Monday, April 29, 2019

හමුදා දිවියේ නොදුටු පැතිකඩක්…


DISCLAIMER : මේ ලේඛකයා යුද  විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්ර සියල්ල ලිපියේ දක්වා ඇත.



හුගක් වෙලාවට අපි වගේ සිවිල් මිනිස්සු හිතන්නේ යුද්දයක් කියන්නේ සතුරෝ ඉන්න පළාතකට ගිහින් උන්ව මරලා සතුටෙන් වීරත්වය කරේ තියාගෙන එන දෙයක් විදියට නමුත් යථාර්තය සම්පූර්ණයෙන්ම වෙනස්, පළවෙනි මූනිස්සම ගිය ගමන් ඇතිවෙන්නේ යුධ මීදුම..ඒක ඇතුලේ වෙනස්වන අවස්ථාවලට තමනුත් යුනිට් එකත් බේරගෙන මිශන් එක සම්පූර්ණ කරන එක තමයි නියම වීරත්වය..නියම සොල්දාදුවෝ පුහු බුකි වීරයෝ නෙමෙයි තමන්ගේ යුතුකම හරියට කරලා වන්දිභට්ටකම් අතැරලා වෘත්තීය සොල්දාදුවෙක් විදියට නිහඩවම විශ්රාම යැම තමයි වෙන්නේ....ලන්කාවෙත් එහෙම දෙයක් වුනා ලගදී ඒවා ගැන පොඩි කසු කුසු තිබුනට ලොකුවට ඇගයීම් නැ හේතුව ඒ පුද්ගලයින්ම ඒවා එපා කියන නිසා..කායිකව හා මානසිකව නිරොගීව විශ්රාම යැම යුද්දෙකට සහභාගී වූ වෘත්තීය සොල්දාදුවෙකුට අමාරැදෙයක්..ඒකට හේතුව යුද බිමේ ඉදලා එන සොල්දාදුවෝ පිටට පෙනෙන තුවාල වගේම මානසික දෝමනස්සයනුත් අරගෙන එන නිසා..මේ මානසික දෝමනස්සයන් එන්නේ සතුරන් අඩපණ කිරීමෙන්ම නෙමෙයි..

"සතුරන් සහසක් කලදා පරාජය.....
 තම හට තම සිත වේ පසමිතුරා....
 ශිල්ප ශාස්ත්ර හැම පරතෙර දුටුවද....
 දත මනාදේ ගෙවා දත්තද....
 රාග දෝස දුරලන තුරු සිතිනා...
 නැත පිළිසරණා පුහුදුන් සතහට...
                               ~ පේමති ජායතී සෝකෝ සහ තවත් කථා ~

                                  එදිරිවීර සරත්චන්ද්ර සූරීන්..මේ විදියට මිනිස් හිතේ හැටි ලස්සනට ලිව්වා මතකයි…රට වෙනස් වුනාට යුද බිමක හිටපු හැම සොල්දාදුවටම මේක අදාළයි..

මේ කතාව මම අහන්නේ ගාර්ඩ්න් අයිලන්ඩ් එක ගාවින් ලිෆ්ට් එකකට සෙට් වෙච්ච SAS සෝල්ජර් කෙනෙක් ගෙන්..මිනිහව ඩ්රොප් කරාම බියර් එකකට සෙට් වෙනවා කෑම්බල් බෑරෑක්ස් ලග..ස්වැන්බෝර්න් නූඩිස්ට් බීච් එක ලග තියෙන මේ ආර්මි බේස් එකේ තමයි ඕස්ට්රේලියා විශේශ බළකා ස්කොඩ්රන් තුනක් බේස් වෙලා තියෙන්නේ..මෙල්බෝන්, අරබෝන් හැමබෝන් එකෙකම ඉන්න අයියලා අන්තිමට බහින්නේ පර්ත් තමයි..කරක්කටා වල තව රිසව් බ්රිගෙඩ් එකක් තියෙනවා, ආතල් එක කියන්නේ ඔය කරකටා වල අර්වින් බැරැක්ස් වලින් 93දී පොරක් යුද්ද ටැන්කියක් හොරකන් කරලා පාරෙත් ගිහිල්ලා..මාරයි නේහ්….ඔය ගාඩ්න් අයිලන්ඩ් එකේ තමයි සබ්මැරීන් තියෙන්නේ..මම අපේ මාමව බස්සලා එනකොට තමයි මේ පොර සෙට් වෙන්නේ..අපේ මාමත් සූරයා..සූරයා කියන්නේ “SLNS සූරයා” එකේ සීඕ වෙලා ඉදලත් තියෙනවා..ඒක කොටිගහලා ගිලෙන්න කලින්..හරියට නම කිව්වොත් ඔය ඩීසල් සබ්මැරීන් කටුවල නෙමෙයි..න්යශ්ටික සබ් එකක ෆ්රී ටුවර් එකක් දෙනවා..

ඉතින් ආපහු කතාවට ඕස්ට්රේලියාවෙදී ඇහුවට මේක ඉන්දියන් කතාවක්. පසුබිම වෙලා තියෙන්නේ "සියැචන් ග්ලෙසියරය" ඒක තමයි ලෝකයේ තියෙන උසම සටන් බිම. මුහුදු මට්ටමේ ඉදන් අඩි 18000ක් උසින් තියෙන ධ්රැව ආසන්න නොවන දෙවන විශාලම ග්ලැසියරය. පකිස්ථානය හා ඉන්දියාව අතර තිබෙන  ලයින් ඔෆ් කන්ට්රොල් (LOC) එකේ උතුරැම කොන. මේකේ තියෙන සියළුම කපොළු 1984 ඉදන් ඉන්දියානු හමුදා පාළණය යටතේ තියෙන්නේ.පකිස්තානූ කීර්තිමත් හමුදා නායකයෙක් වන එවකට බ්රිගේඩියර් ජෙනරල් පර්වේස් මුශාරෆ් 87දීත්, නැවත 99දීත් මේ කපොළු අල්ලගන්න ට්රයි කරාට බැරිවෙනවා ඒ ප්රධානවම  ඉන්දියන් සික් හා ගුර්කා රෙජිමන්ට් එකේ රණශූරත්වය නිසා. ඔය කාගිල් යුද්දේ ගැන තව දැනගන්න කාගිල් යුද්දේ ගැන 11ත් ගුර්කා රයිෆල්ස් කමාන්ඩ් කරපු කර්නල් ලලිත් රායි ගේ කතා බලන්න ඒවා නම් පට්ට..මේ කාගිල් වෝ එකේ තමයි ඉන්දියාවේ ප්රසිද්ද මනොජ් කුමාර් පාන්ඩේ, වික්රම් බත්රා "පරම් වීර් චක්ර" මෙඩ්ල් එක ගත්තේ..දෙන්නම මැරණා නියම වීරයෝ වගේ.. මේ සන්ග්රාම අපිට ඇත්තටම වැදගත්..අපිට විතරක් නෙමයි ලෝකයටම මොකද න්යශ්ඨික හැකියාවන් සහිත රටවල් දෙකක් අතර වූ සාම්ප්රදායික යුධ ගැටුමක් නිසා..කොහොමද එකෙක් හරි නියුක් එකක් ගැහුවා නන්..ආසියානු කළාපයම සදාසොත්ති තමා.. හැබැයි ඔය ඇමෙරිකන් කාරයා ඔය වහුකුණු වැඩේ කරාට ආසියාතික රටවල් වල රජයේ හමුදා සිවිල් මිනිස්සු මරලා යුද්ද දින්නන ට්රයි කරන්නේ නෑ....ඒත් මේ දෑනට පේන්න තියෙන දේවලුත් ඉතින් එච්චරම හොද නෑ..

ඉතින් මේ සියැචන් ග්ලසියරේට යන්න ට්රේනින් කරන බේස් කෑම්ප් එකේදී 10-15% ෆැටලිටි රේට් එකක් තියෙන්නේ..අනික සියැචන් වලදී උන්ඩෙන් මැරෙනවට වඩා සීතලට හැදෙන ලෙඩ වලින්,ඇල්ටිට්යුඩ් සික්නස්, ෆ්රොස්ට් බයිට්, ඇවලාන්ච් වලින් තමයි මැරෙන්නේ..කට්ට කරැවලේ..පට්ට හීතලේ..හුස්මගන්න බැරැව මැරෙන්න වුනත් සූදානම් වෙලා යන සෝල්ජර්ස්ලා සේරම ස්වෙච්චාවෙන් ඉදිරිපත් වුන අය..

ඔය ග්ලැසියරේට යන්න තියෙන්නේ ඇවිදගෙන, වාහන වලට යන්න තරම් ඔය අයිස් තට්ටු ඝණ මදි. හෙලිකොප්ටර් අඩි 18000ක උසකට යන එකත් ඉන්දියන් කාරයන්ගේ තියෙන කැසිල්ලට කරන එකක්ද, මෝඩකමට කරන එකක්ද නැත්නම් අසීමාන්තික වීරත්වයද කියලා මට නම් හිතාගන්න බැ. කොහොමහරි ඔය චොපර් එකක් ලැන්ඩ් කරත් නවත්තන්න බැ. හීතලට සේරම ගල් වෙන නිසා..ඒවගේමයි අයිස් හෙලි පැඩ් එකක හෙලිකොප්ටර් බ්ලෙඩ්ස් කැරකෙන කොට පහළ වැකූම් එකක් ඇතිවෙනවා..ඉතින් ඔය වගේ දාහක් ප්රශ්ණ..අනික ඔය වගේ තැනකට යන සොල්ජර්ස් ලා නියමිත කාළයට කලින් පහලට ගන්නේ නැ. එතකොට මැරැනොත් මොකද වෙන්නේ? මොනව වෙන්නද, ඔතනට ගිය ගමන්ම සෝල්ජර් කෙනෙක් මැරිලා තියෙනවා එතන කැප්ටන් මැරැණ සෝල්ජර්ව ඉන්දීය කොඩියකින් ඔතලා කැම්ප් එකේ තියලා, හීතලට නරක් වෙන්නෙත් නෑනේ..කොහොමද මාස හයක් තිස්සේ මෑරිච්ච සගයෙක් එක්ක, පොඩි කූඩාරමක භූමිතෙල් ගද, අනිත් එවුන්ගේ ශරීර ගද (අන්ශක සෘණ ගියපු තැනක නැමක් නෑනේ ) එක්ක ඉන්න කොට,  මේවා තමයි කායික මානසික දරාගැනීම හොදටම පරීක්ශනයට ලක් කෙරෙන සැබැ ජීවිතයේ අවස්තා..

ඒ වගේම තමයි ඔය වගේ ඔපරේශන්ලි වැදගත් පෝස්ට් වල ඉන්න සොල්ජර්ස්ලගේ මානසික තත්වය හොදින් තියෙන්න ඕන..ගෙදර දරැවා ඩෙන්ගු හැදිලා මැරිලා, තාත්තා ඇක්සිඩන්ට් එකකින් අන්තරා වෙලා වගේ නිව්ස් දීලා සොල්ජර්ගේ මානසික තත්වය වෙනස් වෙන්න හමුදාව ඉඩ තියන්නේ නැ..හැබැයි කමාන්ඩින් ඔෆිසර්ට ඒ සොල්දාදුවාගේ ගෙදර ප්රශ්නේ දැනුම් දෙනවා..තමන් එක්ක එකට වැඩ කරන සොල්ජර්ගේ පනවගේ ආදරේ කරපු දුව, පුතා, බිරිද හෝ ඔහුගේ දෙමව්පියන් මේ ලෝකේ නැති බව දැනගෙනත් කිසිම වෙනසක් පෙන්නන්නේ නැතිව වැඩ කරන්න කොහොම දරාගැනීමක් තියෙන්න ඕනද? ඒ දරාගැනීම ඩෙස්ක් එකක් පිටිපස්සේ 8-5 වැඩ කරන මිනිහෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැ..හැබැයි එහෙම අවස්තාවලදී ග්ලැසියරේ පහල පෝස්ට් එකකට සෝල්ජර් යවලා ඔය බඩු අරන් එන හෙලිකොප්ටර් එකකින් ට්රාන්ස්ෆර් කරන්නත් අවස්තානුකූලව සමහර කැප්ටන්ලා වැඩ කරලා තියෙනවා..

මේ කතා අහන කොට තේරෙන දෙයක් තමයි හමුදාව කියන්නේ ලොකු වගකීමක් වගේම අභියෝගයක්..හැමෝටම ටයි පටි දාන්න පුලුවන් වුනාට තරැ අදින්න බැ කියන්නේ විහිලුවට නෙමෙයි...කායික මානසික දරාගැනීම උපරිමයටම හදලා පොදු යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැපකරපු ජාති, ආගම්, කුළ භේදයෙන් තොර තැනක් තමයි හමුදාව...උදාහරණයකට ගත්තොත් ලෝකයෙන්ම දෙවැනියට  විශාලම හමුදාව තමයි ඉන්දියන් හමුදාව..තමිල් නාඩුවේ කන්යාකුමාරි ඉදන් හිමාලයේ සියැචන් ග්ලැසියරය දක්වා පැතිරැන ප්රදේශයක ඉන්න විවිධ භාශා කතාකරන, විවිධ ආගම් අදහන මිනිසුන්ගේ සන්කලනයක් නමුත් ඒ හැමෝම හමුදාව එක අරමුණකට ගොනුකරනවා...ඒ තමන්ගේ රටේ ස්වෛරීභාවය ආරක්ශා කරන්න දිවිහිමියෙන් සටන් කරන්න..ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්න ඔවුන් දෙවරක් හිතන්නේ නැ.

අපි අහපු ප්රසිද්දම කතාව තමයි..ගලක අත හිරවුනාම තමන්ගේ අත කපපු කදු නගින (ඇරොන් ලී රැල්ස්ටන් ගේ) කතාව..හැබැයි අහලා තියෙනවද සියැචන් ග්ලැසියරේ යද්දී අනිත් අය බේරගන්න ග්ලැසියර විවරයකට වැටුනු සොල්ජර්ගේ කඹය කපපු කතාව..බියර් එකකට සෙට් වෙලා උඩින් පල්ලෙන් අහපු කතාව පස්සේ මම ඉන්ටනෙට් එකේ සර්ච් කරා...කැප්ටන් රඝු රාමන් ඒක හිතට වදින්න “සියැචන් ග්ලැසියරෙයේ තේඩාව” ගැන මෙහෙම ලියලා තියෙන්වා...ලින්ක් එක ක්ලික් කරලා කියවන්න....මොකද මම පරිවර්තනය කරනවට වඩා ඒකේ අව්යාජ, යථාභූත ස්වභාවය කියවීමෙන්ම ලබා ගන්න පුලුවන්...මේක කියවලා කොහේ නමුත් හමුදාවක් විවෙචනයට පෙර ඔවුන්ගේ තම රට කෙරේ කැපකිරිම ගැන ටිකක් හිතන්න..මම මේ මාසේ ගොඩක් ලිව්වා...එක පාරටම ලියන්න හිතුවෙ පාස්කුවත් එක්ක ලන්කාවේ වුන සිද්ධිදාමය..දැන් ඉදන් මාසෙකට එකක් ලියනවා..බොහෝ විට ඒක ස0ග්රාම භූමිය සහ නායකයෙකුගෙන් පරිබාහිරව යන ත්රස්තවාදයේ ෆ්රැන්චයිස් මොඩ්ල් එක ගැන වෙන්න පුලුවන්...කියවූ ඔබට තුති…


                                                                                            © පසන්,  අප්රේල්, 30, 2019.

                                                                                 පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

බෑන්කු ජීවිතේ - # 008 - විප්රවාසී ජීවිතයකට


බැ0කු ජීවිතේ - #005 සමග ගැලපේ....



මේ විදියට ගලාගෙන ගියපු ලාන්කීය බැන්කු ජීවිතයට සමුදීලා මම විදෙස් ගත වෙනවා. එහේදීත් ඉතින් බැන්කුම තමයි, හැබැයි ඉතින් හරිම වෙනස්. ප්රයිවසි රෙගියුලේශන් හින්දා හස්බන්ඩ්ටවත් වයිෆ් ගේ ඩීටේල්ස් දෙන්න බෑ. එහෙත් පටන්ගත්තේ ටෙලර්, ටාගට් එක ට්රාන්සැක්ශන් 50 යි, රිෆරල් දෙකයි. ලන්කාවේ ට්රාන්සැක්ශන් 350ක් -400ක් දවසට කරපු මට මේක කජු කනවා වගේ. මම ට්රාන්සැක්ශන් 100යි රිෆරල් 4යි කරා, හුටා මෙන්න මුන් මගේ ටාගට් වෑඩිකරා කියහන්කෝ. අනිත් ඔසී ගෑනු "ඕහ් මැන් යුරා ඔන් ෆයර්" කිය කිය මාව උඩ දාලා උන් නිකන් ඉන්නවා..ලන්කාවේ වගේම මෙහෙත් ඉන්න ටින්කර් බාස්ලා. 
ඒ වගේමයි මම රජයේ බැන්කුවල වැඩ කරලා නැ..කරන්න හිතුවෙත් නැ..රජයේ බැන්කුවල තියෙන ඒවා මම කියන්න ඕන නැ..නිරොශන් ප්රේමරත්නට මිලියන අසූවක් ණය දීපු එක "දි අයිලන්ඩ්" පේපර් එකේ ගියා.. හැබැයි ඔය රජයේ බැන්කු වල අවුරුදු දහය විස්ස සීල් ගහලා ලියුම් අලවපු එවුන් නම් ලන්කාවේ වැහි වැහැලා...කාළයක් ඔය පෙටා වගේ බ්රාන්ච් වල ඩේලි පොළියට මිනිස්සුන්ට සල්ලි දීපු කවුන්ටර් ස්ටාෆ් ඉදලා තියෙනවා..තාමත් ඇති හොයලා බැලුවොත්..එහෙම එකෙක් පහුගිය දවසක් මගේ බ්ලොග් එකෙත් කැත කරන්න ආවා..රජයේ බැන්කුවල සමහර එවුන් කරන (හැමොම නෙමෙයි ) ජරා වැඩ නම් ටොන් ගනන් ලියන්න පුලුවන් හැබැයි ඉතින් ඒකෙන් මට ලැබෙන දෙයක් නැනේ…ඉතින් ඒවා මම ලියන්නේ මොකටද? කියවන කාට හරි රිදෙනවා නම් ඉතින් මොකක් හරි අවුලක් තියෙන හින්දා තමයි..ආපහු මගේ කතාවට…

ඔහොම ඉන්නකොට සුනාමි හින්දා ඩිස්ටොර්ට් වෙච්ච ඩොකියුමන්ට් එකක අවුලක් ගිහින් 2010දී, මට වීසා එක දාගන්න බැරිවෙනවා. ඉතින් ආපහු ලන්කාවට තනියෙම එන මම රාජගිරියේ HSBC / HDPL එකට සෙට් වෙනවා, හෑබෑයි මම දෙවෙනිවතාවෙදී ලන්කාවේ බැන්කුවලට නෙමෙයි ජොයින් වෙන්නේ ෆයිනෑන්ශල් සෙක්ටර් එකේ ස්පෙශලයිස් කරපු ට්රේඩ් සර්විසස් හා මර්චන්ට් බැන්කින් පෑත්තට…ඔය HDPL එකේ ඉන්න අමුතු හෙයාස්ටයිල් දාගත්ත පච්ච සෙට් අතරේ අපි හෑමදාම ප්රොෆෙශනල් විදිහට ඇදගෙන පිලිවෙලකට වැඩ කරපු නිශ්ශබ්ද සෙට් එකක්, අපේ ප්රොසෙස් එකේ විතරයි සද්ද නැත්තේ. ඒකට හෙතුවක් තිබුනා ට්රෙඩ් සර්විසස් එකේ හිටපු හැමෝම පරණ සෙලාන්, එච් එන් බි, සම්පත් බැන්කුවලින් ආපු අය, ඩොකියුමන්ට් චෙකින්, එක්ස්පොර්ට් ඩීසී ෆයිනෑන්සින් වලදි හිත එකතැනක තියාගෙන කන්ස්න්ට්රෙට් කරලා වැඩ කරන්න ඕන. එහෙම කරද්දි කතා කරන්න, විහිලු කරන්න බැ. ප්රොෆෙශනලිසම්, ඩිසිප්ලින් එක වැඩ කරන විදිහ අනුව තේරැම් ගන්න පුලුවන්. ටිකක් වැඩිපුර කාලේ තියෙන නිසා මම ඩිග්රියකුත් ගොඩදාගන්නවා..මාර්කටින් පොස්ට්ග්රෑඩුවෙට් ඩිප්ලෝමා,,ඉන්ටනැශනල් ට්රේඩ් වගේම කැපිටල් මාර්කට්ස් වලත් කෝසස් ගොඩදා ගන්නවා..


