයි කෙනෙක්ගේ දියුණුවට ඇසුරැකරන අයත් ලොකුබලපෑමක් කරනබව පෙන්වන්නයි. කවුරැහරි ගැන දැනගන්න තියෙන ලේසිම ක්රමයක් තමයි යාළුවෝ කවුද කියලා බලන එක. එක ජාතියේ කුරැල්ලෝ එකට වහන නිසා යාළුවොන්ගෙන් අදාළ චරිතයා මොනවගේද කියලා අදහසක් ගන්න පුළුවන්. ඔය කොහොම වුනත්  මනුස්සයෙක්ගේ වත්මන් තත්වය ඉතා නරක වුවද ඔහුගේ අනාගත තත්වය විපර්යාසයකට බඳුන් විය හැකි බැවින් හොරෙකු, ගණිකාවක්, සල්ලාලයෙක්, බේබද්දෙක් වශයෙන් සමාජයේ ලඝුකරපු මිනිස්සු වුවද අවතක්සේරු කිරීම නුවනට එතරම් හොඳ නොමැති බවයි මගේ හැඟිම.


රාමා සිතා කතාව ඉන්දියාවේ ශතවර්ශ ගාණක් පුරාවට මිනිස්සු රසවිදින දේවත්වයෙන් පුදන මහා කාව්යයක්. ඒකේ හැටියට රාම සිය ආදරය වෙනුවෙන් ඕනෑම බලවතෙක් එක්ක වුනත් යුධ වදින වීරයෙක්. සීතා සිය සැමියා වෙනුවෙන්ම කැපවුන සැබැ ප්රේමයේ ප්රතිමූර්තිය. එතකොට රාවණා තමයි දුෂ්ඨයා. ඒත් රාමායණයේ කියන විදියටම මේ අයගේ පරමාදර්ශීගති තිබුනද? කාටවත්ම ආදරේ කියන තැනදී වැරදුනේ නැද්ද? මට හිතෙන්නේ මේ තුන්දෙනාටම කොතනකදි හරි වැරදුනා. ඒත් ඒ කොතනදීද කියලා බලන එක මට හිතෙන්නේ වටිනවා. මොකද ඉතිහාසයේ දෙස්දෙන වැරදි සමහර වෙලාවට ඇත්තටම වෙලා නෑ.


කෙටියෙන් කිව්වොත් වෙන මිනිහෙක්ගේ ගෑණියෙක් අරන් එන එක මහ ජරාවැඩක්, ඔව් ඉතින් රාවණත් කලේ ඒකනේ. ඒත් එහෙම අරගෙන ආවේ ඇයි කියලා ඇහුවම කියන්න බොහෝ අය හේතු සාධක සහිතව ඉතිහාසය ඉගෙන ගෙනත් නෑ.


මීනක්ශි එහෙමත් නැත්නම් සුපර්ණකා කියන්නේ රාවණාගේ නැගණිය. රාමායණයේ මුළු ඉතිහාසයේම ආදරය වරද්දගත්තු, රාවණා වගේම ඉතිහාසයේ වැරදි ප්රතිරෑපයක බිල්ලක් වෙච්චි තවත් එක ගැහැණියක්. කඩවසම් රාම දුටුමතින් ආදරය කරපු සුපර්ණකාව රාම ප්රතික්ශේප කරන්නේ සීතාට විතරක් කොටුකරපු ආදරය නිසා, ඒත් සුපර්ණකාව තමන්ගේ සහෝදරයා ලක්ශ්මන වෙතට යවන්නේ ඇයි කියන්න මට නම් තේරෙන්නේ නෑ. ලක්ශ්මනත් සුපර්ණකාව ප්රතික්ශේප කරනවා විතරක් නෙමේ ආපහු රාම වෙතටම එවනවා. මේ විදියට කීපවතාවක් දෙන්නා අතර දෝලණය වෙන කොට, සහෝදරයින් දෙන්නෙක් අතර විහිළුවක් වෙනකොට හැම ගැහැණියක්ම වගේම හිතට ආපු ආවේගය තවත් ගැහැණියක් වෙතට සුපර්ණකා මුදා හරිනව. ඒ සීතාට පහර දෙන්න තැත්කරල. මේක දකින ලක්ශ්මන සුපර්ණකාගේ කන්දෙකයි නාසයයි කපල දානව කියලයි ඉතිහාසයේ කියවෙන්නේ. අසරණ වෙන සුපර්ණකා ගිහින් නවතින්නේ තමන්ගේ අයියා ගාවට.රාවණ සීතා පැහැරගන්නේ තමන්ගේ නංගිට කරපු මදිපුංචිකම් වලට පලි ගන්නයි.



ලංකේශ්වර රාවණා මහා බලවතෙක්. එහෙම බලසම්පන්න අයියා කෙනෙක් තමන්ගේ නංගිට මෙහෙම දඩුවම් කරපු එකට නිකන් ඉන්නේ නෑනේ. තමන්ගේ සහොදරීට ආදරේ ඕනෑම අයිය කෙනෙක් වගේ රාවණාත් බැලුවේ කරපු වැඩේට පලිගන්න. අයෝධ්යාවෙන් සීතාව පැහැරගේන ආවාට රාවණා සීතාට අතවත් තියන්නේ නෑ. තමන්ගේ නැගණියට කරපු අසාදාරණේට ගන්න පුළුවන් හොදම පලිය ඒක වුනත් රාවණා සීතාට අතවත් තියන්නේ නෑ. තමන්ගේ ලෙයින් හැදිච්ච දුවලා අඹුකමට ගන්න, එක දවසකින් බිත්ති හතරකට කොටුකරලා ආදරේ පිරිසිදුබව රාගයෙන් කිලිටි කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්න අදවගේ කාලේක, ආපහු ගිහින් බැලුවම ඉතිහාසයේ එකතැනක රාවණාලත් හිටියා කියලා මතක තියාගන්න වටිනවා. 



ඕනම ශක්තිවන්ත පිරිමියෙක් වගේ රාවණාත් බලෙන් සීතා ගන්න බැලුවේ නෑ. ගැහැනියෙක්ගේ ආදරයක් ඇතිවෙන්නෙ මෙන්න මේ විදියටයි කියලා කොහේවත් ලියලා නෑ. ඒත් නියම පිරිමියෙක්ට ඒක දැනෙනවා, ඒකට කරන්න ඕනදේත් රාවණා කලා. එතකොට සීතා ගැන කියවීම කොහොමද? ඇයත් හැඟීම්, දැනීම් තිබුන ගැහැණියක්. ඒත් ඇය පතිව්රතාව රැක්කා, අදටත් පතිවෘත්තාවේ දෙවඟන ඇයයි.  දේවත්වයටත් පත්වුන ලක්ශ්මී දෙවඟන කියන්නේ සීතාට.


දැන් බලමු කතාවේ අවසානය, කෙටියෙන් මෙහෙම අහමු, ඊට පස්සේ?


ඉතින් ඊට පස්සේ රාමා රාවණා පරද්දලා, රාවණව මරණයට පත්කරනව. වීර චරිතයක් වෙලා සීතාව නැවත එක්කන් යනවා. 


පිරිසිදු ප්රේමයට හොඳ අවසානයක් නෑ කිව්වට ඔය තියෙන්නේ. අවසානයේ අවංක ආදරය ජය ලබනව. රාමා සීතා නැවතත් ආදරයෙන් එක් වෙනවා. ඒත් ඒක එහෙමයි කියල මටනම් හිතෙන්නේ නෑ. පිරිසිදු අව්යාජ ප්රේමයක පරික්ශා නෑ, එහෙම තියෙන තැනක තියෙන්නේ අවංක ප්රේමයක මළගමක සලකුණු විතරමයි.


එහෙම කියන්නේ ඇයි කියල ඉතිහාසය හේතුදක්වන්නෙ මේ විදියට, දෙවෙනි බිරින්දැ  දශරථ රජතුමාව රවටාගෙන  රාම රජවාසලින් පිටමන් කරද්දී, සිය පියාගේ සතුට උදෙසා රාම සහෝදරයත් එක්ක වනගත වෙද්දී, මිථිලා නුවර රජසැප විඳපු, දිනක් වත් දුක් නොවිදපු සීතා තම ස්වාමියා එක්ක එකතුවෙනව. ආදරය වෙනුවෙන් ගැහැණු තීරණගන්න දෙපාරක් හිතන්නේ නෑ. එදා පටන් සීතා කැපවුනේ සිය ස්වාමියා වෙනුවෙන්, සැප දැක්කම කොට්ට මාරැකරනවා වගේ මිනිස්සු මාරැ කරන අද කාලේ ගැහැණුන්ට සීතා කියන්නෙ අදහන්න වටින පරමාදර්ශ.


