Wednesday, July 31, 2019

~~~~~ හුදකලාව යනු සැපතකි ~~~~~





හුදකලාව යනු විඳීමකි...
හුදකලාව යනු දැනීමකි...
හුදකලාව යනු සතුටකි...
හුදකලාව යනු උත්කර්ශයකි...
හුදකලාව යනු කළාවකි...
හුදකලාව යනු ආගමකි...
හුදකලාව යනු චිකිත්සාවකි..
හුදකලාව යනු සැපතකි...
හුදකලාව යනු ප්රහර්ශයකි...
හුදකලාව යනු සැනසීමකි……

එය රසවිඳින්නන්ට ඇබ්බැහියකි, 
අතනොහැරිය හැකි පුරැද්දකි…
කඨොර වෙනස්වීම් හමුවේ නොසැලී සිටීමට ස්ථාවරයකි...

තනිව පියාසර කරනවුන් ශක්තිමත්ම පියාපත් දරන්නෝ වෙති..
තනිව ගමන් කරනවුන් ශක්තිමත්ම දිශානතියක් ඇත්තෝ වෙති..

~~~~~~~~~~~~~~~~~~

සාර්ථකත්වය යනු හුදකලා ගමනකි...
සාර්ථකත්වය යනු අසීරැ ගමනකි...
සාර්ථකත්වය යනු දැඩි ගමනකි...
එය සියල්ලන් සඳහා නොව තෝරාගත් සුළුපිරිසකගේ ගමනකි..
බැටළුවන් සඳහා නොවන ගමනකි..
වෘකයන් සඳහාම වූ ගමනකි...
තමන් යනු කවුරැන්දැයි හඳුනා ගන්නා ගමනකි…
තම විභවය සොයාගන්නා ගමනකි..
~~~~~~~~

හුදකලාව රස විඳින්නෝ අපූරැ මිනිසුන්ය….
ලෝකය වෙනස් කලේ ඔවුන්ය…
සම්මතයෙන් ඔබ්බට තනිව ගියේ ඔවුන්ය…
අන් අයගේ පිලිගැනීම් හරසර ලඝු කෙරැවෝ ඔවුන්මය….
යථාර්තයේ තිමිර ගැලවූයෝ ඔවුන්ය…
අත්දැකීමේ සීමා වළළු පුළුල් කෙරැවේ ඔවුන්ය..
~~~~

