Friday, August 30, 2019

ස්ට්රායා මේට්..දිස් ඉස් ස්ට්රායා.. “ඔසී ජොබ් සොයාගැනීමේ එක් ක්රමවේදයක්”



ඕස්ට්රේලියාවේ කෙනෙක් කරන වෘත්තිය අදාළ නොවේ කියන ෆේස්බූක් පෝස්ට් එකක් දැක්කා. ඒකේ කමෙන්ට්ස්නුත් කියවලා මගේ පොට්ට කාසි දෙකත් දාන්න හිතුනා.

ඔය කියන්න ඕනවෙලා තිබුනේ "ලේබර් ඔෆ් ඩිග්නිටි” (Dignity of labour) එක ගැන. ඔතන ලොකු අවුලක් තියෙනවා මෙහේ හැමෝම එක සමාණයි කිව්වට තමන්ගේ කාළය, ශ්රමය කැපකරලා ඉගෙන ගත්ත කෙනෙකුගේ ඵළදායීතාවය නුපුහුණු කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ..ඒ පුහුණුවට, ඉගෙනීමට, වෘත්තීයට මෙහේ ලොකු අගයක් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා..ඉතින් ඩොක්ටර් සහ ලේබරර් අතර මෙහේ පරතරයක් තියෙනවා..කළු හම සුදු හම අතර පරතරයක් තියෙනවා..ඉතින් ඕකට කරපු රිසර්ච් ටිකක් බලලා කතාකෙරැවානම් හරි..අපි නම් හැමෝටම එකවගේ සලකනවනේ ඒක ඉතින් සමානාත්මතාවය - බුද්ධාගමේ වගේම කතෝලික ආගමේ එන ඉගැන්වීම්නේ ඒවා. ඒ වුනාට ඒක මොනිටරි වයිස් එක තැනකට ගේන්න බෑනේ..ඉතින් ඔය බෙදීම තමා ලේබර්, ලිබරල්, ධනවත්, නිර්ධණ පංති විප්ලවා දක්වාම යන්නේ..ඒක කවදාවත් ඉවරවෙන්නෙත් නෑ..ඉවර කරන්නත් බෑ..හරි ඉතින් ස්කිල්ඩ් මයිග්රේශන් ලිස්ට් එක බැලුවමත් ඕකේ වෙනස තේරෙනවනේ..මේක ඉතින් ස්තරායනය කරලා, කේස් ස්ටඩි දාලා, ෆෝකස් ගෲප් ඩිස්කශන් තියන්න තරම් ඉතින් ලොකු අද්යන පරාසයක්..ඒ වගේම අදාළ රිසර්ච් කරපු අය අතර වෙන්න ඕන සාකච්චාවක්..

ඕස්ට්රේලියාවට මුලින්ම ඇවිල්ලා ඔය පොඩි පොඩි ජොබ් කලාට අවුරැදු 5-10ක් යනකොට තමන් යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා ඉන්නම ඕන. හැබැයි ඉතින් ක්ලබ් සීන් එකෙත්, බඩු සීන් එකෙත් ඉඳගෙන වැදිබණ කියන්න යනවානම් අවුරැදු 50ක් ගියත් බ්ලූ කොලර් පොරක් විතරයි. 

ඉගෙනගන්න ආසා නම්, කැපකිරීම තියෙනවා නම් ඇකඩමිකලි තමන්ගේ අරමුණට යන්නත් ප්රොෆෙශනලි වයිට් කොලර් එහෙමත් නැත්නම් මැනේජීරියල් ලෙවල් එකකට යන එක අමාරැදෙයක් නෙමේ. මිකැනික්ගෙන් පටන් අරන් වර්ක්ශොප් මැනේජර්ලා වෙච්ච අයත්, චෙෆ් ගෙන් පටන් අරන් රෙස්ටුරන්ට් මැනේජර්ලා වෙච්ච අයත්, අවුට්සයිඩ් ක්ලාක් ගෙන් පටන් අරන් ලෝයර්ස්ලා වෙච්ච අයත්, (ඔය හැමෝම වගේ ඉන්වෙස්ට්මන්ට් ප්රොපටීස් මෙහේ හරි ලංකාවේ හරි අරගෙන දාලා, හොඳ රස්සාවක් කරගෙන දරැ මල්ලෝ හදාගෙන ලංකාවටත් අනෙක් මිනිස්සුන්ටත් උදව්පදව් කරගෙන ඉන්න ආදර්ශමත් අය) ඕස්ට්රේලියාවේ හැම ප්රාන්තෙකින්ම හොයාගන්න පුළුවන්….හැබැයි ජීවිතේ පික්සු කෙලලා නම් ඉතින් සොරි තමා ඒ අය දිහා ලොන්ජිටියුඩනල් සර්වේ එකක් දාගෙන ඉන්න..(හොරෙන් ඈ)…

(හැබැයි අර 👆 කියපු බැලන්ස් ප්රොෆෙශනල අයත් ලංකාවේ හිටියා නම් ඒ අය මෙහෙට වඩා හොලිස්ටිකලි ඉහළතැන් වල ඉන්නවා, ඒක අන්තිමටම බලන්න මම බැලන්ස් කරන්න ඕන ලයිෆ්ස් පහක් කෙටියෙන් එලැබොරේට් කරනවා..)

මේක පට්ට දිග වෙයිද මන්දා..කොහොම වුනත් මම සමහර අයගේ ප්රොෆයිල් වලින් දේවල් කොපි කොරන් තියන් ඉන්නවා.. ඔය සොබ්බ ඩයල් දෙක තුනකුත් තියන් ඉන්න ඕන මොකද දන්නවද? ආ..ඒක මෙහෙම සිරාවට කියලා තිබුනා "හිමාලි දිසානායක - ජූලි23" මගේ යාළුවෙක් නෙමෙයි හැබැයි ලියමන මරැ හින්දා මම කොපිකර ගත්තා..  

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
FB - හිමාලි දිසානායක
July 23 at 11:00 AM · 

සමහර මිනිස්සු හරියට කොකාකෝලා වගේ..

කොහොම නිර්මාණය වෙච්ච උන්ද කියල නොදැනම අපි උන්ව ජීවිතේට එකතු කරගන්නව...

ඇගට හොදනෑ කියල දැන දැනම, ඇගටම ගන්නව..

"ආයෙ න්ම් ඕනෙ නෑ.. මේ අන්තිම පාර!" කියල හිතින් හිතාගත්තත්, ආයෙ උන්ටම උදව් කරනව..

" ඕව බොන්න එපා. වස!" කියල අනුන්ට උපදෙස් දෙනව, ඒත් තමන් බොනව!

අච්චර fresh juice තියෙද්දිත්, කෝක් එකක් ගැහුවාම තරම් කික් එකක් නෑකියල හිතනව..

ඒ වගේ උන් කී දෙනෙක් ජීවිතේ ඉන්නවද??? 
අනුන්ට බොරු පංඩිත උපදෙස් දෙනව, හැබැයි මෑන් තරම් කෙප්ප ගොනෙක් ලොවෙත් නෑ.

ගෙවල් ලස්සනට තියන් ඔන්න හැටි ගැන ලෝකෙ නැති vidoes දානව, හැබැයි ගෙදර සින්ක් එකේ කලින් දවසෙ කාපු හැලි වලනුත් ගොඩ ගැහිලා..

ලමයින්ව හදන හැටි ගැන කියා දෙයි මොන්ටිසෝරි මැතිනියටත්. ඒත් ලමයි හදන්නෙ නෑ " වදයක් " ලු...

සකසුරුවම් ගැන ටෝක්ස් තමා ටෝක්ස්...ඒත් ලෝකෙට ණය!

ම්න් න්ම් කියන්නෙ උනුත් ඉන්න ඕනෙ.. 
ඒවගේ අය කීප පොලක්ම මාත් මේකෙ දාගෙන ඉන්නෙ. ..
අපි ආතල් දෙනව විතරක් නෙමේ, ඔය වගේ
" සර්වලෝක පිත්තල දිස්න " උන්ගෙන් ආතල් ගන්නව ආයෙ ලොවෙත් නැතුව !!! 😀😀😜😜

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉතින් ඔය සේරම ඔපීනියන් කියවලා මේ මගේ පොට්ට කාසි දෙක මම ඔසී ජොබ් හොයපු විදිය..කතාවක් විදියටම දාන්නම්කෝ..ඔයාලත් කියවලා බලන්න ගොඩයනවද කියලා..හරි ගියොත් තව කෙනෙක්ට කියලා දෙන්නකෝ..

ස්ට්රායා වල ජොබ් සෙවීමේ මගේ විශේශිත ක්රම වේදයක් ඇත (මේක මේ 2007 කරපු එක හැබැයි "ස්ටුඩ් ද ටෙස්ට් ඔෆ් ටයිම්" සෝ ශෙයාරින් විත් යූ ඕල් ආ...දැන් ඉන්න සෙක්ට එකේ නම් ඉතින් කන්ටැක්ස් ම තමා බ්රෝ..). ඒ නම් පලමුව ජොබ් ඒජන්සියේ බැන්කු වලට ඉන්න රිකෘටර් හොයාගෙන සීවී එක ඊමේල් කිරීමයි..පසුව දවසකට දෙකකට පස්සේ කෝල් එකක් දීලා කතා කරනවා ජොබ් ඉල්ලන්න නෙවෙයි..එම්ප්ලොය්මන්ට් ට්රෙන්ඩ්ස් ගැන වගේ කතාකරන්න තුන්වෙනුව ශේප් එකේ කොෆී එකකට සෙට්වෙනවා..එතකොට නිකම්ම වැඩේ ගොඩ..මම මේක ලන්කාවේ එවුන්ට අනන්තවත් කියනවා..උන් මේක කරනවා මුල ස්ටෙප්ස් දෙක ලෙසටම හැබැයි තුන කාගන්නවා..කොහොමත් බෑංකින් & ෆයිනැන්ශල් සෙක්ට එකේ ඉන්න රිකෘටින් කෙල්ලො ලස්සණයි..ඒ වගේම බොහෝම ඇප්රරොචබල් සෝශල් එවුන්..කෝපි බොන්න ගියාම අපේ ලන්කාවේ බූරැ වාහෙලා මුන්ව වෙන ඒවලට සෙට්කරගන්න බලනවා..ඒජන්සි එකෙන්ම බ්ලැක්ලිස්ට් වෙලා ජොබ් කරගන්න බැරුව ලොකු ටෝක්දදා ක්ලිනින් කරන්වා..අපි පව් කියලා අපේ යාලු සුද්දියොන්ට කියලා රෙකමන්ඩ් කරාට උන් ඇවිත් අපේ එවුන් එවපු මැසේජ්ස් පෙන්නනකොට බඩකපාගෙන මැරෙන්න හිතෙනවා. පොඩි කොල්ලො වගේම ළමයි දෙක තුන ඉන්න ලන්කාවේ හොද ජොබ් දාලා මෙහේ ඇවිත් වාත වෙන නාකි පොරවලුත් මුලින් රස්සාව ගන්න නෙමෙයි බලන්නේ පොඩි කෑලි වලට සෙට් වෙන්න...මෙන්න මේ හේතුව නිසා මම ලන්කාවේ හොදම දන්න බොක්කකට ඇරෙන්න වෙන එකෙක්ටවත් ජොබ් වලට සපෝර්ට් දෙන්නේ නෑ..දන්න එවුන්ට නම් එනකොටම බෑන්කින්ද ලීගල් සපොර්ට්ද ජොබ් සෙට් කරලා දෙනවා..