මෙතන්දිත් මාර වැඩක් වෙනවා, වයිෆ් ගෙන් කෙනෙක් අහලා "ආ හස්බන්ඩ් HSBC ද වෑඩ, ඔයා දන්නවද ඒ කේ තෙරුම මොකක්ද කියලා" වයිෆ් කියලා "ආ..ඒක මේ හොන්කොන් වල බැක් ඔෆිස් ෆන්ක්ශන් එකක්, එච්.එස්.බි.සී එකේ  කියලා. මේ ලේඩි කියලා අපෝ නෑ “එච් එස් බි සි” කියන්නේ, "හැවින්ග් සෙක්ස් බිහන්ඩ් කවුන්ටර්ස්” කියලා. ඔහොම අදහසක් එන විදිහේ වැඩ අනන්තවත්  එතන වුනා. හැබැයි මම සහ මාත් එක්ක වැඩ කරපු හැමෝම ලගට වඩා දුර බලපු අය…මේ කාළේ මම තනියම ලන්කාවේ වයිෆ් ඔස්ට්රේලියාවේ හිටිය කාළයක්.. මොනව කරන්නද පහුවෙනිදාම රෙසිග්නේශන් දුන්නා. මම හිතන්නේ අයාලේ යන එකා පන්සලක හිටියත් අයාලේ යනවා, හොද එකා වෙශ්යා මඩුවක හිටියත් අයාලේ යන්නේ නෑ. අපිත් ඉතින් ඉටිපන්දම් හදුන්කුරු නෙමෙයි, ඒත් පෑයක එකහාමාරක සතුටකට ව්රර්තියම කැප කරන්න ඕන නෑනේ. මමත් අයින් වෙලා ටික කාලෙකට පස්සේ HDPL එකේ ට්රේඩ් සර්විසස් සම්පූර්ණයෙන්ම නවත්තනවා..මට හිතෙන්නේ හිටපු සේරම රට රට වල් වලට ගියාම ඒකට ගැලපෙන් අය හිටියේ නැති නිසා..ස්පෙශලයිස් කරපු අය එකපාරටම හොයා ගන්න අමාරැයි, දවසෙන් දෙකෙන් හදන්නත් බැ..
සතියකින් පස්සේ XXX XXXXX X නැන්ස් එකේ වෑඩට යනවා. කොපරේට් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ…එතන චෙයාමන් තමයි UNP එක කාලෙත් ශ්රි ලන්කා එක බලයේ ඉන්න කාලෙත් XXXX බෑන්කුවේ බෝඩ් එකේ හිටියේ,ආණ්ඩු මාරෑ වුනාට ඉහලම ඉන්න මිනිස්සුන්ට කිසිම වෙනසක් වෙන්නේ නෑ කියලා මට තේරුනේ මේ කාලෙදී තමයි..මේකෙදි මම පිටරටවලින් ලෝන් ගන්න, ෆැසිලිටි පේපර්ස් කරා, මට හොදට ක්රෙඩිට් පේපර්ස් ලියන්න පුලුවන්. ඩොලර වලින් ණය අරගෙන රෑපියල් වලින් ගෙවන් කොට රැපියලේ අවප්රමාණය වෙන ඒවා (Rupee depreciation), බලපාන හේතු ඈනලයිස් කරලා පේපර් එක කරන්න ඕන, ණය ගෙවීමේ හැකියාවන් පෙන්වන්න ඕන…මොකො ඩොලර් වලින් අරන් රැපියලේ කැලි වලින් ගෙවන්නද?.සල්ලිවලට මොකද කරන්නේ, ක්රෙඩිට් ඇරෙන්ජ්මන්ට් ෆී එක 5% ද 10%ද කියලා බලලා ඒ අනුව පේපර් එක කරන්න වෙනවා.. ඒවාත් උපරිමයෙන් කරපු නිසාත් ඕනේවට වැඩිය ලකුණු දාගන්න ට්රයි කරේ නැති නිසාත් නිදහසේ වැඩ කරගෙන ඉන්න පුලුවන් කම ලැබුනා....ණය ගන්න නම් ප්රොෆෙශනලි ඩොකියුමෙන්ටඩ්, ෆෑත්ස් ඈන්ඩ් ෆිගර්ස් ටු ද ඩොට් තීයෙන සිරා ඈනලිසිස් එකක් දෙන්න ඕන.... හැබැයි ඉතින් ඒකත් අර නළපාන ජාතකේ වගේ තමයි ඇවිල්ලා තියෙන් අඩි ගිහිල්ලා නැත්නම් මිනිස්සුන්ට පොඩ්ඩක් කිචිකිචි වගේ දැනගන්න මොකද වුනේ කියලා..ඉතින් ඒකටත් හැකියාව, දක්ශතාව සහ හොද වෙලාව තියෙන්නෙ ඕන....ඒ දේවල් මම කරද්දී නම් හොදට සොයලා බලලා තමයි ලිව්වේ..කොතනකවත් හැබැයි මගේ නම දැම්මේ නම් නැ..ලකුණූ දාගන්න අයට දාගන්න දුන්නා....දේශපාළණික වශයෙන් නම් ඔය යුඈන්පී, පොදු පෙරමුණ නෙවෙයි ජේවීපී එක ගත්තත් රටට හානියක් කරපු, කරන සහ ඉදිරියටත් කෙරෙන පක්ශ, සල්ලි තියනව නම් ඔය හැමෝම සාක්කුවේ, අපිට තියෙන්නේ..ලෙසර් ඔෆ් ටූ ඉවිල් (lesser of two evils) ප්රින්සිපල් එකට අනුව..යක්කු දෙන්නගෙන් ටිකක් හොද යකා තෝර ගන්න විතරයි..මේ මගේ ෆයිනල් ටූ සෙන්ට්ස් ඔපීනියන් එක..

ඈත්තටම කිව්වොත් මේක බැන්කු ජීවිතය කිව්වට මේක තමයි මගේ ආයත්නික / වෘත්තීමය ජීවිතය..වෘත්තීයකට අදාළව තිබියයුතු කොලිෆිකේශන්ස්, නොලෙජ්, ස්කිල්ස් ඇන්ඩ් අදර් කම්පිටන්සීස් කියන ඒවා සේරම මටනම් යනකොටම තිබුනේ නෑ..ඒවා කොහොමද හදාගත්තේ,  තිබිච්ච ට්රාන්ස්ෆරබල් ස්කිල්ස් කොහොමද ගලපා ගත්තේ කියලා කතාව කියවනකොට ඔයාලට තේරෙන්න ඇති.....වීසා හරිගිහිල්ලා මම ආපහු ඕස්ට්රේලියාවට එනවා 2014දී (වීසා හරිගියත් එන්න නෙමේ හිටියේ.ලන්කාවේ ගෙවල්  හදලා සේරම කරලා ඉන්න කොට තේරුණා වෙනසක් වෙනවා කියලා..ඉතින් ඔය වෙනස් අස්සේ මොන මරාළ පාත් වෙයිද දන්නැනේ...ඉතින් දෙසැම්බර් වල එනවා..ජනවාරි 8 මම කියපු දේ හරියනවා..), බැන්කුවලට ගිහින් ආපහු වැඩ කරනන මට හිතෙන්නේ නෑ. මම නීතිය පැත්තට යනවා. ලීගල් ස්ටුඩීස් ඩිප්ලෝමා එකක් කරලා මම පර්සනල් ඉන්ජරි ලෝ පැත්තට යනවා…ඉදිරියේදී නීති උපාදියක් කරලා ඔප්පුවක් ලියාගෙන (කන්වේයන්සින් පාරක් දාගෙන) ඉන්න අතරේ මගේ ජීවිතේ හමුවූ අපූරැ පුද්ගලයන් හා අවස්ථා ගැන කවදා හරි පොතක් ලියන්න අදහසකුත් හිතේ කොනක තියෙනවා..ඔය අතරේ හුටස් ගාලා ගියොත් කියලා සමහර ඒවා බ්ලොග් එකක ලියන්න හිතුවා..මේක දිරවන්නේ නැති අයත් ඇති ඒකට ඉතින් මට කරන්න දෙයක් නැ..අකමැති නම් නොබලා ඉන්න.......ඒ වගේම මෙච්චර දවසක් ලියපු ලන්කාවෙන් පටන් අරන් ඕස්ට්රේලියවෙන් නෑවතුනු මගේ දශකයක බැන්කු ජීවිතය වරෙක කටුකයි වරෙක ප්රීතිමත් ඒ නමුත් මුලු කාලයම ජීවිතයට අත්දැකීම් එකතු කරපු අපුරු ගමනක්..ඒකත් මල් හතයි ඈ….

                                                      කියවූ ඔබ සෑමට තුති... “The End”

ප.ලි. - 2010 වගේ ඉදන් බ්ලොග් කියව්වට ලිව්වේ නැත්තේ මම මිනිස්සු දිහා බලාගෙන ඉන්න පුරුදුවෙලා හිටපු නිසා,ඔබා මාමා, විචාරක තුමා, ඉලන්දාරියා වගේ හොද අය ඈවිත් යනවා දැක්කා එතකොට ජීවිතේ තියෙන අනියත බව හොදටම තේරුණා.ඒ වගේම හුගක් හොද අයත් අනුන්ට උදව් කරන්න..කරදරේකදී එකතුවෙන බවත් දැක්කා..පට්ට රැඩිකල් නොවෙන නිසාත් ආවේනික කුලැටි බව නිසාත් කොමෙන්ට් දාගෙන රන්ඩුකරගෙන වෙබ් අවකාශයේ ඉන්න හිතුනේ නෑ...චෙයාමන් ලොක්කා වගේ හෙවනැලි අතරේ ඉන්න හිටියට සමහර වෙලාවට ඉතින් එලියට ඔළුව දාන්න හිතෙනවා..ෆේස් බුක් එකෙත් දායක සභාවක් හදාගෙන මමත්වය උඩදාගන්න මගේ අදහසක් නෑ..හැබැයි අවශ්යය වෙලාවලදී පොදු යහපත උදෙසා කැපවෙන්නත් බැරිකමක් නැ..ආපුවාට වඩා පොඩ්ඩක් හරි මේ ලෝකය හොද කරලා, සෙවනැළි අතරට වෙලා ඉදලා යන්න තිබුනොත් මම වැඩක් කරා කියලා සතුටුවෙන්න පුලුවන්..ඒ අතර තුරේ මට හමුවු සුන්දර මිනිස්සු සහ පොදුවේ මම ගැන මට හිතෙන හැටියට ලියන්න ගත්ත උත්සාහයක පළමු පියවර තමයි මේ..

                           © පසන්, අප්රේල් 29, 2019.

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි…


Sunday, April 28, 2019

බෑන්කු ජීවිතේ - # 007 - සිකුරාගේ කැත වැඩක් - II..



කොහොම හරි පහුවෙනිදා බ්රාන්ච් එකට යනකොට සේරම දන්නවා සයිකො කට් වෙලා කියලා 'යකෝ මම  ප%$*යක් ඇරියත් මේ සේරම දන්නවනේ" සයිකෝට මළ පැනලා....



මමත් ඉතින් වෙනදා වගේම ක්ලියරින් කරන්න පටන් ගත්තා..බීලා, සයිකොගේ ජරාව ඇදලා බිම හෝදලා නිදාගන්න කොට රැ දෙකත් පහුවෙලා..උදේ නැගිටින කොට ඔලුව පැලෙන්න රිදෙනවා..රෝසපාට ඔසරියක් ඇදගෙන පොඩි කෙල්ලත් එනවා..මගේ ඇස් දිහා බලාගෙන විනාඩියක් විතර ඉදලා "ගුඩ් මෝනින් අයියේ" කිව්වා..මමත් “මෝනින් මෝනින්..අද ටිකක් ඔලුව රිදෙනවා නන්ගි..තේරෙන්නේ නැති දේවල් අද අහන්න එපා හෙට අහන්න කියලා කිව්වා”..මෙන්න මේකි මගේ මුණ ලගටම ආවා.."ඇයි අය්යේ බොන්නේ..ගද විතරක් කිව්වා"  මම කිව්වා "ඔයා ලගට එන්න එපා අද මම වැඩ සේරම කරන්නම් බලන් ඉන්න" කියලා...මේකි ලගටම ආවා.."නෑ අය්යේ ඒකට කමක් නැ….. ඇයි අය්යේ එහෙම කරන්නේ, පව් නේද සයිකො අය්යා" කියලා…මේකි අමුතු ලයින් එකක්…

මට මළ පෑන්නා.. ඇයි යකෝ මම සූප්පුවක් ගහලා සයිකොට පෙව්වද. ඇයි යකෝ මූ මීට ඉස්සර කී වතාවක් බීලා හෝටල් දෑම්මද?..මූ මේ පුරුදු වෙන්න බොන එකෙක්ද?..ඒත් මම කටවහගෙන වෑඩ කරන්න ගත්තා..”නිකන් නාස්ති වෙනවා..ඔයා ඇත්ලැටික් කරලා තියෙනවද?” මේකිත් ඔළුව රිදෙන වෙලාවට තව ප්රශ්ණ අහනවා.."නැ න0ගි ස්විමින් විතරයි කරේ”…..”ආහ් ඒකනේ හැන්ඩ්සම් කොල්ලෙක් නිසා කෙල්ලෙක් නැද්ද? තැන තැන බේබද්දා වගේ බී බී අනිත් අයත් නාස්ති කරන්නේ”….එහෙම කිව්වම නම් මට ආවේ තරහක්ද සතුටක්ද කියල මතක නැ..ඒත් ඉතින් ඔය ඇන්ටි පාරවල් හැන්ඩ්සම් බෝයි කියනවට වඩා කෙල්ලෙක් කිව්වම පොඩි ගතියක් තියෙනවනේ..…

“යකඩෝ ඈවිත් දවස් දෙක තුනයි මේක "රෝ" ඔත්තු සේවය වගෙනේ..අර හැන්ඩ්සම් පාර්ට් එක මොකක්ද නන්ගී”… කියලා මම හිනාවෙලා ඈහුවා, මම හිතුවා මේකි ලැජ්ජාවේ බිම බලාගෙන අර ෆිල්ම් වල වගේ සීන් එකක් දායි කියලා..නෑ..මේකි  හිනාවක් වත් නැතුව ඇස්දිහා බලාගෙන කියනවා "ඔයාගේ ශොල්ඩර්ස් සිවිමිනි හින්දා නේද? එතකොට කොල්ලෙක්ට ගති"…මේ මොකාටද මේකි එන්නේ කියලා මම බැලුවා..සයිකො කවුන්ටර් එකේ ඔලුව ගහගෙන ඉන්නවා..කස්ටොත් නැති දවස..පියන් කෙනෙක් සයිකොට තැඹිලි ග්ලාස් එකක් ගෙනි යනවා…”ඔයත් හරි චාම්, ඔසරිය ලස්සනට අදිනවා..හරි ලස්සනයි” කියලා මමත් ඉතින් පොඩි පැණියක් දාන්න ගත්තා…

එහෙම කිව්වට.…මේ මොකක්ද මේක නිකන් "ඒක් පූල් දෝ මාලී" වෙන්නයි යන්නේ..."එක මලයි බඹරු දෙන්නයි” කියලා මට හිතුනා… මට නම් හැම වෙලාවෙම හිතුවෙ අපි මුලින්ම ලව් කරන්නේ කැමති වෙන්නේ පෙනුමට පස්සේ තමයි අපි ගතිගුණට ආදරේ කරන්නේ..මට හිතෙන විදියට නම් ඔතන රාගයෙන් තොර හද එළිය සේ අචින්ත්යය ප්රේමයක් නෑ, සමහර වෙලාවට පෙනුමට වඩා ගොඩක් වෙනස් අය කාළයත් එක්ක හම්බ වෙනවා..මේ කෙල්ල කරාටි කරපු නිසා ලස්සන් ෆිගර් එකක් තිබුනේ.. සැටඩේ බැන්කින් එකක්දී මේකී ඇදන් ආවා ඩෙනිම් එකක්..ශා..මාර ෆිගර් එක...කොහොමින් හරි මාස දෙක තුනක් යද්දී මට තේරෙනවා අපි අතර කෙමිස්ට්රි එකක් තියෙනවා කියලා..ඒක ආදරයක්ද මොක්කද කියලා තේරෙන්නේ නෑ..එතන තිබුනේ ලොකු ආකර්ශනයක් විතරමද කියලා මම තාමත් කල්පණා කරනවා..