තම පැවැත්ම සඳහා අන් අයගේ අවශ්යයතාවය, පිළිගැනීම අවම වූවෝ ඔවුන් වෙති..
තනිව ගමන්ගන්නෝ පිළිගැනීම් නොතකයි, උත්කර්ෂයන් නොබලයි…
සිය ශක්තිය මත විශ්වාසය තබයි…
ඒ මතම සතුටට පත්වේ…
සමෘද්ධිමත් වේ... 
~~~
ඔබ අනිකුන් වෙතින් උදව් නොඉල්විය යුතුයැයි මම නොපවසමි..
ඔබට සතුටු වීමට හුදකලා වීම අනිවාර්යයැයි මම නොපවසමි...
මන්ද මෙය ඔබ සඳහා නොවන ගමනක් විය හැකි බැවිනි..
මෙය ඔබේ තේ කෝප්පය නොවිය හැක..
නමුත් මෙය මගේ ගමනයි…
මා වැනිවූ අනෙකුත් වෘකයන්ගේ ගමනයි...
අපේ ගමනයි…
තනිව සටන් කරන්නන්ගේ විජයග්රාහී ගමනයි…

නමුත් සමහර විට මෙය ඔබේද ගමන විය හැකිය…
~~

කිසිවෙකු විසින් උදව් නොකලාවූ, කිසිවෙකුගේ සහාය නොලැබූ..
කිසිවෙක් අනුග්රාහ නොදැක්වූ…
අපගේ ස්වොත්සාහයෙන්, වීර්යයෙන්, ආත්ම විශ්වාසයෙන් ගියාවූ ගමනයි...
අනෙකුන්ගේ විශ්වාසයන් අපට අවැසි නැත…
අපගේ විශ්වාසය ප්රමාණවත්ය..
~~

සත්යවාදී වූ විට..
තමන් කෙරේ විශ්වාසය ඇති විට..
අන් අයගේ මතවාදයන් නොව තමන්ගේම දැක්මක් ඇතිවිට…
තම යුතුකම්, වගකීම් හා වගවීම් නියත දැක්මකින් සෘජූ වූ විට..
තමන් කවුදැයි තමන්ම දන්නා විට…
තමා කෙරෙහිම ඇතිවූ ගෞරවයක් ඇතිවිට බාහිර සම්මාන ශුණ්යය වනු ඇත…
මේ සියල්ලම නැතිවිට බාහිර සම්මාන ඇගයීම් මහමෙරක් වනු ඇත…
ඒවා නැතිවිට දුකක් වනු ඇත…
බාහිර ඇගයීම් ලැබීමට ආශාකරනු ඇත..
ඒ සඳහා ශ්රමය වගුරැවනු ඇත….
ඒ අතරම තමන් යනු කවරෙක්දැයි අමතක වනු ඇත…
මමත්වය උදෙසා සිය විභවයන්, ශක්තීන් උගසට තබනු ඇත..
අවසන අත්පොලසන් හඬ දහසක් උදෙසා ඔවුන් සිය නිදහස පාවාදෙනු ඇත..
~~

මිනිසුන් ගරැකරන්නේ ශක්තිවන්තයන්ටය…
බර උසුලා දරාගන්නවුන්ටය…
ධෛර්යවන්තයින්ටය...
පහර දරා පෙරලා පහරදෙන්නවුන්ටය…
වැටුනත් නැවත නැගිටින අයවළුන්ටය…
සිය හදවතට අවැසි දේ සොයා නිභයව ගමන්ගන්නා අයටය…
~~~

ඔබ එසේ වන්නේ  ඇයිදැයි අසනු ඇත... 
එය  එසේ වන්නේ එය දුර්ලභ බැවිනි...
එය එසේ වන්නේ එය සියල්ලන්ටම කලනොහැකි බැවිනි..
එය  එසේ වන්නේ එය අප සඳහා පමණක්ම වන බැවිනි... 
එය  තනිව ගමන් කරනවුන් සඳහාම වූ බැවිනි...
බොහෝ මිනිසුන් මඟ යෑමට බලාපොරොත්තු වූවත් මග පෙන්වන්නවුන් අප වන බැවිනි... 
~~~~

අප උගත්තේ තනිව සටන් කිරීමටයි…
ඒනිසාම ශක්තිය උරගා බැලීමේදී අපි ශක්තිවන්තයින් වීමු..
ඒ සටන් කිරීමෙන් ලබාගත්තේ ඇතුලත ශක්තියයි..
එය බිඳ දැමිය නොහැක..
විනාශකල නොහැක…
සතුරාට යටත් කල නොහැක…
අන්ධකාරයේ පහලට කිමිදුනු මා ආධ්යත්මයේ ගැඹුර සොයාගත්තේය…
එහි දැක්ම පැහැදිලිය මා යනු කවරෙක්ද යන්නත්…
අවශ්යයතා හා දැක්මත් පැහැදිලිය…
නිරවුල්ය…
~~~