මෙහේ ආපු මුල් දවස් වල මට ජොබ් ඒජන්සි හත අටකින්ම කතා කරා (ඔය උඩ කිව්ව කෝපි ස්ට්රැටජිය වැඩ කරනවා ඇ..කෙල්ලො නම් ඉතින් මොනවද නේහ්...අනික ඉතින් ඕවා ඉමොශනල් ඉන්ටෙලිජන්ස්..මාතර අපිට කොහෙත් එකයිනේ...), හේයිස්, රොබර්ට හාල්ෆ්, හඩ්සන්, කෙලී සර්විසස් සහ චෑලෙන්ජ් රෙකෘට්මන්ට් ටික වෙන් කර ගෙන ඒකෙනුත්…මම කෙලී සර්විසස් එකට ගියා ඒකේ හිටියේ ලෝරා පැටර්සන් කියලා යූකේ කෙල්ලෙක්. ටිකක බරසාර එකක් හැබැයි හොද කෙල්ල..මම මුලින් පටන් ගත්තේ ටෙම්පින් (ටෙම්පරරී) හැබැයි ෆුල් ටයිම් වැඩ සෙට් වුනා..මොකද මම මාර ෆ්ලෙක්සිබල් හින්දා..ටෙම්පින් හින්දා මම එක එක දවසට යන බ්රාන්ච් වෙනස් වෙනවා.අද සවුත් පැත්තේ ඩොටේ බ්රාන්ච් එකක වැඩට යන මම හෙට සිටි එකේ, අනිද්දා නොර්ත්වල ඩොටේ තැනක. සමහර වෙලාවට සවුත්වල ඩොටේ බ්රාන්ච් එකකට ගිහිල්ලා අමාරුවෙන් පාකින් හොයාගෙන බ්රාන්ච් එක ඇතුලට යන්කොට ලෝරා කතා කරලා අහනවා නොර්ත්වල බ්රාන්ච් එකකට යන්න පුලුවන්ද කියලා "නෝ ප්රොබ්ලම් ලෝරා ජස්ට් ගිවි මී වන් අවර් ටු රීච් දෙයා" කිව්වම ඒකිට ෆුල් හැපී.."යු ජස්ට් මේඩ් මයි ඩේ ඩාලින්" කියලා මාව මුරැන්ගාගහේ උඩම තියෙනවා..ඔය වගේ ඒවා හින්දා උන්ට මන් ගැන විශ්වාසයක් ඇතිවුනා..අනික අපි වල් ටෝක් දාගෙන ෆර්යිඩේ බීගෙන ක්ලබ් බඩගාන ඩයල් නෙවෙයිනේ..ඉතින් අර ලන්කාවේ ප්රොෆෙශනල් ප්රොෆයිල් එක ශේප් එකේ හදාගත්තා..ඒ කියන්නේ අරමුණක් ඇතිව මෙහෙට ආපු, ජීවිතේ සරළව විදින බැලන්ස් එකේ ඉන්න කැටගරි එක.. දැන් එතකොට ඔයාලා බලයි අනෙත් කැටගරි මොනවද කියලා නේද? 

මෙහෙත් ඉන්නවා එක එක අප්සැට් කැටගරි වල පොරවල්, පළවෙනි කැටගරි එක තමයි බොරැව දාලා මෙහේ ආපු කොලිෆිකේශන් නැති බොරැවෙන්ම ජීවත්වෙන චාටර් සෙට් එක. ප්රසන්ටේජ් (percentage) එකක් වශයෙන් ගත්තොත් 40%  විතර ඉන්නේ උන්. මේ එහෙම එකෙක් ගැන කතාව...මම ලන්කාවෙන් ඇවිල්ලා එක එකා කියන් දේවල් අහන්නේ නැතුව උඩ කියපු විදිහට ඇප්රොච් කරලා බැන්කුවලටම සෙට් වුනා..ඔහොම ඉන්නකොට දවසක් සුපර්මාකට් එකකදී ලන්කාවේ පොරක් සෙට් වුනා..එයා තමයි මුලින්ම කතා කරලා එයාවම ඉන්ට්රොඩියුස් කරලා ලොකු වන්ශෙන් දෙන්න ගත්තා..පොරට ගෙවල් 7ක් තියනවලු..බිස්නස් දෙකක් තියෙනවා..පර්ත් වල ඉන්න සේරම ලොකු පොරවල් එයාගේ යාලුවෝ..මට මොනවහරි වුනොත් මුලින්ම එයාට කතා කරන්න කිව්වා..මමත් ඉතින් ගොනා පාර්ට් එක දාගෙන අහගෙන ඉන්නවා..මගේ ට්රොලියේ තියෙන්නේ චිකන් කිලෝ පහක් වෙන වෙනම කිලෝ එක ගානේ, බ්රෙස්ට් පීසස් තයිස් වෙන්වෙන්ව..(පට්ට කුක් ඇ..සමහර දවසට මම ඔසියොන්ට උයනවා උන් අඬ අඬ කන්නේ..තුනපහ දාලා මිරිසට හැදුවම පට්ට රසයි..හැබැයි පට්ට සැරයි..සැර නිසා දුම් දාගෙන කඳුළු පෙරාගෙන අඬනවා හැබැයි රස නිසා නවත්තන්නේ නැතුව කනවා..හැක් පරණ ඇරියෙස් කැමෙනුත් කවර් කරන්වා..) රතුහාලේ බත් 10kg පැක් තුනක්, බිස්කට්,චීස්, ජූස් පැකට්, ටූ ලීටර් මිල්ක් බොට්ල් දෙකක්.. කැරට්, බෝන්චි, අමු මිරිස් වගේ එලවළු,බිත්තර හැටක්..ඔය වගේ ඒවා තමයි.. මේ යකාගේ එකේ තියෙන්නේ ෆ්රොසන් පිට්සා, මිනරල් වෝටර්, ෆ්රොසන් වෙජීස්, කැනලොනි, තඩි චිප්ස් පැකට්, ඌරු මස්, දැල්ලෝ වගේ ඒවා.මිනිහා තව කජු වගෙත් අරෙගෙන මට කියනවා "මම හොදට කන බොන මිනිහා මල්ලී, ජේසු පිහිටෙන් කොලෙස්ට්රොල්, ප්රෙශර් නෑ"  කියලා.කොහොම හරි කයිය දාගෙන චෙකවුට් එකලගට ගියා, වැඩිහිටියනේ කියලා මම මිනිහට ඉස්සරවෙන්න දුන්නා..චෙකවුට් එකේ කෙල්ල බඩු දාද්දී මිනිහ මගෙන් අහනවා බොනවද කියලා මමත් ටිකක් කල්පනා කරලා කිව්වා, "අයියේ ලන්කාවෙදි නම් ටිකක් බිව්වා බැන්ක් එකේ ඉන්න කාලේ දැන් නම් කාලෙකින් බිව්වේ නෑ”  කියලා. ආ..අද මගේ ගානේබොමු මල්ලි ඉන්න මම එහාපෑත්තේ "බී ඩබ්ලිව් එස්" එකෙන් බොට්ල් එකක් අරන් එන්නම් කියලා උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් මාරු..චෙකවුට් කෙල්ල සේරම බෑග් වල දාලා මගෙන් අහනවා "වෙයර්ස් යුර් ෆ්රෙන්ඩ්? ද ටෝටල් ඉස් ඩොලර් 178 ඈන්ඩ් අයි කාන්ට් හොල්ඩ් ද කිවු (queue) කියලා" මම මගේ කාඩ් එකෙන් උගේ බිලත් ගෙවලා මගේ බඩුත් අරගෙන එලියට එනකොට මේන්න මූ එනවා හිනාවේගෙන “ඕ සොරිමල්ලි අයි හැව් ටු ගෝ ටු ද ෆිලින් ස්ටේශන් ටු ගෙට් සම් සිගරෙට්ස් බට් ඉන් ද "බී ඩබ් එස්" දේ ඩෝන්ට් හැව් මයි ස්ට්ෆ් සෝ විල් කැච් අප් ලේටර්"  කියාගෙන. එහෙම ඇවිත් උගේ ට්රොලි එකත් අරගෙන මුකුත් වුනේ නෑ වගේ ගියා..මමත් ඉතින් බලු කපුටු දානයක් දුන්නා කියලා හිත හදා ගත්තා.. 


මම කිව්වනේ මම ටෙම්පින් කරන් හින්දා එක එක බ්රාන්ච් වලට යනවා..එක තැනක වැඩ පොඩ්ඩක් වැඩිවෙලා ට්කක් රෑ වුනා..මම බ්රාන්ච් එකෙන් එන්කොට මෙන්න එදා පොල්ල තිබ්බ ඩයල් එක වැකුම් එකක් කරේ තියාගෙන බ්රාන්ච් එක පැත්තට එනවා..මම ආපහු බ්රාන්ච් එකට ගිහින් වොශ් රැම් එකට වෙලා ටිකක් ඉදලා ආවා..මට බිස්නස් දෙකක් තියෙනවා කිව්ව එකා බ්රාන්ච් එක ක්ලීන් කරනවා දාඩිය දාගෙන.. බැලුවම ඌට තියෙන්නේ ක්ලීනින් බිස්නස් දෙකක්..එකක උගේ වයිෆ් ඒජ්කෙයාර් ෆෑසිලිටි එකක් ක්ලීන් කරනවා මූ බැන්කු ටිකක් ක්ලීන් කරනවා..මමත් ඉතින් "ආ අය්යා කොහොමද” කියලා සින්හලෙන් කතා කරා..ඌ එතනත් නයි අරිනවා..”අයි ඈම් සෝ පිස්ඩ් මල්ලී මයි වර්කර් ගොට් සික් සඩන්ලි සෝ අයි හැව් ටු ඩු දිස් අදර් වයිස් අයි ඩෝන්ට් ඩු දිස් ස්ට්ෆ්” කියලා එතනත් නයා අරිනවා..එතකොටම උගේ ගෑණි කතා කරා, "එක්ස්කියුස් මල්ලී වන් මිනිට් ආ" කියලා ඌ ආන්සර් කරනවා පෝටබල් වැකුම් එකක් කරේ දාගෙන..ලග හින්දා කියන දේ මට ඇහෙනවා, උගේ ගෑණිට මළ පෑනලා ඒජ් කෙයා එකේ නාකි මිනිහෙක්ට බඩ ගිහිල්ලා කාමරේ ඇද ගාව ඉදන් ටොයිලට් එක ගාවටම බිම ජරාකරලා..ගෑනි කියනවා ඌට එන්නලු..ඒ ගෑනි ඒක කියපු විදිහ අහලා මට වමනේ යන්න ආවා..මම එහෙමම ඌට හැන්ඩ් සිග්නල් වලින් යනවා කියලා ආවා..දෑන් ඉතින් කියවන කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඔය රටවල් "ලේබර් ඔෆ් ඩිග්නිටි" (Labour of Dignity) තියෙනවා මොනව කරාම මොකද කියලා, මේ යකා මෙහෙට ඇවිත් තියෙන්නේ දෙවියෝ විකුනලා, මෙහේ තිබුනා රිලිජස් වර්කර් කියලා වීසා කැටගරි එකක් (සබ් ක්ලාස් 408 කැටගරි එක), දේව සේවයට එන්න ඕන වෙන්නේ පල්ලියේ ෆාදර්ගේ ලියුමක් විතරයි, ඒවත් එක්ක බොරු පවුල් පොත් ගහලා, බැප්ටිසම් සර්ටිවිකට් ගහලා මෙහෙට එනවා. ඇවිත් දේව සේවය පැත්තක බොරු කොම්පැණි දාගෙන කුනු අදිනවා..අලුතෙන් ආපු එකෙක් දැක්කම බොරෑ ශෝ දානවා...ඉතින් එහෙම කරලා ඇවිත් අපිටත් පොලු තියෙන්වා ඉතින් ඔයවගේ එවුන්ට නාකි සුද්දන්ගේ ජරාව අදින්න නෙමේ ජරාව කන්නයි වෙන්න ඕන…

තව එවුන් ඉන්නවා (20% විතර) වොකේශනල් ක්වොලිෆිකේශන් ටිකක් හදාගෙන හිමීට ලන්කාවෙ ඔලුව උස්සගෙන එන්කොට ඔය බ්රික් ලේයින්, කොමර්ශල් කුකරි වගේ බොරු සර්ටිෆිකේට් දාලා මෙහේ පීආර් එක දාගත්ත එවුන්.. උන්ට ඉතින් ආපහු ලන්කාවට යන්නත් බෑ ඒක නිසා කටු කාගෙන ලන්කාවට බොරුවට බැන බැන ඉන්නවා..මෙහේ ටැක්ස් සිස්ටම් එක හින්දා තමයි නිව්ස්ටාට්, සින්ගල් පෙරන්ට්, විඩොවර් බෙනිෆිට් සේරම දෙන්නේ  අපෙන් ඔය ගන්න ටැක්ස් එකෙන්... හැබැයි ඔය ටැක්ස් සිස්ටම් එක අර 'ටැක්ස් සිස්ටම් එක්ස්ප්ලේන්ඩ් ඉන් බියර් වීඩියෝ"  වගේ සරළ නෑ. අපේ මෝඩ සෙට් එකට ඕනෙම ගූගොඩක් සුද්දෙක් කිව්වම හොදයි කිවිවම හොයල බලන්නේ නැතුව කරේ තියාගන්න නිසා හිතන් ඉන්නේ හරිම සාධාරණ ප්රොග්රෙසිව් සිස්ටම් එකක් කියලා, උන් සේරම හැලිය රත් වෙනකන් ඉන්න ගෙම්බො වගේ..කාලේ ගිහිල්ලා නාකිවුනාම රජයෙන් හම්බවෙන එකෙන් ජීවත් වෙන්නත් බෑ..ආපහු ලන්කාවට යන්නත් බෑ..කරගත්ත දේකුත් නෑ..ඉදිරියකුත් නෑ..මුන් සේරම එකම කැටගරියේ..සෝබන කුක්කෝ..