එක දවසක් රෑ වෙනකල් ක්ලියරින් ඩිපාර්ට්මන්ට් එකේ වෑඩ තිබුනා..මම කෙල්ලව එයාගේ බෝඩිමට බස්සන්න ගිය වෙලාවක අපි දෙන්නටම හැගීම් පාලණය කරගන්න බැරි වුනා...එදායින් පටන් ගන්න සම්බන්දේ හැමෝටම හොරෙන් ගලාගියා...මාස අටක් -දහයක් අපි දෙන්නා හොරෙන් හැන්ගිමුත්තන් කලා..මාස දෙකක් විතර ක්ලියරින් වලින් පස්සේ සයිකෝ එක්ක කෑශ් කවුන්ටර්ස් වල තමයි එයා වැඩ කලේ. දවල් වෙලාවේ සයිකෝ කෙල්ලට පට්ට සපොර්ට්..රෑට පාඩම් කරන කොට කියවන්නෙත් ඒකි ගැන..උගේ හිතේ ඒකි ගැන ආදරයක් තිබුනා...අවන්ක, නිකැලැල්, අව්යජ ආදරයක්…හිතට හොරෙන් කරන් වැඩේ ගැන මගේ හිත මටම දොස් කියන්න ගත්තා.. කෙල්ලගේ බොඩිමේ අය්යා නැති දවසට රෑටත් පාඩම්කරන එවුන්ට බොරැ කියලා මම මිසින් වෙනවා.. අපි දෙන්නම ආදරේ කියලත් නෑ...අහලත් නෑ...ඒනිසා මම සයිකොට කිව්වා "උඹ ඉක්මනට කෙල්ල ගෙන් කැමතිද අහපන්" බොහොම පෙරැත්ත කරලා, උනන්දු කරවලා ඌට කියලා ඇස්සෙව්වා...කෙල්ල බෑ කිව්වා…

ඒකි අමුතුම චරිතයක්..තමන්ට ඕන මොකක්ද කියලා දන්න චරිතයක්..අවශ්ය දේ වෙනුවෙන් කාළයක් බලා ඉන්නත්...නොලැබුන දේ අතාරින්නත් පුලුවන් ශක්තිමත් චරිතයක්..ඒකි බ්ලැක් බෙල්ට් එකක්ම තමයි..හුගක් වෙලාවට සිකුරාදා වැඩ ඉවර වෙලා, වැන් එකක කට්ටිය අකුරැස්ස හරහා ගාලු යනවා. කෙල්ල කියනවා ගාලු අක්කා කෙනෙක්ගේ ගෙදරට යනවා කියලා මාත් එක්ක එනවා..දවසේම මහන්සි වෙලා දාඩිය මුහු වෙච්ච එයාගේ ඕඩිකොලොන් සුවදට මම ආසකරා... පැයකින් විතර පස්සේ ආපහු එයාව ඩ්රොප් කරා කොලඹ යන බස් එකකට...ගෙදර ගියාද? පරිස්සමට ගියාද? කියල යාලුවොන්ගෙන් අහන මම කවදාවත් එයාගෙන් එහෙම අහලා නෑ

එයාගේ දකුණු කලවයේ උඩ තිබුන උපන් ළපය මට තාමත් මතකයි..එයා හැමදාම ආසකරේ මගේ උරහිස උඩ ඔලුව තියාගෙන උකුලේ වාඩිවෙලා පපුවෙ රෝම පිරිමදින්න..මේක දිගටම ගියොත් කෙල්ලට හොද නෑ කියලා මට තේරුණා..මම එයාගෙන් ඇහුවා ඔයා මට කැමතිද? කියලා.. ඇග විනිවිද යන් ඒ බෑල්මෙන් විනාඩි 3-4 ක් එයා මගේ දිහා බලන් හිටියා.."අය්යේ අපි දෙන්නා ගස් දෙකක්" එහෙම කියලා එයා ඈත බැලුවා.."ගස් දෙකකට එකට ඉන්න බෑ අයියේ..මට ඕන මට ඕන විදිහට වෙලාගන්න වැලක්”..."එහෙනන් අපි මේක නවත්තමු” කියලා මම කිව්ව්ම..” ඇයි බයද?” කියලා ඈහුවේ අර දිලිසෙන ඇස් දෙකෙන් මගේ ඇස් දිහා බලලා...ඒ ඇස් වල බයක් තිබුනේ නෑ…"අයියේ ඔයා ගොඩාක් දුර යනවා..ඒත් කොච්චියේ පීලී දෙක වගේ අපි කවදාවත් එකතුවෙන්නේ නෑ….කියලා එයා කිව්වේ කිසිම හෑගීමකින් තොරව..."අපි ඉස්සරත් ඕන තරම් හම්බ වෙලා ඇති" කියපු එයා තාමත් මට සුන්දර මතකයක්...  

තාත්තගේ කන්ටැක්ට්ස් එක්ක එයා යනවා යුරෝපේ කොහේදෝ රටකට, බ්රාන්ච් එකේ හිටියේ හරියටම අවුරැදු එකහමාරක් විතර...ඒ තිබුන සම්බන්දකන් ලෝකයට රහසේම වැහිලා යනවා..ඔය කාලේ මගේ කටේම තියෙන්නේ සුනිල් එදිරිසින්හ ගේ "කදුලු දෙන්න මට හඩන්න සත් සමුදුරැ ගොඩගලන්න...සුසුම් දෙන්න මට හෙලන්න සක්වලගල සසල වන්න" සින්දුව..අහම්බෙන් ජීවිත්යට ඇවිත් අමුත්තක් හිතේ ගුළි කරලා එයා ගියා...මම සේරම අමතක කරලා මාර්කටින් පාඩම් කරන්න ගන්නවා. ප්රෙලිමිනරි සර්ට්ෆිකේට් එක කම්ප්ලීට් කරලා සර්ට්ෆිකේට්  එකට…

To be continued

              © පසන්..

පින්තූර අන්තර්ජාලයෙනි..

Saturday, April 27, 2019

බෑන්කු ජීවිතේ - # 006 - සිකුරාගේ කැත වැඩක් - I..


අලුතෙන් ගිහින් කරදරයට පත්වෙච්චි එක කිව්වා වගේම ජීවිතේ අමතක කරන්න බැරි අහම්බෙන් ඇවිත් ජීවිතේට කඩ්තොලුවක් ඉතිරි කරපු බැන්කු ජීවිතේ තැනක් ගැන ලියන්න හිතුනා..මේකත් පරණ ලියපු තැනකින් ගතපු නිසා බැන්කු ජීවිතේ මුල් හරියට ගලපන්න ඕන..ඒ කියන්නේ මගේ බැන්කු ජීවිතේ මුල් අවධියේ සිදුවීමක්…සිකුරා කරපු මහ කැත වැඩක්...

ඔය කාළේ වතුරැගම ඉදලා කෙල්ලෙක් එනවා අපේ බ්රන්ච් එකට,  කරාටේ බ්ලැක් බෙල්ට් තියෙන කෙල්ලෙක්..සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු..අපි ටිකක් ඩිම් වෙලා හිටියේ…

උස මහත එච්චර නැතිවුනාට බොහොම කැරිස්මා (Charisma) එකක් තියෙන කෙල්ලෙක්, මුලින්ම ආවේ අම්මා තාත්තා එක්ක..තාත්තත් දැක්කම පේනවා කරාටේ බුවෙක් වගෙයි කියලා...අම්මා නම් ඔසරිය ඈදලා පොඩිහවඩියක් එක්ක, දුවත් එහෙමමයි..මේඩ් අප් ඔසරිවගේ නෙමෙයි ළාකොල පාට ඔසරිය රිදී හවඩියක් එක්ක හරි ලස්සණට නීට් එකට ඇදලා පෝනිටේල් එකක් දාලා හිටපු කෙල්ල දෑක්කම "ගුටිකාලා මලත් සැපයි බන්" කියලා මගේ ලග හිටපු සයිකෝ කිව්වා..සිස්ටම් එක උගන්නලා චෙක් ක්ලියර් කරන් හැටි කියලා දෙන්න මට තමයි කිව්වේ..එදා පට්ට බීසී දවසක් සැලරි ඩේ එකක් නිසා චෙක් පර්චෙස් කරන්න, කස්ටමර් කෙනෙක්ගේ ෆැසිලිටි එකකට පෝස්ට් ඩේටඩ් චෙක් සිස්ටම් දාන්න වෙලා, මම පැට්රොල් ගහපු බල්ලා වගේ බීසී..මේ අස්සේ කොහෙද තව ට්රේන් කරන්නේ..මම බොස් ට කිව්වා "බොස් මට අද කට්ටිය නලවන්න බෑ, හෙට කියලා දෙන්නම් කියලා”..ඒකිව දැම්මා කවුන්ටර්ස් වලට බලන් ඉන්න..එතන එවුන් එක්ක සෙට් වෙලා ඒකිත් උන් පස්සේමයි..සයිකෝ  බොරැ කතාකියලා ඒකිත් හිනා වෙනවා..අලුත් හින්දා වටපිට බලලා හැම එකටම සිරික්කිය දාන්නේ නැතුව ශේප් එකේ ඉන්න ව්දියෙන් තේරුනා කෙල්ල අනිත් උන්ට වඩා වෙනස් කියලා …

ක්වාටර්ස් එකෙත් කතාව ඒකී ගැන, "කොල්ලෙක් නැද්ද කියලා ඇහුවද?" අපි සයිකො ගෙන් ඇහුවා.."මළා ඕනෙම එක ඇහුවේ නැනේ, ඇහුවේ අයියා කෙනෙක් ඉන්නවද කියලා විතරයි", “අපෝ බූරෑවා..මොකටද බන් අය්යලා අහන්නේ" අපිට මළ මූටනම් සයිකො “ඉතින් යකෝ කරාටි දන්න අය්යල දෙන්නෙක් එහෙම හිටියොත් සමුපකාර ක්රමයට තමයි ගුටි කන්න වෙන්නේ.. දැක්කනේ තාත්තා, දෙයි නැව් ගුටි" සයිකෝ උගේ ඇනලිසිස් එක දෙනවා...    

දෙවෙනි දවසේ මමත් ඉතින් බලාගෙනහිටියා අලුත් නන්ගිට උගන්වන්න.. මේකිත් ලස්සනට ලානිල් පාට ඔසරිය ඇදලා ඇවිත් මගේ ගාවින් වාඩිවුනා.."ඔයා මාව නලවන්න එපා.. බැන්ක් එකේ වෑඩ විතරක් කියලා දෙන්න" කිව්වා..මම හොල්මන් වුනා…යකෝ මේකිත් කටර් එකක් නේ.."නැ නන්ගි බීසී වෙලාවට හරියට උගන්වන්න බෑ..ඔයා එක්ක පර්සනල් තරහකට නෙමෙයි කිව්වේ" කියලා මම කිව්වට මේකි හිනාවුනේ වත් නෑ..

මම සිස්ටම් එක කියලා දුන්නා..ඕන නම් කොලයක් අරන් ලියාගන්න කිව්වට මේකි බලාගෙන හිටියා විතරයි..මට මොකෝ..බුල් ගහගෙන වරෙන්කො එතකොට දෙන්නම් කියලා මාත් හිටියා..බේසික් සිස්ටම් එක කියලා දුන්නා ඉන්වර්ඩ් එක,ඒ කියන්නේ අපේ බෑන්කුවට වෙන බෑන්කුවලින් එන අපේ චෙක්, අවුට්වර්ඩ් එක අපි කලෙක්ට් කරන වෙන බෑන්කුවල චෙක් සිස්ටම් දාන හැටි කූරියර්ට දෙන හැටි කියලා දෙන කොට මගේ දිහා හරිම තියුණු බෑල්මකින් බලාගෙන හිටියා..එයාටත් සිස්ටම් දාන්න පුලුවන්ද ඈහුවම මම ඉඩ දුන්නා.. බැන්කුවේ ඔරකල් ප්ලැට්ෆෝම් එක, ඉන්ටෙර්ෆෙස් එක වී බී , සිස්ටම් එක හදලා තිබුනේ ඉන්දියාවේ ඉන්ෆොසිස්ලා.. මේකි කල්පනා කරලා හොදට ඔප්ශන්ස් වරද්ද ගන්නේ නැතුව  හොදට කලා.. මමත් ඕඩී (අයිරා) වෙන චෙක් බොසාට දාලා ඈපෘව් කරන හැටි, අපේ වෙන බ්රාන්ච් එකකින් කතා කරලා අපේ බ්රාන්ච් අක්වුන්ට් එකක් ඕඩී කරොත් හරි, අපි අපේ වෙන බ්රාන්ච් එකක අකවුන්ට් එකක් අපි ඕඩි කරව ගත්තොත් හරි කොහොමද මැනුවල් ඈපෘවල්ස් ගන්නේ, ඒවා කොහේද ෆයිල් කරන්නේ, බැරිවෙලාවත් ඔය ෆොරීන් චෙක් එහෙම ආවම මොකද කරන්නේ, මේ සේරම අතැරියා පුලුවන් නම් අල්ල ගන්න කියලා..

ලන්ච් වලින් පස්සේ කෙල්ල කොලයක් අරගෙන ප්රොසෙස් එක ඩීටේල් ලියනවා මම බලාගෙන. හවස ඉවරවුනාම ඒක මට පෙන්නලා හරිද ඈහුවා..මමත් බලලා හරි කිව්වා..තව වෙන වෑඩ තියෙනව නම් කරන්නම් කිව්වම මම ලකුණු දාගන්නත් එක්ක "නැ ඔයා ගිහින් අද කරපු සිස්ටම් එක මතක් කර ගන්න” කිව්වම මේකි කෑශ් කවුන්ටර්ස් වලට ගිහින් සයිකො එක්ක චැට..අඩෝව් සයිකෝ උබට මම හු#$*$%*%$ කියලා මම හිත යට්රින් බනින්න ගත්තා…

වැඩ ඉවර වුනාම මේකි සයිකොට අනිත් අයට බායි කියලා යන්න ලේස්තිවුනා..මමත් බලන් හිටියා මගේ ලගට ඈවිත් බායි කියනකන්..කෝ නෑ මේකි මට නොකියම මාරැ වෙලා…

“හරි අපි බලාගමුකෝ...මමත් මාතර කොල්ලෙක් ඈ”...ක්වාටර්ස් යනකල් මම කල්පනා කරා.."ඒකිට කොල්ලෙක් නැ" ඈවිදින ගමන් සයිකො කිව්වා..."ඉතින් මට මොකෝ”….මම බැන බැන ගියා..අපරාදේ කරාටි කිව්ව නිසා සීනියර් එවුන් බැස්සෙ නෑ..වෙනදට අළුතෙන්ම එන කෙනාව දාන්නේ කෑශ් කවුන්ටර්ස් කවුන්ටර්ස් ගියාම එළියට එන්නේ කපල් වෙලා...ශික් බොසා මේක ක්ලියරින්ග් දාපු එක…දෙයියො අතට ගෙනත් දීපු දේ..පඩි ටෝක් හින්දා කෙළ වුනා..සය්කො නිකන් ලබ්බට කෝටු ගහලා වගේ..තඩි බඩයි කෝටු අතුයි..ඒ වගේද මම ස්විම්න් කරලා හැන්ඩියා වගේ ඉන්නේ..මේකිට ඇස් පේන්නේ නැද්ද මන්දා...මම හිත හිත ඈවිදිනවා..ඒත් මට මෙහෙමත් හිතුනා, එක්කො මට මොකෝ ඒකි මගේ කව්ද? ඒකිට සයිකො හොදනම් මට මොකෝ “අන් සැපතට ඊරිසියා කරන්න එපා" මම මටම් කියා ගත්තා..

වෙන කෙල්ලෝ ඔය අරැමෝසම් සෙන්ට් ගහගෙන ආවට මේකි ගාව තිබුනේ "ඕඩිකොලොන්" සුවද..මුලදි ඔරොප්පු පාට් එක දැම්මට ඒකී ආපූ දවසේ ඉදන් මගේ ලගටම වෙලා තමයි සිස්ටම් එකට චෙක්ස් එන්ටර් කරේ...ඒකී දැම්මෙත් ඉන්දියන් ගොත්පු ෆ්ලෑට් සෙරෙප්පු දෙකක්..කමක් නෑ..ඊලගට එන එකටවත් කොක්කක් ගහනවා කියලා මම හිතා ගත්තා..

අලුත් කෑල්ලගේ හොදම යාලුවා බවට සයිකො පත්වීම හේතුකොට ගෙන ලොකු එවුන් ඉතිරි කරපු මාස දෙක තුනක් පරණ කොට ටිකකුයි ඔල්ඩ් රිසර්ව් පහකුයි, ඩ්රයි  ජින්  දෙකක්, ලෙමන් ජින් එකකුත් අරෙගෙන පොඩි සාජ්ජයක් (හොද පොඩි..මස් තසිම් දෙක තුනක්...සොසේජස් පොඩි බේසමක්, බයිට් කිලෝ එකේ පැකට් දෙකක් තිබුනා වගේ මතකයි..) පටන් ගත්තා..මිල්ටන්ගේ "අවසර නැත මට", "ඉවුරු තලා" , "මටමෙන් ඔහුටද" , "මා නෙත් කැදැල්ලේ" කියනකොට වෙනදට වඩා සින්දුව සමීපයි කියලා හිතුනා...ක්ලැරන්ස් ගේ "මලට බඹරෙකු සේ" , "හද විලේ ඔබ පිපුණා", "සිහින ලොවක් දුටුවා මතකයි" කියන් කොට ඔල්ඩ් රිසව් එක්ක ආදරේ කලවම් වෙලා උතුරනවා.. මෙහෙම ෆුල් කික් එකේ ගියපු පාටි එකේ ග්රේශන්ගේ "හිම රේණු වෑටෙනා සීතෑලේ නෙත ගාව රදවා ආදරේ සුදු සේල සුලගේ පා කලේ" කියන කොටම "ඕක්ක්ක්ක්ක්" කියලා සයිකෝ හොටෙල් දාන්නගත්තා…ආතල් කුඩේ කුඩු..එකෙක් දුවනවා වෑලි ගේන්න..බලපුවාම සයිකෝ උඩ තට්ටුවේ ඉදලා පහලට එනකන් දාලා..තව එකෙක් දෙහි හොයනවා..සින්නෙක් සයිකොට හෙළ භාශාවෙන් අමත්නවා..මදැයි එකෙක්ට කෙල්ලෙක් සෙට්වුනොත් තනියම බොන එවුන්ටත් වාතේ…
කොහොම හරි පහුවෙනිදා බ්රාන්ච් එකට යනකොට සේරම දන්නවා සයිකො කට් වෙලා කියලා 'යකෝ මම  ප%$*යක් ඇරියත් මේ සේරම දන්නවනේ" සයිකෝට මළ පෑනලා....

                                                                                                                                                                                                                                                                        To be continued
                                                                                                                                                                                                                                                                        © පසන්..
                                                                                                    පින්තූර අන්තර්ජාලයෙනි..

Friday, April 26, 2019

බැන්කු ජීවිතේ - # 005


පොඩි එවුන් ව්දියට අපිට මුලින්ම සෙට් වෙන්නේ ගිණුම් අරින්න, චෙක් නිශ්කාශනය , ටෙලර් වැඩ වගේ දේවල්. මම ආසම ටෙලර් එකට මොකද හවස 3ට බොක්ස් එක බැලන්ස් කරන්න විතරයි තියෙන්නේ. හෙටට හිතන්න දෙයක් නෑ. දවසේ වැඩ ඉවරයි. අනෙක් හැම එකකම හෙටටත් හිතන්න දෙයක් තියෙන්වා. හැබැයි කැෂ් බොක්ස් එක අවුට් නම් හුටා. සල්ලි වැඩිද? අඩුද? කියලා බලලා වවුචර්ස් ආපහු බැලන්ස් කරන්න වෙනවා. සල්ලි වැඩිපුර දීලා නම් චාටර් කස්ටා හොයාගෙන ගිහිල්ලා ඉල්ලන් එන්න වෙනවා.