මා පැමිණිමග ආපසු හැරී බැලූ විට මටම සතුටුවිය හැක…
තනිව ගමන්ගත් මාගේ ගමන විටෙක රළුය…
විටෙක අපහසුය…
නමුත් අවසන මම ජයගතිමි..
මට මා ගැනම ඇත්තේ ගෞරවයකි…
සතුටකි…
හුදකලාවේ සටන්කොට ජයගත් මා මටම වීරයෙකි…
තනිව ගමන්ගත් මා මෘගයෙක් බවටද දේවත්වය ආරෝපිත්යෙක් බවටද බලා සිටින්නත් දෙස් දෙනු ඇත…
ඒ කිසිවක් මට අදාල නොවේ…
ඒ මම හුදකලාවේ අනන්තය ස්පර්ශ කොට ඇති බැවිනි මා මාතුලම සතුටින් සිටිනා බැවිනි…
~~~
ඔබට ඔබ සමගම තනිවීම සතුටක් නම් හුදකලාව වචනයක් පමණි….
එහි ඇති කිසිවක් නැත..
එහි නැති කිසිවක්ද නැත…
ඇත්තේ ප්රහර්ශයේද, මායාවේද, සත්යයේද කඩතුරාව පමණි…
විනිවිදින්න හුදකලාව..
අත්විදින්න යතාර්තය..

ඔබ තුලම ඔබ සතුටු වන්න...
නිවීම ඇත්තේ එහිය...
ස්වර්ගය ඇත්තේ එහිය...
මෝක්ශය ඇත්තේ එහිය...
ප්රඥාව ඇත්තේ එහිය...
අවබෝධ්ය ඇත්තේ එහිය…
පියාවිදා ඉගිලෙන්න…
ඔබේ ශක්තීන් අවදිකරගන්න…
තනිව හැසිරෙන්න…
අවිද්යාව බිඳ හෙලන්න..
තනිව පියාසර කරනවුන් ශක්තිමත්ම පියාපත් දරන්නෝ වෙති..
තනිව ගමන් කරනවුන් ශක්තිමත්ම දිශානතියක් ඇත්තෝ වෙති..
~~~

