Sunday, April 18, 2021

ජමීලා!!

 


♥️..

රන්වන් තිරිඟු කරල් කෝමළ පාමින් නටනවිට..

වෙර්බ් ගස් මුදුනේ සිට,

මම අයිලය දෙස බලමි..


හිමිදිරි පාන්දර පිණිබිදු සහිත තණබිමේ 

අසුන්ගේ පිට පීරා මදින විට..

එපිට කඳුගැටයෙන් හිරැරැස් මා තවන විට..


ජමීලා, 

වසන්තයේ කූඩාරමට ඉහලින්,

මම නුඹ දෙස බලමි..


මාගේ ආදරය නුඹට නොදැනෙන්නේදැයි,

ස්ටෙප්ස් අහසේ සැරිසරණ රාජාලියාගෙන් අසමි..


මීට දනියාර්…


© පසන්, පර්ත්, 2021.

පින්තූර අන්තර්ජාලයෙනි.

3 comments:

  1. මෙහෙට ආවේ ඔන්න අද...ලස්සනයි කවිය..ජමීලා පොත මතක් උනා

    ReplyDelete
    Replies
    1. ආපු එකට හරිම සතුටුයි. හිමීට ආපහු ලියන්න ඕන.

      Delete
  2. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    ReplyDelete