මේකත් බ්රාන්ච් එකේ වෙච්ච ටෙලර් කෙනෙක්ගේ රස කතාවක්, සාමාන්යයෙන් ජ0ගම ගිණුමක සල්ලි නැතුව චෙක් එකක් කස්ටමර් කෙනෙක් ගෙනාවොත් කළමණාකරුගේ අනුමැතිය ඇතිව ගෙවනවා. දවසක් කස්ටමර් කෙනෙක් චෙක් එකක් උස්සන් එනවා, අකවුන්ට් එකේ සල්ලි නෑ, කවුන්ටර් එකේ ඉන්න ටෙලර් කියනවා "මේක මැනේජර් මහත්තයාට පෙන්නලා අත්සනක් දාගෙන එන්න කියලා" මැනේජර්ට දුන්නම "ආර් ඩී" කියලා ලියලා දෙනවා.  ටෙලර් ගෙවනවා, හවස මැනේජර් දුවගෙන එනවා "මොකද ඔයා අර xxx ගේ චෙක් එක ගෙව්වේ" ටෙලර් කියනවා "ඉතින් මිස්ටර් දිසානායක ඔයා ගෙවන්න කියලා ඉනීෂියල් කරලා තිබුනේ" කියලා…”නෑ නෑ...මම එහෙම ලියලා දුන්නේ නැ...කෝ ගේනවකෝ චෙක් එක” ගෙන්නලා බෑලුවම හරි "ආර් ඩි" කියලා ලියලා තියෙන්නේ, බොසාට මල පැනලා ටෙලර්ට දෙහිකපනවා 'යකෝ ආර්. ඩී කියන්නේ “රිෆර් ටූ ඩ්රොවර්” (Refer to drawer) සින්හලෙන් “ආධායකයා විමසනු” ඒ කියන්නේ ගෙවන්න එපා, බොසා සද්දේ දානවා.. “ආ ඒකත් එහෙමද? මම හිතුවේ බොස් නමේ ඉනිශියල් කියලා ටෙලර් කියනවා, බොසාගේ නම රෝXX දිසානායක.
ඒ වගේම තමයි හෙළ බාෂාවෙන් කතා කරන් කස්ටමර්ස්ලා සෙට් වුනාම. ඉස්සර මගේ කස්ටමර් කෙනෙක් හිටියා කථා කරේ සින්හලෙන් "ආයුබෝවන් මහතානෙනි, මාගේ ගිණුමේ අයිරාව පවසන්න" කියනවා. 'මමත් අත අරින්නේ නෑ, හෙළයෙන් වනනවා, "ගරු විදාණපතිරණ මහතානෙනි, ඔබගේ ගිණුම රැපියල් එක් ලක්ශ දාහත්දහසක ධණ ශේශයක් පවතී. අගරු වූ චෙක්පත් නොමැත" කියලා.ඒ වෙලාවට ලස්සන කෙල්ලෙක් එහෙම බෑන්කුවට ඈවිත් මගේ ලග හිටියොත් හීමීට මාව මග හෑරලා යනවා. :-) මේවට වඩා රස කතා තියෙනවා එකින් එක පස්සේ දාන්නම්.

ඒ කාලේ මම ස්ලිම් එකේ මාර්කටින් එක්ක ඔස්ට්රේලියන් කම්පියුටර් සොසයිටි එකේ (ACS) එක්සෑම් කරන එක බොස් දන්නවා...මගේ බොස් කියනවා "මේ තමුසේ වගේ එකෙක් මේ වගේ කස්ටමර් සර්විස් රෝල් වල ටැග් ගැහෙන්න එපා අපරාදේ  , තමුසේ අයි ටී වගේ ඩිපාර්ට්මන්ට් එකකට යනවා කියලා”, මම ඇප්ලයි කරලා ජෙනරල් බෑන්කින් ඉදලා මම අයි ටී ඩිපාර්ට්මන්ට් (IT/EDP) එකට එනවා, එතන සම්පුර්ණයෙන්ම වෙනස් බෝල් ගේම් එකක්. ශිෆ්ට් එකට වැඩ, උදේ 6-2, දවල් 2-10 සහ රාත්රි 10-6 ශිෆ්ට් තිබුනේ. රැට බෑන්කුවේ ඩේටාබේස් එක ශට් කරලා බැකප් (Back-up) ගන්නවා, එතකන් ඒටීඑම්  (ATM) ටික වෙනම සර්වර් එකකට සම්බන්ද කරනවා, අර හොට් බැකප්, කෝල්ඩ් බැකප් කියන්නේ, ඩේටා බේස් එක වැඩකරන් අතරේ සහ නවත්තලා බැකප් ගන්න එක. රෑට ගන්නේ කෝල්ඩ් බැකප්. බැකප් එක ගන්නකම් එක්කෙනෙක් වැඩ කරනවා, ඊට පස්සේ පොර නිදා ගන්නවා, බැකප් එකෙන් පස්සේ අනිත් කෙනා වැඩ පටන්ගන්නවා. මුලු බ්රාන්ච් නෙට්වර්ක් එකම පහුවෙනිදාට වැඩකරන්න ලේස්ති කරන්න එක දෙවෙනියාගේ වගකීම, එන්ඩ් ඔෆ් ඩේ, බිගිනින් ඔෆ් ඩේ දාලා අකවුන්ට් එකක් වයසට යවන්නේ මේ ප්රොසෙස් වලින්. දවල් ශිෆ්ට් නම් ඉතින් බ්රාන්ච් වල එක එක අයි ටී ප්රොබ්ලම්ස් ට්රබල් ෂුට් කර කර, ඒටීඑම් වෑඩකරනවද, ලින්ක් ඩවුන්ද බලබල ඉන්න එක තමයි. මේක නෙට්වර්ක්, ඩේටා ප්රරොසෙසින් පෑත්ත සිස්ටම් ඩිවලොප්මන්ට් කියලා තව පැති තිබුනා.


මේකෙදි ඔය රෑට කොහේහරි බ්රාන්ච් එකක ඉලෙක්ට්රිකල් අවුලක් ගියොත් ෆෝන් එකෙන් ගොඩදාගන්න ඉලෙක්ට්රිශියන්ලත් නයිට් ශිෆ්ට් ඉන්නවා..උන් එක්ක ඉතින් රෑ තිස්සේ ෆිල්ම් බලන එකත් එතන චාරිත්රයක් වගේ, කරාටි ෆිල්ම්ස්, සයන්ස් ෆික්ශන් එව්වා, ලව් ස්ටොරි, ඩොකියුමෙන්ට්රිස් අතරේ ඉදහිට වැඩිහිටියන්ට පමණයි එව්වත් ගියා..හැබැයි එව්වා නම් ඉතින් සද්දේ නැතුව බැලුවේ..කරාටි ෆිල්ම්ස් වලනම් බිශූම්...ඩග්..බිශෑව්..වගේ සද්දේ දාගෙන ඈහුවට අර XXX ෆිල්ම් වල සද්දේ නැතුව තමයි බැලුවේ...මේ ඩිපාර්ට්පන්ට් එකේ ඩේටා සෙකියුරිටි ඒවා හින්දා කී කාඩ් නැතුව ඇතුලට එන්න බැ..දොර ගාව සිකුයුරිටි එකෙනුත් හිට්යා පොතක් තියාගෙන..ඉතින් බය නැතුව ෆිල්ම් හෝල් එකේ වගේ අපි ෆිල්ම් බලනවා..

කොහොමින් හරි ශිෆ්ට් වැඩ කරන ඒකයි රැට ෆිල්ම් බලන එකයි මට දිරෙව්වෙ නෑ......ඉතින් ඔය කාලේ අයි.ටී ඔස්තාර්ලා වැහි වැහැලා ඉතින් ලොකු ටැන්කියක පොඩි මාළුවෙක් වෙනවට වඩා පොඩි ටැන්කියක ලොකු මාළුවෙක් වෙන්න හිතලා මම  ආපහු බ්රාන්ච් බැන්කින් එනවා. ඔය කාලේ අපේ බ්රාන්ච් එකේ හිට්යා ටින්කර් බාස්ලා ගොඩක්, ඒකියන්නේ වැඩ නාගෙන,( වාහනේ කන්ඩෙම් වෙන්න හප්පගෙන ), කස්ටමර් ලට වාත වෙලා බොසාගෙන් කුණු බැනුම් අහලා පැය භාගේකට පස්සේ බොසාගේ රැම් එකේ මැච් බලන එවුන් (මේ කියන්නේ කොච්චර වැඩ අවුල් කරගත්තත් බොසා එක්ක ටක් ගාලා ශේප් වෙන එවුන් ගෑන). මම හිතන්නේ ඒ වගේ අය ඕනම ඔෆිස් එකක ඉන්නවා. එකම අවුල ටින්කර් බාස්ලා ඉන්නකොට අපි කොට අදින අලි වෙනවා. මොකද උන් අල කරන් වැඩ අපි ගොඩ දාන්නත් ඕන හැබයි අරැන් කිසීම පාඩමක් ඉගෙන ගන්නේත් නෑ.

මේ කාලෙදි මගේ ජීවිතයෙත් ලොකු වෙනස් කම් දෙකක් වෙනවා. එකක් සුනාමිය නිසා සේරම නැතිවෙන එක සහ මම මැරි කරන එක. දැන් කශ්ටිය හිනා වෙන්න එපා සුනාමිය දෙපාරක් සෙට් වුනා කියලා හොදේ..සුනාමිය කොච්චර කරදර දුන්නත් ඒකෙනුත් විනෝද වුන අවස්තා තිබුනා..වේලාවක් තිබුනොත් ඒවත් ලියන්නම්..මගේ වයිෆ් ඩිග්රි එකෙන් පස්සේ කාලයක් රජයේ බැන්කුවක වෑඩ කරා, මේකේ විශේශත්වය තමයි මම බදින්නේ ප්රපොසල් එකකින්..එයා වැඩිපුර සමාජ සේවයට කැමති සමාජශීලී මොරටුවේ ඇන්ග්ලිකන් කෙල්ලෙක්....දෙකක් දෑම්මට පස්සේ සින්දු කිව්වට,මම එහෙමට කැපී පේන සමාජශීලී චරිතයක් නෙමෙයි..බොරු රගපෑම් නැති අනුන්ට ලකුණු දමාගන්න දීපු කෙනෙක්.. හැබැයි වයිෆ් නම් හරිම සෝශල් කැපී පෙනෙන කැරැක්ටර් එකක්..සුනාමි අහුවෙලා සේරටම කෙල වෙලා අන්දොස් වෙලා හිටපු වෙලාවක ගෙනාපු එකට කැමති වුනාට වෙලාවකට මම ඉක්මන් වුනා වැඩිද කියලත් හිතෙනවා...ඔය "ඔපෝසීට්ස් ඇට්රැක්ට්" කියන එකට නම් ඉතින් හොදම උදාහරණේ තමයි අපි..කොහොමත් ඉතින් "ගිව් ඇන්ඩ් ටේක්" තියරිය මට ගැලපෙන විදියට "ගිවි ඇන්ඩ් ගිව්" කියලා හදාගෙන නිශ්ශබ්දව වැඩ කිරිමෙන් සාමය ආරක්ශා කොරගෙන තමාගේ ආරක්ශාව තමන්ම සලසාගෙන මම යහතින් කුලැටි ලෙස පවුල් ජීවිතේ දැනට ගෙනියනවා...අර එෆ් බී එකේ දෑක්කා විවාහයක් තියෙන්නේ කසාද සහතිකේ මත නෙවෙයි..ඒක ඈත්තටම ඕන වෙන්නේ දික්කසාදයක් සදහා පමණයි කියලා.මට හිතෙන්නේ ඒක ඇත්ත….



මේ විදියට ගලාගෙන ගියපු ලාන්කීය බෑන්කු ජීවිතයට සමුදීලා මම විදෙස් ගත වෙනවා. එහේදීත් ඉතින් බැන්කුම තමයි

                                                     To Be Continued…………..

                                                   © පසන්, අප්රේල් 18, 2019.

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි…

Thursday, April 25, 2019

බැන්කු ජීවිතේ - # 004


සමහර දවසට රෑට පාඩම් කරන්කොට බඩගිනි වුනාම කන්න මැගී ක්ෂනික නූඩ්ල්ස් ගෙනත් තියෙනවා...පානුත් ගේනවා..ඉලෙක්ට්රික් කෙට්ල් එක ගහලා නූඩ්ල්ස් හදලා කනවා..අපේ බැන්කින් කරපු එකා කියනවා පත්තරේක තිබුනා කියලා රටඉදි කැවම නිදිමත වෙන්නේ නැ කියලා..ඉතින් ඕක අහලා අපිත් රටඉදි කිලෝ එකක් ගෙනල්ලා කනවා..වෙනසක් නැ වෙනද වෙලාවටම ප්ලේන් ලැන්ඩ් කරනවා වගේ ඔලුව පොතට වැටෙනවා..ACS කරපු නිසා බ්රාන්ච් එකේ හැම එකාම හිතුවේ මම පට්ට කොම්පුටර් වැඩ්ඩා කියලා ඉතින් හැම මගුලකට මට කතා කරන්වා..මමත් ඉතින් බොරැවෙන් IT ජීවිතේ ගෙනියන්න ගත්තා....ගොඩ්දාගන්න බැරි ඒවා අයි. ටී එකට කතා කරලා ෆෝන් එකෙන් ට්රබල් ශුට් කරනවා..අපේ ඉන්ටනෙට් තිබුනේ මැනේජර්ට විතරයි..මම බොසාගේ කොම්පියුටරේ හදපු වෙලාවක (IP Address) අයි පී එක ගත්තා (172.16.1.52) ඊට පස්සේ බොසා නැති වෙලාවට මගේ කම්පියුටර් එකේ අයි පී එක මාරුකරලා ඉන්ටනෙට් යන්වා..සින්හල සින්දු ඩවුන්ලෝඩ කරනවා..ප්රොක්සි බයිපාස් කරලා..ඒ දවස් වල හිටපු ක්රිකටස්ලගේ ෆොටො, මැච් ස්ටැට්ස් බලනවා..වොල් පේපර් එක තිබුනේ  වෙස්ට් ඉන්ඩීස් ටීම් එකයි ලන්කාවේ ටීම් එකෙයි පින්තූරයක්..ඒ දවස් වල අයි ටී පොලිසීස් නුත් එච්චර තද නෑ..අනික මාකටින් කැම්පේන් ඕරගන්යිස් කරලා….,රෙකොඩ් රැම් අස් කරලා..කස්ටො එක්ක ක්රිකට් මැච් ඔර්ගනයිස් කරලා, ගෙට්ටු දාලා හිටපු නිසා හිතහොද බොස් සහ හිතකැත සීනියර් එවුන් අපි ගැන ටිකක් භක්තියෙන් හිටියේ.  තනියම කට්ට කාගෙන අපේ පොඩි සෙට් එක වැඩ කරාට අන්තිමට අපිම ක්රෙඩිට් එක දුන්නා සීනියර් එවුන්ටත් "අපේ කළමනාකරැගේ දැක්ම, මගපෙන්වීම මත XX අයියා,YY අයියා, zz අයියා ප්රමුඛ QQ අක්කාගේ උපදෙස් මත හා පළාත් කලමනාකාර තුමාගේ ආශීර්වාදය මත ඉතා සාර්තකව මේ කටයුතු කීරීමට ලෑබීම අප මහත් අගය කොට සලකන අතර උත්සවයෙන් පසු සන්ග්රහ සදහා ඔබ සැමටත් අරාධනා කර සිටිමි”. කිව්වම සීනියර් සෙට් එකේ කට කනේ..ඔය වෙනකොට බාර් එකත් පොඩි අපි අල්ලලා..ඉස්සර ගල් අරක්කු දීපු බාර් එක අපිට දැන් දෙන්නේ "ඕල්ඩ් රිසර්ව්” බොසා එක්ක රීජනල් මැනේජර්ටත් පොඩි සන්ග්රහ වෙනම සෙට් කරනවා ෆ්රරයිඩ් චිකන්, බීෆ් ස්ටූ,  ඌරෑ තෙල් කෑලි, මික්ස් රයිස් එක්ක ග්රාන්ට්, බැලන්ටයින් වගේ බෝතලයක්...ඕවට ඉතින් ගොටු සීනියර්ල එහෙමත් සෙට් වෙනවා..අපි ශේප් එකේ මාරැ වෙනවා..සේරම ඕර්ගනයිස් කරේ උන් , වැඩ කරේ උන් කියලා උන්ටම ලකුණු දාගෙන බැට් කරන්න අපිම පිච් එක හදලා දෙනවා..එහෙම හිටපු සීනියර් එවුන් තාම ලන්කාවේ සමහර ඩොටේ බ්රාන්ච් වලට වෙලා කටු කනවා අපි රට රටවල ගිහිල්ලා පදින්චි වෙලා ඉන්නවා..මොකද වැඩ කාරයට බොරැ බෑ බොරු කාරයට වැඩ බෑ..අන්තිමට වැඩ බැරි එවුන් මාට්ටු වෙන නිසා..      

අලුතින් ගියපු කොල්ලො කෙල්ලො සේරම මුල් අවුරුදු දෙක තුන හොද කට්ටක් කනවා. ඕක දරාගන්න බැරි එවුන් කොහොමත් හැලෙනවා, ඕක කායික මානසික දෙපැත්තෙන්ම එන දෙයක්. ඔය වගේම තමයි නාකි සීනියර් මැනේජර් ලා බ්රාන්ච් විසිට් ආවම, ඉස්සර එකෙක් හිටියා පොරක් ඌට කියන්නේ "පිට සොමියා" කියලා ආවම කෙල්ලොන්ගේ හැට්ටෙට වෑහෙන්නේ නැති පිට අතගානවා. පොර එන දවසට කෙල්ලො සාරි පොටෙන් පිටවහගෙන ඉන්නේ. බැරිවෙලාවත් පිට ඇරිලා තිබුනොත් පොරට මල් හතයි. හැමවෙලාවෙම ඔතාගෙන ඉන්න බැරි කෙල්ලෝ අපිට කියනව "මේ සොමියා මේ පැත්තට එනවා නම් කියපන් ඈ", මට නම් "හා" කිව්වට අමතක වෙනවා. ඉතින් කෙල්ලොන්ගෙන් කුනු බැනුම්, "බලපන් සොමියා පිට අතගැවා නෙමේයි පිට කෑවා යකෝ, තොට නම් කියලා වැඩක් නෑ, වල් ඌරා". සොමියගේ තරහව යන්නේ අපේ පිටින්. ඔය වගේමයි හිටි හැටියේ නාකි සෙකට්රිලා අපි වගේ පොඩි කොල්ලොන්ගේ අතින් අල්ලගෙන කතා කරන්න. ලගින් යනකොට එහෙන්මෙහෙන් තට්ටු දාන්න එහෙමත් පටන්ගන්නවා.

ඉස්සර හිටියා 40ක් විතර වෙන අක්කා ඇන්ටි කෙනෙක් සාරිය අදින්නේ නේවල් එකෙනුත් (බුරීස් එකෙන්) අඩියක් විතර යටට අපි වගේ පොඩි එවුන් එක්ක කතා කරන්න හරි ආසයි..කතා කරන්නෙත් ටේබල් එකේ හේත්තු වෙලා එතකොට සාරිය තව පහල..ඉස්සර කොල්ලො කියන්නේ එයා ටොයිලට් යන්නේ සාරිය උස්සලා නෙමෙයි පහත් කරලා කියලා.. දැන් තේරෙනවනේ කොච්චර සාරිය පහලටද ඇදලා තියෙන්නේ කියලා...බ්රාන්ච් එක ගාවින් කාර් එකෙන් බැහැලා..බුදු සරණයි පැටියෝ කියලා හස්බන්ඩට උම්මා දීලා එන අක්කලා සමහර වෙලාවට ඉන්නේ අපේ පිට උඩ..දවසක් බ්රාන්ච් එකේ කීපදෙනෙක් කස්ටමර් කෙනෙක්ගේ මළ ගෙදරක ගියා හවස තුනෙන් පස්සේ මම ක්ලියරින් එකට වෙලා චෙක් දානවා කට්ටිය කවුරෑවත් හිටියේ නෑ. අර 40ක් විතර වෙන අක්කා ඇන්ටි ආවා ස්ටෑම්ප්ස් බෑලන්ස් කරන්න පුලුවන්ද අහගෙන බලෙන්ම වගේ. එයා විනාඩි 20කින් විතර ගියා එදා මම හෑමෝම යනකන් ඉදලා වටේ පිටේ පිහිදාලා, හිස් ෆයිල් එකක් කැඩුනු සිපර් එක ඉස්සරහින් තියාගෙන ගෙදර ගියා. කමක්නෑ එයාගේ අසහනේ හරි දුරු වෙන්න ඈතිනේ කියලා හිතහිත. ඔහොම අයත් ඉන්නවා බොර දියේ මාළු බාන.එදායින් පස්සේ කවුරුත් නෑති තෑන් වල මම ඉන්නේ නෑ මොකද මෝහිණී නෙමෙයි රෝහිණී බෑල්ම දාන නිසා..මේවට වඩා අතිශයින් වෑඩිහිටියන්ට පමණයි අවස්ථා තිබුනා, 18+ ෆෝරම් එකක් දෑම්මොත් දාන්න පුලුවන් විතරක් ඒවා..මේ වගේ ෆෝරම් වලට මේ ඈති.. ;-)

යාළු ෆිට් එකට එකට කාගෙන, කරට අතදාගෙන උන්නු එවුන් අතරේ හිටිගමන් ඈවිල්ලා ටච් දීලා යන මේ වගේ ඈන්ටිලාව අපිට වෙන්කරලා අදුරගන්න බෑරිවුනේ නෑ...අපිත් ඉතින් ක්වාටස් එකේදී පොඩි සෙට් එක වෙන වෙනම අපෙන් උන් ගන්න ඈති කියලා හිතන ආතල් ඈනලයිස් කරනවා අපේ සයිකෝ ඩයල් එකත් එක්ක..මෙහේ වගේ ඔය අතින් ඈල්ලුවත් අන් වෙල්කම් ඈඩ්වාන්සස් (Unwelcome advances)  / සෙක්ශුවල් හෑරෑස්මන්ට් (Sexual Harrasment) කියලා නඩු දාන එකේ අපිව අල්ලපු විදියට අපි නඩු දෑම්මනම් උසාවියේ පදින්චි වෙලා තමයි ඉන්න වෙන්නේ….