ඒ වුනාට රාවණා පරදවල ජයග්රාහීව අයෝද්යාවට එන රාම කරන්නේ මොකක්ද දන්නවද? පතිවත ඔප්පු කරන්න සීතාට ගින්නට පනින්න කියනවා. තමන්ගේ තාත්තගේ සතුට වෙනුවෙන් රජකම අතැරපු රාම, තමන්ගේ තීරණේට වචනයකින්වත් එපා කිව්වේ නැතිව, වණගතවෙලා හැම දුකක්ම දරාගෙන, තමා වෙනුවෙන් ජීවිතේම දන් දුන්න සීතා වෙනුවෙන් අවශ්යම මොහොතේ පෙනී ඉන්නේ නෑ. රාම සීතාව තනි කරන්නේ සීතාට රාම ඇවැසිම තැනදි. එතකොට කෝ අර මුලින් කියපු ආදරේ...


රාමායණයට අනුව තම පතිවත ඔප්පු කරන්න ගින්නට සීතා පනිද්දී, ගිනි දැල් නෙලුම් මල් බවට පත් වුනාලු. ගිනිදැල් නෙළුම් මල් වුනත් රාම සෑහීමකට පත් වුනාද? මිත්රවරැනි කියන්න තියෙන්නේ නෑ කියලයි.


එතකොටත් ගැබ් ගෙන හිටපු සීතාව වනවාසයට අරින රාම පසු කාළීනව තම නිවුන් දරැවන්ගේ කතාඅනුව සීතාට අයෝද්යාවට එන්න පණිවුඩ යැව්වත් සීතා ආපහු එන්නේ නෑ. මේ සුපර්ණකාව එපා කියපු, තමන්ට එක බිරිදක් පමණක් ඇතිය කියපු, ඒ බිරිදට පමණක් ආදරේ කරපු රාම නේද කියලත් සීතාට හිතෙන්න ඇති.  දේශපාළණික,  සමාජ පිලිගැනීම්,  රාජ්යත්වය සහ සැප සම්පත් ඉදිරියෙ ආදරේ සීමා ඉරි අදින්න මිනිස්සු හරි දක්ශයි.


රාමායනයට වීරයෙක් වුන රාම ආදරය ඉදිරියේ නිවටයෙක් වෙන්නේ මෙන්න මේ හිතුව නිසා… රාමත් එතැනදී ආදරය වරද්දාගන්නව…


මහා බලපරාක්රමයකින් යුක්ත වෙලත්, තනි වෙච්චි ගැහැණියකට අවශ්ය රැකවරණය දීලා ආදරෙන් රැකබලාගත්තු රාවණ වෙනුවට, ප්රේමයේ පාරිශුද්ධත්වය වෙනුවෙන් පරික්ශාවන්ට යොමු කරපු රාම වගේ මිනිහෙක්ට එක හිතින් බැදිලා හිටපු සීතා….,


මට හිතෙන්නේ ඇයටත් එක තැනකදි ආදරේ වැරදුනා……


එතකොට රාවණා…


රාවණව මම ගලපගන්නේ ඇතුලතින්..


කිසි දවසක තමන්ට අයිති වෙන්නේ නැති, අයිති කරගන්නත් බැරි ගැහැණියක් වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න, ඒ වෙනුවෙන් ඉතිහාසය පුරාවටම දුශ්ඨයෙක් වෙලා මිය ගියපු රාවණ ලෝකයට දුශ්ඨයෙක් වුන ආදරේ වැරදුනාට වැරදුන තැන ගලපගත්ත තවත් එක වීරයෙක්..


අපි ඇතුලෙත් ඉන්නවා ඒ වගේ රාවණා කෙනෙක්…


හිත ඇතුලේ අපිට අයිති වෙන්නේ නැති, අයිති කරගන්නත් බැරි ගැහැණියක් වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න, ඒ වෙනුවෙන් ඉතිහාසය පුරාවටම දුශ්ඨයෙක් වුන රාවණගේ අවතාරයක් ඉන්න අපි හැමෝටම ආදරේ කොහේදිහරි තැනකදි වැරදුනා..

..

.

.

ආ...මන්දෝදරීව අමතක වුනේ නෑ. සීතාත් මන්දෝදරීත් එකම කාසියක දෙපැත්ත වගේ.

..

.


© පසන්


, පර්ත්, 2015.

පින්තූර අන්තර්ජාළයේ Usha Narayana’s Book “Prem Purana”

Sunday, May 10, 2020

"ෆොර් ශැඩෝවින් / Foreshadowing”

ආනන්දයෙන් ප්රඥාවට..


තනිකමේ ඉන්නකොට කවියක් දෙකක් කුරැටු ගෑවට කවිය ගැන ප්රාමානික ඉගෙනීමක්වත් අධ්යනයක්වත් මට තිබුනේ නෑ. හැබැයි බොහොමයක් කවි ගෲප් වල කවි රස වින්දා. ෆේක් එකක් තිබ්බ කාලේ එහෙන් මෙහෙන් කමෙන්ට්ස්නුත් හල හල ගියා. ඔහොම ඉන්න කොට එකපාරටම කවි ලියන්න ඉගෙන ගන්න ඕන කියලා සිතිවිල්ලක් පහල වෙලා කවි ලියන වර්ක්ශොප් එකකට සෙට් වුනා. ඒකේ කරපු දේවල් මම පොතකට එකතු කරන්න හිතුවත් මේ නරකකාලේ ඒවා හැමෝටම බෙදාගන්න දාන්න හිතුවා. උඩ කිව්වා වගේ මම ලොකු කවියෙක් නෙමේ. අනික කවියෙක් වෙන්න කරන්න ඕන දේවල් ගැන කාළයකට කලින් උන්ඩියාත්, දනුශ්කත් එෆ්.බී එකේ ලියලා තිබ්බා නේ. නදීශ්ට එකපාරක් තරහත් ගිහින් හිටියේ විවරණයක් කරලා රැඩිකල් උන්නාන්සෙ කෙනෙකුට. ඉතින් මේක අංකුර කවියන්, අන්පබ්ලිශ්ඩ් ඕතර්ලට වැදගත් වෙයි කියලයි දාන්නේ. මෙතනම දාන්නේ ලියන්නන්ට වගේම මලවන අයත් මේකේ ඉන්න නිසාත් තිලිණ ලොක්කා වැඩේට "හා" කියපු නිසා. 

 

~ මේ "ෆොර් ශැඩෝවින්" ~


හුඟක් කවියෝ අවසානයට පෙර අවසානයේ වෙන දේ ගැන ඉඟියක් පානවා. හැබැයි එතනදී හොඳ කවියෙක් වෙන්නේ කුතුහලය අන්තිම දක්වාම පවත්වගෙන ගියොත් විතරයි. ඒ කියන්නේ සස්පෙන්ස් එක තියෙන්නේ ඩයලොග් එකේ, රියැක්ශන්ස් වල සහ සීනරි එකේ.


ප්රධාන වශයෙන් පහත් කරණු වලට අවධානය යොමු කරනවා.

1. අනාගතය / ඉදිරිය ගැන හැඟවෙන කාරණා.

2. ඒ හා බැදුන යෙදවීම් - සියුම් / සෘජු / අන්වර්ථ යෙදීම්.

3. අසාමාණ්ය කරැණු - පිටින් පෙනෙන අර්ථයට වඩා වෙනස් දේ.

4. කාළගුණය

5. මනෝභාවය

6. වටපිටාවේ හෝ දර්ශනයේ සිදුවන වෙනස්වීම්.

7. අදාල චරිතයේ ක්රියා හෝ ප්රතික්රියා.

8. අදාල චරිතයේ නිරීක්ශණ සහ එළිදරව් වීම්.

9. ඕනැම හොඳ කතාවක වගේ ගැටුම්.

10. කවියේ ප්රධාන අදහස / තේමාව.

11. පද ගැලපීම.

12. අවසාන අරමුණ.


තවත් රසවත් වෙන්න මේ විදියට යොදලද කියලත් බලනවා.

13. අවශ්යම මොහොතේ අවදාරනය කොට ඇත්ද කියලා

14. වේලාව / ටයිමින් - කලිනුත් නෙමෙයි / පරක්කු වෙලත් නෙමෙයි.

15. අදාල ප්රස්තුතයට කෙතරම් සාධාරණයක් කරලද,

16. එළිකිරීම කෙතරම් ගැලපේද යන වග.   