අනිත් එක තමයි රිෆුජි කැටගරිය..යුද්දේ කාලේ කැඩිච්ච එකම ගේ පැති හතරෙන් ෆොටො ගහලා පවුල් හතරක් වීසා දානවා..කාලෙකට කලින් බෝට්ටුවෙන් ආපු එවුනුත් එහෙමයි..මෙහේ ප්රසන්ටේජ් එකකට 15% වගේ ඉන්නේ..උන්ට ඉතින් කොහොමත් ආතක් පාතක් නැනේ...ඔය වැදි ගෑනියෙක් එක්ක සෙට් වෙලා (ඈබොරිජිනල්) ඔහේ ඉන්නවා අරමුණක් නැතිව පාවෙන චරිත...උන් ගෑන නම් ඉතින් මෙයිට වඩා කියන්න දෙයක් නෑ..උන්ගෙන් අපට වැඩකුත් නෑ..උන්ට වැඩකුත් නෑ..රටට වැඩකුත් නෑ…

ඊලග (25% විතර) කැටගරිය සබ් කැටගරි තුනකට විතර කඩන්න පුලුවන්, මුල්ම එක බර කාලෙකට කලින් මෙහෙට ආපු ඩිග්රි කොලිෆයිඩ් ප්රොෆෙශන්ල්ස් ලා..උදාහරණෙකට ගත්තොත් දෑන් අවුරුදු 50 -60ක් විතර වෙන අර්ලි තර්ටීස් වලවගේ මෙහෙට ආපු සෙට් එක (1960 ගනන්වල වගේ මයිග්රේට කරපු අය). ඔය ගොඩක් ඉන්ජිනියර්ස්ලා, ඩොක්ටර්ස්ලා (යුනිවර්සිටිවල් පී ඒච් ඩී ඩොක්ටර්ස්ලාද ඇතුලුව ) ඒ අයට කොහොමත් ලන්කාවට යන්න බෑ, ප්රධාන දේ ලන්කාවේ එයාලගේ මට්ටමේ හිටපු සේරම කැරියර් වයිස් ටොප් ලෙවල් වලට ගිහිල්ලා..මෙහේ තියෙන බැම්බු සීලින් / ග්ලාස් සීලින් එක හින්දා සාමාන්යයෙන් කලු හම තියෙන අය ඉහළම පොසිශන් වලට ගන්නේ නෑ..මේකට බැම්බු සීලින්ග් කියලා ඉස්සර කිව්වේ ඒශියන් අයට ඉහලට යන්න නොදීම නිසා..ස්ටැටිස්ටිකලි ඒශියන් බැක්ග්රවුන්ඩ් එකෙන් එන එක්සෙකටිව් මැනේජර්ස් ලා 1.9% වගේ ලීඩර් ශිප් රෝල්ස් වල බොහොම අන්ඩර් රිප්රෙසෙන්ටඩ් අය.ඉතින් ලැජ්ජාව වහගෙන ලන්කාවේ පාරවල්වල් ට්රැෆික්, කුණු, දෙශපාලණේ අරව මේව කියව කියව මෙහෙට වෙලා සුද්දන්ට යටවෙලා තමයි මේ පොරවල් ඉන්නේ..මම දන්න අවු.50 -60 කොලිෆයිඩ් ඩයල් ඕස්ට්රේලියන් අවු.35-40 පොඩි කොල්ලො යටතේ වැඩකරනවා..මේවා හොදට හොයල බැලුවොත් ඕන කෙනෙක්ට හොයාගන්න පුලුවන්..අනිත් එක මේ මිනිස්සු උන්ගේ ලමයි හදලා තියෙන්නේ ලන්කාවේ විදියට නෙමෙයි.. වැඩේ කියන්නේ ඕස්ට්රේලියන් විදියටත් නෙමෙයි..ඉතින් උන් සන්ස්කෘතික අනාතයෝ..උන්ට ඉතින් දෙමව්පියො වගේම මෙහේම කාගෙන වැටීගෙන ඉන්න එක තමයි එකම් ඔප්ශන් එක..


අනිත් එක තමයි දෑනට අවු.10 -15 කට විතර කලින් ආපු ප්රිරොෆෙශනල් සෙට් එක ඒ කියන්නේ බී. කොම්, මැනේජ්මන්ට් වගේ ඩිග්රි ගහලා තියෙන අකවුන්ට්ටන්ට් ලා, ඔඩිටර්ස්ලා, ලෝයර්ස් ලා,  කිව්. එස් ලා වගේ අය , ගෙදරක් හොද සබර්බ් එකකින් අරන් වාහන දෙක තුනක් තියාගෙන ෆේස් බුක් එකේ ට්රැවල් ෆොටොදාන සෙට් එක..මේඅයට කෝපරේට් සෙක්ට එකේ කැරියර් ප්රොග්රෙශන් එකක්, අප්වර්ඩ් මොබිලයිසේශන් එකක් නෑ..ඉතින් හුග දෙනෙක් හිමිහිට තමන්ගේම කන්සල්ටන්සි, ටැක්ස් ෆර්ම්ස් එහෙම නැත්නම් පර්සනල් ඉන්ජරි, මයිග්රේශන් ලෝ හරි කන්වේයන්සි ෆර්ම් එකක් දාගෙන ඔප්පුවක් ලියාගෙන ඉන්නවා..මෙහෙම දේ වලට යනකොට තමන්ගේ කාළය ඒවට වැය කරන කොට ඩිවොස්, අයාලේ ගියපු ළමයි ඉතින් සුලබයි..හොරකොටු සෙට් කියලත් කාඩ් ගහන්නේ මුන්ට..මේ සෙට් එක තම්යි අපි ළමයි වෙනුවෙන් තමයි සේරම කරන්නේ කියාගෙන පන්සල් පල්ලිවල ෆොටො අප්ලෝඩ් කරන සෙට් එක. උදාහරනේකට ගත්තොත් අර තමන්ගේ ගෑනියි සුද්දියෙක් එක්කත් එකට ආතල් එකක් ගන්න ගිහින් ගෑනි මිටියෙන් ගහලා මරපු ජිනේXXඩ්ර කියපු ඩොකා මතකද? අන්න ඒ වගේ පිටින් ප්රොෆෙශනල් වුනාට ඇතුල කුනු ඩයල් උන්ටත් ඉතින් තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..ඔය මිනිස්සු ලන්කාවේ හිටියනම් මෙයිට වඩා හොදට ලමයි හදාගෙන ලස්සන පවුල් ජීවිත ගතකරන්න සමහර විට ඉඩ තිබුනා..මේ රටවල ආගමික පරිසරයත් "බො" යන්න තමා, පන්සලේ උත්සවේකදි නම කිව්වේ නෑ කියලා පොරක් දානෙත් නැවැත්තුවා..

දෑන් ඉතින් ඔයාලා බලනවා ඇති අනුන්ට මඩගහන මූ මොන සෙට් එකේද කියලා, මඩක් නෙවෙයි ගැහුවේ ඕක තමයි ඇත්ත තත්වේ තමන්ට ප්රොෆෙශනලි ඉදිරියක් තියෙනවා නම්, අවන්කව ආදරේ කරන දුකට සැපට එකට ඉන්න බිරිදක් හෝ ස්වාමිපුරුශයෙක් ඉන්නවා නම්, යුතුකම් කරන්න දෙමව්පියෝ සහොදර සහොදරියො ඉන්නවා නම්, ඉපදුන රටට සමාජයට යමක් කරලා, දුදරුවන්ට හෙටක් හදලා මෑරෙන්න ඕන කියලා හිතනවා නම් මොන ලබුගෙඩියකට මේ ඕස්ට්රේලියා  එන්න කියල මැරෙනවද මන්දා..


ට්රෑෆික් ගැන කියන එවුන්ගෙන් අහන්න තියෙන්නේ ඔච්චර අවුල ටැක්සි එලවනවද කියලා..මොකො මෙහෙත් වෙනසක් නෑ. උදේ 6.42ට ක්විනානා ෆ්රිවේ එකට දෑම්මම 100ට ගියෑකි..උදේ 6.45ට දෑම්මම 40ට ගියෑකි..කොහොමද විනාඩි තුනේ වෙනස..මම ලමයට උදේට කවලා, කෑම දාලා උදේ 6.35ට යනවා..හවසට එක්කෝ පෑය 1/2 ක් කලින් එනවා, නැත්නම් පෑය 1/2ක් පරක්කු වෙලා එනවා...කුණු කොහෙත් තියෙනවා..එක්කෝ බැරල් එකක් ගෙනල්ලා කොම්පොස්ට් හදලා දෑම්ම නම් ඉවරයි.

ඉතින් මේක කියවලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා…මම කියන දේ තේරැම් ගන්න අයත් ඇති තේරැම් නොගන්න අයත් වැඩි ප්රමාණයක් ඇති..කාළාම සුත්රයේ බුදු හාමුදුරුවෝ කිව්වා වගේ සොයලා බලලා කියනදේවල හරයක් තියෙනව නම් අර ගන්න..සතුට තියෙන්නේ ඕස්ට්රේලියාවේ වත් එන්ගලන්තයේ වත් නෙමෙයි..තමන්ගේ හිතේ..හිතේ සතුට නැත්නම් කොහේ ගියත් වැඩක් නෑ සතුටක් නෑ..ඉස්සෙල්ලාම තමන් තමන් ගැන, පවුල ගැන සතුටුද බලන්න. යන්නෙ ඇයි? මොකටද?  හොඳට හිතලා බලන්න..සල්ලිනම් කොච්චර හම්බකරත් ඈතිවෙන ජාතියක් නෙමයි. තමන්ගේ සීමාව මොකක්ද කියන් එක තමන් දැන ගන්න ඕන..එතකොට සතුට විදින්න මොකක්ද කරන්න ඕන කියල අනුන් කියන්න ඕන නෑ තමන්ම දන්නවා….


මේ මම වගේ අය තමයි ඉතිරි වෙලා ඉන්න සුලු පිරිස (5% වගේ) සාදු කාරයක් දෙන්න පින්වතුනි..ඉතිරි ටික අහන්න..., මේ සෙට් එක තමයි බැලන්ස් කරන සෙට් එක..මොනවද බැලන්ස් කරන්නේ දන්නවද? ජීවිත පහක් බැලන්ස් කරනවා..කොපි රයිට් නෑ..ඔයාලත් මේක ඩිවලොප් කරලා පුළුවන් නම් මිනිස්සුන්ට කියලා දෙන්න.ඇකඩ්මික් ලයිෆ්, කෝපරේට් ලයිෆ්, සෝශල් ලයිෆ්, රිලිජස් ලයිෆ් සහ ෆැමිලි ලයිෆ්, ඔය පහ බැලන්ස් කරන එක තමයි කරන්නේ..එකක් වත් අඩු කරන්නේත් නෑ..වැඩි කරන්නේත් නෑ.

ඔහොම බැලන්ස් කරන සුලු පිරිසක් මේහෙත් ඉන්නවා... හැබැයි ඔය බැලන්ස් කරන එක හරි අමාරැයි..ඒකට හරි ස්ට්රැටජීස් තියෙන්න ඕන..අර කිව්වා වගේ ඇකඩමිකලි ඉහලටම ගියාට දරැවා කුඩ්ඩෙක් නම් වැඩක් නෑනේ..අනික කෝපරේට් සෙක්ට එකේ ඉහළටම ගියාට (ඔසී නම් පබ්ලික් සෙක්ට වානා.) ගෙදර ගෑණි/ මිනිහා පිට ගිහින් නම් ඉතින් මොකටද, පට්ට සෝශල් වෙලා වටේටම පොළු ඩයල් එකක් වෙලත් වැඩක් නෑ. නම කියවා ගන්න පන්සලට දානේ දීලා/ බිල් ගෙවලා අනුන්ගේ ගෑණුන්ට මැසේජ් කරලා මාට්ටු වුන අයත් ඉන්නවා..එත්කොට රිලිජස් ලයිෆ් ඩෙඩ්..ඔය මොනවා කලත් අන්තිමට ඉතුරැවෙන්න පවුල විතරයි..ඉතින් සේරම් බැලන්ස් කරන් සිරා පොරවලුත් මෙහේ ඉන්නවා…ඒ අය ප්රෙශර් එක හැන්ඩ්ල් කරන්න, කාගෙන වැඩ කරන්න දන්නවා..ඔය ඩයමන්ඩ්ස් හැදෙන්නේත් පොළවේ හීට් එකයි, ප්රෙශර් එකයි හින්දනේ..ඕක දරාගන්න බැරි අය බ්රේක් වෙනවා නමුත් පීඩණය දරාගෙන වැඩකරන්න පුළුවන් අය "දියමන්ති" වගේ හැමපැත්තටම එළිය දෙනවා..ඒඅය අපේ ලන්කාවේ සන්ස්කෲතියේ විදියට ළමයි හදාගෙන ප්රොග්රෙසිව් විදිහට හිතලා පවුල් ආරක්ශාකරගෙන දෙමව්පියන්ට සලකගෙන ඉන්න මිනිස්සු..මෙහේ ඉන්න බැරිනම් ලන්කාවට හරි ඕනම මොහොතක එන්න පුලුවන් අය..