හුදකලාව යනු විඳීමකි...
හුදකලාව යනු දැනීමකි...
හුදකලාව යනු සතුටකි...
හුදකලාව යනු උත්කර්ශයකි...
හුදකලාව යනු කළාවකි...
හුදකලාව යනු ආගමකි...
හුදකලාව යනු චිකිත්සාවකි..
හුදකලාව යනු සැපතකි...
හුදකලාව යනු ප්රහර්ශයකි...
හුදකලාව යනු සැනසීමකි……
~~~



© පසන්, පර්ත්, ජූලි 31, 2019.


පින්තූර අන්තර්ජාලයෙනි…



Wednesday, July 17, 2019

""කන්නගී" ද හරි? "මාධවී" ද හරි?……….




"පත්තිනි" කිව්වම හිතට එන්නේ තුන් කොන් ප්රේම කථා. සමහර වෙලාවට මිනිස්සු ලබාගන්න බැරි වුනාම ස්ත්රී පාර්ශ්වයට අවලාද කරන්නෙත් ඒ නම කියලා..හුඟක් වේලාවට ඉන්ඩිපෙන්ඩන්ට්, කැරිස්මැටික් ගැනියෙක් හැන්ඩ්ල් කරගන්න බැරි පිරිමින්ට ඉතුරැ වෙන පොඩි වචන අතර හොඳට නරකට දෙකටම තියෙන එකක් තමයි “පත්තිනි"..

සුනිල් ආරියරත්න මහත්තයා (2016) ෆිල්ම් එකකුත් කරලා "පත්තිනි" උඩතිව්වට මගේ මනාපය නම් “මාධවී" ට…ඇත්තටම දෙන්නටම කැමති වුනාට වැඩිබරක් "මාධවී" ට..ඒ අපි ජීවිතේ පැරලල්ස් හදාගන්න හින්දද නැත්නම් ආදරේ ඉදිරියේ පිරිමි හිතේ වස්තුභංගත්වයද කියලා තේරැම් ගන්න අමාරැයි..කොහොමත් මම "මාධවීට" කැමති වෙන කාරණය කියන්න ඉතිහාසේ හීනීයට තවරන්නම වෙනවා…පත්තිනි කතා දෙක තුනක්ම ඉන්දියාවේ සහ ලංකාවේ පැටළුනාට මේ මම ආසාවෙන් කියවපු එක..

අපිට "පත්තිනි චරිත කතාව" මුලින අහන්න ලැබෙන්නේ දෙවෙනි සියවසට අයත් "ශීලප්පදිකාරම්" කියන ද්රවිඩ කාව්යයේ..ශීලප්පදිකාරම් කියන එකේ අර්ථය "හළඹ කතාව" කියන එක..මේකේ ලොකේශන් එක දකුණු ඉන්දියාව..මුල් නළුවොන්ට ඉන්නේ "කන්නගී", "කොවාලන්" , "මාධවී"..තිර පිටපත ඉලංගෝ අදිගාල් කියන ජෛන භික්ෂුව..මේ මණිමෙඛලා ට ධර්මය උගන්වපු අරවක අදිගාල් ම  තමයි..…ප්ලොට් එක මෙහෙමයි…කොවාලන් සල්ලි යහමින් තියෙන ධනවත් වෙළඳ කෙළෙඹියෙක් ඉතින් අපි වගේම තමා කළවයස හරියනකොට ගෙදරින් හොයලා දෙන ස්ත්රී පරාණයක් එක්ක ජීවිත කාළයම ගත කරන එක ඉස්සරත් තිබිලා තියෙනවානේ..ඉතින් කොවාලන්ටත් ඕක පොදු ධර්මතාවයක් වුනා..දකුණු ඉන්දියාවද ලංකාවේ දකුණද වෙනසක් නෑ....ඉතින් ගලපලා කරපු මේ මගුලේ කෙල්ල "කන්නගී" මුලින් ආදරෙන් බැඳිලා..ප්රේමයෙන් වෙලිලා හිටියට පහු පහු වෙනකොට කොහු කොහු වෙන දේවල් ක්රිස්තු පූර්ව දෙකෙත් වුනා අදත් වෙනවා…වෙනසක් නෑ....ඔය කොයි කාටත් වෙන සන්තැසියම තමා කොවාලන්ටත් වුනේ..කොවාලන් නාට්යය කාරයෙක්, සල්ලාලයෙක් කිව්වට අපි හැමෝගෙම වගේ ඇතුලේ ඉන්න රසවතා එළියට ආවද දන්නෙත් නෑ..කොහොමහරි කොවාලන් කන්නගී ජීවිතේ තිරය මත ගලා යනවා....

මේ වෙලාවෙදී තමයි "මාධවී" රැපරාමුවේ පේන්න ගන්නේ..ලස්සන කුරැළු කූඩුවක් කඩන්න එන "වෙසඟන"..දුශ්ඨී භූමිකාව අපුරැවට රඟ දක්වන්න සේරම සුදුසුකම් තියෙනවා.ලස්සණට සිංදු කියන්නත් පුළුවන්..හිතට වැදෙන පුද්ගලික අනුභූතීන්ට ගෝචර නොවූ භාවයන් ගැන අර්ථාන්විත ගීත ගැන මනෝමය පූරණයක් දෙන්නත් පුළුවන්. රහමෙරක් එක්ක හෝරා බොහෝ ගනනක් හරවත් සංවාදයක යෙදෙන්නත් පුළුවන්...හැඟීම්, දැනීම් ඔස්සේ ඉහළ පහළ යන ජීවිතයකට අර්ථයක් එක් කරන්න මේ කෙල්ලට පුළුවන් කියලා කොවාලන්ටත් හිතෙන්නත් ඇති..දැන් රැප රාමූ පුරා තියෙන්නේ "දුශ්ඨයාගේ ප්රේම දර්ශණ”..හැබැයි අංක එක ප්රශ්ණය, ඇත්තටම දුශ්ඨයා කවුද?  මේකේ ඉතින් ගලපගන්නෙ තියෙන්නේ කන්නගී, කොවාලන් කූඩුව පිරිලා තිබුනේ හදවතින් බැඳුන ප්රේමයෙන්ද නැත්නම් දෙමව්පිය ඌරැවට, ලෝකෙට පරකාසෙට කරපු, මොහොතක රාගයෙන් පිරීගිය කසාදෙන්ද කියන එක…ඒක දෙවෙනියට තෝරගන්න වෙනවා..

දැන් මේ තුන් කොන් ආදරේ කොවාලන්, මාධවී ගෙන් සතුටු වෙනවා..ආදරේ තියෙන්නේ පුදුම තැන්වල..මෙහෙම කාළයක් ගතවෙනවා..ජීවිතේ කියන්නේ භාව පූරණයක්ය , අසම්මතයෙනුත් ඔබ්බට ගියපු තැනක්ය කියලා කොවාලන්ට හිතෙන්නෙත් මාධවී ගෙන්මයි...ඒ ඇගේ ගීතයක් අහන කොට..සමහරක් වෙලාවට මේ වගේ සිංදුවක්ද දන්නෙත් නෑ..

මල් පෙරහැර එන්නා සේ හිඳිමි..
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි…
ගැල් පෙරහැර යන්නා සේ නිදමි..
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි…

~~~ ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී ~~~~

යළි හිත හදා ගමි සදහට පතා එමි…
හඹා එමි සදා ඔබම පතමී…

කොවාලන්ගේ හිත බරවෙනවා...ආපහු කන්නගී ලඟට යනවා..මේ පළහිලව්ව හින්දා කන්නගීත් බිඳ වැටිලා ඉන්නේ..කොහොම හරි පව් සමා කරගන්න කියලා කන්නගී ලඟට කොවාලන් යන්නේ මාධවීට දරැවෙකුත් දීලා..ඒ දරැවා මේ ලොකේ එළිය බලන්නත් කලින් කළුවරේම පිට වෙනවා...මේ පුරාවෘත කියවන කොට මාධවීටත් එයාගේ ලැබෙන්න ඉන්න දරැවටත් කන්නගී කලේ සමාව ගතයුතු වරදක් නේද කියලත් හිතෙනවා..ඒත් ඉතින් කන්නගී ගේ කසාද උරැමේ ලැබුන එකටත් සතුටු වෙන්නෙපැ..නාට්යංගනාව වගේද වංශවත්, කුළවත් නෛතික බිරිඳ…දැන් ඉතින් සතුටු වෙන්න පුළුවන් මට්ටමකට කන්නගී ආවා කියලා හිතෙනවා..ගෑණුන්ටත් මිනිහෙක්ගේ ආඩම්බරේට, හිනාවට, නිහඬ බවට...ආදී වශයෙන් හිත දන්දුන්න හේතු දාහක් තියෙනවා..ඒකා බැඳලද කියලා බලන්නේ නෑනේ..ඕවා සසර බැඳීම් කියලයි මට හිතෙන්නේ...ඔය බැඳීම් ලිහලා කොවාලනුත් කන්නගී එක්ක ආපහු අළුතෙන් ජීවිතේ පටන්ගන්න මදුරා පුරයට යනවා..

මිනිස්සු අතින් වැරදි වෙනවා..විශේශයෙන්ම පිරිමි හිත්..ඒත් සමාව දෙන එක දේව ගතියක්ලු නේ..ගෑණු ඕවට දස්සයි..කන්නගී කොවාලන්ව අතාරින්නේ නැ…ආපහු බාර ගන්නවා..…සල්ලි නැතිවෙනකොට පෑළ දොරින් යන ආදරේ වෙනුවට කොවාලන්ට කන්නගීගේ අන්තිම රන් සිළංඹුවත් දෙනවා..විකුණලා සල්ලි ගන්න..ජීවිතේ එක පාරක් වරද්ද ගත්ත මිනිස්සු හරියට පරෙස්සන් වෙන්න ඕන..දෙවියන්ගේ මෝළ කැරකෙන්නේ හෙමින්..හැබැයි කුඩු වෙන්නම කැරකෙනවා..මදුරා පුරයේ රජ කරපු පාන්ඩ්යය රජ තුමාගේ මෙහෙසියගේ රන් සිළංඹුවත් මේ දවසෙම නැතිවෙනවා..කොවාලනුත් රන් සිළංඹුවක් අරගෙන කැරකෙනවා....කළ පව් පස්සෙන් එනවා කියන්නේ ඕකට තමා..මොනවා වෙන්නද පිටිතල හයා බැඳ හිස ගසනවා..තනියම පව් කරාට මොකද වටේපිටේ අයත් ඇපකාරයෝ කරගත්තම ඒ මිනිස්සුන්ටත් නිවනක් නැ..කටින් කට ගිහින් මේ වෙච්චි අසාදාරණේ කන්නගීට ආරංචි වෙනවා..රජතුමා වෙතට එන කන්නගී තමන්ගේ සැමියා නොකළ වරදකට  මරණයට පත්වුනා කියලා වැලපෙනවා..සොරාගත් සිලංඹුවේ ඇතුලේ "මුතු" තිබුනත් තමන්ගේ සිලංඹුවේ තියෙන්නේ "මැණික්" බව සිලංඹුව කුඩු කොට ඔප්පු කරනවා...නිර්දොශී පුද්ගලයෙක් දං ගෙඩියට යැවීම නිසා ඇතිවුනු චිත්ත වික්ශෝපයෙන් රජතුමා මරණයට පත්වෙනවා..ඒවා හැබැයි ඒ කාලේ කතා..මේ කළියුගේ ගොමරිටි උඩ ඇවිත් ඔය කතා අහලා, දැකලා, කියවලා තියෙන නිසා රජුගේ මරණේ ගැන ඔයිට වඩා යමක් කියන්න බැ..හැබැයි කන්නගී මේක මෙතනින් නවත්තන්නේ නැ..මදුරා පුරවීදි දිගේ කෝපයෙන් යන ඇය මෙහෙම සත්යයක් ක්රියා කරන්වා "මගේ පතිවෘත්තාවේ බල සත්යයක් නම් සිල්වත් පුද්ගලයන් පමණක් ඉතුරැව අනෙකුත් සියළුම දෙනා ගින්නෙන් දැවී විනාශ වේවායි" පතනවා..ඒ විතරක් නම් මදැ..කන්නගී තමන්ගේ වම් පියයුර කඩා විසිකරපු බවත් ඒ මොහොතේම මදුරා පුරය ගින්නේන් දැවී අළුවී ගිය බවත් පුරාවෘතයේ කියවෙනවා..තමන්ගේ පතිවෘත්තාවේ බලයෙන් ඇය කීර්තියට පත්වෙනවා..දේවත්වයෙන් පිදුම් ලබනවා..”කන්නගී" “පත්තිනි” මෑනියන් බවට පත් වෙනවා..ඉන්දියාවේ පමණක් නෙවෙයි ලංකාවෙත් වන්දනා මානයට පත්වෙනවා…

එතකොට මාධවී????

නාට්යංගනාවක් විදියට ඇගෙන් පහස ඉල්ලන් පිරිමි ආවේ නෑ කියල කවුරැහරි කියනව නම් ඒ මිනිහා මන්දයෙක්...ළමයිනුත් එක්ක වුනත් ගැණිව භාර ගන්න කැමති මිනිස්සු ඉන්න මේ ලෝකේ මාධවී නළඟනක් වුනත් වෙසඟනක් වෙන්නේ නෑ..මාධවී ආදරේ කරේ කොවාලන්ට..කොවාලන්ට පමණමයි..පතිවත රැකපු ඈ පුරැශ මූලික ඉන්දීය සමාජයේ දියණියක බිහි කරනවා..මුලින් කියපු මණිමේඛලා මාධවී ගේත් කොවාලන්ගේත් දියණිය..පසු කාළීණව මාධවී සියල්ල දන් දෙනවා..තමන්ගේ දියණියත් දන් දෙනවා..මණිමේඛලා භික්ෂුණිය බෞද්ධ සාහිත්යයෙත් පිටු අතර ඉන්නවා..

මාධවී කන්නගී ගෙන් වෙච්ච අසාධාරණේට සාධාරණේ ඉල්ලගෙන පාරේ ගියේත් නෑ..කොවාලන් පව් සමාකරගන්න ආපහු ආවෙත් නෑ..තමන්ට වෙච්ච අසාධාරණේට මුළු නගරයක මිනිස්සුන්ට ගිනිලෑවේත් නෑ..තමන් රැකපු පතිවෘත්තා බලයෙන් පව් කාරයොන්ට දඬුවම් දුන්නෙත් නෑ..තමන්ගේ හොඳ සමාජ ගත කරන්න අනුන්ගේ පව් ගිණි තිව්වේත් නෑ..

දැන් හිතෙන්නේ නැද්ද පතිවෘත්තාවේ දෙවඟන කන්නගී විතරක් නෙමෙයි කියලා…

අපි අතරත් ඕන තරම් ඉන්නවා මාධවීලා..නිහඬ, ගැඹුරැ අපූරැ චරිත. ලස්සණ පිටින් වගේම ඇතුලෙත් තියෙන අපූරැ ගැහැණු..හැබැයි සමාජේ උත්කර්ශයට නංවන්නේ "පත්තිනි" ලා..සාධාරණේ නාමයෙන්..සත්යයේ අනුහසින්..අසම්පූර්ණ මිනිස්සුන්ගේ පව් වලට දඬුවම් ඉල්ලන තරහගිය “පත්තිනිලා”..ඒත් සමාජය කොච්චර විශමද? සමාජ සාධාරණය කොච්චර සාපේක්ශද? ප්රහර්ශය කොච්චර මායාකාරයිද? එක අතකට ජීවිතේ ඉගෙන ගන්න අපිට "පත්තිනි" ලා දෙන්නේ සැර පාඩම්…..මේ කොහොම කිව්වත් මට හිතෙන්නේ ලෝකේ පවතින්නේ සාධාරණේ ඉල්ලලා ගිණි තියන පත්තිනිලා හින්දා නෙමේ අසාධාරණේට ලක්වෙලාත් නිහඬවම ආදරේ බෙදන "මාධවී" ලා හින්දා කියලයි…ඒ නිසා ගිණි තියපු "පත්තිනි" ට වඩා ගිණි නිවපු "මාධවී" මගේ ලෝකෙට සමීපයි..

© පසන්, පර්ත්....2019
පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි.

Thursday, July 11, 2019

~~~~~~~~~ “හිතුනද එහෙම....නෑ නේද” ~~~~~~~~~~




හිතුනද පුංචිම පුංචි ඉඟියක් වත් නොදී ඉන්න..
නිකමටවත් තොරතුරැ අහන්නේ නැතිව ඉන්න…
හිතේ තිබුන ආදරේ නොකිය ඉන්න…
ඈතම ඈත නගරෙක කලුවර රෑට… සීතල කොනක අහස දිහා බලාගෙන…
කාටවත් නොපෙනෙන්න කඳුලු හලපු ඇස් වලට..දේදුණු හීණ නොදී ඉන්න…

ලොකුවට හිතුවෙ නැතුවට...හැමදේම සීරැවට බැලුවට…
තනි වෙච්ච හිතකට ඇබින්දක් ආදරේ මහමෙරක් කියලා හිතුනද..
සම්මතයෙන් එහාගිය නීතියට කොටු නොවිච්චි ඒ බැදීම් තදයි කියලා හිතුනේ නැද්ද...
ඒ බැදීම් ලිහන්නත්  කාලයක් ගතවෙන බව….
සමහර වෙලාවට ලිහාගන්නම බැරි විත්තිය….
හිතුනද එහෙම....නෑ නේද…

කාළයක් හිටියා වගේ...මට ඕන ආයෙත් ලෝකෙන්ම හැංගෙන්න….
ඔයා මගේ ලෝකෙට එන්න ඉස්සර හිටියා වගේ...
ඔව්…..ආයෙමත් මට ඕන……තනියම ඇවිදින්න……
සීරැවට එකයායට අහස දිහා බලාගෙන ඇවිදින්න...
ඒත්….තනියම වෙන්වෙලා ගියපු ඔයා නැතුව ඇවිදින එක අමාරැයි…පාළුයි....
ඔයාට පුළුවන්ද පුංචි තරැවකට කියන්න මට එළිය දෙන්න…

© පසන්, පර්ත්, 2019.


පින්තූර අන්තර්ජාලයෙනි…