සිංහල කවි වල මම ඔය විදියට දැක්ක කෙනෙක් ගැනත් එහෙම ලිව්ව කවියක් ගැනත් තමයි මේ. මම ආසම කරන කවියෙක් තමයි.........හෆ්ෆා නම අමතක වුනානේ. හරියටම කිව්වොත් කාලෙකට කලින් අර එයා අතුරැදහන් කියලා ගොසිප් සයිට් එකක ගියේ. මතකද මන්දා, මතක කෙනෙක් ඉන්නවානම් පහලින් නම දාගෙන යන්න. කෙට්ටු හරිම ප්රසන්න පුද්ගලයා. වේදිකා නාට්යය කීපයකත්, ටෙලි නාට්යය කීපයකත් රඟපාපු ප්රතිභාපූර්ණ කළාකරැවෙක්, අවිවාහකයෙක් වගේම සුපිරි රසවතෙක්. මේකත් අහපු එකක් හරි කියවපු එකක් වගේ මතක ඉතින් අඩුපාඩු වෙනස්කම් තියේනම් හැමෝටම දැනගන්න දැනුවත්කිරීම අගේ කරනවා. ඔන්න කතාව මෙහෙමයි. 


කවි මඩුවකදී "විවාහවීමද හොඳද නැද්ද කියලා" කවි කියලා. මෙතුමා ඉඳලා තියෙන්නේ ප්රතිවාදී පිලේ, විවාහය හොඳම නෑ කියන ගොඩේ. හරිනේ ඒකනේ තනිකඩ. වෙලාව ආවම මෙහෙම කියලා..


 "තාවකාලික සැප විඳින මිනිසුන් වෙමු අප.

  එක ලිපකට කැප වෙලා මොකටද ..

  මිනිහෝ ගිණිතැප..

  

 ''ඉඩම් සින්නන්ක්කර සියක් මොකටද අක්කර

   සීයේ කොළ දික්කර

  අපට යාගත හැකිය මොක්පුර"


දැන්නම් ඉතින් සීයේ කොළ වලින් බැරිවෙයි. කෝකටත් ඉතින් දාහේ කොළ ටිකක් තියාගෙන හිටියොත් මොක්ශ්ය ලඟින්වත් ගිහින් එන්න බැරියැ..කවිය ගැන කිව්වොත්, මටනම් ඒ කවියා නියමෙට "ෆොර් ශැඩොවින්" කරලා කියලා හිතෙනවා. පද කිහිපයකින් ඉතාමත් හොඳින් කසාද නොබැන්දත් අවශ්යතා සපුරා ගැනීම ගැන සියුම්ව දක්වලා තියෙනවා.


ඉතින් ඉහත කිව්ව සියල්ලම නැතිවුනත් කිහිපයක් වුනත් හිතේ තියාගෙන ව්යංගයෙන් ලියන කවි වල තියෙන රසය මිනිස්සු ආදරෙන් වැලඳ ගනීවි. ඔය විදියට ගලපලා ඉහලින් තියෙන පින්තූරේ ගැන කවියක් ලියන්න. හොඳම කවියට අපි ගෞරව නාමයක් දෙන්න මම යෝජනා කරනවා. ඒ අතරටම මේ "ෆොර් ශැඩොවින්" අනුව ලියලා තියෙන සිංහල කවි තියේනම් පහලින් ලියාගෙන යන්න. 


ප.ලි -

මේක කවි සමාජෙක පේජ් එකකට ලියපු එකක්. ඒක නිසා අවසාන ටික ලොප් කලත් කමක් නෑ..


© පසන්, 2020

පින්තූරය අන්තර්ජාලයෙනි..


Sunday, April 5, 2020

සංග්රාමයෙන් තොරවූ සෞභාග්යයක් වෙත්ද?




නුතන පරපුරේ චින්තකයන්ගේ ප්රහර්ශයට පත්වූ ප්රහර්ශයට ලක්කල මතයක් වූයේ "සංග්රාමිකව ලබාගත් කිසිවක් නැතයි" යන මාතෘකාවයි. සත්යවශයෙන්ම මෙය ගැඹුරින් විග්රහකොට අධ්යනය කල යුත්තාවූ කාළීන මාතෘකාවක් ලෙසට දැක්වීම මේ ලියමනේ අරමුණයි. කොරොනා උවදුර නිසා කලක් ඇසුරැකල පතපොත නැවත කියවීමේ දුර්ලභ භාග්යය උදාවීම කරනකොට පැරණි පද්යයන් වෙත යොමුවීම සිතට ඇතිකලේ මහත් සතුටකි එමෙන්ම ආශ්වාදයකි. ඒ කියවීම ලිවීමකට ගොණුකෙරැනේ  ඉතිහාසය, සාහිත්යය සහ කළාවන් දුශ්කර කාළයන් අතික්රමණය සඳහා උත්තේජනයක් සැපයීම වෙන නිසාමය.

අද දින කියවීමට ගත්තේ 1952දී විස්ටන් හ්යු ආඩන් (W.H Auden) විසින් රචිත "අකිලිස් ගේ පලිහ" නම්වූ කාව්යයයි “The Shield of Achilles”. ආඩන් කියවන්නන් බොහෝ ආදරයෙන් වැලඳගත්තේ ඔහුගේ විධිමාත්ර සියුම් නිපුණත්වයටත්, මහා වීරකාව්යක පුරාතන රණශූර සමාජයක් සහ විසිවන සියවසේදීත් සංග්රාමයන් නිසා විඳවන්නාවූ සමාජ සංස්ථාවන්ගේ අනූභූතීන් එකට සන්තතිකව වර්ණනනය කිරීම නිසාය. මෙහිදී වැදගත්වන කරැණ වන්නේ අප විග්රහ කරන්නේ ප්රචන්ඩත්වයයි, සැහැසිකම හා කෘරත්වයයි. එක් සමාජයකට පීඩනය, වේදනාව සහ මරණයයි. තවත් සමාජයකට විමුක්තිය, ගැලවීම සහ සුජාතකත්වයයි.

ආඩන් බොහෝවිට යුධ, සංග්රාමික මානසිකත්වය බැහැර කල අයෙක් ලෙස පොදු පිලිගැනීමක් තිබුනත් ඔහුගේ සමලිංගික රැචිය සහ ආගමික ගැටම්කාරීත්වය නිසා ඇතිවූ චිත්ත වික්ශෝපය නිසා පොදුවේ සංග්රාමයකින් පසුව තිබෙන්නාවූ සමාජ ආකෘතීන් වෙනස්වී නව පිරිවිතර ඇතිවීම ඔහු අගය කලබව මගේ හැඟීමයි.

මෙහි සඳහන් වන්නාවූ "පලිහ" හෝමර් විසින් රචිත ග්රීකයන්ගේ ඉලියඩ් කාව්යයේ දහ අටවන කොටසේ දක්වා ඇති පරිච්චේදයකි. මෙය වැදගත් වන්නේ පීටර් පෝල් රැබන්ස්, වැන් ඩයික්, වෙස්ට් වැනි ලොව සුපතල චිත්ර ශිල්පීන් මෙම කරැණ අරභයා කලාවූ චිත්ර නිර්මාණයන් ලොව පතල කළාකෘතීන් ලෙස ගෞරවාදරයට පත් වීම නිසාය. මෙයට ප්රස්තුත වන්නේ ට්රෝජන් හි රණශූර හෙක්ටර් විසින් පෙට්රොක්ලිස් මරණයට පත්කොට ඔහු විසින් පැලඳ සිටි අකිලිස් ගේ සන්නාහය පැලඳ රණබිමට ගොස් ග්රීකයන් හට අකිලිස් මියගිය බව දැක්වීමට ගත් ප්රයත්නයයි. මෙහිදී අකිලිස් සිය මව වන මුහුදට අධිපත් තීටස් දෙවඟනගෙන් තමා සඳහා වෙනත් සන්නාහයක් හිෆීස්ටස් නම්වූ සන්නාහයන් නිර්මාණය කරන්නාවු දෙවියන් වෙතින් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරයි. හිෆීස්ටස්ගේ කම්මලේ ගිනිඋදුන එට්නා යමහලේ පතුලේ ඇතිබවටත් ඔහුගේ කැඩපත අතීතය, වර්ථමානය සහ අනාගතය පිලිඹිඹු කරන බවටත් පුරාවෘතයේ සඳහන්ව ඇත.මෙහි යටි අදහස මෙසේද දැක්වෙයි සටන් ඇතිවන්නේ රජයක, සමූහයක හෝ ජනකණ්ඩායමක සුජාතභාවය, නීතිය ගැන ගැටළු ඇතිවිටය. එකම රටක නීති දෙකක්, රජයන් දෙකක් පවතින විට ගැටළු ඇතිවිය හැකිය. හිෆිස්ටස් විසිතුරැ ලෙස නිර්මාණය කල පලිහ තුල මංගලෝත්සවයන්, සංග්රහ, මඩමණ්ඩියක්, නර්ථනකරැවන්, අධිකරණශාලාවක් සහ යුධපිටියක් වශයෙන් දක්වා තිබුනි.එනයින් බලන කල සංග්රාමය වනාහි සමාජයක් තුලින් උපදවන ලද්දක්ය, එමෙන්ම එම සමාජය හැඩගස්වන්නාවූ අපුරැ සිද්ධිදාමයක ආරම්භයක්ය. යුද්ධය හා සාමය එකිනෙකට වෙලී , පැටලී සම්මිශ්රනය වී ඇත්තේ අපූරැ ආකාරයකටය. එය පවත්නාවූ යම් සමාජයක් නිර්වචනය කරයි එමෙන්ම එම සමාජ්යේ වටිනාකම් අන් අයට පැහැදිලිව පෙන්වා දෙයි. එසේවී නම් සංග්රාමයෙන් තොර සාමයක් නොමැත.