ඒක නිසා සමාජ අසාධාරණය, තමන් කරන රැකියාව උත්කර්ශයට නන්වලා, මමත්වය බුකියේ උඩදානවට වඩා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම්, වගකීම් කරලා සතුටු වෙන්න. මෙහෙට මොන හේතුවක් නිසා ආවත්, මොන වෘත්තියේ හිටියෙත් සමාජයට දෙයක් දෙන්න..ඇත්ත සමාජ ගත කරන්න.. ඒකට බුකියෙන් ලොග් අවුට් වෙන්න…නැත්නන් වෙන්නේ අර හිමාලි කිව්වා වගේ අනික් අය තමන්ගෙන් ආතල් ගන්න එක තේරෙන්නේ නෑ..පිස්සෙක්ට පිස්සුව තේරෙන්නේ නෑ..ඒකෙ " සර්වලෝක පිත්තල දිස්න " පේන්නේ බලන් ඉන්න අයට විතරයි...හැව් අ නයිස් වීක් එන්ඩ් ඇන්ඩ් ට්රයි ටු සී විත් අවුට් බ්ලින්කර්ස්...විල් සී යූ ඕල් නෙක්ස්ට් ටයිම්..


© පසන්, පර්ත්, 2019.
පින්තූර අන්තර්ජාලයෙන්.






Sunday, August 25, 2019

~~~~ සනුහරේ නැති පෙම ~~~~



පොරොන්දම් මහගොඩක අස්සේ හිතේ නැති ඔබ ලඟින් හිටියා..
ස්නේහයක් නැති පපුතුරේ නුඹ හීණ තවරනු සෙමෙන් දැනුනා..
හීනි හඬකින් කොඳුර කොඳුරා රාග ගිණි හද සුසුම් යැදුවා..
තදින් මිරිකූ උරස් හරිමැද වෙනකෙනෙක් මගේ හිතේ උන්නා..

අසිරි ගී මැද රනින් පුරවා හිතින් ඈතට සෙමෙන් ඇදුනා..
පෙමක් කැටිකොට දෑස් දල්වා නුඹේ ඇස් මට දුකක් දුන්නා..
හිතේ අයිනේ මාළිගාවක සඳළුතළ මත ඇයත් සිටියා..
මිරිඟුවක ඇති වතුර බොඳවී ඔබේ රැව එහි ගිලී වැටුනා..

රැහිරැ විහිරැනු ශ්වේත සළුවේ ජීවිතේ බර තදින් ඇඳුනා...
හීන් හඬකින් මගේදැයි නුඹ දෑස් දල්වා සෙමෙන් ඇසුවා...
සදානොවෙනස් නිහඬ මා සිත ඈත අහසෙක ඈව සෙව්වා...
කවක් ලියලා නුඹ රිදන්නට මගේ සිත තව වාරැ නැතිවා..

හදේ පතුලේ කටු ගොඩක් මැද රෝස මල්පෙති ඇයත් දුටුවා...
සනුහරේ ඇති ලේබලේකට මගේ සෙනෙහස ලංසු තිව්වා...
සසර ඉමතෙක් එක්ව යන්නට පෙරැම්පුරලා පහන් දල්වා..
පැතු අප ලොව තනිව යෑමට පෙර කෙරැ පව ඇගෙන් ඇසුවා..

~~~~~~
   © පසන්..2019
   පින්තූර අන්තර්ජාලයෙනි.

Friday, August 23, 2019

මාධ්යය නිදහස, ඕස්ට්රේලියාව, ජෝජ් ඕර්වල් සහ මේජර් මැක්බ්රයිඩ්..



විරාමයකින් තොරව පිස්සෙක් පිස්සෙක් වගේ මාසයක් විතර අප්රමාණ වැඩකන්දරාවකින් පස්සේ හිත නිදහස් කරගන්න හිතාදර සෙට් එකත් එක්ක පොඩි චැටකට සෙට් වුනා. අපිට ඉතින් මේ ලංකාවේ වගේ තර්ඩ් වර්ල්ඩ් ප්රස්ණ නැනේ තියෙන්නේ ඉන්ටනැශනල් ප්රොබ්ලම්ස් නේ. කාඩිනල් පෙල්ගෙ ළමා අපචාර නඩුව,  එඩ්වඩ් කුමාරයාගේ ළමා අපචාර කේස් වල මුක්තිය අයින් කිරීම, වික්ටෝරියාවල "වොලන්ටරි ඇසිස්ටඩ් ඩයින්" ඒ කියන්නේ විශ සරීර ගතකරගෙන මියයැම රජයෙන් අනුමත කිරීම, ජෙන්ඩර් ෆ්ලුයිඩිටි, රෝයල් කොමිශන් අතරෙම එනර්ජි ක්රයිසිස්, ඩොමෙස්ටික් වයලන්ස්, වගේ ටිකක් පොස් ඒවා තමයි කතා කරන්න ඕන. ලඟින් හැඩකාර කෙල්ලෙක් එහෙම ගියොත් බරවචන එහෙම දාලා, බුද්ධිමත් විදියට කතා කරන්නේ නෑ මිත්රවරැනි. මොකෝ මුන්ට අපේ මව් භාශාව තේරේන එකක්යැ..

අනික මේ රටේ අසාධාරණ, ජරා වැඩ කතාකරලා නිකන් තියෙන එකේ ටිංකිරි මොකට ගා ගන්නවද නේහ්..

"වඩයා සේ ?"  ජගා සද්දෙට අහනවා..."ජගා මෙහේ වඩේ නෑ" කියන්න හිතුනත් දෙකක් දැම්මට පස්සේ දිව නැමෙන්නේ නෑනේ..ඉතින් මම චිකන් අණ්ඩක් සූප්පු කරන්න ගත්තා..ජගා තඩි පුටු කාරයා, සෑමා රිෆොර්ම්ඩ් වෙච්චි තනි අලියා, පක්සේ සමලිංගික වුනාට පස්සේ සෑමා රිෆොර්ම් වුනා, මෙහේ ඉන්න මම ලංකාවේ පක්ශ දේශපාළනේ කතා කරන එක එතිකල් නැතිනිසා මම බොන එකටත් කණ එකටත් වැඩි අවධානමක් යොමු කලා..හැක්..මෙහේ ඉඳලා වාසි පැත්තට හෝයියා ස්ට්රැටජි තමා..ඒත් අපි ඔය පරණ ජෝක්, නිකන් කොමික් දැම්මට ඇදුන ටොපික් ටිකත් සීරියස්. 

“යුධ අපරාධ, අහිංසක මිනිස්සුන්ව නොකරපු වැරදි වලට හිරේ දැමීම්, මාධ්යය නිදහස කප්පාදු කිරීම, මිනිස්සුන්ටත් හොරෙන් පෞද්ගලික නිදහස උල්ලංඝණය කිරීම වගේම මෙච්චර දියුණු රටක තුන්වෙනි ලොකේ රටවලටත් අන්ත විදියට මිනිස්සු මරා දැමීම”  අපේ මාතෘකාව වුනා.


ඔය වැන් මෙහේ නෑනේ..එහෙම අවශ්යත් නෑ..මොකද මිනිස්සු මරන්න කොච්චර ලේසි විදි තියෙනවද, රථවාහණ අනතුරැ, ආහාර විශවීම්, ඩ්රග් ඕවඩෝර්ස් වීම්, සියදිවි හානිකරගැනීම්, ආහාර විශවීම්, හෘර්දයාබාද වගේ කී ආකාරයක් තියෙනවද. අර සෙස්ක් ට්රරැෆිකින් වලට සියදිවිනසා ගත් ජෙෆ්රි එප්ස්ටීන් කට ඇරියානම් කොහොමද? බ්රිතාන්ය රජ පවුලට වෙන නව නිංගිරාව, ලෝක බලවතුන්ගේ හොර කාමාශාවන් ලෝකෙට හෙලිවුනානන් හප්පේ..ඒ වගේද ඉතින් එප්ස්ටීන් මරලා මිනිහාම මැරැණා කිව්වනන් ඉවරනේ..

අනික ඔය හැම දේකටම අවශ්යය බෙහෙත් තියෙන එකේ වෑන් මොනාද අයියෝ..

මෙහෙන් එපැ ඒවා ඉගෙන ගන්න..අනික ඔය කවුරැවත් ඕස්ට්රේලියාවේ සියදිවිනසා ගැනීම ස්ටැටික්ස් දන්නවද..නෑනේ...නෑනේ..ඔය ඇත්තොන්ට කියන්න අවුරැදු හතේ ඉඳන් සූසයිඩ් ඈ...හතටත් අඩු කේසුත් තියෙනවා..එතකොට අන්ඩර් ඒජ් ප්රෙගනන්සීස් කතා නොකර ඉමු නේ..ඉතින් මිත්රවරැනි මේ සියළුම දේ මෙහේ ප්රධාණ ධාරාවේ මාධ්යය ඉතරක් නෙමේ..පොඩි පොඩි ඒවත් ස්වයං වාරණයකින් පෙන්වන්නේ, ලියන්නේ, කියන්නේ නෑ..මම කැතිඩ්රල් එකට හැම සිකුරාදටම යනවා ඒකේ තියෙනවා පොතක් ඔය සූයිසයිඩ් එවුන්ගේ නම් ලියලා ඒක බලනවා මේ සතියේ කී දෙනෙක් ජීවිත තරඟය පැරදිලාද කියලා. 

ජගාත් අතාරින්නේ නෑ..පට්ට ඇනලිසිස් එකක් දෙනවා..

අපිට තියෙන ප්රස්ණ වල හැටියට අපි වහ බීලා, බෙල්ල වැලදාගෙන, වෙඩි තියාගන්න ඕන, ඒත් අපි කාගෙන ඉන්නවානේ කොහෙද මුන්ට ඉවසීම, දරාගැනීම කොහෙත්ම නැ..හරි ඉතින් ගෑණියෙක් එක්ක අවුරැදු ගනනාවක් එකට ඉන්න එක, ඉන්න මිනිහාව කොහොම හරි හදාගන්න එක, ළමේක් දෙන්නෙක් හදන්න උන්ව උස් මහත් කරන්න අපි ගේම් දීගෙන, කාගෙන ඉන්න එකම මදෑ..නැද්ද සහෝ…

වහ ටිකකට කියලා මේ බොන ඉස්පිරිට් එකක් විතරයි පෝර්ක කෑල්ලක් එක්ක බොන්නේ..මම හිත හිත කනවා...කනකොට කතා කරන්න බැනේ..

“වඩයා සේ බ්රො?”…ජගාත් බොන්න ගියාම මයික් එක ගත්තම අතාරින්නේ නෑ..මට මොකෝ මම නම් බොන්න ගියාම කතාකරන්නේම නෑ වගේ තමා..සිරාවට මට බොන ගමන් ඔය කතාකරන ටොපික් වලට හූමිටි තියෙන එක තමයි හොඳටම කරන්න පුළුවන්..මොකද ශොට් දෙකකින් පස්සේ කියන්න පුලුවන් "හූම්".."යා..යා" විතරයි..

හරි හරි දැන් ආපහු මාතෘකාවට රජයේ මිනීමැරීම් හරි "අන්සෝල්ව්ඩ් ක්රයිම්ස්" හරි "කෝල්ඩ් කේසස්" හරි කියමුකෝ.