පොඩි එවුන් ව්දියට අපිට මුලින්ම සෙට් වෙන්නේ ගිණුම් අරින්න, චෙක් නිශ්කාශනය , ටෙලර් වෑඩ වගේ දේවල්.


                                                                        To be continued………..

                                                                                                    © පසන්, අප්රේල් 16, 2019.

                                                                                      පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

Wednesday, April 24, 2019

කෙසේ වැටුනත් නැවත නැගිටිමි...නියත වශයෙන්ම...


”දෙදහස් හතරේ දෙසෑම්බර් 26”...

දවස් පහම වෑඩ කරලා,ඒකෙත් දවස් දෙක තුනක් රෑ එක දෙක වෙනකල් බීලා ,අමාරෑවෙන් ශේප් වෙලා ඉතිරි දවස් වල පාඩම් කරලා, සිකුරාදට ඈදුම් ටිකත් බෑග් එකේ දාගෙන ක්වාටර්ස් එකෙන් එලියට බහින්නේ නිදි අකවුන්ට් එක ඔවර්ඩ්රෝ කරගෙන. ගෙදර ඈවිත් ශර්ට් වල කොලර් ටික අතින් හෝදලා වොශින් මෑශින් එකට දාලා සිකුරාදට නිදාගන්නේ සෙනසුරාදා උදේ 4 හමාරට එලාම් එක තියාගෙන..සෙනසුරාදා උදේ පහට මාතරින් ඒ/සී බස් එකකට නූපේ හන්දියෙන් ගොඩවෙන්නේ නිදි එකවුන්ට් එක ටිකක් හරි ක්රෙඩිට් පෑත්තට දාගෙන දෙයියනේ කියලා කටකපල නිදා ගන්න බලාගෙන තමයි...මට මුලින්ම තියෙන්නේ (ACS) ක්ලාස් එක බම්බලපිටියේ..හවසට SLIM මාර්කටින් ලක්ශ්මන්ස් බිල්ඩින් එකේ..බස් එකේ සෑපට නිදිදෙව්දුව බදාගෙන නිදාගෙන හිටපු මම අවදිවෙන්නේ මොබයිල් එකේ කරදරේට..”හෙලෝ”..”පුතේ ගෙදර එන්න එපා, අපිට කරදරයක් නෑ..කෑළණියේ නෑන්දලගේ ගෙදර යන්න, එන්න එපා"..කතා කරේ අම්මා මම ඈයි කියලා අහන්නත් කලින් ලයින් එක කට් වුනා..මේ මොකක් ගෑනද කියන්නේ..පොල්ලෙන් ගෑහුවා වගේ මම ඈහෑරුනා...වීදුරෑවෙන් එලිය බෑලුවම දෑක්කේ ලයන් පබ් එක..තාම ගල්කිස්ස...ආපහු ගෙදරට කෝල් එකක් ගන්න ට්රයි කරා..ලයින්ස් බිසී...බස් එකත් ටිකක් විතර කලබලයි..දෑන් දෙහිවල YMBA එක ගාව...මම එතනින් බෑස්සා...මිනිස්සු දුවනවා,අඩනවා, "මුහුද් ගොඩගලලා" ඒ අතරින් කවුදෝ කියනවා මට ඈහුනා..පිස්සු පොරක්...තාමත් ලයින්ස් බිසී..මම කෑළණියේ නෑන්දට කෝල් කරා...ඒත් නෙට්වර්ක් ඩවුන්...මෙතන මොන හරි අවුලක් තියෙනවා..මම පාර ක්රොස් කරලා මුලින්ම හම්බවුන මාතරට යන ලේලන්ඩ් තඩියක එල්ලුනා...මිනිස්සු පාර පුරාම...මොකක් හරි විනම්බෑසියක් වෙලා තමයි..මේ ෆෝන් පොලොවේ ගහන්න හිතෙන්වා..ඕන වෙලාවට කනෙක්ශන් නෑ..



වේගෙන් ගාලු පාර දිගේ ආපු බස් එක මොරටුවේ අලුත් පාරට දෑම්මා...එතකොට මම මුහුද දිහා බෑලුවා..වෙනදා උදේ වරුවට නිසන්සල මුහුද සෑරවෙලා, රළු වෙලා..ගල්වෑටිය උඩටම එනකල් රෑළ..බස් එක අලුත් පාරේ මෑදක් එනකොටම මුහුද අයිනේ තිබුන ගෙවල් කඩාගෙන මුහුද පාරට ආවා...කෑඩුන ගෙවල් වල, කඩවල, ලී මෝල ව්ල සුන්බුන් අස්සෙන් මිනිස්සුන්ගේ විළාප හඩ ඈහෙන කොට මම බස් එකෙන් පෑන්නා...බස් එකේ සේරම ආපහු මොරටුව පෑත්තට දුවන්න ගත්තා...මට අම්මා, තාත්තා, සීයා...මාතර ගෙදර මතක් වුනා...මොරටුවට මෙහෙම නම් මාතරට මොනව වෙලා ඈත්ද? පොත් ටික විසිකරපු මම පානදුර දිහාට දුවන්න ගත්තා..තාම මුහුදු වතුර ගාලු පාර පුරාවට..වතුර වෑඩි වුනොත් පීනනවා..ගෙදර අය මෑරිල නම් මමත් මෑරෙනවා..එක් කෙනෙක් හරි ඉතුරෑ වෙලානම් එයා වෙනුවෙන් ජීවත් වෙනවා..මොරටුවේ ඉදන් කළුතරට මම දුවනවා පෑයකින්..කදුලූ බේරි බේරී  වේගෙන් දුවන මාව මුස්ලිම් අන්කල් කෙනෙක් එයාගේ තෑපෑල් නයින්ටියේ දාගෙන ඈවිත් නාගස් හන්දියෙන් ඈරලවනවා...ගාලු පාරම පොලීසියෙන් වහලා.."ආපහු යන්න මල්ලි, තව රෑල්ලක් එයිද දන්නෑ, ඒක නිසා මාතර යන්න එපා" සාජන් කෙනෙක් මට කිව්වා..එතකොටත් ඈතුලෙන් මෑරිලා හිටපු මට පිටින් මෑරෙන එක කොහොමත් එකයි..මම ආපහු දුවන්න ගත්තා රට ඈතුලෙන් හරි මාතර යනවා... 


පොල්හේනේ සර්ෆ් බෝර්ඩ් එකක් අරන් මුහුදේ ඈතට ගිහිල්ලා මෑරෙන්න ගියපු මම හෑමදාම බුදුන් වදින්න ගත්තේ ඒක ජීවිතේට පාඩමක් කියලා දුන්නා හිතාගෙන......මගේ කාඹරේ බුදු පින්තූරෙට පහනක් තියලා..හදුන් කූරක් ගහලා පිලිවෙලට කරනන පටන්ගත්තේ කවද හරි ආසන්න කර්මයක් වශයෙන් සිහිවෙන්න..බුදුපහන නිවලා හදුන්කූර තියෙන්න අරිනවා.ඩිම් ලයිට් එකත් එක්ක සුවදවත් කාමරේ හිත ගත දෙකම සනසනවා..සතියක ඕවර්ඩ්රෝ වෙච්ච නිදි අකවුන්ට් එක ටිකක් හරි රිකවර් වෙන්නේ සතිඅන්තේ දවස් දෙකේ විතරයි..හරියටම සුනාමියට සති එකහමාරක් වගේ..බුදුන් වෑදලා නිදාගත්ත මම රෑ එකපාරටම අවදිවෙනවා...හුස්ම ගන්නත් අමාරුයි...කාමරේ පුරාම පිච්චෙන ගදක් එක්ක දුමෙන් පිරිලා..ඩිම් ලයිට් එකෙන් මට පේනවා බුදු පින්තූරේ පිච්චෙනවා...එදා කාගිල්ස් එකෙන් ගෙනාපු මහත හදුන්කූර බුදුපින්තුරේ ඈතුලට වෑටිලා...පින්තුරේ පිච්චෙනවා...මම මේසේ උඩ තිබුන වතුර වීදුරෑව අරන් පින්තූරෙට දෑම්මා..."පටස්"...සද්දයක් එක්ක පින්තූරේ වීදුරෑව පිපිරෑවා...සද්දේ මොකද බලන්න අම්මත්, තාත්තත් කාඹරේට ආවා...."අනේ දෙය්යනේ" අම්මා  බයවෙලා බුදුපින්තූරේ දිහා බලාගෙන හිටියා...තාත්තා මූකුත් කිව්වේ නෑතුව බුදු පින්තූරේ පරිස්සමට ගලවලා දොර ඈරලා එලියෙන් තිබ්බා..මම කෑඩුනූ වීදුරෑ කටු අහුලන්න ගත්තා…


සුනාමියට සතියක් වගේ තියෙද්දී ආච්චි අම්මා ලිස්සලා වෑට්ලා මාතර ඩොක්ට සිල්වගේ වොර්ඩ් එකට ඈඩ්මිට් කරනවා...නරක කාළයක් තමයි ගෙවෙන්නේ මට බෑන්කුවෙත් හුස්මගන්නත් බෑරි වෙන්න වෑඩ සෙට් වෙනවා..පොඩි පොඩි කෑපිලිත් නෑතුවාම නෙමෙයි.....ඔය කාලෙම මම මගේ සල්ලිත් බෑන්ක් එකේ ලොන් එකකුත් දාලා ටොයොටා කොරොනා AT 170 එකක් අරගන්නවා...තාත්තගේ ඩයිහට්සු කියුරෝ එකට වඩා ඒකේ පෙනුම හොදයි....නොම්බරේ 18-9112..”චහ් බලන්නකො නොම්මරේ එකක් 9 අන්ක 13 හරිම අසුභයි”..ආච්චි බලන්න එන හෑමෝම කියනවා..”ඔයා වෑඩිය ඩ්රයිව් කරන්න එපා..පාරේ යන්කොට පරිස්සමින් යන්න..බෑන්කුවේ කල්පනාවෙන් වෑඩ කරන්න”..අම්මා මන්තරයක් වගේ කියවන්න ගත්තා..."නරක කලට සතහට පෑමිනෙන වෙහෙස...එදුරෑ නොවෙයි කළකම් ඵලදෙවා මිස”..කොළඹ ඉදන් මාතරට දුවන මගේ හිතේ මේවා එක එක ආපහු මතක් වෙන්න ගත්තා...අපේ ගෙවල් තිබුනේ මුහුදට මීටර් සීයක් විතර දුරින්..කොල්ලො එක්ක එක්තුවෙලා මුහුදේ පනින එක තරම් වෙන දෙයක් මට තිබුනේ නෑ..ඒත් මුහුද කියන්නේ කවදාවත් තේරෑම් ගන්න බෑරි, විශ්වාස කල නොහෑකි...අපූර්ව අමුතු තෑනක්...මුහුදු රස්සාවේ යන කිසිම කෙනෙක් යන්නේ ආපහු එන්නම් කියල නෙමෙයි...යන්නම් කියල විතරයි..


උදේ පහට ගෙදරින් ආපු මම පෑරෑළිය, අම්බලන්ගොඩ පහු කරන්න ඈත්තේ හතහාමරට අටට විතර සුනාමිය එන්නේ නමයට..මොකක්දෝ වාසනාවකට මම මරණයෙන් බේරෙනවා...කළුතරින් පටන් අරගෙන, ඈල්පිටිය, අකුරෑස්ස හරහා මම ආපහු මාතර එනකොට හවස හයයි...උදේ ගෙදරින් ගිය මට හවස එන්න ගෙදරක් නෑ...ආච්චිව සිල්වා හොස්පිටල් එකේ පළවෙනි තට්ටුවට ගෙනියලා මොකද එතන ඈළ දිගේ මුහුදු වතුර ඈවිත් යටවෙයි කියන බයට..මගේ කාරෙකේ අම්මලා ආච්චි බලන්න ගියපු නිසා ඒක බේරිලාඅ0ක 9ත් 13ත් මිත්යාව බොරෑකරා හෑබෑයි හේතුඵළ දහම නම් සත්යයක් වග ඔප්පු වුනා...…විසාලා මහනුවරට අන්ත වටපිටාවක් තිබුනේ..යන්න පාරක් නෑ..පාර හරහා වෑටුන ගස්, වාහන, ගෙවල් වල සුන්බුන්..බාගෙට යටවුන මළමිනී..මළමිනී වගේ ඉන්න ජීවමාන මිනිස්සු නෑතිවුන ළමයි, බිරිද, ස්වාමියා හොයනවා..අඩනවා...පිස්සුවෙන් වගේ ඈවිදිනවා..මම ගෙදර බලන්න යන්කොට බලන්න තිබුනේ ගෙදර සෑකිල්ල විතරයි...තාත්තගේ කියුරෝ එක එහා ගෙදරට වතුර පාර නිසා ගහගෙන ගිහින් තිබුනා..ඒකේ රෝදෙක හිරවෙලා ඔලුව පොඩිවෙලා පොඩි කොල්ලෙක්ගේ මරණයක්..කාරෙක ලගම තිබුන අඹගහේ යට ඈස් ඈරගෙන මෑරුණ නොදන්නා ගෑණු කෙනෙක්...මුහුදු වෑලි ඈස් දෙකේම පිරිලා..කට ඈදවෙලා..ලොකූ දුකකින් මෑරිලා වගේ මට දෑනුනේ..පොල්හේනේ නාන්න ගියපු කෙනෙක්ද දන්නේ නෑ...පාරදිගේ මුහුද දිහාට එනකොට හුගක් මළසිරුරු අස් කරලා.ඒත් අතරින් පතර සුන්බුන් වලට යට වෙච්ච මිනිස්සු...සමහර තෑන්වල අවයව නෑති කවන්ධ විතරයි....ළමයි දෙන්නෙක් එක්ක නෝනා මෑරුණූ ප්රසන්න ගේ තිබුනු තෑනට වෙලා ඉකිගහා අඩනවා..හිස් බෑල්මකින් එන සුමිත් අය්යා මම දෑක්කේ මේ වෙලාවේ.."අක්කා නෑතිවුනා මල්ලි" "පොඩි එකා අන්තිම මොහොතෙත් එයාව අතෑරලා නෑ..කොහොම හරී පීනන්න බලලා...ඒ වතුරේ පීනන්න බෑ මල්ලී..කොන්ඩේ ගහක පෑටලුනාම පොඩි එකාට අම්මා අතෑරිලා" සුමිත් අය්යා පොඩි කොල්ලාගේ ඔලුව අතගගා කියවනවා..සුමිත් ගේ පොඩිවුන්ට පීනන්න පුලුවන් මාලුන්ට වගේ..අම්මා අල්ලගෙන පීනන පොඩි එකා මට මෑවිලා පෙනුනා..”උඹට බුදුවෙන්න දෑම්ම බෑ..නියත විවරණ වලට කල් තියෙනවා..උඹේ අම්මාට උඹ ණය නෑ”..මම හිතින් කියෙව්වා...පොඩීවුන් දෙන්නා සුමිත් අය්යාව තදින් අල්ලාගෙන.."පව් අම්මා නෑති උන්ට අප්පා කවර කල” අය්යා කොහෙද යන්නේ..."දන්නෑ මල්ලි" කියලා හිස් බෑල්මකින් සුමිත් අය්යා යන්න ගියා..සුනාමිය මිනිස්සු සේරම එක කුළකෙකට ලඝු කලා...සල්ලි, තත්වේ, නම මේ සේරම සුනාමිය අරන්ගියා...සල්ලි හින්දා මනුස්සකම් අමතක වෙච්ච..බොරෑ තත්ව මේන්ටේන් කරපු අයත් ඒ එක්කම මෑරිලා ගියා. සමහරෑන්ගේ මරණ පවා හම්බවුනේ නෑ..පොලොවේ පයගහලා මනුස්සකම තිබුන අයට නෑතිවුනේ හෞතික සම්පත් විතරයි..කෑඩුන ගෙදර දිහා බලපු මම ආපහු හොස්පිටල් එකට ගියා..මාළතී අක්කා අඩාගෙන හොස්පිටල් එකට ආවා බන්ධුතිලක් අය්යා එතකොට වෑඩකරේ ඌරුබොක්ක හොස්පිටල් එකේ...ඈම්බියුලන්ස් එකකින් ආච්චිව එහෙට ගෙනගියා..ඒ මිනිස්සු ඒ වෙලාවේ මට පෙනුනේ දෙවිවරෑ වගේ..ලොකු අම්මගේ චාමර අය්යා, ඉශාර අය්යා, ලොකු තාත්තා සුනාමිය දවසේම කොහොම හරි මාතර ආවා..මගේ හොදම යාලුවා සෂිමාල් බයික් එකකින් මාතර ඈවිත් තිබුනේ මගදිගට පොලීසියත් එක්ක රන්ඩු වෙවී...මාතර මෑනේජර් මට රිලීෆ් ක්වාටර්ස් එක දුන්නා..තාවකාළිකව ඉන්න...සුනාමියෙන් දවස් ගානක් යනකන් මට කන්න පිරියක් තිබුනේ නෑ...නිදාගන්න නිදිමතක් තිබුනේත් නෑ...නිදාගත්තත් දුකෙන් මෑරුණ ගෑණු ළමයා පේන්නගත්තා..කෑම කන වෙලාවට ඔලුව පොඩිවෙලා මෑරණු පොඩි කොල්ලාගේ ඈදවුන මූණ මතක් වුනා...මගේ දිහා ඈස් ඈරගෙන මෑරිලා හිටපූ නාදුනන ගෑණූ කෙනාත්..ඔළුව පොඩිවෙච්ච කොල්ලත් මට  කාළයක් යනකල් හීනෙනුත් පේන්න ගත්තා..කාගේ කවුද කියලා දන්නේ නෑති කීදාහක් එහෙම මෑරිලා ඈත්ද? ..