එංගලන්තයට එරෙහිව ඇමෙරිකාවේ නැගිටීමත්, ප්රංශ විප්ලවයත් රාජ්යයක නීත්යානුකූලභාවය සඳහා අවශ්යය වන්නේ යුධමය ජයග්රහණ බවට පැහැදිලිකොට ඇත. ජර්මානු දාර්ශණික හේගල්ට අනුව රාජ්යයක් ඇතිවන්නේ නීතිය කරන කොට නොව සංග්රාමයන් හේතුකොටගෙනය. එංගලන්තය යනු අදද ලිඛිත ව්යවස්තාවක් නොමැති රටකි.

මානව ඉතිහාසය හැදැරීමේදී ප්රකට වන්නාවූ කරැන නම් අප මුහුන දෙන සියළුම ගැටළු මේ ආකාරයෙන්ම හෝ සමානව පැරැන්නන් මුහුණ දී ඇතිබවයි. ඉතිහාසය හොඳින් ඉගෙනීමෙන්ම අපට ඒ ගැටළු සඳහා පැරැන්නන් මුහුණදුන් ආකාරය ඉගෙනීමටත් ඔවුන්ගේ අඩුපාඩු, අත්වැරදීම් නොකර සිටීමටත් අනුබලයක් ලබාදෙයි. 

සංග්රාමයන් හා යුධ ශිල්පයෙන් ලෝකයා හට අහිමිවූදේ බොහෝය එමෙන්ම එනිසා ලබාගත්දේද බොහෝය. මවිසින් වරක් එය ඉතා සංක්ශිප්තව වරක් ලිපියකින් දැක්වු අතර දෙවෙනි ලෝක සංග්රාමය නොවුයේ නම් හිට්ලර් සහ ඔහුගේ සහචරයින් දැනුදු යුදෙව්වන් අමානුශික අන්දමින් ඝාතනය කරනවා ඇත. ඇමෙරිකාවේ සිවිල් යුධයේ ජයග්රහන නොවීනම් දැනුදු වහළුන් වෙලදාම ජයටම සිදුවෙනවා ඇත. එසේනම් කලයුත්තේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන යහපත් හෙටක් උදෙසා නිසි ක්රියාමාර්ග ගැනීමයි.

ඉතිහාසය උගත් බොහෝ හමුදා නායකයින් ඉතා ප්රශස්ත ලෙස සතුරාගේ ඊළඟ පියවර උපකල්පනය කලේය. නූතනයේ මේ සඳහා ඉතාම සුදුසු උදාහරණයක් ගෙනහැර මෙසේ දැක්විය හැකිය.

අද්මිරාල් චාර්ල්ස් (විලී) මූවර් යනු ඇමෙරිකානු නාවුක නිලදරයෙකි. ඇෆ්ගන් යුද සමයේ ඔහු බහරේන් රාජ්යයේ ඇමෙරිකානු පස්වන නාවුක බළඇණියට අණදුන්නේය. 9/11 ප්රහාරයෙන් පසුව ඇමෙරිකානුවන් අල්-කයිඩා ත්රස්තයන් හට ඇෆ්ගනිස්තානයේ උතුරේ මසාර්-ඊ-ශරිෆ් නගරයට පහරදෙනවිට ඔවුන් කාබුල් අගනුවරට පසුබැස්සේය. අද්මිරාල් විලී මුවර් ඔහුගේ අද්යනයන් අනුව එවකට ඔහු යටතේ සිටි ජෙනරල් ජේම්ස් මැටිස් හට පවසා ඇත්තේ අවුරැදු 500ක ඉතිහාසය තුල කිසිවෙකුත් කාබුල් නගරය රැක නොසිටි බවත් කාබුල් බිඳ වැටීමෙන් පසු ත්රස්තයන් ඔවුන්ගේ ආරක්ශිත කන්දහාර් කදුවෙතට පසුබසින බවත්ය. මෙහි දැක්වූ ජෙනරල් මැටිස් පසුව ඇමෙරිකානු මැරින් බලකායේ එකොලොස්වන අණදෙන්නාවූ අතර පසුව විසිහය වැනි ආරක්ශක ලේකම් ලෙස පත්විය. අද්මිරාල් විලී මුවර් පැවසූ පරිදිම කාබුල් බිඳ වැටිනි. ත්රස්තයන් කන්දහාර් දෙසට පසු බසිද්දී සැතපුම් 350ක් රට ඇතුලට ගොස් සිටි ඇමෙරිකානු භටයින් ඔවුනට පහරදිනි. 

කාර්තීජියානු හැනිබල් කැනේහිදී සිදුකල ආකාරයටම ඇමෙරිකානු හමුදා සිය යුධෝපක්රමයන් යොදාගති. ඉතිහාසයට අනුව ජයග්රාහකයින් ඒක පාර්ශ්විකව ලෙස යුධ ජයග්රහණ ගැන ලියා ඇත්තේය එමෙන්ම යුධ ජග්රහණ මත්තෙන් ලෝකයේ ගමන්මග යහපත් දිශානතියකට යොමුකිරීමද කර ඇත. මෙනයින් බලන කල යුධ සංග්රාමයන්ගෙන් තොර සාමයක් නැත. එය මානව සමාජ්යේ ප්රගමනය උදෙසා  වු  අත්යාවශ්ය නපුරකි.  

© පසන්, 2020
පින්තූර අන්තර්ජාලයෙනි




Saturday, December 28, 2019

ඉවැන්ජ්ලික මාෆියාව සහ ඇත්ත.




සුපුරැදු පරිදි අපේ සෙට් එක වැදගත් කතාබහකට එකතු වුනා. ඒ කියන්නේ සෑමා, ජගා සහ මම. කාලෙකින් ලිව්වෙත් නැතිනිසා ලියන්න නිමිතිතක් හොයාගන්නත් එක්ක බොහෝම උනන්දුවෙන් මම මගේ දායකත්වය අඩුවෙන්ම දෙන්නයි හිතුවේ. 

හැබැයි ඩිස්ක්ලේමර් එකක් දාලාම පටන්ගන්න හිතුවා, - මේ ලියමනේ අරමුණ අන්තවාදීන් සිය පැවැත්ම උදෙසා ආගම යොදාගැනීමත් ඒ සඳහා ශාස්තෲන්ගේ ඉගැන්වීම් වලට වැරදි අර්ථකථන යොදාගන්නා ආකාරය පැහැදිලි කිරීමයි. එනිසා මාගේ රෝමාණු කතෝලික, ඇන්ග්ලිකන් සහ සැබැ බෞද්ධ මිතුරන් කිසිදු ආකාරයක අමනාපයක් ඇතිකර නොගන්නා බව මාගේ විශ්වාසයයි. මාගේ නිරාගමික මිතුරන් බයිබලෙයේ පොත් 66 ත්, අභිධර්මය ගැනත්, ඒ කියන්නේ බ්ලැක්බර්න්ගෙයි සැමුවෙල් ගෙයි “ඇප්රෝචින් ධර්ම” හරි භික්ඛු බෝධිගේ "කොම්ප්රිහෙන්සිව් මැනුවෙල් ඔෆ් අභිදම්ම" හරි කියවලා තේරැම් අරගෙන නිරාගමික වෙලා තියෙන නිසා බැලන්ස් වීව් පොයින්ට් එකක් දෙන්න පුළුවන් බවත් මගේ දැනීමයි. 