මේවායේ මරන්නේ කෙලින්ම හාර්ට් ඇටැක්, ෆූඩ් පොයිසනින් වගේ ගානට නූලට, තිතට, දශමෙට, සැක නොහිතෙන්න, නීතියේ කන්යාවගේ ඇස් වසලා හිමීට ලෙෆ්ට් බට් චීක් එක මිරිකලා තමයි වැඩ දෙන්නේ..අපේ කොහේද තර්ඩ්වර්ල්ඩ් මෙන්ටැලිටි නේ මෙන්න මේවා එපැ ඉම්ප්ලිමන්ට් කොරන්ට. අර ලංකාවේ තොරතුරැ දැණගැණීමේ පණත නම් මරැ ඔන්න ඔහොමනේ ගේම් ගහන්න ඕන. පණතෙන්ම දෙතුන් දෙනෙක් ක්ලැසිෆයිඩ් ඉන්ෆොමේශන් වලට ඇතුලට දැම්මානම් එකෙක් මීක් කියන්නේ නෑ. දැන් දැන් ඉස්සර ෆේක් හිටපු එවුනුත් එලිපිට ලියන එකේ උස්සන එක අවුට් සෝස් කරලා මරණ එක ෆ්රැන්චයිස් කොරන්න පුලුවන්. 

“යා යා ජගා”...මමත් ඉන්නවා කියලා පෙන්නන්න එපැ..තව තෙල් කැල්ලක් දාගත්තා..”හූම්”.."හූම්"..

ඕස්ට්රේලියාවේ මාධ්යය නිදහස නැතිකිරීමට පවතින් රජය ක්රියා කිරීම නිසා හැමොම (අපිලාත් ඇතුළුව තමා) තාවකාළිකව වන්ධ්යකරණය වෙලා වගේ ඉන්නේ.මේකට හේතුව යුධ අපරාධ හෙළිවීම. අපිත් ඉතින් මුළතිව් වලට කොටි ගැහුවා වගේ මොකද වුනේ කියලා කල්පනා කරනවා. අපේ ප්රාන්තේ කෙනෙක් තමා මූලිකව ඉන්නවා දොරේ..,  ආර්මි එකේ (එස්.ඒ.එස්) ඉඳලා ෆෙඩරල් පාර්ලිමේන්තුගිය ඇන්ඩෲ හැස්ටි (දැනට ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් සෙකියුරිටීස් ජොයින්ට් කමිශන් එකේ චෙයාමන්) ඇෆ්ගනිස්තානේ යුධ අපරාධ කරා කියලා ඒ යුනිට් එකේ ලෝයර් චාර්ජ් කරනවා (Search for “ඇෆ්ගන් Files”), ඇත්තටම මෙතනදී ඕස්ට්රේලියානු හමුදා 1949 ජිනීවා සම්මුතියත්, ජාත්යන්තර නීතියත්, රතුකුරැස සංවිධානයේ නිර්නායකත් අමු අමුවේ උල්ලංඝණය කිරීම් තමයි නිමිත්ත. ඒ වුනාට කේස් එක යටයනවා විතරක් නෙමේ හැස්ටි පාර්ලිමේන්තුවටත් යනවා. අර ලෝයර්ට නඩු දානවා ඒ ලෝයර්නුත් (මේජර් මැක්බ්රයිඩ්) බ්රිටිශ් එස්.ඒ.එස් ඉඳලා මෙහෙත් වැඩපෙන්නපු හොඳ බුලට් එකක්. “ක්රිමිනලයිසින් ද ටෲත්” (Criminalising the truth) කියන්නේ මේන්න මේවට තමා. 

අපේ මෙහේ ඉන්න එවුනුත් ලංකාවේ පොලිටික්ස්, පංසල් කේස්, අරයගේ බර්ත්ඩේ එකයි, කුමාරි අක්කයි, දමිත් අසංකයි අල්ලගෙන කතා කරනවා විතරයි මේ වගේ දේවල් එලියට දාන්නේ නෑනේ. 

දැන් අහන්න එපා ඕස්ට්රේලියාවේ මොන යුද්ධද? ඔසියෝ යුධ අපරාධ කරන්නේ නැතිය. උන් හරිම හොඳ ජාතියක්ය කියලා බයිලා කියන්න කලින් ඒ.බී.සී එකේ ඒ කියන්නේ “ඕස්ට්රේලියන් බ්රෝඩ්කාස්ටින් කෝපරේශන්” එකේ සිඩ්නි හෙඩ්ක්වාටර්ස් රේඩ් කරපු එක ගැනයි ගවේශණශීලී වාර්ථාකාරිනී ඇනිකා ස්මෙතර්ස්ට් ගේ නිවසේ වෝර්ඩ්රෝබ් එකේ යටඇඳුම් අතර පවා සාක්ශි සොයමින් බැලුවේ මොනවාද කියලා සොයාගන්න වටිනවා. ඊට අමතරව අවුරැදු දෙකකට කලින් ඒ.බී.සී එකේ වැඩකරපු ඩෑන් ඕක්ස් සහ සෑම් ක්ලාක්, ඕස්ට්රේලියානු විශේශ බළකා ගැන වැඩසටහන් කරපු නිසා ඒ අයගේ ඇඟිලි සලකුණු සහ හස්තරේඛා සටහන් පවා ගන්න උසාවි නියෝග දුන්නා. අපේ පැත්තේ කෙනා තමයි ඉතින් මේවට මූලිකත්වය ගන්නේ. ඔව්…ඔව් ක්රිස්ටියන් පෝටර් නැතුව අහවල් කෙනාය. අපරාධ නඩු වලට අදාලව, මේක රජයේ වැඩක් ඔය ලංකාවේ වගේ සෙද්දවල් නෑනේ මෙහේ. නීතිය නවලා, කරකෝලා, පට්ටම් ගහලා, කැට්ලෝයි දාලා , ඇබේකුත් ගහලා තිතට නීතියට අනීතියට වැඩ.


ඕස්ට්රේලියාවේ 1914 ක්රයිම් ඇක්ට් එකේ සෙක්ශන් 79 (6) ට අදාලව, 1903  ඩිෆෙන්ස් ඇක්ට් එකේ සෙක්ශන් 73 ඒ (2)ට,සහ ක්රිමිනල් කෝඩ් එකේ සෙක්ශන් 132 1(1) ට අදාළව තමයි මේ ඉන්වෙස්ට්ගේශන් එක යන්නේ. ඔස්ට්ලී (Austlii) හරි ලෙක්සිස් නෙක්සිස් හරි එහෙමත් නැත්නම් ගූගල් හරි තියෙනවා නම් ඔය ටික පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බැලුවත් පාඩු නෑ. 

මොකද මෙහේ සිල්ලර වැඩ නෑ. අනිවා මරනවා නැත්නම් මැරැවනම් හොඳයි කියලා හිතෙන්න ගේම් දෙන්නේ. ඇබෝ අය පොලිස් කස්ටඩි එකේදි මැරෙන එකට රෝයල් කමිශන් එකකුත් පත්කලා ඒත් ඉතින් ඒවා තාම සිද්දවෙනවා. මේන්ස්ට්රීම් මීඩියා වල ඒවා යන්නෑ..

ලොයිඩ් රේනි කියලා බැරිස්ටර් කෙනෙක් හිට්යා එයාගේ වයිෆ් තමයි සුප්රිම් කෝට් රෙජිස්ට්රාර් කොරින් රේනි. කොරින්ව 2007 මරණවා මෙහේ තියෙන කින්ග්ස් පාර්ක් එකේදී (නම “කොරින්” වුනාට ඉන්දීය සම්භවයක් තියෙන කෙනෙක්). පොලීසිය ප්රසිද්දියේම මීඩියා කොන්ෆරන්ස් එකකදී කියනවා කොරින් මැරැවේ ලොයිඩ්, ප්රධානම සැකකාරයත් ලොයිඩ් බවට. ලොයිඩ් රේනිගේත්, ගැහැණු දරැවෝ දෙන්නාගේත් ජීවීත එක මොහොතකින් ජීවත්වෙන අපායක් බවට පත් කරනවා, හේතුව ඔය කාලේ ලොයිඩ් රේනි පොලීසියට විරැද්දව කරප්ශන් ඇන්ඩ් ක්රයිම් කමිශන් එකේ ඉන්වෙස්ටිගේශන් එකක් කිරීම. ලොයිඩ් රේනි පොලිස් ඔෆිසර් මර්ඩර් මිස්කොන්ඩ්ක්ට් එකක් කරන ගමන් ඉන්නේ ඒ හින්දා තමයි මේ සේරම කලේ, කොහොමද මෙහේ පොලිස් ගේම් ලංකාව වගේද නෑ නේ..ලංකාව හොඳයි වගේ නේ…


නෑ පික්ශුද? මෙහේ හොඳයි දෙයියෝ, මෙහේ ඉන්නත් විදියක් තියෙනවා. ඔය ලොකු වැඩකරන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියම ඉවරයි. ඕස්ට්රේලියාවේ අසාධාරණ කේස් පෙනුනේ නෑ වගේ හිටියම හරි. ජීවත් වීම සරළයි, කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙහේ ඉන්න ගමන් ලංකාවේ පොලිටික්ස් තමා කතා කරනවා. 
එන්න සෛදි? නල්ල සෛදි. 
ඔන්ඩු වඩ රෙන්ඩු ප්ලෙන් ටී..
සොල්ලුන්ග?

මම වගේ බුකිය හොල්ලගෙන සිරි ලංකන් පොලිකික්ස් වලට කඩේ යන්න ඕනෑ..හික්..අඩේ දැන් මගේ ප්රොෆයිල් බලන්න එපා..ඒක තියන් ඉන්නේ පංසලක්, පල්ලියක් වගේ..ඇවිත් කැත කොරනවා එහෙම නෙමේ..හරිය..එහෙම හිටියම අවුලක් නෑ. මොකෝ මෙහේ බැම්බු සිලීම මම කඩන්නයැ. ගෙදර ගිහින් එල්ල ගන්නවා. කියවන අය අවුල් ගන්න එපා, කී වර්ඩ් සර්ච් එකක් දාන්න කියලැ නේද?


අනික ලංකාවේ මෛන්දලා, රෙනිල්ලා, මේ දෙකයි පණහේ මීඩීයා ෆ්රීඩම්, පොලිට්කල් පාටි දාගෙන මොන මගුලක් කොරන්වද මන්දා. මෙහේ සේරම මීඩියා රෑපර්ට් මර්ඩොක් ලොක්කගේ. ලොකු පොලිටිකල් පාටි දෙකයි. බයිනරි සිස්ටම් එකක් තියෙන්නේ. සුළු ජාතික පක්ශ..හික් හික්..ඒවා නෑ..හැබැයි දක්ශිනාශික රයිට් වින් ඒව්වා නම්…දෙන්නම් ලොක්කා පැලෙන්න. අනික හඩ්ඩා වගේ නැත්නම් සූරියාප්පෙරුම ලොක්කා වගේ මෙහෙත් ඉන්නවා ඇලන් ජෝන්ස් කියලා. පොර තමයි නිව් සීලන්ඩ් අගමැති ජසින්ඩා ආර්ඩන්ගේ කටේ මේස් ඔබන්න කතා කරේ ස්කොට් මොරිසන්ට විරැද්ධව කතාකලා කියලා. සෙල්ලන්ද නේ. තව කතා ගොඩයි. 


දැන් පඳුරැ තැළුවා ඇති…

කොරින් මරපු කෙනා අදටත් හොයාගෙන නෑ…

ඒ වගේම බොරැ චොදණා වලට හිරේ දාලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන එක මෙහේ නම් බොහොම සුළු දෙයක්…

ගූගල් යූස් කරලා "රෝන්ග්ෆුල් කන්වික්ශන් ඕස්ට්රේලියා" කියලා සර්ච් කරානම් ස්ටේට් එකෙන් ස්ටේට් එකට ස්ටැටිස්ටික්ස් එක්කම එනවා…

ඒ වගේම තමයි සවුත් ඕස්ට්රේලියා කියන්නේ සීරියල් කිලර් කැපිටල් එක විදියටයි හඳුන්වන්නේ මොකද එච්චරටම අස්පට් ගැස්ටෝ ඉන්නේ…

සමහරැ ක්රිමිනලි ඉන්සේන් එවුන්. ඕස්ට්රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටික්ස් එකෙන් කිව්වේ 8% ක් ජනගහණය හිටියට (ඔවරෝල් එකෙන් ඈ) 15% කන්වික්ටඩ් කිලර්සා ඉන්නවා……….කොහොමද ඒක.