රජයෙන් දුන්නත් මුකුත් ගත්තේ නෑ..මොකද අපිට වඩා අවශ්ය මිනිසුන්ට ඒවා දෙන්න ඕන කියලා හිතුව නිසා..ට්රොමා (trauma) කවුන්සලින්, තෙරපි නෑතුව අපි දුක දරාගෙන ජීවිතේ එක්ක ඔට්ටු වුනා..මම තාත්තත් එක්ක රෙන්ට් එකට ඉන්න ගෙවල් හෙව්වා..ඔය අතරේ මම කඩුවෙල සෙරන්ඩිබ් පාර්ක් එකෙන් ගෙයක් ගන්නවා...ඒකට හේතුව සීයත්, ආච්චිත් එයාලගේ ගෙදර කෑඩුන එකට හිටියේ හරිම දුකකින්...ජීවිතේ අන්තිමට මරණේ තියන්නත් ගෙදරක් නෑ කියලා කිව්වම මම කිව්වා ”නෑ අපි මෙහෙන් කොළඹ යමු කියලා”..ලෙඩ වෙලා හිටිය ආච්චි සුනාමියෙන් පස්සේ ටික කාලෙකින් අපිව දාලා යනවා..දෙවෙනි ලෝක යුද්දෙත් සටන්කරලා ඈවිත් ගුරෑවරයෙක් වෙලා ජීවිතේ අරඹලා..උගන්වන අතරේ කෑම්පස් ගිහින් ප්රින්සිපල් කෙනෙක් වෙලා ළමයි තුන් දෙනෙක් හදලා, රටට ලෝකෙට ණය නොවී ගෙවල් හදාගෙන ආඩම්බරෙන් හිටපු සීයත් ආච්චිත් නෑතිවෙලා මාස ගානකින් අපිව දාලා යන්වා..මම ගත්ත කඩුවෙල ගෙදරට යන්න ඒ දෙන්නටම බෑරි වෙනවා..අන්තිමට මරණේ තියෙන්නෙත් රෙන්ට් එකට හිටපු ගෙවල් වල..මගේ ජීවිතේ පරමාදර්ශී චරිත දෙක මට නෑතිවෙන්නේ..ඒ අය මට අවශ්යම මොහොතෙදී...ලෝකේ හෑටි හරි පුදුමයි.."වෑටෙන වෙලාවට ඈතුලෙන් ශක්තිමත් වෙන්න".. සීයගේ වචන මගේ හිතේ රෑව්දෙන්න ගත්තා..."ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"..ආච්චි හෑමදාම කිව්වේ ඔය කතාව..මගේ හිතේ කොනක පොදිගෑහිලා නරක් වෙලා තිබුන දුක කියන්න හිටියේ අහන්න හිටියේ මගේ ආච්චි අම්මා විතරයි.."මෑටිල්ඩා  ගජවීර" සීයගේ "ඩොලා" නෑදෑසනුහරේට "ඩොලි අක්කා" දෙවෙනි පරම්පරාවට "මාතර ආච්චි" මට නම් මගේ මුලු ලෝකෙම වුනේ අම්මගේ අම්මා...මගේ ලෝකය කෑරකුනේ ආච්චි අම්මා වටකරගෙන...ඈත්තටම ආච්චි අම්මා වයසට ගියත් බොනික්කෙක් වගේ හිටියේ..."ඩෝල්" කියපු සීයා කාළයත් එක්ක  "ඩොලා" කියනකොටත් මම දෑක්කේ ආච්චි අම්මගේ සුන්දර හිනාව... ඒ හිනාව ඒ සුවද කවදාවත් ආපහු දකින්න විදින්න වෙන්නෙ නෑ...ඒත් ඒ ආදරේ හෑමදාම මාව බලාගන්නවා...කාළයක් දුකෙන් මෑරුණු කෙල්ලත්..ඔළුව පොඩිවෙච්ච් කොල්ලත් මගේ නින්ද හොරාගන්නවා...මම ආච්චිව මතක් කරලා නිදාගන්නකොට පරණ හදුන්කූරෑ සුවද හීනෙන් වගේ මට දෑනෙනවා...ඉස්කොලේ ඩෙඩ්ලයින් වල ස්ට්රෙස් එකට,”හෙඩ්ස්පෙස්", ස්ලීප් තෙරපි යන පොඩි කොල්ලො දෑක්කම මට මගේ තෙරපි ඒක වෙච්ච ආච්චි අම්මව ආදරෙන් සිහිවෙනවා..


සීයා ආච්චි නෑතුව තාත්තත් අම්මත් කඩුවෙල ගෙදර ඉන්න කෑමති වෙන්නේ නෑ..මම කඩුවෙල ගෙදර ඩබල් ගානකට විකුණනවා..සීයාගෙන් ලෑබුන පන්නරයත් ආච්චිගෙන් ලෑබුන දරාගෑනීමත් නිසා ජීවිතේ කොනක ඉදන් ආපහු පටන්ගන්නවා..2004 දී සුනාමිය නිසා සේරම නෑතිවෙලා ඈදන් හිටපු ඈදුම විතරක් ඉතුරෑ වුන මම 2014දී බටහිර ඔස්ට්රේලියාවේ 4X2 එකක් අරගෙන අම්මලත් ස්පොන්සර් කරලා ගෙන්න ගන්නවා..අල්ලපු ගෙදර එකාව දන්නේ නෑති..සින්හල වචනයක් ඈහෙන්නේ නෑති පර්ත් අම්මලට අල්ලන්නේ නෑ..."මෑරෙන්න ඕන ඈහෑලගහ වත්තේ කෑරකොප්පුවේ, ඈගේ ඈට පස් වෙන්න ඕන ලන්කාවේ මාතර පොලොවට" නොවදිනා වෑදුම් වෑන්දත් ඒ දෙන්නා ලන්කාවට යන්වා... සුනාමි ඈවිල්ලා අවුරුදු දහයක් ගතවෙලත් සුනාමියෙන් පස්සේ පටන්ගත්ත දිවිල්ල මම තාම දුවනවා...ඒත් කවදා හරි මම ලන්කාවට එනවා සදහටම නවතින්න..

                                                     © පසන්, පර්ත්. දෙසෑම්බර් 26, 2015.




පින්තූර ගත්තේ අන්තර්ජාලයෙන්,

ඊශ්රායලයේ ආරම්භය - විකල්ප කෝණයකින් බැලීමක්..



මේ ලියමනේ අභිප්රාය රෝමාණුවන් විසින් එළවාදැමූ අවතැන්වූ යුදෙව්වන් නැවත ශුද්ධවූ නගරය කෙරේ ආගමණය ගැනවත් ඩේවිඩ් බෙන්ගුරියොන්ගේ දේශපාලනික වශයෙන් ඊශ්රායලය නිර්මාණය කිරීම ගැනවත් කීම නොවේ.1948දී ස්වාධීන දේශයක් වශයෙන් ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සන්විධාණය පිලිගත් නමුත් ලොකයේ රටක් වශයෙන්  ඊශ්රායලය ස්ථාපිත වූ "සය දින යුද්දය" හා ඉන් අන්තුරුව ඇතිවූ බල අරගලයන් සැකෙවින් දැක්වීමයි.. ඊශ්රායලය රටක් වශයෙන් දින හයකදී ගොඩ නැගුනද අද දක්වාම ස්තිර වූ සාමයක් එහි නැත. පෙරවදනක් ලෙස සැකෙවින් ඉතිහාසය මෙසේය..


දහ නම වන සියවසේ මැද ඇරඹි "යුදෙව් ව්යාපාරය"  ලොව පුරා විසිරී පැතිරී සිටි යුදෙව්වන්ට පලස්තීනයටත් ශුද්ධ නගරය වූ ජෙරුසලමටත් පැමිනීමට ආරාධනා කල අතර යුරෝපයේ, රැසියාවේ, ඇමෙරිකාවේ සහ මැද පෙරදිග යුදෙව් ජනයා රැළි වශයෙන් පලස්තීනයට පැමිණියේය. දහසය වන සියවසේ ඔටෝමන් අධිරාජ්යය සමයේ සිට අරාබි ජාතිකයන්ගේ අයිතියක්ව තිබූ පලස්තීනය, බ්රිතාන්යය පාළණයට නතුවුයේ පළමු ලෝක සන්ග්රාමයෙන් පසුවය. 1917දී බැල්ෆොර් සම්මුතියට අනුව බ්රිතාන්යය විදේශ ලේකම් ආතර් ජේම්ස් බැල්ෆෝර් යුදෙව් ජනාවාසයක් ඇරඹීමටත් එයට නෛතික හා පරිපාළණ අයිතීන් ලබා දීමටත් ලිඛිතව පොරොන්දු විය. එනමුත් රැළි වශයෙන් ඇරඹි යුදෙව් සන්ක්රමණිකයන්ගේ පැමිනීම පලස්තීන අරාබීන්ගේ දරැණූ පහරදීම් හමුවේ අඩපණ වූ අතර බ්රිතන්යයන්ද සිය පොරොන්දු පහසුවෙන් අමතක කරන ලදී..මේ සියළු සන්සිද්දීන් ලොකයාගේ අවධානයෙන් පහසුවෙන් ඉවත්වී ගියේය.. 

දෙවැනි ලෝක යුධ සමයේ නාසි වද කදවුරැ නිසා නිසා යුදෙව් වරැන්ගේ ජාතික සිහිනය කෙරේ ලෝ වාසීන්ගේ අවදාණය යොමුවිය. මහා බ්රිතාණ්යය පලස්තීන ප්රශ්නය එක්සන් ජාතීන් වෙත යොමුකොට නිදහස් වූ අතර 1947දී එක්සත් ජාතීන්ගේ මහා සභාවේ සම්මතවූ යෝජනා අ0ක 181 ප්රකාරව පලස්තීනය රටවල් දෙකකට වෙන් කරන ලදී. එක් රටක් අරාබි ජාතිකයන්ටද අනෙක යුදෙව්වන් සදහාද වෙන්විය..එම යෝජනා සම්මතයෙන් පසුදිනම ප්ලස්තීන සටන් කරැවන් ඊශ්රායලයට පහරදුන් අතර ඊශ්රායලයද සිය නිදහස උදෙසා සටන් වැදීම ආරම්භ කලේය..


1948දී පළමුව ඇතිවූ මෙම සටනේදි පලස්තීන හිතවාදීන්,ඉරාකයේ,සිරියාවේ, ඊජිප්තුවේ සහ ට්රාන්ස් ජෝර්දාන් අරාබි සටන්කරැවන් පරදා තමන්ට ලැබුනු කොටසටත් වඩා 30% ක බිම් ප්රමාණයක් අල්වා ගැනීමට ඊශ්රායලය සමත් විය. එනමුදු ජෙරුසලමේ ශුද්ධ නගරය ජොර්දානුවන් අතට පත්විය..මා ඉතා අගයන ජෝරදානු ෆීල්ඩ් මාර්ශල් "හබිස් මජාලි" ගේ සන්ග්රාමික ක්රමොපායන් හමුවේ ඊශ්රායලයේ සුපිරිම වැඩකරැවන් (පසුකලෙක ඊශ්රයල අගමැති වූ ශැරොන් වද ජීවග්රහනයෙන් අල්වා ගන්නා ලදී) පසුබැස්සේය..1970දී පලස්තීන කළු සැප්තැම්බරය සාර්තක ලෙස මැඩලුයේද මජාලි විසිනි. පසුකාළීනව ඊශ්රායලයේ පැත්තෙන් මාගේ සිත්ගත් චරිතයක් වන මොඩෙචායි "මොට්ටා" ගර් ශුද්ධ නගරය වූ ජෙරුසලමේ බටහිර බිත්තියේ ඇති "ටෙමපල් මවුන්ට්" හෙවත් දේවස්තානයේ පාදම නැවත අල්ලාගනුයේ 1967 වසරේදීය..දේවස්තානයේ පාදම අසල වැලපෙන ඊශ්රායල කොමාන්ඩෝ සෙබළු තිදෙනාගේ ඡායාරැපයද යුද ඉතිහාසයේ සුවිශේශී ඡායාරැපයකි. කෙසේවතුදු 1948 න් පසු ඊශ්රායලය රටක් වශයෙන් ලොවපුරා පිලිගැනිනි..

දෙවැනි අරාබි- ඉශ්රායල යුද්දය ඇතිවනුයේ 1956 දීය එහිදීද ජයග්රාහී ඊශ්රායලය සාමකාමී කාළයකට එළඹ සිටියද දෙවරක් පරාජයෙන් වියරැ වී සිටි අරබී පාළකයින් ඊශ්රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට පිඹුරැපත් සකසමින් සිටියහ. ඊජිප්තුවේ ජනපති ගමෙල් අබ්දුල් නසාර් විසින් කරළියට ගෙන ආ "පැන්-ඇරබිසම්" එනම් "කුමන රටක සිටියද ජාතියක් වශයෙන් අරාබිකරයම එකතු විය යුතුබව" ජාතිවාදී ගොණුවීමක් දක්වා පෑතිරැනි. බ්රිතාන්යයන් සූවස් ඇලෙන් එලවා දමා එය ජනසතු කොට ප්රබළ චරිතයක් බවට පත්වූ නසාර් ඊශ්රායලයට එරෙහිව අනෙකුත් අරාබි ජාතීන් සමග කදවුරැ බැදීමට පටන්ගති.ඊශ්රායලයට නැගෙනහිරින් පහරදීමට සිරියාවටද, ඊශ්රායලයේ නාවුක ගමනාගමනය අඩාල කොට ටිරන් සමුද්රසන්දියේ සිට රතු මුහුද දක්වා අවහිර කිරීමට ඊජිප්තුවද, ඊශ්රායලයේ ප්රධාන ජළ සැපයුම වූ ජෝර්දාන් ගඟ අවහිර කිරීමට ජෝර්දානයද පිඹුරැපත් සැකසීය..

1967 වසරේ මැයි මස ඊජිප්තු හමුදා සිනායි අර්ධද්වීපයේ රොද බදින්නට විය, ඒ සමගම ඊජිප්තු ජනපති නසර්ගේ බලවත් විරොධය හමුවේ එක්සත් ජාතීන්ගේ සහන හමුදාවන් එම ප්රදේශයෙන් ඉවත්විය. මෙම සහන හමුදා 1957 සිට ඊශ්රායලයට අනවශ්යය අරාබී මැදිහත් වීම් වලින් ආරක්ශාව සැලසූ අතර ඔවුන්ගේ ඉවත්වීම වක්රාකාරයෙන් "ඊශ්රායලයේ ආරක්ශාව ඊශ්රායලය සතු බවට" ලෝක ප්රජාවේ ඇගවීමක් මෙන් විය. 1967 වසරේ මැයි මස 22-23 දෙදින් ඊජිප්තු නාවුක හමුදා ටිරන් සමුද්රසන්දිය අවහිර කල අතර ඊශ්රායල අගමැති ලෙවි එශ්කොල් මහා බ්රිතාන්යයට, ඇමෙරිකාවට හා එක්සත් ජාතීන්ගේ සන්විදානයට උදව් ඉල්ලා ආයාචනය කලේය. තැලෙන යකඩය උඩ පැන තලන්නට ඊජිප්තු ජනපති නසර් ජෝර්දානයේ හුසේන් රජු සමග යුධ ගිවිසුමක් අත්සන් කල අතර එම ගිවිසුම් ප්රකාරව ජෝර්දානු හමුදා ඊශ්රායල දේශසීමාවේ රැස්වන්නට විය. සිරියානු හමුදා ගෝලාන් කදුකරයේ ස්ථානගත වූවේය.

"අපගේ මූලික අරමුණ ඊශ්රායලය සහමුලින්ම විනාශ කිරීමයි, ලෝක සිතියමෙන් ඉශ්රායලය අතුගා දැමීමයි" ජනපති නසාර් අරාබි ජාතීන් හමුවේ ශපථ කලේය. පසුකලෙක ඊශ්රායල අගමැති වූද පලස්තීනය කෙරේ සාමයේ දැත දිගුකලාවූ යිට්ශැක් රාබීන් ඊශ්රායල හමුදා ප්රදානියා විය. ඔහුගේ දෙවැනියා වූයේ ඊසර් වෙයිස්මාන්ය. ඊශ්රායලයේ ආරක්ශක ඇමති වූයේ ආක්රමණශීලී මෝශේ දයාන් ය..මෝශේ ගේ බිරිද හා ප්ලස්තීන සටන්කාමී යසර් අරෆත් ගේ නැන්දනිය අතර වූ අපූරැ මිතු  දම ලේඛක ඇන්තනී ඩේවිඩ් විසින් මනාව ඔහුගේ "ඉම්ප්රොබරබල් ෆ්රෙන්ඩ්ශිප්" කෘතියේ දක්වා ඇත, මේ හා සමානව ලන්කාවේ කොටි නායක රහීම් හා කැප්ටන් කොතලාවල අතර තිබූ මිතුදමද මුද්රිත කෘතියකින් නොවූවද බ්ලොග් අවකාශයේ දක්වා තිබේ..

ඔපරේශන් ෆෝකස් වෙතින් නැවත හමුවෙමු…

                                                                                                                  මතු සම්බන්දයි….
                                                                                     පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

                                                                                        © පසන්,  නොවැම්බර් 10, 2016.

ප.ලි.  - මේ පරණ ලියමනකි...කාළීනව වැදගත් කමක් ඇතිවූ නිසා මුදාහැරීමට සිතුනි..


ගෙඹි තරැණයා සහ ගෝණුසු මහත්මා…



ගෙඹි තරැණයා සහ ගෝණුසු මහත්මා…

මේ කතාව ඔර්සන් වෙල්ස් කියන ඇමෙරිකානු චිත්රපට අධ්යකශ වරයාගේ ප්රියතම උපමා කතාව..ඔර්සන් වෙල්ස් කියන්නේ "සිටිසන් කේන්", "මැක්බත්", "ඔතෙලෝ", "ද අදර් සයිඩ් ඔෆ් ද වින්ඩ්" වගේ ලෝක පූජිත ෆිල්ම්ස් කරපු කෙනා.  ඔන්න කතාව මෙහෙමයි, එක කාළෙක ගඟක් අසබඩ සිටියා කඩවසම්, පරෝපකාරී ගෙඹි තරැණයෙක්..ඕනැම කෙනෙකුට ඕනැම වෙලාවක උදව් කරන්න මේ තරැණ ගෙම්බා කිසිවෙලාවක පස්ස ගැහුවේ නැ. උගත් කමත් යහමින් තිබ්බ සාමාජීය, දේශපාළනික මධ්යස්ත මතවාදයක් දරපු අවන්කවම හොද ගෙඹි තරැණයෙක්..

