පැරණි නටඹුන් අතීතෙක හීතලෙන් දැදුරැ වුනු…
ලොවක් සනහන ස්නේහ සිත් ඇත..
තැනින් තැන හිඳ නතර වී ගිය..
සිතැඟි අහුලන අහඹු මොහොතක…
පිපුණු මල් වල පිණින් දිදුලන…
සිහින් සරකින් බැඳුනු ලියමන නිවාලයි හද පිරැණු සරතැස…
නුහුරැ දුරැරට සීත කළු මැද…
රුවක් නොපෙනී ක්ෂිතිජ ඉම මත…
පිපුනු හදමැද ස්නේහයේ සුව ආදරේදැයි නොමදනී සිත…
අහිමිවීමත් විඳීමක් වුන..
නිවීමක් අග යලිත් ඇවිළුන..
අනන්තය වෙත පතල විසිරැම…
ඔබට දැනිනුද පිරිමි ❤️ හදවත...
© පසන්. 24/10/19.
පින්තූර අන්තර්ජාලයෙනි.