වෙස්ටර්න් ඕස්ට්රේලියා කියන්නේ ක්රිමිනල් පොලිස් ස්ටේට් එක…අපේ පැත්තනේ කෝමද ගැම්ම...පුපෙන් හිනා වෙන්නේ...

අපේ පරණ පොලිස් කමිශණර් කාර්ල් ඕ'කැලහැන් ගේ පුතා ගෙදර අයිස් හදලා..(ෆ්රිජ් එකක් නැතිනිසා)..හිකිස්..අන්තිමට පුපුරලා පට්ට කේස්….

ඔය කසියා වගේ තමා ඉතින්..පොර ගෑනිවත් (බැඳපු එකක් නෙමේ තියාගෙන හිටපු එකක්) පොඩි ළමයවත් දාලා දුවලා. මෙහේ "වෝර් ඔන් ඩ්රග්ස්" කියලා ස්ලෝගන් දාගෙන හිටියට ඒ වොර් එකෙන් පොලිසිය හැමදාම පරාදයි මොකෝ උන්මනේ ඩීල් කරන්නේ.


මෙල්බර්න්, සිඩ්නි ගැනත් ඔය වගේම තමා හොයලා බැලුවම තේරෙනවා වර්ණභේදවාදය, බැම්බු සීලීම කොහොමද නීත්යානුකූලවම ඉම්ප්ලිමෙන්ට් කරලා තියෙන හැටි. අනික ඇකඩමකලි හරි පබ්ලික් සෙක්ට එකේ හරි ඉහලටම ගියපු අය හරිම අඩුයි. ඒ සුදු හමට, ඔසියොන්ට් කොලිෆිකේශන් නැතත් ඉහළම තැන් දෙන නිසා, ප්රයිවසි ලෝ හින්දා ඒවා එළියට දාන්නත් ඒවලට නීති ක්රියාත්මක කරන්නත් බෑ අනික ඩෙෆමේශන් හින්දාත් ඕවා එලියට එන්නේ බොහොම හෙමින්.

සොරි ඈ. සිකුරාදට ෆේස් බුක් එන්නේ නෑ. බ්ලොග් කොටන්නෙ නෑ. හිතුවට තනියම ඉන්න කොට ඉස්සර වගේ නෙමේ දැන්….වයසට එන ලෙඩ තමා මේ ආපහු වටේ යනවා….😆😆😆😆…

කොහොමහරි ලොයිඩා බේරෙනවා ඒකත් මෙහේ ඇටර්නි ජෙනරල් ක්ව්ග්ලි (John Quigley) හින්දා (ඉස්ටේට් එකේ පොර ෆෙඩරල් එකා නෙමෙයි )….

ලංකාවටත් කොහොමද ෆෙඩරල් පාර්ලිමන්ට් එකක් තිබුනානන්. මම කියන්නේ දකුණු රටට වෙනමම එකක් ඕන. ඕ යෑස් එකෙන්ම. 

ආ අමතක වුනා ලොයිඩට කම්පන්සේශන් දෙනවා (ඩොලර් මිලියන් 2.62)  $ 1.8 Mn ලොස් ඔෆ් ඉන්කම්  $ 846,000 ඩැමේජ් ටූ රිපියුටේශන් ඇන්ඩ් ඩිස්ට්රෙස්. 

හැබැයි පොර අපා දුක් වින්දේ කඩේකට කන්න යන්න බෑ,
රෙස්ටුරන්ට්වල බුකින් නෑ. 
කිසි කෙනෙක් රස්සාවක් දෙන්නේ නෑ, 
යාළුවෙක් කතා කරන්නේ නෑ, 
අඩුගානේ නිදහසේ පාර්ක් එකකට, ෆිල්ම් එකකටවත් යන්න බෑ,
මොකද ගැණි මරපු එකා කියලා පත්තරවල, රේඩියෝ වල, රෑපවාහිණියේ පින්තූරත් එක්ක දැම්මම මිනිහෙක් පණපිටින් ඉද්දි චරිතේ මැරැවා වගේ තමා. 

දවසක් එලියේ ලොයිඩ් රේනි කෑම කනකොට ගෑණියෙක් සැනිටරි වේස්ට් බින් එකක් ගෙනල්ලා ඔළුවට හලනවා. 

ඒක ටී.වී එකේ දැකලා මට පුදුම අපුලක් ආවේ, ඒක විඳපු ලොයිඩ් රේනිට කොහොම දුකක් දැනෙන්න ඇත්ද?

මේකත් ටිකක් කන්ට්රොවර්ශල් වෙයි කියන එක හැබැයි හොයලා බලන්න, අර අකුරැස්සේ සීයක් එක්ක බුදියලා පාටි දැම්මා කියන කේස් එකත් මේ වගේ තමයි. මීඩියා වලට මිනිස්සු හදන්නත් පුළුවන් මරන්නත් පුලුවන්. ඉතින් මොන ක්ලොත් එකටද සුදු වෑන්, ඕස්ට්රේලියාවේ එහෙමයි ස්ට්රැටජිකලි ගේම් දෙන්නේ.

සා...වෑව්...ගානට කරවෙච්චි චිකන් අණ්ඩක්..සූස්..බූස් ගාලා ඇදලා ඇරියා..නියම ගාණ..ස්ලෝ කූක් චිකන් අනේ..

ආහ්…අනික මම මේ ගෙදර වැඩට මිටියක් ගන්න බනින්ග්ස් එකට ගොඩවුනා රෑ හතට විතර ඒ හිටපු ගෑණි මගේ දිහා බලලා දෙන්න බෑ කිව්වා කියහන්කෝ. 

මටත් පස්සේ මීටර් වුනේ මෙහේ ලංකාවේ පවුලක මහත්තයා නෝනාගේ ඔළුවට මිටියෙන් ගහලා මැරැවා, පස්සේ අර ජනනේන්ද්රිය නිසා මියගිය ඩොක්ට ජන@%^න්ද්ගේ නෝනා මිනිහට මිටියෙන් ගහලා මර්ගයා. ඒ ලේඩි ඩොක්ට දැන් නිදහස් ඈ. ගෑණි පස්සේ කිව්වා එයාගේ බලවත් අකැමැත්ත පිට නමුත් මිනිහගේ බලකිරීම මත දෙදෙනාම වෙනත් කෙල්ලෙක් එක්ක එකතුව ලිංගික ක්රියා..අයියෝ මට මේව්වා ලියන්නත් අප්රසන්නයි උඹලා හොයාගෙන බලාගනිල්ලා ඇයි යකඩෝ කැම්පස් එකේ ඉඳන් යාළුවෙලා, බැඳලා ළමයි දෙන්නෙක් හදලා පස්සෙද සෙක්ෂුවැලිටි එක චෙක් වෙන්නේ, නෑ මිත්රවරැනි ඕක සිත් (81/121) ටත් චෛතසික 52 ටත් අහුවෙන්නේ නැති නිසාත් පරණ ගිවිසුමේ ද්වීතීය කතාවේ 24:16 ත් 2 රාජාවළියේ 14:6 ත් නොදැනීමත් (මම බයිබලේ මතක තියාගන්නේ එහෙමයි 24:16 මතක තියාගෙන 2 රාජාවලිය ඉස්සරහට ගන්නවා ඉතිරි 4:16 යේ 1 ඉස්සරහට අරන් 14:6 කරනවා, කෝමද මගේ ඉස්මාර්ට් හැක්ස් බිව්වම ඉතරයි එලියට දාන්නේ නැත්නම් කියවන ඔයාලත් බයිබල්, පට්ඨාණ ප්රකරණේ උස්තාද්ලා වෙලා බුකියේ පොරවුනොත් අවුල්නේ) අතරට ඉත්තැවෙකු නිසා සයිකොලොජි ඩිප්ලෝමාවක "ඇප්ලයිඩ් සයිකොලොජි" & "කිලිනිකල් සයිකොලිජි” යුනිට් එකක් කිරීමෙන් ගත් මගේ මගේ දැනුමට අනුව, මුන්ට ආතල් ගැනීමේ සාමාන්යය දැනුමවත් , ඕස්ට්රේලියාවේ ඩිවොර්ස් ලෝ "නෝ ෆෝල්ට් සිස්ටම්" එක බවත් නොදැන් කල මහා රඟපැමක් බවනම් කිවයුතුමය. 

අඩේ බඩු මැන්ස්ලා ඉන්නේ කෙල්ලො දිහා බලලත් නැ වගේ එකක් ගහපු එකා රඟන්නේ රස්පුටින්ගෙ මහප්පා වගේ අනේ සංසාරේ. 

මේක මෙතනට ගැලපෙන්නේ මෙහෙමයි, ලිබරල් වුනාට අසීමාන්තිකව නිදහසක් නෑ, ඉතින් ඔය පෝර්න් ශොප් එකක හරි ස්ට්රිප් ක්ලබ් එකක හරි තියෙන නිදහස එතනින් එලියේ බලාපොරොත්තු වෙන්න එපා. ඒ අසීමාන්තික නිදහස ඕස්ට්රේලියාවේ නෑ. බටහිර රටවලත් නෑ. ලෝකේ කොහේවත් නෑ. මොකද අසීමාන්තික නිදහසත් එක්ක එන කන්සෙප්ට් එකේ තමන්ගේ අයිතිවාසිකම් පමනයි යුතුකම්, වගකීම් සහ වගවීම් එහි නෑ. අනෙකාට මොනවා වුනත් තමන්ගේ සතුට පමනක් හොයන අය අනෙක් අයගේ අයිතිවාසිකම්, තමන්ගෙන් ඔවුන්ට වියයුතු යුතුකම් තඹ සතේකට ගනන් ගන්නේ නෑ..අවසාණය තමයි "ගේටඩ් කමියුනිටීස්”. ජෝර්ජ් ඕවල් ගේ "ඇනිමල් ෆාර්ම්" පොතේ මෙහෙමත් කියනවා, සියල්ලෝම සමානය නමුත් සමහරු වඩා සමානය. පක්ෂයෙ නිළධාරීන්ට අමුතු නීතියක කේඩරයට හා ජනතාවට වෙනම නීතියක්.

දැන් පටන්ගත්තේ කොහෙන්ද?, ඉන්නේ කොහෙද? යන්නේ කොයිබටද? වගේ මේක උඩ ඉඳන් බැලුවොත් අනිවා ගසපු බ්රැන්ඩ් එක පොලේ ගසන්න හිතෙනවා. හැබැයි නරක නෑ හතර දෙනෙක් බෝතල් තුනක් බීලා කියන්නේ ත්රෙශ්හෝල්ඩ් එක ඉන්ක්රීස් වෙලා ලීප්ස් ඇන්ඩ් බවුන්ඩ්ස් වලින්. 

නියම පොට් එක..කෑමත් නියමයි...බීමත් සුපිරි...සුපිර්ර්ර්ර්රි..අද තණකොල ගලෝගෙන යතැකි..

හික් මේ මම දැන් බොන්නේ නෑ..මන්ත්ලි චෙකප් එකට ගියාම ඩොකා කිව්වා බර වැඩි කියලා කිලෝම අසූ හතරක්..හැත්තැපහ තමයි අයිඩියල් කියලා..දැන් බොන්නේ නෑ..ඉස්සරත් ඉතින් ඔය තණකොළ ගලවන්යන්න ගැහුවේ නෑනේ..බිව්වේ නැතත් මුන් දෙන්නත් එක්ක සෙට් වෙන එකම මදැ..හිත සනසව ගන්න..වෙයිහෙන්*&%ර් ජර්මන් බියර් එකක් නම් ගැහුවා..කෑම නම් සුපිරි ඈ..

ශාරි රායිට්. මෙච්චරයි. 