මේ ගෙඹි තරැණයාගේ පදින්චියත් විවිධ අදහස්, මතිමතාන්තර, ආගමික දර්ශණ අගයන "මල්ටි කල්චරල්" එහෙමත් නැත්නම් "එත්නික් මොසැයික්" ඒත් නැත්නම් "එත්නික් ඉන්ක්ලුසිව්" ගඟක් ගාව..ඔන්න නිකමට ඔය ලඟපාත ගඟක් හිතාගන්නකෝ..දවසක් අනෝරා වැස්ස..ගඟ දෙගොඩතලා ගලනවා...ගෙම්ඹාත් මම වගේ පට්ට ස්විමර්..එගොඩට පීනනවා..මෙගොඩට පීනනවා..එක වැඩයි..මේක ඉතින් දෛනිකව කරන ව්යායමයනේ…

පීනන කොට මෙන්න ගෙඹි තරැණයාට පේනවා එගොඩ ගොඩේ ඉන්න ගෝණුසු මහත්තයා..ගෝණුස්සාගේ පරණ රෙකොර්ඩ්ස් නම් අන්තිමයි..ගෙම්ඹාගේ යාලුවො නම් කිව්වේ ගොණුස්සා දැක්කද නොදැක්කා වගේ මාරැ වෙයන් කියලා..මනුස්සකමට රෙද්ද ඉස්සුවත් අරි&* එකා ගෝණුස්සා...ඒ වුනාට ගෙම්ඹා මනුස්සකමට හිනා වුනා..මළාට හිනාවෙන්නැති ගෝණුස්සා කට පුරෝලා හිණාවුනා..ගෙඹි තරැණයා දිගටම අනෙක් ගොඩට ස්විම් කරා..ආපහු එන්කොටත් ගෝණුස්සා එතනම් ඉන්නවා ගඟ දිහා බලාගෙන..ගෙම්ඹාටත් උප්පත්තියෙන් ආපූ යහසිතුවිලි නිසා ඉතින් කිව්වා "සුභ උදැසණක්" කියලා..."ගූඩ් මෝනින් ටූ යූ බට් අ ශිට් මෝනින් ටූ මී" ගෝණුස්සා සුපුරුදු කඩු ලොකු ලයින් දාලා කෝට් එක හදා ගත්තා.."ඇයි ප්රශ්ණයක් ද?" ගෙම්ඹා සුපුරුදු උණුවෙන හිත එලියට දැම්මා. "යෙස්, මයි වයිෆ් ඉස් ඉන් ද අදර් සයිඩ්, ඩියු ටු ද වෝටර් ලෙවල්ස් අයි කාන්ට් ගෝ දෙයාර්" ගෝණුස්සා කඩුව වනනවා...මේ ගෝණුස්සා සමලින්ගිකයා හැබැයි ලෝකෙට පේන්න එහා ඉවුරේ තව සමලින්ගික ගෝණුස්සියෙක් එක්ක ඉන්නවා..හැබයි රැට රැට හෙලිකොට්ටර් බත්කූරෙක් ගෙන්නගෙන දෙනියවත්තේ සාළයා පැටියා  බලන්න යනවා..

ඔයා ගෝණුස්සිත් මහාචාර්යය කිව්වට කුණුකාණූ කැම්පස් එකේ ජෙන්ඩර් ස්ටඩීස් කියලා මගුලක් ඇටෙව්වට වෙන කරපු මගුලක් නැ..ගෝණුස්සටම ගැලපෙනවා..මොකෝ ගෙදරක ගිහින් හුරතල් කරන්න ළමේක් ඉන්නවැ නෑනේ..ඔය හොර ඩීල් එකක් දාලා..කාවයියො, ගප්පියො, ඩප්පියො ටිකක් වටකරගෙන ගඟ වටේම් විනාස කරපු එක තමයි මේ ගෝණුස්සා කරේ..යස අගේට ජෛව විවිධත්වය හදාගෙන ආපූ එකෙක්ට "මඩ කරියා, හොර ගෙඩියා,වෑන් කාරයා” කියලා එලවලා තමයි මේ ගෝණුස්සා ඉන්ටර්නැසොනල් විදියට ගේම දෙන්න ගත්තේ.. මේව දන්න නිසා ගෙම්ඹත් ඉතින් හිනා වෙලා මාරැ වෙන්න හැදුවා…

"හියර් යන්ග් ලැඩ්..මාව එගොඩට ගෙනියනවකෝ" ගෝණුස්සා ගෙම්ඹාට කිව්වා.."පිස්සුද ලොක්කා ඔයා අනිනවනේ, මට බෑ..” ගෙම්ඹා වැඩේට කැමති නෑ..මූ එක්ක ගිහිල්ලා නිකන් තියෙන් පු*& ටින්කිරි ගාගන්න වුනොත්..ඒත් ඉතින් හිත හොද අම්මන්ඩි හැමදාම බඩින් වගේ අපේ ගෙඹි තරැණයාත් කාගෙවත් දුකකදී කර අරින එකෙක් නෙවෙයි..ඒක හින්දාම ටින්කිරි පාරවල් නම් අඩුවක් නැතුවම ලැබුනා..රෑ තිස්සේ කැ& කාළ හිටපු ගොණුස්සාත් අතෑරියේ නැ.."පික්ෂුද ගෙඹි මල්ලි, එහෙම වුනොත් දෙන්නම මැරෙනවනේ, අනික ජාත්යන්තරේත් අපි එක්ක ඉන්න මේ වෙලාවේ අපේ මෝරල් කොම්පස් එක හරියට තියාගන්න ඕන, එතිකල් වෙන්න ඕන, වගවීම හා වගකීම් යන සන්කල්ප වලට අලුත් අරැතක් දෙන්න ඕන" එම්බසියෙන් ආපු කොලේ දිහා හොරෙන් බලපු ගෝණුස්සා ගෙම්ඹ ගෙ නාඹර පුම් එක දිහා බලාගෙන කියලා දැම්මා..

මොනවා වුනත් ඉතින් තාත්තගේ පැත්තෙන් ගෙම්ඹලා පරම්පරාවෙන් ගෝණුස්සන්ට චන්දෙ දුන්නේ..ඒ කාළේ ගෝණුසු මාක් එක ගහලා පොල්පිත්තක් දැම්මත් ගෙම්ඹලගේ ආතලගේ, මුත්තලගේ, කිත්තලගේ, කිරිකිත්තලගේ ඉදන් චන්දේ ගෝණුස්සන්ට දුන්නේ..මේ කැ$% කන එකාට ඉස්සරනම් ගෝණුසු පක්සේ වැදගත් මහත්තුරැ හිටියේ, දැන් මේකේ ඉන්නෙම නපුන්සක හොරැ…එහෙම කියලා ගෙම්ඹාගේ අම්මා දොස්මුරේ දානවා..ගෙම්ඹා උපදින්නත් ඉස්සර හන්දියක් හන්දියක් ගානේ ඇටවල්ලෝ මැරුවා කිව්වට ගෙම්ඹට නම් ඔය වගේ අත්දැකීමක් කවදාවත් තිබ්බේ නෑ..කමක් නැ තාත්තා ගැන හිතලා ගෙම්ඹා ආපහු ගෝණුස්සාගෙන් මෙහෙම අහනවා "ඔයා ඇත්තටම අනින්නේ නැ නේද? වෙනසක් බලාගෙන එහා ගොඩට එකපාරක් ගෙනියනවා, හැබැයි වචන වෙනස් කරන්න එපා, පොරොන්දු වෙන්න ඔයා අනින්නේ නැ කියලා?”
“නෝ..නෝ..නෑ..නෑ..ගෑණී පල්ලා දිවුරනවා..එක දවසක් ඔය ගෝනුස්සිගේ අතින් වත් අල්ලලා නැ” ගෝණුස්සටත් ඉතින් මේ වෙලාවේ හැටියට කොහොම හරි ගොඩදාගන්න එපැ..ඉතින් පඹයෙක් හිටියත් ඌටත් වදිනවා..ගෙම්ඹටත් වදිනවා....හා..හා..හරි හරි එහෙනම් නගිනවකෝ..පිටට...පස්ස අත්ගාන්න බෑ හාද?..එහෙම කිව්වම ගෝණුස්සගේ කට කනේ..සික්...පොන්&% ගෝණුස්සෙක් කරේ තියන් ගිහින් රටේ ලෝකෙට කොහොම මූණ දෙන්නද? එහෙමත් ගෙම්ඹට හිතුනා..

ගෝණුස්සත් කරේ තියාගෙන නාඹර ගෙඹි තරැණයා ටික ටික ගඟ මැදට ආවා..එක පාරටම ගෙම්ඹාගේ පිට සීතල වෙලා වගේ ගියා..වැඩේ තේරැණ ගෙඹි තරැණයා ගෝණුස්සා දිහා බැලුවා...'මොන %*&ත්ත්ක්ද උඹ කලේ? පොරොන්දු වුනා නේද අනින්නේ නැ කියලා" ගෙම්බා ඇහුවා..."මොනව කරන්නද? ඒ මගේ පුරුද්ද, ඒක ඉතින් අපේ හැටි තමයි"  කියපු ගෝණුස්සා සැඩපාරේ ගහගෙන ආපු ලී කොටයක් උඩට පැනලා යන්න ගියා..

විස ටික හිමිහිමීට පිට දිගේ යනකොට ගොණුස්ස එක්ක එකට පොටො එකක් ගහපු එකෙක් දැක්කත් මාරැ වෙන්න කියලා යාලුවෝ කියපු හැටි ගෙම්ඹට මතක් වුනා..අවුලක් නැ ගෙම්බොන්ගේ මතක දවස් හතයි..වතුර යටට වැටෙන ගෙඹි මළසිරැර දිහා බලාගෙන ගෝණුස්සා හිනා වුනා..මොනවා වුනත් ආවේනික ලක්ශණ කවදාවත් වෙනස් වෙන්නේ නෑනේ..විදින්න ඉපදිච්ච ගෝණුස්සා විදිනවාමයි...එක පාරට සැඩපාරට ලී කොටේ ගැස්සිලා ගඟට වැටුනු ගෝණුස්සත් ගන් වතුරේ අවසන්ගමන් ගියා..බොරැවටත් ඉතින් වැඩි ආවුසක් නෑනේ..

ඉතින් මගෙන් අහන්න එපා මොකක්ද මෝරල් ඔෆ් ද ස්ටෝරි කියලා, මොකද ඒක මට මතක නැ..ඔයාලා හොයාගත්තොත් බොරැවට අවුරැදු ගනන් කැ ගහන්න එපා..ඔප්පු කරලා පෙන්නලා මටත් කියන්න හොදේ…

                                                                 © පසන්,  අප්රේල් 24, 2019.

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

Saturday, April 20, 2019

බැන්කු ජිවිතේ - # 003


මැදින් පටන්ගත්තට මගේ බැන්කු ලයිෆ් එකේ මුල ගැන ඒතරම් කියන්නේ නෑ, ඒකත් මේ දවස් වල සැගවුන ක්රයිසිස් පිට යන නිසා..මොකද ඒ මම ඉගෙනගත්ත සල්ලි හම්බකරපු තැන..මේ දවස් වල නම දාලා අනවශ්යය ප්රසිදිදියක් ඒකට හොද නැතිනිසා...ඒ වුනාට ආරම්භය මෙහෙමයි..

මම මුලින්ම බැන්කුවට තේරිලා ඉන්ඩක්ශන් කාලේ HR එකේ අපිට ට්රේනින් කරපු අයට කිව්වා මාව බැන්කොක් හරි සින්ගප්පුරු හරි ලග බ්රාන්ච් එකකට දාන්න කියලා, කිව්වා වගේම ට්රේනින් ඉවර වෙනකොට මාව මොරවක බ්රාන්ච් එකට දාලා. මොරවක කියන්නේ මාතර ඉදන් කිලෝ මීටර් 50ක් විතර දුර, පාරවල් අවුල් නිසා පැය දෙකහමාරක් තුනක් විතර යන ගමනක්…ඒ කාලේ දැන් වගේ අඩියෙන් අඩිය බැන්කු නෑනේ. අනිත් බ්රාන්ච් එක තියෙන්නේ දෙනියායේ. මම කොල්ලා කාලේ ගැටබරු පෙරහැර බලන්න ගිහිල්ලා වාහනය කැඩුන නිසා යාලුවොත් එක්ක මොරවක් ඉදන් දෙනියායට පයින් ගිහිල්ලත් තියෙනවා, ඉතින් මම හිතුවා මේ මොන අලයක්ද, තනියම බ්රාන්ච් එකට යනවා කියලා. ඒක නිසා මම ෆර්ස්ට් ඇපොයින්ට්මන්ට් එකට තනියම ගියේ මොරවකට. අපරාදේ කියන්න බැ නියම පොට් එක. ක්වාර්ටස් තිබුනේ සින්හ ෆර්නිචර්ස් එකේ උඩ. කාමර 3ක් තිබුනා, දෙන්නෙක් එක කාමරයක ඉන්නවා…ලන්කාවටම පායන කාලයක් හින්දා වතුර කපලා, උදේට නැගිටලා ඇදුම් අයන් කරලා හොදට ඇදගෙන ටවල් එක බෑග් එකට දාගෙන ටුත් බ්රශ් එක සාක්කුවේ දාගෙන බ්රාන්ච් එකට යනවා මෝටරේ දාගෙන මුන සෝදගන්න. බස් එකේ තමයි යන්නේ වැඩිම හෝල්ට් දෙකක දුර, හැබැයි කාටහරි "ගුඩ් මෝනින්" කිව්වොත් ඒක ඒ මිනිහගේ බෑඩ් මොනින් එකතමයි. මොකද දත් මැදලා කට සෝදලා ඉන්න එකක්ය. සතුටින් සමාදානයෙන් ගෙවුන ඒ ජීවිතයේ සතුට, දුක, වලි, ආතල් සහ කස්ටො එක්ක ගියපු ට්රිප් ගෑන කවදාහරි පොතක් ලියන්න ඕන, " ක්වාටර්ස් රසකතා කියලා"    

බැන්කුවට යනකොට මම වෙජිටේරියන්. ඊට ඉස්සර බිජු වෙජිටේරියන් ඊටත් ඉස්සර පෙස්කටේරියන් මේකත් දැනගෙන ඉන්ටවිවි පැනල් එකේ ලේඩි කෙනෙක් ඇහුවා මොකද වෙජිටේරියන්? කියලා මේ වෙජිටේරියන් ෆෑශන් එකක් වෙන්න ඉස්සර, මම කිව්වා "බිකෝස් මයි මම් ඈන්ඩ් මයි ග්රෑන්ඩ් මම් බෝත් ආ වෙජිටේරියන්" කියලා, එතකොට මේ ලේඩි කියනවා, “ සේම් හියර් අයි ඔන්ලි ඊට් මීට් ඉෆ් ඉට්ස් බීන් කුක්ඩ් බයි ද සර්වන්ට්, සම්ඩේස් ශී ඔන්ලි කුක්ස් එග්ස්”  කියලා.මේක අහපු අනිත් හිටපු ජෙන්ට් (AGM එකෙනෙක්) කියනවා "යා යා අපිත් එහෙමයි ගෙදර මස් ඉව්වොත් විතරයි කන්නේ" කියලා. මොකද ගෙදර ඉව්වේ නැත්නම් අල්ල්පු ගෙදරින් මස් කන්නද, මට හිතුනා අනේ සන්සාරේ කියලා, මුන් වෙජිටේරියන් ගෙදර මස් නැතිදවසට පමනයි. 


රහමෙරින් තොර වෙජිටේරියන් හිටපු මගේ දුරාචාරී ජීවිතේ ඇරබුම තමයි බැන්කුව, අපි පොඩි සෙට් එක ක්වාටර්ස් එකෙන් යනකොට උදෙන්ම ලග තියෙන කඩෙන් උණු උණු කොලකැද බොනවා, දහයට විතර සුපිරිසිදු එළ කිරි එකක් ගහනවා, හරියටම දවල් දොලහට දවල්ට කනවා හුගක් දවසට කුකුල් මස්, අලතෙල් දාලා පරිප්පු තෙම්පරාදුව. හරියටම දොලහට කනනිසා කෂ්ටිය කිව්වේ මුන් ටික නම් ඉස්සර හාමුදුරැවරැ සෙට් එකක් වගේ කියලා, ඊට පස්සේ හවසට එනකොට 5855 (බාර් එකේ අකවුන්ට් නම්බර් එක.) බාර් එකෙන් “ගල් අරක්කු” බොතලයක් ගේනවා බැන්කුවේ සීනියර් එකෙක්. ඉතින් ජුනියර් අපි බයිට් වෙවි බොනවා. දවසෙම පෝශණය ඉවරයි. මේක තමයි සතියේ දවස් පහකම වෙන්නේ. බාර් දෙකක් තිබුනා දෙක වෙන් කර ගත්තේ අකවුන්ට් නම්බර් එකෙන්. අනිත් බාර් එක 1063 වගේ මතක. දෙකෙන්ම අවුරුද්දට බෝතල් හම්බ වෙනවා. තේ ෆැක්ටරි වලින් තේ හම්බවෙනවා. පෙටා, චැතම් ස්ට්රිට්, සිටි, මරදාන සහ අනෙකුත් බ්රාන්ච් වලත් මේහා සමානව ෂර්ට්, බෝතල් සහ හෑම්පර්ස් හම්බ වෙනවා, ට්රේඩ් සර්විසස්, කෝපරේට් ෆය්නෑන්ස් තව වෑඩ්යෙන් හම්බවෙන ඩිපාර්ට්මන්ට්.


නිකන් දුන්නත් ඉතින් හෑමදාම බොන්න බෑනේ..අනික "ගල් අරක්කු" කියන්නේ ලාභම එක වයින් ස්ටොර්ස් කාරයත් අරැට දෙන්නේ ලාබ මගුල..ඕක බොන්න ගියාමත් බීල ඉවරවුනාමත් ගදේ බෑ.. ඇගට අමාරුවක් නම් නෑ ඒත් මුල් ශොට් දෙක තුන දාගන්නේ නාහේ වහගෙන ඇස් පියාගෙන...මෙච්චර කට්ටක් කාලා බොන්නේ මොන අහවල් එකකටද කියලා හිතුනා..මාත් එක්ක හිටපු අනිත් ජුනියර් එවුනුත් ටිකක් අද්යාපනයට බර මීටර් එවුන්...අපි ශේප් එකේ ක්වාටර්ස් එකේ පාඩම් කරන්න ගත්තා..අනිත් සින්නොත් මුකුත් කිව්වේ නෑ..අපි ඉතින් උන් කියන දේවල් අහගෙන ශේප් එකේ හිටපු නිසා..මුල් දවස් වල ටිකක් බරේ මොකද මුනුත් බීලා සින්දු කියලා ආතල් ගන්න එවුන් නෙමේ..අර බාර් වල ඉන්න ලොකු අශෝක වීදුරැ වල කටකපලා ශොට් දෙකක් දාලා කරටි කඩාගෙන ගොරොද්දෙ ඇද ඇද නිදා ගන්න සෙට් එක..අපි තමයි ඉතින් ගිටාර් එක ප්ලේ කරලා ක්ලැරන්ස්ගේ සින්දු, මිල්ටන්ගේ සින්දු, කැලිප්සෝ කියල උන්ටත් බොන එක ආතල් එකක් කරගන්න පුරුදු කරේ….ඉතින් අපි හැලුනම මුලින් ටිකක් බර බරේ..අපිත් ඉතින් තරහ කරගන්නේ නැතුව ශේප් න්යායෙන් කෑම කාබරේ පාඩන් කරන්න ගත්තා..ලොකු එවුන් ටික (ප්රොෆෙශනල් බෙබාලා) කාබරේකට වෙලා ගල් බෝතලේ බීලා "මල්ලිලා කොටයක් තියෙනවා" කියලා බුදියන්වා..අපි රෑ එක දෙක වෙනකන් ඉතින් පාඩම් කරනවා..තුන් දෙනා විශයන් තුනක් පාඩම් කරන්නේ..එකෙක් IBSL එකේ බැන්කින් එක්සෑම් කරනවා…මම ස්ලිම් එකේ මාර්කටින් සහ ACS (ඕස්ට්රේලියන් කම්පියුටර් සොසයිටි එකේ) ..අනිත් එකා එච් ආර් සහ සය්කොලොජි කෝස් එකක්…රස්නේ දවසට අපි බැල්කනියේ පුටු තුනක් දාගෙන පාඩම් කරනවා.. බැල්කනියේ ඉන්න කොට අපිට අහල පහල ගෙවල් පේනවා රෑ 12න් පස්සේ ගෙදරක කාමරේක ලයිට් එකක් දැම්මොත් අපේ පාඩම එතනින් ඉවරයි.. ඇයි ලයිට් එක දෑම්මේ කියලා එක එකා උපකල්පන දෙනවා..ඒවා ඉතින් කාටවත් කටක් ඇරලා කියන්නවත් මේ වගේ තැනක ලියන්නවත් පුලුවන් ඒවා නෙමෙයි..තුන්දෙනා ගෙන් එකෙක්ට වත් කෙල්ලෙක්වත් නැතිනිසා පුදුමාකාර ඒවා තමයි කියන්නේ..මේවා අහලා සයිකොලොජි එකා නිගමණය කරා අපිට තියෙන්නේ සුව කල නොහැකි කාම රෝගයක් කියලා..ඌට බැන බැන අපි නිදාගන්න යනවා.. ක්ලැරන්ස්ගේ "මගේ පැල්පතේ මා අදුරේ වෙලී මා..ගයමී මෙසේ”....සින්දුව කියකිය…

සමහර දවසට රෑට පාඩම් කරන්කොට බඩගිනි වුනාම කන්න මැගී ක්ෂනික නූඩ්ල්ස් ගෙනත් තියෙනවා...

                                                         To be continued………..

                                                          © පසන් , අප්රේල් 16, 2019.


පින්තූර ගත්තේ මෙතනින් අන්තර්ජාලයෙනි...

Wednesday, April 17, 2019

"ඕස්ට්රේලියාවට පහසුවෙන් වීසා දෙනු ලෑබේ”...’




හෙලෝඕව්...ඉස් දැට් පසාආආ…..ආන්….
යෙස්..
ඉට්ස් මී මචා...කැල්..හව් ආ යූ ඩොයින් බ්රෝ...
ගුඩ් ගුඩ්...කැල් කිව්වේ...සොරි මට මතක නෑ ඔයාව..?
යා යා බ්රෝ...සොරි සොරි නෝ නෝ බ්රෝ...මට වන්ස් උඹව සෙට් වුනා..XX අරයගේ පාටියේ...මම තමයි ඉතින් එතන වැඩ කරේ..එදා පොඩ්ඩක් වැඩි වුනා සෝ ඉතින් කුඩ්න්ට් ටෝක් විත් යූ…ඔයා වැඩිය බොන්නේ නෑනේ...යූ ඩොන්ට් ඩ්රින්ක් මච් නේ?…
නෑ ඉතින් බීලා ඩ්රයිව් කරලා අහුවෙන්න බෑනේ..මම ඔයාට පස්සේ ගන්නද? පොඩ්ඩක් බිසී බ්රිෆ් එකක් කරනවා..
යා යා බ්රෝ..නෝ නෝ..දිස් වොන්ට් ටේක් ලොන්ග්...
ආ...එහෙමද කැල් කිව්වට මට මතක් වෙන්නේ නැ ඔයාගේ නම…?
ආ..බ්රෝ මම නම කොට කරලා තියෙන්නේ "කොලඹාරච්චිගේ ලලිතසිරි" එක "කැල්" කරලා..මෙහේ අපේ අය ආදරේට "කණූ" කියලත් කියනවා...

හප්පට “කණුවා”..මිනිස්සුන්ට පොලු තියන්න ඩොක්ටරේට් එකක් තියෙන බීලා චාටර් වෙන එක ප්රොෆෙශනලි කරන ඩයල් එකක් මට එක පාරටම මීටර් වුනා..මේ යකා ඕස්ට්රේලියාවේ හෑම ප්රාන්තේකින්ම එලවපු සුපිරි නාකි කුකුලෙක්..නාකි කිව්වට පන්ස්පහක් හැටක් විතර වෙන ලන්කාවට පේන්න රගපාන මෙහෙට තඹදොයිතුවක වටිනාකමක් නැති එකෙක්..නාන්නේ නැති ඇබෝ ගෑනියෙක් බැදලා අකුරු දෙක ගහගෙන පස්සේ ඩිවෝර්ස් වෙලා අවුරුදු දෙකකට සැරයක් ලන්කාවෙන් ඔය වටේ ගිය ටිකක් පොත්ත සුදු එකක් බදිනවා..ඒකත් ඈවිත් ටික කාලෙකින් මූව දාලා ගිහිල්ලා සුද්දෙක් එක්ක ලිවින් ටුගෙදර් එකක් පටන් ගන්නවා.අකුරු දෙක ඇරන් ටික කාලෙකින්..සින්ගල් පේරන්ටින්, විඩෝවර් බෙනිෆිට් අරකද මේකද හම්බවෙන නිසා තමයි මේ රටේ ගෑණු බය නැතුව ළමයි හදන්නේ...මේක සස්ටේනබල් නැති නිසා කොහොමත් තව අවුරුදු 5කින් බඩු ශුවර්..ඔය මයිග්රේශන් අඩු කරන ඒවා සේරම මේ හේතු නිසා තමයි..ඒ වගේමයි මෙහේ ඩිවොර්ස් වෙනවා කියන්නේ ලන්කාවේ වගේ උසාවි බඩගාගෙන කරන්න තරම් අමාරැ නෑ...තියෙන්නේ "නෝ ෆෝල්ට් සිස්ටම්" එක, ළමයි නැත්නම්, එහෙමකට ඈසෙට් එකකුත් නැත්නම්..අපි දෙන්නා ගන්න ආතල් ගත්තා දැන් අවුරෑද්දක් වෙන්වෙලා ඉන්නේ කිව්වම ඩිවොර්ස් එක නිකම්ම දෙනවා..උඩ ලින්කුව එබුවා නම් ෆැමිලි කෝර්ට් එකේ සයිට් එකෙන් සේරම බලාගන්න පුලුවන්..ඕපන් මැරේජස් නුත් ඉතින් වැහිවැහැලා..ඔය ෆ්ලයි ඉන් ෆ්ලයි අවුට් ලේබර්  එවුන්ගේ ඉදන් ඩොක්ටර්ස් ලා, ටීචර් ලා, බැරිස්ටර්ස්ලා, ජජ්ලා පොලිටීශියන්ස්ලා දක්වා එහෙමයි..ගෙදරක් බැලන්ස් කරන්න දන්නෑති එවුන් රට බැලන්ස් කරනවා..හරි හරි ප්රොග්රෙසිව් රැඩිකල් පොරවල් දැන් රෙද්ද කරේ තියාගෙන එන්න එපා…මම මාතර කොල්ලා කොටු පනින ඒවා, ඇන්න පැන්නා සීන් මේව ඉතින් මැජික් නෙමේයි මටත්..ඒ වුනාට සිස්ටම් එක ඇබියුස් කරන එක  වගේම බොරැව දාන එකට මම අකමැතියි…..මට කේන්ති ගිහින් මේවා ගැන කියන කොට "හරි බන් එළ..තව අවුරුදු දහයකින් විතර ඕවා සේරම පාරේ තමයි...අපි කාළෙට ඉඩදීලා මේවා දිහා උපේක්ශාවෙන් බලා ඉන්න ඕන” කියලා තමයි මගේ හොදම යාළුවා කියන්නේ..ඒත් මේක බහුතරයක් දන්නේ නැතිනිසා ඔන්න මම ලියනවා….

මේ වගේ අපත එවුනුත් එන නිසා මම ඔය සමහර අවුරුදු උත්සව, දාන, පින්කම්, සමහර බර්ත්ඩේ පාටි, බොන පාටි වර්ජනය කරලා තියෙන්නේ...ඒ වුනාට ඔය පරණ පවක් පළදීලා නිසා නොයා ඉන්නම බැරි ෆන්ක්ශන් එකකදී මූව සෙට් වෙනවා..නිධාණ කතාව ගියපු දුර...ආපහු කතාවට…

මම  - ඉතින් කැල් මගෙන් මොනවද වෙන්න ඕන…
කණුවා - නෝ නෝ බ්රදර්..මම ඔයාගේ එෆ්.බී එක බැලුවා..කෝ මුකුත් නෑනේ..
මම  - අනේ මම එච්චර ඇක්ටිව් නෑ..
කණුවා -ඒකනේ මම අර ඉරා%$ha ගේ යාළුවා නේ..ඔයත් කොමන් ෆ්රෙන්ඩ් කෙනෙක්..එයා නම් මාරයි ආ..සච් අ ටැලන්ටඩ් පොයට්..හරිම හැපනින් අප්ඩේටඩ් පේජ් එකක් නේ..
මම  - කව්ද ඉරා%$haද ආ....ආ ඔව් ඔව්…
මේ ෆේස් බුක් එකේ දායක සභාවට ආතල් දෙන මගේ ඉස්කෝලේ මිත්රයා ගෑන කියන්නේ..
මම  - ආ ඉතින් එයා මොකද මේ දවස් වල කරන්නේ..
කණුවා -එයා බූක් වීක් එකට බූක් එකක් දාන්න වැඩ නේ…
මම - බුක් ෆේයා එක නේද? බුක් වීක් එකක් නෙමේයිනේ..ඒක ඉතින් එයාගේ හොබී එකනේ..
කණුවා -ඒකනේ මල්ලී ඔයාලත් එයගෙන් ඉගෙන ගන්න..බලන්න එයාගෙන් වෙන සේවය කළාවට…
ඈහ්..උගෙන් කළාවට සේවයක් වෙනව නම් දෙන්න ඕන "කළාරිට" සම්මාණය..මූගේ හැටි මමනේ දන්නේ...ෆේස්බුක් එකේ පොර වී ගෙදරට හා යාළුවන්ට චොරවීම කළාවක් නම් මගේ මිතුරා එහි පිකාසෝ වන්හම්හ...ඌට ඉතින් බූක් එකක් මාකට් කරගන්න, ඔය පොර ටෝක් ටිකක් දීලා, දායක සභාවට ආතල් එකක් දීලා..රැඩිකල් ටෝකක් දීලා..පරණ ලියපු කවියක පොටොවක් අප්ලෝඩ් කරලා කොමෙන්ට් දාන එවුන් එක්ක රගලා කරන ජීවිත මට නම් අදාලම නෑ..ඒක ගැන ඉතින් මට ප්රශ්නෙකුත් නෑ.."නානත්ථ කායා නානත්ථ සඥ්ඥා" ඉතින් මූ මොකද මටත් එහෙම වෙන්න කියන්නේ..:


මම - ඈයි කැල් එහෙම කිව්වේ? අපි ඉන්නේ ෆීල්ඩ් දෙකක..හිතන විදිය වෙනස්..ඒකනේ ලොකේ මේ විවිධත්වය හා සුන්දරත්වයට හේතුව...අපේ තියෙන වෙනස්කම් හින්දා නේද? 
කණුවා - නෝ නෝ බ්රෝ..ඒක ඈත්ත...ඩෝන්ට් ගෙට් ඔෆෙන්ඩඩ්..එදා කතා කරපු අය කිව්වා ලන්කාවේන් ශේප් එකේ වෑඩක් කරව ගන්න නම් ඔයා තමයි කෙනා කියලා..මට පොඩි උදව්වක් ඕනේ බ්රෝ...ආහ් ඔය තියෙන්නේ..හොරාට කලින් කැණ වෑට පෑනලා..මූට මේ උදව්වක් ඕන වෙලා තමයි මෙච්චර වෙලා තෙපර බාලා තියෙන්නේ…
මම - ඉතින් කැල් මට වෑඩිය මගේ යාළුවට කනෙක්ශන් තියෙනවා නේ..එයාට කියන්නකෝ..මට නම් එහෙම වෑඩක් කරගන්න අය ලන්කාවේ නැ..එයාලනේ ප්රසිද්ද චරිත අපි නෙමේයිනේ..
කණුවා - එයාට කිව්වා බ්රෝ..එයාට කරන්න විදියක් නෑනේ…
මම - හරි දැන් මොකක්ද වෙන්න ඕන? 
කණුවා -ලන්කාවේ කෙල්ලෙක් ඉන්නවා මෙහෙට ගෙන්න ගන්න මගේ චර්ච් එකක් රෙජිස්ටර් කරලා තියෙන්නේ..”රිලිජස් වර්කර් වීසා” එක ගහන්න ඔයා දන්න ෆාදර් කෙනෙක් නැද්ද?  සන්ඩේ ස්කූල් ඉගැන්නුවා කියලා ලියුමක් ගන්න..මම මෙහෙන් ඉතුරු ටික කරන්නම්..
මම - අනේ කැල් මම දන්න අය නම් නෑ..ඒත් ඉතින් මේ ළමයා ඈවිත් මෙහේ දේව සේවය කරන්නද? 
කණුවා - නෑ නෑ බ්රෝ මේ මම මැරි කරන්න ඉන්න කෙනා…ආවම මම මගේ ක්ලිනින් බිස්නස් එකේ වැඩට ගන්නවා...මම දැන් ඔය පරණ බඩු කේස් කුඩු කේස් වලින් අයින් අයින් වෙලා දෙවියන් ලගට වෙලා ඉන්නවා..මට උදව් කරන්නකෝ..
මම - සෝ සොරි කැල් මට නම් උදව් කරන්න බෑ..ඔයා බදින්න ඉන්නවා නම් ඉතින් “ප්රොස්පෙක්ටිව් මැරේජ්” හරි “පාට්නර් වීසා” හරි දාලා මෙහෙට ගන්න බලන්නකෝ..විස්තර දන්නැතුව මට ඔපීනියන් එකක් දෙන්න අමාරුයි..අනික මගේ පැත්ත නෙමෙයිනේ..
කණුවා - අපෝ බෑ බ්රෝ...මගේ පරණ ඩිවොර්ස් කේස් එක තාම යනවා..අනිත් ගෑණු තුන්දෙනාටත් සල්ලි දෙන්න ඕනනේ..මේ ගන්න හදන කෙල්ලත් ටිකක් දග කෑල්ලක්..එයාට සෙපරේට් වීසා ගත්තම මට පස්සට කරදර අඩුයි ඒකයි බැලුවේ..
මම - ආ ඒකත් එහෙමද?.....ඉතින් ඔයා මගේ යාලුවාගෙන් උදව් ඉල්ලන්නකෝ…
කණුවා - ඉල්ලුවා බ්රෝ..බොරු ළමා පොත දෙකක් විතර පබ්ලිශ් කරලා “ඩිස්ටින්ග්විශ් ටැලන්ට් වීසා” එකක් ගන්න..පොර බෑ කිව්වනේ..
මම - ඔයත් මාරයි..අවුරුදු හැට පහක් විතර වෙනකොට පොඩි තිස්පහේ කෑලි බදින්න හදනවා..ඇත්තටම කැල් ඔයා මට මේ වගේ දේවලට කතා කරන්න එපා..මම උදව් කරන්නෙත් නෑ..මේවා මම අනුමත කරන්නෙත් නෑ...සෝ සොරි..
කණුවා - එහෙම කියන්න එපා බ්රෝ..ඔය වික්ටර්ලා, අපොන්සුලා බදින්නේ ලන්කාවේ..මේක මේ අලුත් ට්රෙන්ඩ් එකක්..මට නම් හිතෙන්නේ මේක දේව කැමැත්ත...අනික කෙල්ලත් කැමතිනම් ඔයා ඔහොම පටු විදියට හිතන්න එපා මල්ලි..
මේකා මෙහෙම කිව්වම මගේ ඇගේ මාළු ස්වොන් රිවර් එකේ නටන්න ගත්තා..මල ජම්පින් වෙච්ච මම මෙහෙම කිව්වා…
“මට ඔයා පටු විදියට හිතනවා කිව්වට ඔයා තමයි ආගම මාරු කරලා දෙවියො විකුනගෙන කන්නේ..ලන්කාවේ ගෑණුන්ටත් ඕස්ට්රේලියාවේ කිව්වම නාකි හමක් වුනත් කමක් නෑ..ඈවිල්ලා අවුරුදු 5-6 ක් යනකොට තමයි කර ගත්ත මෝඩකම තේරෙන්නේ එතන්කොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..ඔය යුද්දෙන් ආබාධිත සොල්ජර්ස්ලා බැදලා අහින්සක ලස්සන පවුල් ජීවිත ගත කරන කෙල්ලො ඕන තරම් ඉන්නවා පුලුවන් නම් ඒ වගේ පවුලකට ගෙයක් හදලා දෙන්න ඒක පිනක්..මේ ෆේස්බුක් එකේ රගලා වටේ යන ගෑනුන්ට වීසා අරන් දෙන්න කලින්..ඒ වගේ වැඩක්  කරන්න”…
කියලා මම කියනකොටම අපේ පාස්ටර් පෝස්ටර් "ඕකේ මල්ලී, පස්සේ කතා කරමූ..ගෝඩ් බ්ලෙස්" කියලා ලයින් එක කට් කරා…ඔන්න මෙහෙ ඉන්න අයියලා…

දෑන් ඔය ලන්කාවේ ඉන්න අක්කලා, නන්ගිලා, ඈන්ටිලා, ආච්චිලා සේරම වීසා ගන්න බදිනවා නම් පරිස්සමෙන්, දැන් සුද්දොත් උන්ගේ දේපළ ඩිවොර්ස් වුනාම බෙදෙන්නේ නැතිවෙන්න තමයි වෑඩ කරන්නේ..හුගක් තායි, පිලිපීන් ගෑණු ඔසියෝ බෑදගෙන ආවට ඩිවොර්ස් එකෙන් පස්සේ ආපහු ඇග විකුණනවා මොකද උන්ට අර සුද්දගේ දේපළ හම්බවුනේ නැති නිසා..ඉස්සර වගේ ප්රිනප් ඇග්රිමන්ට් ගෑහුවෙ නැතුවට දැන් සුද්දො ලීගලි වෙන්වුනාට පස්සේ ශත පහක් වත් දෙන්නේ නැතිවෙන්න ගේම් ගහනවා..එකක් කෙළවුනාම ලෝකෙට පේන්න ආපහු තව එකක් ලන්කාවෙන් බදින අයියලාත් දැන් ඒක ෆලෝ කරන්වා....වයසට ගියාම ළමයෙක් නෑයෙක් නැති ඉන්න තැනක් නැතී ඒ ජීවිත ගැන කාලෙකට කලින් මියුරැ ගේ බ්ලොග් එකෙනුත් මම කියෙව්වා..ගිහින් බලන්නකෝ..මේ කියපු බොර්න් අගේන් අයියා ඔස්ට්රේලියව විකුනලා ලන්කාවෙත් ප්රෙයර් මීටින් තියෙනවා බලාගෙන අහුවෙන්න නම් එපා…මේ අය ඇත්තට දේව සේවයක් නෙමෙයි කරන්නේ..හොදට දසයෙන් කොටස අරගෙන හොර ගෑණූ ගෙන්නන්න..පාටි දාන්න වගේ වැඩ කරන්නේ..මොකෝ සෙමනේරි ගිහිල්ලා ඉගෙන ගෙන ආපු අය නෙමේ නේ..සුරේශ් රාමචන්ද්රන් ගේ සර්මන්, ටී ඩී ජේක්ස් ගේ, මයිල්ස් මුන් රෝ ගේ ඒවා අතරින් පතර බලලා කරන වැඩ වලට ඈත්තටම නඩු දාන්න ඕන මුන්ට..

කතෝලික විතරක් නෙමෙයි..බෞද්ධ අයියලාත් ඉන්නවා..ඉන්න ගෑණිට ආදරෙන් සලකන්නේ නැතුව පිටගෑණු අරගෙන බුකියේ දායක සභාවලට ශුණ්යත්වය, මමත්වයේ කෙලවර, නොන් ඩුවලිටි ගැන පොරටෝක් දෙන මේ වගේ අයට තමයි කියන්නේ වදුරන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගහන නූතන දේවදත්තලා සහ ජේසුස් වහන්සේ විකුණගෙන කන නූතනයේ ජූදාස්ලා….පරිස්සමෙන් හොදද....


                                                           © පසන්, පර්ත්, අප්රේල් 15, 2019.


                                                              පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...