නිරා, මගුල තමයි ඕකුන්ගේ ඊගෝ එක ඇන්ටාක්ටිකාවට වඩා ලොකුයි..එහෙම කියන්නේ සෑමා..මේ ආගම කියන එකත් හැම කෙනා එක්කම කතා කරන්න බෑ. මොකද එහෙම කතාකරන්න තරම් පරිණත බවක් තියෙන අය ඉන්නේ ටිකයි. මම ඒක නිසා කතා නොකරන ටොපික් එකක් තමයි ඕක.. අනික සෑමා කියන්නේ  මෙටාෆිසික්ස් වලින් පටන් අරගෙන ඇබ්ස්ට්රැක්ට් කන්සෙප්ට් ගැන කතාකරලා විද්යාත්මක සුරංගනා කතා වලින් ඉවරකරන්න පුළුවන් සිරා පොරක්, 

දැන් කියපන් ඔය බෝර්න් අගේන් එවුන් ඇවිත් මිනිස්සුන්ට කියන්නේ මොකක්ද? 

"සහොදරයා සහෝදරිය...ඔබගේ පරම්පරාගත පාප, ශාප නිසා තමයි මේ දුක් ඇතිවෙලා තියෙන්නේ..දෙවියන් වහන්සේ මේවා නැතිකරලා දෙනවා අපි ගෘහසෛලයක් ඇතිකරලා යාඤාමෙහෙයක් තියමු..වැඩිය කට්ටිය ඕනේ නෑ..අපිත් හිටපු බෞද්ධ නිසා මේ විදියට කරමු කියලා පටන්ගන්නවා..පිළිකාවගේ තියෙන එවුන් නම් මැරෙනවා එත් පිලිගන්න්නේ නෑ දෙවියන්ගේ කැමැත්ත තමයි ඌ මැරෙන එක කියලා මොකද දෙවියන් වහන්සේ අතීතය, අනාගතය හා වර්ථමානය දන්නවා නම් මැරෙන එකත් දන්නවා. එතකොට කියනවා මේ ගෙදර පිළිම වන්දනාව නිසා තමයි මෙහෙම වුනේ, වගේ කතන්දර ගොඩයි..ඉතින් කර්මය හා කර්ම ඵලය හින්දා කොහොම හරි හොඳ වුනොත් ඊළඟට දෙන්නේ බය..."දැක්කනේ දෙවියෝ හොඳ කලා වගේම ආපහු ලෙඩ දෙන්නත් පුළුවන්..බෞතීස්ම වුනානන් හරි...ඔය බෞතීස්ම වෙන එකත් රෝමානු පල්ලිවල වගේ නෙමෙයි අපේ එකේ..අපි වතුරෙන්, ගින්දරෙන් සහ ආත්මයෙන් පිරිසිදු කරනවා..සත්ය තියෙන්නේ අපි ගාව බලන්න ඕස්ට්රේලියාවේ රෝමාණු පල්ලියේ අල්තාරයේ තියාගෙන තමයි පොඩි අයව දූශණය කරලා තියෙන්නේ.. දන්නවා නේ කාඩිනල් පෙල් කියන්නේ ඕස්ට්රේලියාවේන් වතිකානුවට තෝරාගත් ෆයිනැන්ස් මිනිස්ටර්. දැන් ඉන්නේ හිරේ හිතන්න දෙවියන් ඉන්න අල්තාරයක අපචාර කරන්න තරම් රෝමාණු පල්ලිය, චර්ච් ඔෆ් ඉන්ග්ලන්ඩ් පිරිහිලා අපේ බොර්න් අගේන් පල්ලිය තමා නියම දෙවියන් වහන්සේගේ පල්ලිය. එහෙමයි අපේ හොර අයියලා සහ අයාලේ ගියපු අක්කලා බොර්න් අගේන් වෙලා තමන්ගේ නමින් පල්ලියක් දාලා පාස්ටර්, පෝස්ටර් වෙලා ගේම් දෙන්නේ..

මෙහේත් රෝමාණුකතෝලික සහ ඔය බොර්න් අගේන් එවුන් එක්ක වලියක් ගිහින් තිබුන ප්රේයර් මීටින් එකකටත් කෙලවුනා. බොර්න් අගේන් පාස්ටර් රෝමාණු ගෙදරකට ගිහින් මරිය තුමීගේ පිළිම වන්දනාව අල්ලගෙන බාබෙල් කොතත්, ගිල්ගාමේශ් අල්ලගෙන බයිලාවක් කියලා ප්රේයර් මීටීන් එක දෙකඩ වුනා. ඇත්තටම මේ බොර්න් අගේන් එවුන්ගෙන් වැඩි බලපෑමක් තියෙන්නේ සාම්ප්රදායික රෝමාණු පල්ලියට. මේ බොර්න් අගේන් පල්ලි වල තියෙන්නේ ප්රසංසාව සමග එක්වුනු යඤාව නෙමේ ක්ලබ් වල තියෙන දැඟලිල්ල..

උඹලා දන්නවද "ඉවැන්ජලිසම් 101" ? ඒ කියන්නේ උඹලට කාවහරි තමන්ගේ දර්ශනේ දෙන්න නම් අනික් එකා මංමුලා වෙලා කියලා ඌට තේරැම් කරන්න ඕනේ. 

“In order to get somebody saved you have to first get them lost”

"ඈ..මොකක් කිව්වා? මමත් දැන් ෆුල් කොන්පියුස්..

"it is easier to fool a person than it is to convince them they have been fooled”

උඹ රැවටිලා කියලා ඔප්පු කරන එකට වඩා..උඹව රවට්ටන එක ලේසියි පසා..නැද්ද? 

ඒකත් ඉතින් ඇත්ත තමා…මෙහෙම හිටියට සෑමාත් පට්ට බුවා බයිබලය කට පාඩම් හැබැයි ඉවැන්ජලික පාදිලියෝ පෙන්නන්න බෑ..පුළුවන් නම් මරාගෙන කන්නේ අමුවෙන්..මොකද සෑමා ඔය හොර පාස්ටර්ලා ගැන පට්ට රිසච් එකක් කරනවා..මයිල්ස් මුන් රෝ මැරිච්චි හැටි, ඇල්ෆ් ලුකාවු ගේ බොරැ කේස් ඉඳන් ලංකාවේ මැතිව් පීරිස්ලා දඬුකඳේ ගහනවා හේතු සාදක, සාක්ශි සහිතව. සෑමාට අනුව නම් ඔය බොර්න් අගේන් එවුන් පස්පව් සෙන්ටර් වෙලා ඉඳලා දෙවියෝ දැන් කරන හැම පාපයක්ම නලිෆයිඩ් කරනවා කියලා අනික් අයව දුර්වල කරලා තමන් දසයෙන් කොටසෙන් සැප විඳින්න හදන පාපිශ්ඨයෝ. බයිබලේ ක්රමාණුකූලව හැදැරීමක් නැති, සුරේශ් රාමචන්ද්රන් ගේ යූ ටියුබ් වීඩියෝ ටිකක් බලලා අතරින් පතර බයිබලේ කියවපු අපත සෙට් එකක්.

“ලොන්ජිටුඩනල් සර්වේ එකක් දාගෙන බලපන්කෝ මොකද වෙන්නේ කියලා” සෑමා ගොරවනවා..

ඇයි උඹ එකම බයිබලේ අරගෙන දේශණාකරන අනිත් පාස්ටර්ලට බනින්නේ? කියලා ඇහුවාම තමයි සෑමාගේ බයිබල දැනුමත් බෞද්ධ ඉඳලා බොර්න් අගේන් වෙච්චි එවුන්ගේ දැනුමයි අතර වෙනස පේන්නේ..දෙන්නේ කෙලින්ම බයිබලේ පාඨ කටපාඩමින්.. 

අර උඩ කිව්වා වගේ උගත් මධ්යම පාන්තික පවුල් ආගමට හරව ගන්නේ ලෙඩ නැත්නම් තන්ගේ පෙර වැරදි දෙවියන්ට කියලා නැතිකරගන්න..ඒත් උන් දන්නේ නෑ බයිබලෙත් තියෙනවා තමන්ගේ වැරදි වලට තමන් මිළ ගෙවිය යුතුයි කියලා..උඹ ගූගල් කරපන් මේ බයිබල් පාඨ.. 

ද්විතීය නීති සංග්රහය - 24 වන පරිච්ඡේදය - 16 ''දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ.

 2 Chronicles.25:4 :every man shall be put to death for his own sin.” - (2 Kings 14:6)

වංශාවලියේ දෙ වන පොත - 25 වන පරිච්ඡේදය - 4 එහෙත්, ''දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත්වා; එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේවා’'යි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්යවස්ථා පොතේ ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේ ය.

දිවැසිවර එසකියෙල්ගේ පොත - 18 වන පරිච්ඡේදය - 20 පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්රතිවිපාකත් විඳින්නේ ය. 

 - Ezekiel.33:20 "O ye house of Israel, I will judge you every one after his ways.” 20 එහෙත්, 'සමිඳාණන් වහන්සේගේ ක්රියා අසාධාරණ යැ'යි නුඹලා කියන්නහු ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා එකිනෙකා තම තමාගේ ම ක්රියා ලෙස විනිශ්චය කරන්නෙමි.''

සෑමා ඒ පරණ ගිවිසුම..ජේසුස් වහන්සේ ඇවිත් අලුත් ගිවිසුමේන් ඔය පරණ ගිවිසුමේ තිබුන ඒවා..මිනිස්සු මරන්න දෙවියන් අණකරපුවා, ගෑණු දූශණය කරන්න, හොරකන් කරන්න ආදී සියළුම වැරදි අළුත් ගිවිසුමෙන් හැදෙනවා නේ..ජගාත් උගේ තියෙන දැනුම ප්රදර්ශණය කරනවා.. 

හරි එහෙනම් අළුත් ගිවිසුමේ මැතිව් පොතේ 5:17 කියවපන්..හරි එහෙනම් අළුත් ගිවිසුමේ මැතිව් පොතේ 5:17 කියවපන්..සෑමා එහෙම කිව්වම මම පටස්ගාලා ගූග්ල් දෙයියා වැඩමෙව්වා..හරිනේ මේ වගේ බයිබල් උස්තාද්ලා කියන දේ බයිබලයට අනුවම බැලුවම හරි..

“Do not think that I came to destroy the Law or the Prophets. I did not come to destroy but to fulfill.

King James Version -

ඇයි බං ඉන්ග්රීසියෙන් දෙන්නේ...සිංහලෙන් කිව්වම උඹේ දිව උළුක්කු වෙනවද? මමත් ඉතින් ඉන්නවා කියන්න පෙන්නන්න ඕනනේ..

“පසා මේකයි බයිබලේ ලියවුනේ ග්රීක භාශාවෙන් ජේසුස් වහන්සේ කතාකලේ ඇරමික් භාශාවෙන්..සිංහල බයිබලේ "ජෙලස් ගෝඩ්" කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ "ස්වයම් ගෞරව රක්ශකවූ" කියලා ඇයි ඊර්ශ්යාසහගත දෙයියෙක් කියලා ලියන්න බෑද? බලපන් නික්මයෑම 34:14-15. (Exඔඩුස් 34:14-15) අනික ඔය බයිබලේ ලියන්නේ ජේසුස් වහන්සේගේ ගෝලයන් දොලොස් දෙනාගෙන් කෙනෙක් නෙමේ..ඒ සේරම ගෝළයෝ උගත් මිනිස්සු නෙමේ ක්රියා පොතේ 4:13 කියවපන් අනික පාවුළු තමන් විසින්ම රෝම පොතේ 7 පරිච්ඡේදයේ 14 සිට 25ට කියනවා "තමන් පාපයට වහල්වූ කෙනෙක් කියලා..ගූගල් කරලා මට කියවපන් ඒක කිව්වම මමත් එහෙමම කලා..

රෝම පොතේ 7 පරිච්ඡේදයේ 14 සිට 25ට,

14 නීතිය ආධ්යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි. 15 මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය. 16 මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි. 17 සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ. 18 මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත. 19 මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. 20 ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය. 21 එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්රතිපත්තියක් මට පෙනේ. 22 මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්රිය කරමි. 23 එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්රතිපත්තියක් මාගේ ඉන්ද්රියයන් තුළ ඇති බව මට පෙනේ. 24 අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද? 25 අපේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! කොටින් කියතොත්, මනසින් මා දේව ආඥාව පිළිගනිතත්, මිනිස් ගතිය අනුව මා යටත් ව සිටින්නේ පාප ආඥාවට ය.

ඒ වගේම පාවුළු රෝම පොතේම කියනවා, දෙවියන් උත්කර්ශයට නැංවීමට බොරැ කියන බවට. ලෝකේ මවපු දෙවි කෙනෙක් බොරැවෙන් උසස් කරන්නේ මොන එහෙකටද?

 රෝම 3 :7,
- 7 ඉතින්, මාගේ අසත්යය නිසා දෙවියන් වහන්සේගේ සත්යය වඩාත් කැපී පෙනී, එය උන් වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම්, මා පව්කරුවෙකැ යි තීන්දු කරන්නේ මන් ද?

උඹ ඊළඟට අහන ප්රශ්නේත් මම දන්නවා, එහෙනන් රහතන් වහන්සේලා කටපාඩමින් ත්රිපිටකේ ගෙනවිත් මාතලේ අළුවිහාරයේදී ග්රන්ථාරුඩ කරපු එක ගැනනේ..මේකත් මතක තියාගනින් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ රාග,දේවේශ,මෝහ ප්රහීණ කරපු අය, පාවුළු වගේ පාපයට යට වෙච්චි කෙනෙක් නෙමේ. ඒ විතරක්ද නෙමේ සාමාන්ය භික්ෂුන්වහන්සේ කෙනෙක් වුනත් ධර්මය දේශණා කරත්දී සේඛියා ශික්ශාපද දහසයක් මතක තබාගෙන, අධිෂ්ඨාණ පහක්  හිතේ දරාගෙන, අන්යවිහිත නොවී, වටපිට නොබලා, හස්තපාද, මුඛවිකාර නොදක්වා, සතෝසම්ප්රජානකාරීව, ධර්ම දේශණාවට සිහිය පිහිටුවාගෙන, කර්මස්ථාණ ශීර්ෂයෙන් ධර්මය දේශණය, ධර්ම සම්මර්ශණය, ධර්ම සද්ගායණය භාවණාවක් වැඩෙන ආකාරයට කලයුතුයි කියලයි බුදුහාමුදුරැවෝ කියලා තියෙන්නේ. 

අනික පාවුළු කියන්නේ කටුස්සෙක් වගේ පාටමාරැ කරගෙන අනිත් මිනිස්සුන්ගේ දේවල් අනුගමණය කරනවා වගේ පෙන්නගෙන තමන්ගේ අරමුණකරා ගිය රැවටිලිකාරයෙක් පාස්ටර් චාල්ස් වගේ, ඒක 1 කොරින්ති 9 පරිච්චේදයේ හොඳට දක්වලා තියෙනවා.

1 CORINTHIANS 9:20 - 22
1 කොරින්ති - 9 වන පරිච්ඡේදය - 20 ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්යවස්ථාවට යටත් නොවූ මම, ව්යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි. 21 ව්යවස්ථාවෙන් බැහැර වූවන් දිනාගන්නා පිණිස, ව්යවස්ථාවෙන් බැහැර වූවන්ට, මම ව්යවස්ථාවෙන් බැහැර වූ කෙනෙක් වීමි. මා එසේ කෙළේ දෙවියන් වහන්සේගේ ව්යවස්ථාවෙන් බැහැර නොවූවත්, ක්රිස්තුන් වහන්සේගේ ව්යවස්ථාවට ඇතුළත් වී සිටින කෙනෙකු වශයෙනි. 22 දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්රියා කෙළෙමි.

කෝටියක් සංවර සීල රකින හාමුදුරැවොයි කාලා බීලා දසයෙන් කොටස දුන්නේ නැත්නන් දේව ආශීර්වාද නොලැබෙනවා කියන පාස්ටර්ලයි, පාවුළු වගේ කෛරාටිකයොයි එක මිමිමෙන් මනින්න එපා.. එහෙම සෑමා කියලා දබරඇඟිල්ල මගේ දිහාට දැම්මා..සුමණ හාමුදුරැවෝ වගේ දුන්නොත් මම පටස් ගාලා රැවුල අතගානවා වගේ කම්මුල කවර් කර ගත්තා..අවදානමක් ගන්න බෑනේ ෆ්රෙන්ස්..

මේමයි සෑමා බයිබලේ කියවන්න ඕනේ ෆේත් එකෙන්..ෆෙත් එක නැත්නම් වැඩක් නෑ..අඩේ මමත් රැවටිලාද? නෑහ් ලොජිකල් රීසනින් ආ...පසා කියන්නේ ලොජිකල් පොරක්..
හරි කියාන් බලන්න මොකද්ද තොගේ ඔය ෆේත් එක? සෑමා අහනවා...
ඇයි බාන්..මෝඩ ඉවාන්..ෆේත් එක කියන්නේ ශ්රද්ධාව...නැත්නම් භක්තිය..මාත් අතාරින්නේ නෑ..

අනික ඔය ෆේත් එක කියන්නේ වැරදි වහගන්න යොදාගන්න එකක්..ඔය බයිබලේ බැලුවොත් ජේසුස් වහන්සේ කියන්නේත් හොඳ ක්රියාවන්ගෙන් තමයි මෝක්ශයට ලඟාවීමට හැකිබව, එහෙම නැතුව ෆේත් එකෙන් නෙමෙයි. ඔය ඉවැන්ජ්ලික එවුන් මිනිස්සු බාගන්න දාන්නේ ඔය ෆේත් එකේ බොරැව. හොඳයි මේ බයිබල් පද ටික මෙහෙම විවරණයක් දෙන්නම්, 

ක්රියාවන්ගෙන් මෝක්ශය කරාලඟාවීමට අදාල බයිබල් පාඨ..

ශුද්ධවර මතෙව්- 19 වන පරිච්ඡේදය - 16 වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, ''ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. 17 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ''යි ඔහුට වදාළ සේක. 18 ''කොයි ආඥා දැ''යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ''මිනී නොමරන්න; කාමමිථ්යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; 19 නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්රේම කරන්න යන මේවා ය''යි වදාළ සේක. 

ශුද්ධවර මාක්- 10 වන පරිච්ඡේදය - 17 උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, ''යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. 18 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ''මා යහපත් යයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. 19 ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු''යි වදාළ සේක..
දිවැසිවර මීකාගේ පොත - 6 වන පරිච්ඡේදය - 8 එම්බා මනුෂ්යය! යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත.එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද? යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි.

දැන් බලහන් පාවුළු කියන්නේ මොකක්ද දන්නවද? විශ්වාසය නැත්නන් උඹ ඔය කියන ෆේත් එක තිබ්බාම ඇති කියලා..අනික ඔය ෆේත් එක බුද්ධාගමේ ශ්රද්ධාව වගේ නෙමේ හරිය..ෆේත් කියන්නේ "බිලීවින් විත් අවුට් ෆැත්ස්" ඒත් බුද්ධාගමේ ශ්රද්ධාව එන්නේ කර්මය හා කර්ම ඵලය මුල් කරගෙන ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් මැරැණේ එක පාරයි..නමුත් බුදු හාමුදුරැවෝ බුදුබව පතාගෙන ඇස්, ඉස්, මස්, ලේ ජීවිතය සාරාසංඛ්යය, අටාසංඛ්ය, සොලසාසංඛ්යය කල්ප ගණනාවක් දන්දුන්නා එහෙම කරලා හදාගත්ත චිත්ත පරම්පරාවකට තමයි අපි ශ්රද්ධාවෙන් නමස්කාර කරන්නේ..හරි පාවුළුවා මොකුත් ඔය පිං කරන්නේ නැතුව දෙවියන් විස්වාශ කිරීමෙන්ම මෝක්ශය ලබාගත හැකිය කියන බයිබල් පාඨ තියෙන්නේ ක්රියා පොතේ සහ රෝම පොතේ, බලලා මට කියපන් කියලා සෑමා කිව්වාම මටම මම ගැන ලැජ්ජාවක් ආවා. සෑමා උත්පත්ති රෝමාණු කතෝලික බයිබලේ පරතෙරට උගත් දැන් ශ්රද්ධාවත් බෞද්ධ..අපි ඒ අතින් බැලුවම නාමික බහුද්ද්..සික්..

Acts 16: 30-31, ප්රේරිතවරුන්ගේ ක්රියා - 16 වන පරිච්ඡේදය - 30 ඔවුන් පිටතට කැඳවා, ''ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ''යි ඇසී ය. 31 ඔව්හු පිළිතුරු දෙමින්, ''ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ''යි කී හ. 

Romans 3: 27-28  රෝම - 3 වන පරිච්ඡේදය - 27 එසේ නම්, අපට පුරසාරම් දෙඩීමට ඉඩක් ඇද් ද? කොහෙත් ම නැත. එසේ කියන්නේ කුමන ප්රතිපත්තියක් අනුව ද? ව්යවස්ථාව පිළිබඳ ප්රතිපත්ති අනුව ද? එසේ නොව ඇදහීමේ ප්රතිපත්තිය අනුව ය. 28 මන්ද, මනුෂ්යයෙකු දමිටු බවට පමුණුවනු ලබන්නේ ව්යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව, ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු

Romans 1:16-17, රෝම - 1 වන පරිච්ඡේදය - 16 මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි. 17 මනුෂ්යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වා ම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: ''ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත්කරගනිති.’’

Ephesians 2:8-9) එපීස - 2 වන පරිච්ඡේදය - 8 ඔබ ගැළවී සිටින්නේ දේව වරප්රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය. 9 ගැළවීම පුණ්ය ක්රියාවල ප්රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත.

හැබැයි ඔය හැම සෙට් එකක්ම මගාරින දේ තමයි, දැනටමත් ගැලවීම ලබන අය දෙවියන් තොරාගෙන ඉවරයි කියන එක. ඒකට උඹ ඉන්නවද, මම ඉන්නවද , ජගා ඉන්නවද කියලා දන්නේ නෑ..මොකෝ දෙවියෝ මුලින්ම කිව්වා ආවේ "ඊශ්රායලයේ නැතිවා බැටළුවන් හොයන්න විතරයි" කියලා අනික සමාරියේ ස්ත්රිය ටත් කිව්වේ ගෙදර මිනිස්සුන්ගේ කෑම බල්ලොන්ට දෙන්නේ නෑ කියලනේ..

දැන් ජගාත් මාත් සෑමාගේ බයිබල් විවරණයේ බයිබල් පාඨ එක්කම අහලා කම්පනා කොරනවා මොනා කියන්නද, 

හරි පසා, මේ බයිබල් වර්සස් ටික ගූගල් කරහන් "සැල්වේශන් ඊස් ප්රි ඩිටර්මයින්ඩ්" කියන එකට එතකොට ෆේත් එකෙන් වැඩකුත් නෑ, ගුඩ් ඩීඩ්ස් වලින් වැඩකුත් නෑනේ..ජගා ඇස්පියාගෙන බයිබල් වර්සස් විදිනවා..

Acts 13:48 - ප්රේරිතවරුන්ගේ ක්රියා- 13 වන පරිච්ඡේදය - 48 විජාතීහු ඒ අසා සන්තෝෂ ව, දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරාගන්නා ලද සියල්ලෝ ම අදහාගත්හ.
එපීස- 1 වන පරිච්ඡේදය - 4 ප්රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්රථමයෙන් ක්රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.

2 Thess. 2:13, 2 තෙසලෝනික- 2 වන පරිච්ඡේදය - 13 සමිඳාණන් වහන්සේගේ ප්රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය.

Matthew 24:24, ශුද්ධවර මතෙව් - 24 වන පරිච්ඡේදය - 24 කුමක්නිසා ද ව්යාජ ක්රිස්තුවරයන් ද ව්යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.

(3) Some passages allege God merely selects people as He sees fit. Psalm 65:4 is a good example. Ps. 65:4 "Blessed is the man whom thou choosest, and causest to approach unto thee, that he may dwell in thy courts.” 

ගීතාවලිය - 65 වන පරිච්ඡේදය - 4 ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව.

ඒ වගේම මේකත් මතක තියාගනින් පාවුළුව අන්තිමට හැමෝම දාලා ගියා ඒකත් බයිබලේම ලියලා තියෙනවා. ඒ වගේම සාප කරලයි යන්න ගියේ..

In the beginning of Acts chapter 18 verses  5,  ප්රේරිතවරුන්ගේ ක්රියා - 18 වන පරිච්ඡේදය -5 සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය. 6 එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, ''ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි''යි කී ය.

Paul was rejected by his own ministry, 

- 2 Timothy 1 :15,  2 තිමෝති   - 1 වන පරිච්ඡේදය - 15 පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය.

- 2 Thimothy 4 :10,  2 තිමෝති - 4 වන පරිච්ඡේදය -10 මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය.

~~ දැන් කෝමද උඹලා ෆුල් කොන්ෆියුස් නේද? බයිබලේ ගැලවීමට මෝක්ශයට හරියට පාරක්වත් තියෙනවද? 

ඒ අතින් බලපන්කෝ බුද්ධාගමේ නිවන් මගට ආකාර පහක් තියෙනවා, 
i. ධර්ම දේශණය, 
ii. ධර්ම ශ්රවණය, 
iii. ධර්ම සද්ගායනය, 
iv. ධර්ම සම්මර්ශණය 
v. සහ භාවණාව. මේ හැම ආකාරයෙන්ම නිවන් ලබපු අය මම උඹලට කියන්නද කියලා සෑමා ඇහුවම මට දණ්ඩ නමස්කාරයෙන් සෑමාට වඳින්න හිතුනා..

අපේ ශ්රද්ධාව තේරැම් ගියපු සෑමාත් ටිකක් සෙට්ල් වෙලා මෙහෙම කිව්වා. 

කර්මය හා කර්ම ඵලය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්යය සත්යය මත පදනම් වෙච්චි බුද්ධධර්මය බොරැකියලා ඔප්පු කරන්න ඔය කාටවත් බෑ. ඒ වගේම භෞතික වාදයේ කොනේ හිටපු අපිත් අභිධර්මය ඉගෙන ගෙන බුදුදහමේ හරය තේරැම් අරගෙන තමයි මේ ධර්මය අනුගමණය කරන්නේ.

බයිබලයට එරෙහිව යොදාගන්න තියෙන හොඳම අවිය තමයි බයිබලය, ඒ බයිබලයේ තරම් නොගැලපීම්, අවකල් ක්රියා, විසංවාද සහ පරස්පරතා තියෙන තවත් ආගමික ග්රන්ථයක් නැතිනිසා. පනිවුඩය වෙබ් අඩවියෙන් උපුටාගත්ත කොටසකුත් මම මෙතනටම එකතු කරනවා..

බයිබලය දේව භාෂිතයක් ද?
යම් ග්රන්ථයක් දේව භාෂිතයක් ලෙස, එනම් දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ, උන්වහන්සේගේ අදහස් පමණක් අන්තර්ගත ග්රන්ථයක් ලෙස පිළිගැනීමට නම් එය විශේෂිත ගුණාංග කිහිපයකින් සමන්විත විය යුතු වේ. ඒවා නම්:

i. එම ග්රන්ථයේ අදහස් මුල සිට අග දක්වාම එකිනෙක සම්බන්ධ විය යුතු යි. එහි පරස්පර විරෝධී අදහස් එකක්වත් තිබිය නොහැක
ii. එම ග්රන්ථය මගින් කෙරෙන අනාවැකි සත්ය විය යුතුයි. එක අනාවැකියක් හෝ අසත්ය වූ විට දේව භාෂිතයක් නොවේ.
iii. ඓතිහාසික තොරතුරු අතින් ද එම ග්රන්ථය නිවැරදි විය යුතු යි.
iv. එම ග්රන්ථය මගින් අණ කරන නීතිරීති ප්රායෝගිකව ක්රියාත්මක කළ හැකි ඒවා විය යුතු යි.
v. දේව පුස්තකයක් යැයි ඔප්පු කිරීම සඳහා වූ සාධකයන් හා ප්රාතිහාරයන් එහි අන්තර්ගත විය යුතුයි.
vi. එම පුස්තකයේ සඳහන් කරුණු ඔප්පු කරන ලද විද්යාත්මක න්යායන්ට පටහැනි නො විය යුතුයි.
vii. අසභ්ය කරුණු එහි අන්තර්ගත නොවිය යුතුයි.

ඉහත සඳහන් කළ කරුණුවලින් එකක් හෝ යම් ග්රන්ථයක් බැහැර කරයි නම් එය දේව භාෂිතයක් ලෙස පිළිගත නොහැක. මෙම කරුණු පදනම් කරගෙන බයිබලය මදක් විමසා බැලූවහොත් එය දේව භාෂිතයක් නොවේ යන්න පහසුවෙන්ම වටහාගත හැකිය. නමුත් බයිබලය දේව භාෂිතයක් නොවන බවට පවතින වැදගත්ම සාක්ෂිය බයිබලයමය. හේතුව බයිබලය තුළ කිසිදු වගන්තියක් දෙවියන් විසින් පවසන අයුරින් ප්රථම පුරුෂ බසින් ලියවී නොමැත. තවද දෙවියන්ගේ වක්තෘෘ වරයකු විසින් ලියන ලද බවට පැවසීමට කිසිදු වගන්තියක් දෙවන පුරුෂයෙන්ද ලියවී නොමැත. එනම් සමස්ථ බයිබලම තෙවන පුරුෂ ව්යාකරන භාවිතයෙන් හෙවත් බයිබලයේ කථා පුවත් වලට කිසිදු සම්න්ධයක් නොමැති පුද්ගලයින් විසින් කතාන්තරයක් පවසන අයුරින් රචනා කර තිබේ. (http://panivudaya.com/pages/bible.php)

අපේ ලංකාවේ තියෙන ආගමික සහජීවනය, ආගමික සහණශීලීතාවය ප්රයෝජනයට ගතිපු ඉවැන්ජලික මාෆියාව අද බෞද්ධ මිනිස්සුන් අන්යාගමික කරණයට විරැද්ධව පෙළගැසීමට කාළය ඇවිත් තියෙන්නේ. ඕස්ට්රේලියාව, ඇමෙරිකාව සහ යුරෝපය දැන් බයිබලේ කියවලා ඒකේ තියෙන නොගැලපීම්, ගැටළු විශ්ලේශණය කරලා බුදුදහමේ තියෙන බුද්ධි ගොචර භාවය, භාවණාවේ සැනසීම ප්රගුණ කරලා බෞද්ධයින් බවට පත්වෙනකොට ලංකාවේ මිනිස්සුන්ව බිලීබාගන්න එන්නේ ක්රමයෙන් නැතිවීගෙන යන පල්ලියට උත්තානයක් දෙන්න කියලයි සෑමාගේ අදහස, බයිබලේම තියෙන හිතොපදේශයෙන් පාඨයක් අරගෙන සෑමා අපේ සුහද හමුවට තිත තිව්වා..

හිතෝපදේශ
- 14 වන පරිච්ඡේදය -
15 නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි. 

16 ප්රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්රවේසම් වෙයි;  අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්රියා කරයි. 

බයිබලයට එරෙහිව යොදාගන්න තියෙන හොඳම අවිය තමයි බයිබලය, ඒ බයිබලයේ තරම් නොගැලපීම්, අවකල් ක්රියා, විසංවාද සහ පරස්පරතා තියෙන තවත් ආගමික ග්රන්ථයක් නැතිනිසා, විය යුත්තේ අතරින් පතර බයිබලේ කියවන මිනිස්සුන්ට ක්රමාණුකූලව බයිබලය කියවීමට පෙළඹවීමත් එහි ඇති ගැටළු මනාව පැහැදිලි කරදීමත් මගින් එහි ඇති නිශ්ඵලත්වයත්, බුදු දහමේ ඇති අතක්කාවචර, බුද්ධිගෝචර දර්ශණය පෙන්වා දීමත් බව සෑමාගේ අවසාන නිගමනයයි..බෞද්ධයින් වශයෙන් එය මමත් ජගාත් සාධුකාර දී අනුමත කලෙමු. ඔබත් මෙය කියවා ඉහත කරැණු කොතරම් සත්යදැයි ආගමික කඩතුරාවෙන් නොවැසුනු දෑසින් බලන මෙන් දන්වමි..

© පසන්, 2019.
පින්තූර අන්තර්ජාලයෙනි..



Thursday, December 19, 2019

~~~~~ දනිමි…දැවෙමි...සැනසෙමි... ~~~



ඉසියුමින් නෙත්කොනින් හඟිමි..
මන්දස්මිතයෙන් රිදුන හඳ කිතිකවමි..
මහපටැඟිල්ලෙන් පුටු කකුල කොනහමි...
ඈතින් ඉඳ බලමි නුඹ එහි නැතද අතීත මතකයන්ගේ
ඡායාමාත්රයක් තවමත් එහි තිබුන බව සපථමි... 

ආදරයක් නොතිබුනේදැයි නොදනිමි..
ශිශිරයේද ඇවිලුන රාග ගිනි හේමන්තයේ නිවුන බව පමනක් පවසමි..
ගිමන්හලේදී මොහොතකට දැනුන සුවඳත්..
දුම්රියේ නෙත් හීසරයත් මා ප්රාණවත් කලයුරැ විඳිමි.. 
සැනසෙමි..
දිගු හුස්මක් ගෙන දෑස වසාගතිමි..

සිතින් පමණක් පෙම් කලබවද…
කයින් පමනක් හිමි කරගත් බවද..
සිහිනයෙනුදු මගේ නොවුනබවද...
සිහිකරමි..

සසර ඉම තෙක් නොකල් පහස ලැබීමට වර අඳිමි..
දැවෙමි..
පෙලෙමි..
සැනහෙමි…

ප්රිය ළඳ නුඹට පමණක් ඇලෙමි..
මුසපත්ව ලංවෙමි..
උදෑසන හිරැකිරණත් සමගම වෙන්වෙමි..
ඉසියුමින් නෙත්කොනින් හඟිමි..

©  පසන්  19/12/2019..
පින්තූර අන්තර්ජාලයෙනි..