මගේ / අපේ රට ලංකාව, මගේ රට දුප්පත් රටක් හැබැයි හිත හොඳ මිනිස්සු ඉන්න රටක්. මුස්ලිම්, දෙමළ, බර්ගර්, සිංහල හැමෝම විපතකදී එකාවගේ එකතුවෙන බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හැමෝම සහජීවණයෙන් ඉන්න රටක්. මේ ලෝකේ දූශණ, පගා, කොමිස් අඩුකරපු රටවල් (නැත්තටම නැතිකරපු රටවල් නෑ. ට්රම්ප් පවා ටැක්ස් ඩික්ලෙයා කරලා නෑ, ඔසී අගමැති ඇබොට් ගේ දූට ස්කොල් එකක් හොරෙන් දුන්නා ඒ අසාධාරණේ පෙන්නපු කෙල්ලට නඩු දැම්මා)  අතරේ එදාවේල ටුවර් එක ගහන අහිංසක රටක්. දියුණු රටවලත් ඔය දූශණ තියෙනවා මොකද මිනිස්සුනේ ඉන්නේ. සල්ලි වලට ගන්න බැරි එකා කෙල්ලෙකුට යනවා, කෙල්ලෙකුට යන්නේ නැති එකා කොල්ලෙකුට යනවා ඔය දෙකටම නැති එකා බෝතලේකට යනවා අනික පින් පව් තියෙනකල් දුප්පත් පොහොසත් වෙනස ලෝකෙන් නැතිවෙන්නේ නැ, පින් කරපු එකා සැප විඳිනවා අපේ පින් අඩුනිසා අපි දුක් විඳිනවා හැබැයි වෙන භවයක් විශ්වාස නොකෙරැවත් පින් කරන එක හොඳයි මොකද අනෙකෙකුට උපකාරයක්,  තමන්ගේ සිත හසුරැවා ගැනීමක් තමයි පින කියන්නේ. ජේසුස් වහන්සේ කන්ද උඩ දේශණාවෙත්, බුදු හාමුදුරැවෝ "විත්තස්ස දමතෝ සාධු" කියලත් කිව්වේ ඒක. නිරාවෙනවා නම් ඔය බයිබලේ පොත් 66ම කියවලා, ඉංග්රීසියෙන් තියෙන බ්ලැක්බර්න්ගෙයි සැමුවෙල් ගෙයි “ඇප්රෝචින් ධර්ම” හරි භික්ඛු බෝධිගේ "කොම්ප්රිහෙන්සිව් මැනුවෙල් ඔෆ් අභිදම්ම" හරි කියවලා තේරැම් අරගෙන නිරාගමික වෙන්න. මමත්වය ගොඩදාගෙන බුකියේ පොරවෙලා වැඩක් නෑ තමන්ගෙන් රටට, ලොකේට සමාජයට දෙයක් වෙලා නැත්නම් අනික මානව වර්ගයාගේ අවසාණය සමලිංගික හෝ ළමයි හැදුවේ නැතිවීම මත තව පරම්පරා ගණනාවකින් වෙයිද කියන්නන්ත් බෑ.

මේනිසා ආගමික, දේශපාළණික වහල්භාවයෙන් තොරව රටට මේ වෙලාවේ අවශ්යය සැබෑ නායකත්වය දෙන්න ඉදිරිපත් වෙන අයට උදව් කරන එක විය යුතුමයි. තව ටික දවසකින් තුන්වෙනි ලෝක යුද්ධය අනිවා වෙනවා මොකද ඇමෙරිකාව ඇතුළු රටවල් බොහොම අමාරැවෙන් යන්නේ, එංගලන්තයේ බ්රෙක්සිට් එකත් එක්ක යුරෝපය පුරාම තියෙන්නේ ආර්ථික ගැටළු,  ඉරානය සහ ඇමෙරිකාව අතර තිබෙන ඝට්ටණය සහ අරාබිකරයේ, සිරියාවේ, ලිබියාවේ ඇනෝමලීස් එක්ක දෙවෙනි ලෝක යුද්ධය ඇතිවීමට හේතු ව්ග්රහකලොත් තුන්වෙනි යුද්ධයක් ගැන පුරෝකථණය කරන එක අමාරැදෙයක් නෙවෙයි. ඉතින් ඔය සේරම "කන්ස්පිරසි තියරි" කියලා නිකන්ම ඉවතට දාලා බුකියේ දායක සභාවට පැය 24 ම බණ කියන එක නවත්තලා ඉන්න රටට, සමාජෙට වැඩක් කරන්න බලන්න. ඒ සඳහා ලොකේ හැමකොනකම විසිරී පැතිරී ඉන්න අපේ රටවැසියන්ට දැනට පවතින ලෝක තත්වයේ අවදානම සහ අභියෝගය අවබෝද වේවායි කියමින් මේ ලියමණ අවසන් කරනවා.. 


          © අදහස් සෑමා, ජගා සහ මනෝ (සුළු කොටසක් මගේ,ඒ මම )
         පින්තූර අන්තර්ජාලයෙනි
         2019 අගෝස්තු අග, පොඩි ජොයින්ට් එකක හීණියට සෙට් වී.




Sunday, August 18, 2019

⚔ ⚔ ⚔ ⚔ ⚔ යුධ කළාවේ ප්රභවය, විකාශය සහ දිගැසිය. ⚔ ⚔ ⚔ ⚔ ⚔



දහසය වන ශතවර්ශයේ ඉංග්රීසි නාට්යය රචක ක්රිස්ටෝපර් මාර්ලව් ඔහුගේ "ටැම්බර්ලේන් ද ග්රේට්" හි මෙසේ පවසා ඇත. "යුධකළාව මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ කවරෙක්ද, ඔහුට ශාප වේවා". මානව වංශකතාවේ ඇරඹුමේ පටන්ම ආවේණික වූ එකිනෙකා අතර සටන්, ගහමරාගැනීම් පැවතුනද, ක්රමවත් හමුදාවන් හා යුද ශිල්පය මිනිසාගේම වූ නිර්මාණයක් විය. මනාකොට සිතාමතා එකට දමා පැසවා නිස්සරණය කලයුත්තා වූ අපූරැ කළාවක් සේ එය දැක්විය හැකිය.

ඉතිහාසය හැදැරීමේදී සුන්ත්-සූ, ක්ලොව්ස්විට්ස්, ජොමිනි මනාකොට විග්රහ කලාවූ සාම්ප්රදායික, අර්ධ-සාම්ප්රදායික, අවිධිමත් සහ ගරිල්ලා යුධ සැළසුම් වර්ථමානයේ න්යශ්ටික බල අරගල දක්වා පැතිරීමත් එහි ප්රගමණය, විකාශය මතින් ලෝකයේ කාර්මික හා බුද්ධි විප්ලවයන් සඳහා වූ මහා දායකත්වයත් මනාකොට අධ්යයණය කිරීමෙන් අනාගත යුධ වැලැක්වීමටත්, නොවැලැක්විය හැකි යුධ ජයග්රහණයටත් අවශ්යය වන්නාවූ විසඳුම් සොයාගත හැකිවනවා ඇත. නූතනයේ භාවිතාවන වානිජකරණය වූ බොහෝ නිර්මාණ මූලිකවම යුධ සැළසුම් සඳහා පළමුව යොදාගත් නිමැවුම්ය.1967 ආර්පානෙට් (pre-cursor to the Internet), ස්ථානයන් සෙවීමටත් ගමන් සඳහාත් යොදාගන්නා ජී.පී.එස් (GPS) තාක්ශණයන්ගේ සිට හමර් ජීප් රිය දක්වාද, න්යායික හා සෛද්ධාන්තික මට්ටමින් මානව සම්පත් කළමණාකරණයේ,තොරතුරැ තාක්ශණයේ සහ ව්යවහාරික විද්යාවන්ගේ නවතම සොයාගැනීම් සිට න්යශ්ඨික බලය දක්වාද වාණිජකරණය වූ යුධ නිර්මාණයන් අද ලෝකයේ භාවිතාවේ යෙදීමෙන් මෙය මනාව අවබෝධ කොට ගත හැකි බව පැහැදිලිය.

නූතන සාංග්රාමික උපක්රමයන් විශ්ලේශණයේදී එළිදරවු වන වැදගත් කාරණයක් වේ. එනම් මෙසේ විකාශය වූයේ තෙමිස්ටොක්ලිස් ගේ විශ්මිත නාවුක ක්රමෝපායයන් බවය, හැනිබල්ගේ අපූරැ යුධ සැලසුම් බවය , සීසර් ගේ වික්රමාන්විත උපක්රමයන් බවය, ජෙන්ගිස් ඛාන්ගේ වීරෝදාර මන්ගුඩායි සටන්කරැවන්ගේ දක්ශතාවයන් බවය. 

තව දුරටත් විශ්ලේශණයේදී ප්රකට වනුයේ, ජානිබෙග් ඛාන්ගේ 1347දී යොදාගත් ප්රථම ජෛවවිද්යාත්මක සංග්රාමයන් හරහා, ෆ්රැන්සෙස්කෝ පිසාරෝගේ විචක්ශණයන්ද තුලින්,සැමුවෙල් චැම්ප්ලේන් ගේ තීක්ශන විනිවිදීමෙන්ද, ඇමෙරිකානූ සිවිල් යුධයේ සාංග්රාමික සන්තතිය වෙනස් කලාවූ බ්රිගේඩියර් ජෙනරල් ඩැනියෙල් මොර්ගන් ගේ දුරවබෝධය සහ සංග්රාම භූමියේ භාවිතයත් ඔස්සේ, අද්මිරාල් නෙල්සන්ගේ ට්රැෆල්ගාර් සටනින් පසුව අද්මිරාල් හෙයිහචීරෝ ටෝගෝ විසින් සුශීමා සමුද්රසන්දියේදී රැසියානු බෝල්ටික් බළඇණිය ගිල්වාදැමීමත් සමගින් වූ, දෙවියන් වහන්සේ දින හයකින් ලෝකය මවා සත් වැනිදින විවේක ගත්තා සේ, ඊශ්රායලය දින හයක් අරාබි ලෝකය සසළකොට සටන්කොට සත්වනදින ජාතියක් ලෙස ලෝ බිහිවූයේ යම්සේද, ඒ සියල්ලක්ම කැටිකොට දැඩිකොට මනා සංකලණයකින් අධ්යයනය කල යුතුවූ යුද සංග්රාමයන් සියල්ල, ලොවක් මවිත කෙරෑ පූර්වාදර්ශයන් ප්රතිශ්ඨාපණය කෙරැවාවූ හැරවුම් ලක්ශයන් සේ දැක්විය හැකි වීමයි.

එලෙසින්ම නවමු මානයක් ඔස්සේ යුධ කළාවේ ඉතිහාසය මෙසේද දැක්විය හැක, දහහත්වන සියවසට පෙර රාජ්යය හා බලය සංකේන්ද්රීය වු ප්රභවයන් ලෙස රාජධානි (kingdoms), අධිරාජ්යය (empires), ජනරජ (republics), පාප් පදවිය (papacies), මහමත්තුමාගේ පරම්පරා ප්රවර්ථනය (caliphates), ආගමික නිකායන් (religious sects), ගෝත්රීය නායකයින් (warlords), ආදිපාද වරැන් (duchies), නාගරික ජනපද (city states), තරඟකාරීන් අතර වන අනෝන්ය ගිවිසුම් (cartels), බලවත් දාමරිකයන් (powerful bandits) සහ කුළීහේවායන් (powerful  mercenaries) පෙන්වා ලිය හැකි අතර යොදාගත් යුධ උපක්රමයන්ගේ විවිධත්වය හා උපයෝගයන් හරහා බල විචල්යයන් සිදුවිය.

පළමු, දෙවන හා තෙවන ප්රවේණියන් පසුකරමින් සතර වන පරම්පරාවේ යුධ බලයේ විකාශය මෙසේ දැක්විය යුතුවේ. ක්ලොව්ස්විට්ස් ගේ චිරන්තන දෘශ්ඨිය වූයේ යුධගැටුම් දේශපාලනික චින්තනයේ චණ්ඩ දිගුවීම් වශයෙනි. ඒ අනුව බලන විට වෙස්ටෆාලියන් යුගයේ සීමාවන්ට ඔබ්බට ගිය දැක්මක් ඔහුට නොතිබුනි.යුධ නිරීක්ශකයන්ට හා පර්යේශකයන්ට අනුව යුධ ධූමීකාවෙන් (fog-of-war) අවහිර නොවූ දැක්මක් ඔහුට නොතිබුනි. නමුත් සුන්ත්-සූට අනුව යුධකළාවේ ස්වර්ණමය මූළධර්මය වනුයේ “මුළාකිරීමයි” (Deception/ deceit). 1862 වසරේ ඇමෙරිකානු සිවිල් යුධ සමයේ මේජර් ජෙනරල් මැගෘඩර් ගේ මොන්රෝ බළකොටුවේද, 1943 දී අද්මිරාල් ශිරෝ කවාසේ, කිස්කා දූපතින් ජපන් අධිරාජ්යාගේ සොල්දාදුවන් ගලවා ගැනීමේ සිට, 1944 දෙවන ලෝක යුධසමයේ මිත්ර හමුදාවන් නොර්මැන්ඩි වෙරළට ගොඩ බැසීම දක්වා බොහෝ හමුදා ක්රියාදාමයන්ගේ මෙම මූළික මූළධර්මයේ භාවිතාව යෙදී ඇත.

හමුදාවන්ගේ ක්රියාදාමයන් හා සබැඳුනාවූ බොහෝ හමුදා නායකයන්ද විසිතුරැ චරිත ලක්ශණයන්ගෙන් අලංකෘතවූ අපූරැ මිනිසුන්ය .රොබර්ට් ක්ලයිව් බ්රිතාන්යය අධිරාජ්යය ඉන්දියාවේ පැතිරවූයේ මනා කළමණාකාරීත්වයෙන් හා දරදඬු පරිපාළනයෙනි. ජේම්ස් වුල්ෆ් ප්රංශ හමුදා කැනඩාවෙන් පලවාහැරියේය. වොශින්ටන් නූතන ඇමෙරිකාව සඳහා අත්තිවාරම දමන ලදී. නෙල්සන් සහ කොච්රේන් විසින් නැපෝලියන් හට සමුද්රයේ හිමිකම් අහිමිකර පරාජයට ලක් කරන ලද අතර, වෙලින්ටන් අධිරාජ්යයක් දණගැස්වූයේය, ග්රාන්ට් ඇමෙරිකානු සිවිල් යුධ ජයග්රහනයන් අත්කර දී ලොව බලගතුම රාජ්යයක් බවට ඇමෙරිකාව පත් කිරීමට අඩිතාලම දමන ලදී. ගැරිබ්රැල්ඩි ඉතාලිය එක්සේසත් කල අතරම මැක්ආතර් මනාව ජපානය පරිපාළණය කලේය. රොමෙල් බටහිර යුරෝපයේ ප්රතිවාදීන් ප්රත්යවර්තනය කොට උතුරැ අප්රිකාවේදී බ්රිතාන්යයද මැඩපැවැත්වීය. මොන්ට්ගොමරී විසින් යුරෝපයේදී ජර්මාණු හමුදා අඩපණ කරන් ලද අතර පැට්න් ගේ පහරදීම් ජර්මාණුවන් යුරෝපයේ දණගැස්සුවේය.

ඒ සඳහා ඔවුන් යොදාගත් සමරවිද්යාවන් එකිනෙකට වෙනස් වන්නාසේම ඔවුන්ගේ චරිතයන්ට පූර්ණවශයෙන් ස්වායක්තවූ අවස්ථාවන්ද විය. ක්ලයිව් විසින් විජිතවැසි ඉන්දියානුවන්ගේ මහත්වූ හමුදා ඛණ්ඩයන් විනාශ කෙරැවේ සිය කුඩා කණ්ඩායමේ පුහුණුව හා අවි බලය යොදාගෙනය. වොශින්ටන් ගරිල්ලා සහ සාම්ප්රදායික සටන් යොදාගති. කොච්රේන් හදිසි පහරදීම් සහ කමාන්ඩෝ/ (විශේෂ ඒකක සටන් සඳහා අනුයුක්ත කල) භටයින් යොදාගත්තද වෙලින්ටන් විශිෂ්ඨයෙකු වූයේ භූමියේ ආරක්ශාව උදෙසා කටයුතු කල නිසාවෙනි. ග්රාන්ට් යුධ සැපයුම් සඳහා පළමුවරට දුම්රිය මාර්ග භාවිතා කල අතර ගැරිබ්රැල්ඩි පතල වූයේ නාවුක සහ ගරිල්ලා නායකයෙකු වශයෙනි. මැක්ආතර් යනු දියෙන් ගොස් ගොඩබිමට පහරදීමේ විශිශ්ඨයෙකි. රොමෙල් ඔහුගේ උපදේශක ගුඩේරියාන් මෙන්ම යාන්ත්රික බළගණයන්ගේ මෙතෙක් ලොව පහලවූ සුපිරි පහරදෙන්නා විය. පැටන් සහ මොන්ට්ගොමරිද යාන්ත්රික හා පාබළ සංග්රාමයන්ගේ විශාරදයින්ය.

මේ සියල්ලන්ගේ නායකත්ව “පුළිඟුව” මනාකොට මෙසේයැයි නිරවද්යතාවයෙන් හා සවිස්තරව කීමට විශ්ලේශකයන් අපොහොසත්ය. එක් වාක්යය කණ්ඩයකින් එය අර්ථ දැක්වු ක්ලොව්ස්විට්ස්ට අනුව “coup d’ oeil”  "කූ ඩේ" ලෙස දක්වා ඇත, එනම් "ඇස වෙතම පහර දීම" ලෙස පදගතානු ලෙස ගතහැක. යුධබිමේ සුභග සටන්කරැවෙකු සතුරාගේ මොහොතක පමාවෙන් යුධබිම තම අණසකවෙත නතුකරගැනීම ලෙසද මෙය අර්ථ දක්වයි. මේ අදහසට ප්රතිඅදහස් ලෙස "සාංග්රොපායිකව විශිෂ්ඨ මිනිසුන්" උපහාසයට ලක්කොට "යුද්ධය හා සාමය" නවකතාවේ මහාගත්කතුවර ලියෝ තොල්ස්තොයි, ජෙනරාල් කුටුසොව් දක්වා ඇත. ලිටින් ස්ට්රැචේ ඔහුගේ "එමිනන්ට් වික්ටෝරියන්ස්" හි ජෙනරල් ගෝර්ඩන් ව උපහාසයට ලක්කරයි.  බ්රිතාන්යය යුධ ඉතිහාසඥ ජෝන් කීගන් තොල්ස්තෝයි ගේ අදහස සමීපයට පැමිණ යුධ නායකත්වය අර්ථ දැක්වූයේ "විධානකරැගේ වෙස්මුහුණ" වශයෙනි. එනම් පවතින තත්වානූකූලව වෙනස්වීමයි.

ක්ලොව්ස්විට්ස් ගේ මතය වූයේ යුද ගැටුමි විඥානවාදී අර්ථයෙන් ගත්කල රික්තකයක බාහිර වෙනත් බලපැම්වලින් තොරව සිදුවිය යුතු බවයි. මෙය විරෑපකලාවූ සිද්ධාන්තයකි. යුධ කළාව යනු එකලා ක්රියාවක් නොව විවිධාංගීකරණය වූ කියාවන්ගේ එකතුවකි. එය පරම පූර්ණ නිරපේක්ශයක් නොවේ. නැපෝලියන් වරක් පැවසු පරිදි "යුධ ප්රයෝගයේ නිපුනයෙකු වීමට සංකීර්ණ යුධ අභ්යාස ඇවැසි නැත; මූලික මූලධර්මයන්ගේ ප්රවීනත්වය සංකීර්ණ අභ්යාසයන්ට වඩා වැදගත් අතරම සාමාන්යය බුද්ධිය ප්රධාන තැනක් ගනී." මේ සියල්ලටම වඩා දබරකිරීමට යොමුවූ ධීර මනෝ භාවයක් අත්යාවශ්යය වේ. කිසිදු සංග්රාමයක් සේනාධිනායකයා අතහැර දමන තෙක් පැරදුනේ ලද නොවේ. බලාපොරොත්තු සහගත වීම සහ ඇවැසි විට දරැණු හා හදිසි තීරණ ගැනීමේ හැකියාව නායකත්වයේ මූලික ගුණාංගයන්ගේ ලක්ශණයකි.  

අනාගත යුධ කළාව නියත ලෙසම කෲරවූත්, චණ්ඩවූත්, මිලේච්ඡවූත්, භීම  සංග්රාමයක් වනු නොඅනුමාණය. එය ආලෝකයේ සහ අඳුරේ සිදුවන්නාවු සංග්රාමයක් වනු ඇත. තම ලබැඳීන් සුරැකීම් වස් අභීත මිනිසුන් සිය ජීවිත පුද කරනු ඇත. 4 වන සියවසේ කතුවරයෙකු වූ පබ්ලියස් ෆ්ලාවියස් වෙජිටියස් රීනේටස් බැවහරේ දී “වෙජිටියස්” ලෙස හඳුන්වන ලද අතර ඔහුගේ "රෙස් මිලිටාරිස් ඉන්ස්ටිටුටා" නැතහොත් "එපිටෝමා රේ මිලිටාරිස්" එකල ගෞරවාන්විතව උපන්යාස කරවූ ග්රන්ථයකි. එහි පසිඳු ආප්තපදය මෙසේය, “Si vis pacem, para bellum” , ”සී විස් පාකෙම් පර බෙළුම්" එනම් "සාමය කැමැත්තො යුධ සුදානමින් සිටිත්වා" යනුවෙනි.  එය ඉංග්රීසියෙන් මෙසේද දක්වා ඇත,  “Qui desiderat  pacem, praeparet bellum” or in translation “ Let him desires peace prepare for war”

මරණය නියතයකි. ලොව ඉපදුනු සියල්ලෝම මරණය අතදරා උපන්නවුන්වේ. ඒ අතරට අල්පයක් වූ ධීමතුන් සිය නාමය ශතවර්ශ ගණනාවක් අමරණීය කොට ඇත. ඒ යුධකළාවේ දැක්වු නිපුණත්වයෙනි, වීරත්වයෙනි. බොහෝ කළානිර්මාණ සඳහා හේතුභූත වූ ජපානයේ සිදුවීමකින් මේ ලිපිය නතර කිරීමට සිතුවෙමි. එය 1701 දී ජපානයේ සිදුවීමකි, මෙය දැනට ලෝකයෙන් සීඝ්රයෙන් නැතිවී යන අකුටිල උදාරත්වය, ආත්මාභිමානය, සද්ගුණය සහ  බළාධිකාරිය කෙරේ ඇති පක්ශපාතීත්වය ඉස්මතුකොට පෙන්වන්නාවූ උදාර දිවිපිදීමක කතාවයි. 

1701 වසරේ තොකුගාවා සමයේ, ජපානයේ අධිරාජ්යයා වූ හිගශියාමා ඔහුගේ රාජ්යය දූතයෙක් ලෙස කිරා යොශිනකා එදෝ අංගනය වෙත යවයි. දූශිත නිළධරයෙක් වන කිරා අයථා ලෙස යුක්තිගරැක අසානෝ නගනොරි ඝාතනය කරනු ලබන අතර නගනොරිගේ පාක්ශික සමුරායි සටන්කරැවන් ඉවසීමෙන් බලාසිට සිය ස්වාමියාගේ මරණය වෙනුවෙන් පලිගැනීම කොට කිරා යොශිනකා මරා දමයි. ඉන්පසු ඔවුන් සියල්ලෝම සිය දඬුවම බලාපොරොත්තු වෙමින් අසල සෙන්ගකුජි ආරාමයේ සිය ස්වාමියාගේ දෙන අසලට වී සන්සුන්ව කල්ගෙවූයේය. මරණය වුව සන්සුන්ව පිලිගැනීම නියම "බුෂීඩෝ" මනෝභාවයයි. ඔවුන'තර සිටි ළාබාලම සාමාජිකයා අවුරැදු දහසයක් වූ ඔයිශි යොශියෝ ගේ පුත්රයාද නියම සමූරායි වරයෙක් සේ ටැන්ටෝ අසිපතින් උදරය විවරකොට මියගියේය. ජපානයේ මෙය ආදර්ශමත් පුරාවෘතයක් බවට පත්වී ඇත.     

සංග්රාම භූමීයේ මියයැම වීරත්වයයි, සංග්රාමයෙන් පසුව ජයග්රහණය කොට සිය ප්රතිපත්තීන් සපථ කොට ඒ වෙනුවෙන් මියයෑම දේවත්වයයි.

1702 සිට සෑම දෙසැම්බර් 14 දිනකම ජපානයේ සමරන්නේ සිය නායකයා උදෙසා පළියගෙන ජයග්රහණයෙන් පසුව සෙන්ග්කුචි විහාරයේදී සෙපූකු කරගත් සමුරායි 47 දෙනාගේ කතාවයි.යුධ කළාව යනු අපූරැ දෙයකි, එහි ඇත්තේ ගෞරවය, මරණය, වීරත්වය සහ මිත්රත්වය පමණකි. විරැවෝ මියගියද සිය සමීපතමයන්ගේ හදවත් තුල සැමදා ජීවත් වේ. ඊයේ, අද සහ හෙට මිනිස් වර්ගයාගේ යහපත් හෙටක් උදෙසා ගෞරවණීය අරමුණක් වෙනුවෙන් සටන් වැද මියගිය යුධ විරැවන් සියල්ලන් සහ උදාරතර අරමුණක් උදෙසා කැපවී අඥාතව ප්රයාපිත වූ  යුධ විරැවන් සියල්ලන්මද බැතියෙන් සමරමු.. 

© පසන්, පර්ත්. 2019.
පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි.