Tuesday, May 14, 2019

ඇයි ඕස්ට්රේලියාවට ආවේ...ඉන්ටලෙක්ටුවල් ආන්සර් එකක් දීපන් ඈ..


 ටිකක් විතර කූලැටී, සාමාජීය සත්වයෙක් නොවන මගේ සෝශල් ලයිෆ් එක හරිම බෝරින්...ඉතින් රී බෝරින් කරලා ගන්නකෝ කියල කශ්ටිය කිව්වට එක ජාතීයේ කුරුල්ලොනේ එකට වහන්නේ මටත් ඉතින් ඔය මියුසිකල් ශෝ, අරය එනවා, කදුල තියෙනවා,අර පාස්ටර් එනවා, රහතන් වහන්සේ වඩිනවා, අසපුවේ පින්කමක් තියෙනවා, ගෙට් එකක්, අරකද මේකද, මට  වැඩිය අල්ලන්නේ නෑ..පට්ට සෝශල් ෆන් ගන්නවට වඩා යුනිවර්සිටි ක්ලබ් එකේ හිතාදර සෙට් එකත් එක්ක හොයාගත්ත හොඳ වයින් එකක් බීලා මොනව හරි කාලා, රටේ ලෝකේ දෙයක් ගැන කතා කරලා එන එක හිතට සනීපයක්. ඕහොම  ඉන්න වෙලාවක එතන කෙනෙක් මගෙන් මේ ප්රශ්ණය ඇහුවා."ඇයි ඔයා මෙහෙට ආවේ?" සාමාණ්යයෙන් මම ප්රශ්නේ අහන පුද්ගලයා අනුව ශේප් උත්තරයක් දෙනවා..අදුරන්නේ නැත්නම් ඉතින් කියනවා මෙහෙම "මේක ඉතින් ලස්සන රටනේ, ඉතින් ආවා" වගේ එකක්..නමුත් අහපු විදිහට එහෙම සීනීබෝල උත්තරයක් දෙන්නත් බෑ.. ඇනලිටිකල් එකක් අවුල් විදියට දීලා ඇණගන්නත් බෑ..ඉතින් මම රැල් බුරැල් ඇරලා කථා කරන්න හදන කොටම තව ප්රශ්නයක් ඇඩ් කරා..."ඔයා ආපහු යනවද?" මම එකට මුලින් උත්තර බැන්දා..."යස් යස්...මම මාතර රටේ නේ, රෑට්ස් ආර් බිට් ෆර්ම්, ඉතින් කවදා හරි ලන්කාවට යයි..මොරටුවේ තමයි ඉතින් ලාස්ට් රෙස්ටින් ප්ලෙස් වෙන්නේ.” ඒක ඇහුවම එතන අයගෙත් අදහස ඔය මවුන්ට් වල හරි මහය්යාවේ කනත්තෙ වගේ නිදාගන්න තමයි...අර කතාවක් තියෙනවනේ "මැරෙනවා කියලා දැනගෙන හිටියම ජීවතේ අත්විදින්න ලේසියි කියලා" ට්රැක් පනින්න එපා... ඇයි ආවේ කිව්වනන් පිට පොට යන්නේ නැතුව අහවරයි නේ….

"මම ආවේ සල්ලි වලට ඒ වගේම මගේ එක තැනක ඇදපු ඉරක් තියෙනවා..මට එතනින් එහාට ශත පහක් වත් අවශ්යය නැ..ඒ ටාගට් එකට එනකොට ඒකට සපොර්ට් කරන අනිත් සාධක සම්පාදනය කර ගත්තම මම කන්ටෙන්ඩඩ්.එතකොට මට ඉන්නේ ඕන ලන්කාවෙද, ඇමරිකාවෙද, තූත්තුකුඩියෙද කියලා තෝරාගෑනීමක් කරන්න අවශ්යය නැ ,වැඩක් නෑ..මොකද මම එතකොට රටෙන් දෙන පහසුකම් මත යැපෙන කෙනෙක් නෙමෙයි..එතකොට කොහේ හිටියත් එකයි..ඒක නිසා මට සූදුසූ ලන්කාව නම් ඉන්න ආස ලන්කාව නම් මම ලන්කාවට එනවා….මිනිස්සුන්ට සල්ලි කියන්නේ කොච්චර හම්බකරත් ඇති වෙන දේවල් නෙමේයි, හැබැයි ඉතින් අපි වගේ අමුතු විදියට හිතන අයත් ඉන්නවනේ, මේක ඉකොනොමික් සෙන්ස් එකක් එන්න කාල් මාර්ක්ස්, කේන්ස් දාලා මෙහෙම කියන්න පුලුවන්, මම ලන්කාවෙන් ගියේ සල්ලි හම්බ කරන්න. කාල් මාර්ක්ස් කිව්වනේ "ෆෝ ෆැක්ටර්ස් ඔෆ් ප්රොඩක්ශන්" කියලා භුමිය, ශ්රමය, ප්රාග්ධනය හා වියවසායකත්වය, ඒක කේන්ස් අර්ථ දැක්වුවා දෙකකට, භුමිය හා ශ්රමය පමනක් කොට, කේන්ස්ට අනුව භුමිය හා ශ්රමය ඇතිවිට ප්රාග්ධනය හා වියවසායකත්වය සාධනයකල හැකි නිසා, ඔන්න මම ඕස්ට්රේලියාවට ආපු හෙතුව. ඔයා දන්නවනේ මාතර අපේ ගෙදර සුනාමියට ගියා කියලා, අන්න භුමිය නැති වුනත් මම ශ්රමය උපයෝගි කරගෙන ගොඩනගාගත්තා. මිල දී ගැනීමේ හැකියාව සමතැන (Purchasing power parity) 1*  (ක්රය ශක්ති සාම්යය) හින්දා රුපියලට වඩා ඩොලරය වැඩි නිසා මෙහෙට ආවා. දැන් මම ඔසි ආපු එක ලොජිකලි තෙරුනානේ..     

සල්ලිවලට ආවට අපි ලන්කාවේ නිදහස් අද්යාපණයෙන් ඉගෙන ගත්තු මිනිස්සු, රට යන එකවත් ගැනියෙක් ගන්න එකවත් මිනිහෙක් එක්ක යන එක වත් නෙමෙයි ජීවිතේ කියන්නෙ .ඉපදුණු රටට පවුලට සමාජෙට යමක් කරල මැරෙන එක….අරක නෑ..මේක නෑ..මෙයා දුන්නේ නෑ..අසාධාරණේ කියල අවුරුදු හතලිහක් පනහක් වෙනකන් අඩ අඩ ඉදලා පිට රටවල අනුන් ගේ ටැක්ස් සල්ලිවලින් සෝශල් බෙනිෆිට් ගන්න අයට තියෙන්නේ කොලනි හීනමානය.. ඒ මත උන්ට රට ජාතිය වැඩක් නෑ ඒ දේවල් වල වටිනාකම එන්න තව පරපරා පහක් හයක් යන්න වේවි . මේ හැම රටක්ම දැං ඉන්න පරමාදර්ශී තත්වයට එන්න කලින් කැලැ නීතිය අසාදාරනය, සූරාකෑම (තමුන්ගේම ජනවර්ග හෝ ඒ ඒ රටවල ස්වදේශිකයන් හෝ යටත් විජිත) රජ කරපු කාල වකවානු පසු කර තිබෙනවා. ඒක හරියට ගමේ කසිප්පු මුදලාලි වෙසක් එකට දන්සලක් දුන්නට පව් හෝදන්න බෑ වගේ මේ රටවල “ස්ටොලන් ජෙනරේශන්” කැළැල් මකන්න බෑ.. බෞතික සම්පත් මහා මෙරක් වගේ උන් ඒ සම්පත් දිගටම අනුභව කරන්න ඕනැම දෙයක් ඉතාමත් නින්දිත විදියට පවා දෙවි…නමුත් මට ඒක කරන්න බෑ..

ඒ වගේම තමයි දැන් රට රටවල ඉන්න ඉන්න බහුතරයක් අයට, රටට ලෝකේට දෙන්න දෙයක් නෑ. ඔලුවේ නිර්මාණශීලිත්වයන් නෑ. ඒ නිසා, බයිට් පැකට් පුම්බනවා වගේ වැඩ කරනවා. පැකට් එක කඩලා බැලුවාම, බඩු නෑ. බයිට් පැකට් එකේ අවුල තියෙන්නෙ, බීලා, සිහියක්පතක් නැතුව ඉන්න එකාට නෙවෙයි. බීලා නැති එකාට..ඒ වගේ තමයි මේ රටවල අසාදාරණය පේන්නේ සෝශල් බෙනිෆිට් වලින් කකා ලන්කාවේ ට්රැෆික් ගැන කතාකරන කෙනාට නෙමෙයි..ප්රොෆෙශනලි කැරීයර් ප්රොරෝග්රෙශන් එකකට සුද්දෝ එක්ක ඔට්ටු වෙවී යන කෙනාට... මේ රටේ ආතක් පාතක් නැති අමනයන්ට ද මේ ඇත්ත වටහා දිය යුතුයි. ඒත් මුන්ට ඕස්ට්රේලියන් ස්ටෑටික්ස් බියුරෝ (ABS) එකෙන් ඩේටා, රිසව් බෑන්ක් එකේ රිසර්ච් පේපර්ස් දුන්නත් පිලිගන්නේ නෑ..ඕස්ට්රේලියාවේ කරන්න තියෙන සේරම ජඩකම් කරමින් පස්පව් සෙන්ටර් වෙලා ඉන්න ගමන් ලන්කාවත් රටේ උනුත් හෙළාදකින අසංස්කෘතික සත්වයන්ට මේ සරල ඇත්තතේරෑම් ගන්නත් බෑ, ගන්නෙත් නෑ..

හෑබෑයි ඔය හැම දෙයක්ම හරියට බැලන්ස් කරලා තමන්ගේ රටට, සමාජේට, ඉගෙනගත් පාසලට උදව්කරන, ඔසියො වගේම ලන්කාවේ මිනිස්සුත් ගෞරව කරන, පරමාදර්ශී චරිතත් නැතුව නෙමෙයි..ඒ අය රගන්නේ නෑ……බයිලා නෑ……කියන දේ කරලා පෙන්නන……යථාවාදී..ථථාකාරී..චරිත…යහපත් පවුල් ජීවිත ගත කරන සමාජයට වැඩදායී සුන්දර මිනිස්සු…..ලංකාවේ ඉගෙනගත් පාසලට වගේම මිනිස්සුන්ටත් උදව් කරන ඉගෝ එකක් මේන්ටේන් කරන්නේ නැති අපේ දේව් අයියා (Devapriya) වගේ අය ඔය පින්තූර වල ඉන්න ජනක අයියා..(Janaka), ආමි එකෙත් වැඩ පෙන්නලා ලංකාවේ මිනිස්සුන්ට ගෙවල් හදලා දීලා උදව් කරලා ආතල් එකත් උපරිමෙන් ගන්න අය හැබැයි භාශණයේ නිදහස අයුතු ලෙස තමන්ගේ මමත්වය ගොඩනගාගන්නවත්..බොරැවට පොරවෙන්නවත් ලියන අය නෙමෙයි.. හැබැයි එහෙම අය ඉන්නේ බොහොම පොඩි ප්රමානයක් බහුතරය හාල් කෑළී..උන්ට ලන්කාවට යන්නත් බෑ..මෙහේ හදා ගත්ත දේකුත් නෑ....හැබැයි බොරැ රගපැම නම් තියෙනවා ඔස්කාර් අවොර්ඩ්ස් දෙන්න වටින තරමට..

ඔය ස්ටැග්නේශන් එක වයිට් කොලර්, බ්ලූ කොලර් හෑම රැකියාවකටම අදාලයි..ලන්කාවේ ප්රොෆෙශනල් කැරියර් එකක් තිබුන, අප්වර්ඩ් මොබිලයිසේශන් එකක් තිබුන.., ලස්සන පවුල් ජීවිත තිබුන හුගක් අය යන්නේ කොහේද? අරමුණ මොකක්ද? කියලා තේරැම් ගන්නේ නැතුව පර්මනන්ට්ලි මෙහෙට ඇවිත් කෙලව ගත්තා..බෑම්බු සීලීම නිසා කොච්චර පී එච් ඩී, කොලිෆිකේශන් තිබුනත් ඉහලම තැන්වලට යන්න බැරිවුනා.ළමයි අයාලේ ගියා..මොකද උන්ට තමන්ගේ සන්ස්කෘතිය, අක් මූල් දන්නේ නැති, දුන්නේ නැති නිසා...උන් දැන් ලන්කාවටත් නැති ඕස්ට්රේලියාවටත් නැති ගන්ධබ්බ ඩයල්... ලොකු උන්ටත් වෙලා තියෙන්නේ මොන කැපිල්ල තිබුනත්, චාටර් වෙලා හිටියත් කට්ට කාගෙන මෙහෙට වෙලා ඉන්න...ලන්කාවට එන්න බැ. මොකද ඒ කාලේ එකට හිටපු අය ඉහළම තැන්වල…ආපහු ඇවිත් මොන ලබු ගෙඩියක් කරන්නද? නාකිවුනාම තැනක් ගන්න ඕන්න සින්හල මතක් වෙනවා..කවි ලියනවා, (මේක රටට සමාජයට යමක් දෙන්න ලියන අය ගැන නෙවෙයි..බොරැ මතවාද සමාජගත කරලා පොර වෙන්න හදන මන්දඩයල් ගැන කිව්වේ) බුද්ධාගමට කෙලිනවා..මේ සේරම ආගම් එකයි, බහු සන්ස්කෘතික ජාතිකත්වයක් හොදයි කියලා එයාලට ඉහලට එන්න නොදීපූ  සුද්දොන්ගේ ගුණ වයනවා.. බහු සන්ස්කෘතික ජාතිකත්වයක් හොදයි, හැමෝටම සමතෑන කිව්වට ඔය ඇකඩමිකලි, පොලිටිකලි එහෙමත් නැත්නම් පබ්ලික් සෙක්ටර් එකේ ස්ට්රැටජික් පොසිශන්ස් වල ඉන්න සුද්දෝ නොවන අය බැලුවම පර්ස්න්ටේජ් වයිස් හරිම අඩූ ප්රතිශතයක්, ඒ පේපර් කොලිෆිකේශන් අඩු නිසා වත්, එක්ස්පීරියන්ස් අඩු නිසාවත් නෙවෙයි..… ඇයි අපි කළු හින්දද?? ඔව් නේ...කළුයිනේ...කළු නෑ..තළ එළළුයි..ඒත් අවුල් මල්ලී…

අනික දැන් මෙහේ ඉන්න ප්රොෆෙශනල් නොවන එවුන්ට ලන්කාවට ඇවිල්ලා ස්ටෙටස් මේන්ටෙන් කරන්න බෑ...ඔසී එවුන්ගේ කුණු අදින්න..ඒජ්කෙයා වල නාකි සුද්දන්ගේ xගැxx අදිනවා ඈරෙන්න වෙන දෙයක් දන්නෙත් නෑ.. මෙවන් මන්දමානසික තත්වයෙන් පෙළෙන ජාතියක් ජන්මයක්, අක්මුල් නැති එවුන් එක්ක සමාජීය සන්වාද කරන්න බෑ. ප්රොෆෙශනල් කැරියර් දාලා..සමාජ සම්බන්ධතා...යුතුකම්, වගකීම් වගේම අපේ කම අතැරලා සල්ලි වලට විතරක්, අරමුණක් නැතුව පර්මනන්ට්ලි රටයන එක ඇත්තටම නුවනින් බලන්නන්ට විහිලුවක් පමණයි. ප්රයිවසි ලෝ නිසා සුද්දොන්ට විරැද්ධව වැඩ කරන්නත් බෑ.. ඩෙෆමේශන් ලෝ නිසා මෙහේ කැරියර් වයිස් ස්ටැග්නේට් වෙන අයව පබ්ලික් ෆෝරම් වල දාන්නත් බෑ..ඒක නිසා මිනිස්සු හිතන්නේ මේක තව්තිසාව කියලා.. ඒක නිසා ඕස්ට්රේලියාවේ, කැනඩාවේ, එංගලන්තයේ කොහේ හිටියත් හැම මිනිහම කියන හැම එකම එකපාර පිලිගන්න එපා..තමන්ගේ ජාතියට, ආගමට, ඉපදුන රටට කිසි දෙයක් නොකර බොරැ දර්ශණ දාන අයගේ දිහා ලොන්ජිටියුඩනල් සර්වේ එකක් කරන්න..ඒ කියන්නේ කාළයක් බලාගෙන ඉන්න..එතකොට තේරෙනවා මුලින් ලොකු රැඩිකල් දර්ශණ දැම්මට අඩුගානේ තමන්ගේ පවුලවත් හරියට හදාගෙන නැ කියලා...ඉතින් වදුරන්ගේන් බණ අහලා ජේතවණාරාමයට ගල් ගහන්න එපා..

ඔන්න ඕක හින්දා මම නම් ආපහු ලන්කාවට යන්වා...මම මෙහෙට එන්නත් හේතුවක් තියෙනවා..ඒක සුනාමිය..යන්නත් හේතුවක් තියෙනවා ඒ මගේ රටට ණය නැතුව මැරිලා මගේ කටු ටිකවත් ලන්කාවේ පොලොවට පොහොර කරන්න…"දිස් ඉස් මයි ටූ සෙන්ට්ස් ඔපීනියන් එක.. මෙහෙට ආව එකටත් ආපහු යන එකටත්” මිනිස්සු ඒක තේරුම් ගත්තත්, නැතිවුනත්, බැන්නත් මට අදාළ නෑ.මොකද හර්දසාක්ශියට එකගව රටට, සමාජයට, පවුලට යමක් කරලා මට නිදහසේ මැරෙන්න පුලුවන්නම් අවශ්යය ඒක විතරයි..

මෙහෙම කතා කරලා නැගිටලා එනකොටම තවත් ලන්කාවේ ඉදල ආපු ජෝඩුවක් හම්බවුනා..ලන්කාවේ කොහෙද? මෙහේ කොහෙද ඉන්නේ? ආදී වශයෙන් ප්රස්ණ අහලා..අන්තිමට මෙහෙම්ත් ඇහුවා.."ඇයි ඔයා මෙහෙට ආවේ?" “ලන්කාවට වඩා ලස්සනයි නේ..ආසාවට ආවා”..එහෙම කියපු මගේ දිහා මගේ අනිත් යාලුවෝ බලලා හිනා වුනා.."ආපහු යනවද?" ඒ ජෝඩුව ආපහු ඈහුවා.."ටිකට් ප්රයිසස් අනුව තමයි" කියපු මම හෙමිහිට මාරැවුනා..


 © පසන්, පර්ත්. අප්රේල් 30, 2017.

1*  (ක්රය ශක්ති සාම්යය)


පින්තූර අවසර ඇතුව ගත්තේ ජනක අයියා ගේ වත්පොතෙන් හා  අන්තර්ජාලයෙනි…

Monday, May 13, 2019

~~~~~~ ස්තුතියි මිත්රවරුනි ~~~~~~~



















සිදු නොවිය යුතූ දෙයම සිදු වෙමින් පවතී. අප නැවත අඳුරු ආගාධය කරා ඇදී යමින් සිටිමු. අප අතීතයේ සිටි අයට චෝදනා කලා සේම අපගේ දරුවන් අපට චෝදනා කරනු ඇත. සිය දහස් ගණනක් මිනිසුන්ගේ ලේ වගුරුවා සාරවත් කල භූමියෙ අස්වනු නෙලීමට පෙරම අප විසින් ගිනි තබා ඇත. ඔබ සිංහලයෙකුද දෙමලෙකුද මුසල්මානුවෙක්ද යන්න මේ ගින්නට අදාල නැත. ගින්න පැතිරෙනු ඇත. අසරණයින් ගින්නට බිලි වනු ඇත. හැකි උන් ගින්නෙන් පලා යනු ඇත. නොහැකිවුන් ගින්නෙන් දැවී යනු ඇත. අවසානයේ කලු ගැසුනු දුම් දමමින් ඇති භූමියක සිට අප එකිනෙකා වෙත අත් දිගු කරමින් චෝදනා කල හැක. නමුත් මේ බිමේ මල් පිපෙන්න තව බොහෝ කලක් ගත වනු ඇත. සමහර විට අපගෙ දරුවන්ටවත් එම වාසනාව උදා නොවනු ඇත.


ස්තුතියි මිත්රවරුනි ඔබගේ මානසික අසහනය කතෝලික පල්ලි වල දෙවියන් යදිමින් සිටි අසරණයන් හරහා මුදා හල මිත්ර වරුනි. ඔවුන්ගේ වේදනාව ඔබට නොදැනුනි නම් එදා කාත්තන්කුඩි පල්ලියේ කඩු පහරින් මිය ගිය ඔබගේ වාර්ගිකයෙකුගෙ ඥාතියෙකුගෙන් විමසන්න, එය ඔවුන් ඔබට පහදේ දෙනු ඇත. ඔබ කන්යාවියන් හා සැනසෙන්න. අප ඔබගේ බිරිඳ සහ අසරන කුඩා දරුවන් පෝෂණය කරන්නම්. 


ස්තුතියි මිත්රවරුනි, දැනුවත්ව හෝ නොදැනුවත්ව පල්ලි වල කඩු රැස්කල මිත්රවරුනි ඔබගේ කඩුවෙන් කැපීමට නියමිතව තිබුනේ අප කාගේ හෝ ගෙල බව දැන දැන අප නිහඬ වන්නම්. මේ ගින්න නිවාදැමීමට මිනිස් බිලි කීයක් අවැසිදැයි පවසන්න ? හෙට දවසේ දරුවන්ගේ නාමයෙන් අප ඒ බිලිපූජාවට සතුටින් බිලිවෙන්නම්. 


ස්තුතියි මිත්රවරුනි හදිසියේ ඇතිවූ මහා ජාති ආලයකින් මුස්ලිම් කඩ වර්ජන ව්යාපාරයක් දියත් කල කල ජාතික වීරවරුනි, තැටිය රත්වී ඇත, ඔබ ඔබගේ රොටිය පුච්චාගන්න. ඒත් මට පුළුටු සුවඳක් දැනෙන්නේ මන්දැයි පවසන්න.


ස්තුතියි මිත්රවරුනි, ඇස් ඉස් මස් දන් දී ලෝකයට කරුණාව , දයාව, මෛත්රිය පහදාදුන් ශාස්තෘවරයෙකුගේ උපන්දිනය සැමරීමට නොහැකිවීයැයි නොදන්නා සතුරා වෙත වෛරය මුදාහරින මිත්රවරුනි, ඔබ ආගමේ නාමයෙන් මහත් අභිමානයෙන් තෙල් දමා පහන් දැල්වූවා සේම, මේ ගිනි ඇවිලුනු පසු ඔබ වෙනුවෙන් දිවි පිදුමට සිදුවන සොල්දාදුවාගේ හිස ඉහත්තාවේ ඇති පහනටත් තෙල් දමන්න පැමිනෙන්න. ශඩ් වර්ණ පාලම් කොඩි වලින් ඔබගේ නගරය අලංකාර කල සේම, ඔහු අවසන් ගමන යන මාවත සැරසීමටත් පැමිණෙන්න.


ස්තුතියි මිත්රවරුනි, සතුරාට ගලකින් හෝ දමාගැසීමේ නොනිත් ආසාවෙන් පෙලෙනමුත් එයටද අවැසි ශක්තිය නොමැති කම නිසා සමාජ ජාලා හරහා ඔබගේ වීරත්වය, යුද රහස් සහ සංවෙදී තොරතුරු පිලිබඳ ඔබගේ දැනුම විදහාදක්වන මිත්රවරුනි, නාදුනන සොල්දාදුවාගේ පිලිරූ අසල ඔබ වෙනුවෙන්ද පිලිරුවක් ඉදිකර පුශ්පෝපහාර දක්වන්නම්. නමුත් ඔබගේ හෘද්සාක්ෂ්යය පිලිබඳ අපට වගකිව නොහැක.


ස්තුතියි මිත්රවරුනි, මිනිසි ලේ ගංගා ගලා යද්දී පවා, ඔබ විශ්වාස කරන දේෂපාලන මත්වාදයන් වෙනුවෙන් නොසැලී පෙනී සිටින මිත්රවරුනි, මිනී කන්දේ මුදුනත ඔබගේ පක්ශයේ කොඩිය කෙසේ හෝ රඳවන්න. නමුත් ඔබගේ ජයග්රහනය සමරන්න එකෙක් හෝ ඉතුරු වී ඇත්දැයි විමසන්න.


අවසානයේ ස්තුතියි මිත්ර වරුනි, මේ සියලු ගිනි ඇවිලීම් මැද ඔබගේ නිවස ආරක්ශිත නම් කාට හෝ වරද පටවා, කවුරු හෝ පැමින ගිනි නිවනතෙක් බලාසිටින මිත්රවරුනි. මිනී පිට්ටනි වල මල් පිපුනු පසු, මල් පිපීදැයි විමසන්න පැමිනෙන්න.

මීට ඔබ කල පවට කරගැසීමට සූදානම් වන ඔබගේ මිත්රයෙක්

             ~~~~~~~~ © විරංග ප්රතිභා.., මැයි 14, 2019. ~~~~~~~


පිංතූර අන්තර්ජාලයෙනි

Sunday, May 5, 2019

~~~අයිතිය~~~


~~~~   අයිතිය  ~~~~

දුට්ඨගාමිණී අභය
නුඹ නම් ගියා තුසිතෙට
මා හට නිවී සැනසෙන්නට 
තිබූ රන් තෙලඹු ගස
පවා මට අහිමි කර…

එදා සිත හදාගෙන 
ගියා දුර පලාතට
බොහෝ සිත් නිවාලන
මහා සෑයට
පුදා මා බිම් කඩ…

එදාසිට බොහෝ දින
ගෙවුනි එක එක විලාසෙට
එහෙත් නොවරදවාම 
සෑම පුරසඳ නිශාවට
මමත් පිදුවෙමි මහා සෑ රද…

නුදුරු බක් මහා පෝයට
මම ගියා සුපුරුදු ලෙස
පැදකුණු කරන්නට 
මගේ මහ සෑ රද
නෙලූ කඩුපුල් මල්ද දෝතින් ගෙන…

ක්ශීර වර්ණෙන් සදා
සදෙව් ලොවටත් පෙනෙන ලෙසිනා
වැජඹුනු සෑ රජිඳා
නොදුටුවෙමි මම එදා
සුපුරුදු දෙසින් පෙනෙනා…

සැනකෙලි සිරින් ඉසිරී
නොයෙක් පෙලහර දුටිමී
විදුලි එලියෙන් කණ වුනී
මන් මුලා වූ බවක් දැනුනී
මගේ සෑ රද එතන නොවුනී…

නෙලූ මල් අතින් ගිලිහී
නෙතේ කඳුලැලි කඩා වැටුනී
මහා බැතියෙන් පිදූ සෑ රද
වෙළඳ දැන්වීමක් ලෙස
දවස් කුලියට යොදා තිබුනී…

ගාමිණී අභය, නුඹම පමණයි සාක්ෂිය
මා නුඹට පැවරූ
ඒ බිමේ අයිතිය 
විකිණිය නොහැකි බව
සිල්ලර කාසියට..........

©  විරංග ගුණසේකර ~~~~~~~~

පින්තූර අන්තර්ජාලයෙනි..   05/05/19

——————————————————————————————————————————


Thursday, May 2, 2019

පාසල තුල අපේ දරුවන් සුරක්ෂිතද?


















6 වෙනිද පාසල් පටන්ගන්නව කියල ආණ්ඩුව ( දැන් ඉතින් ආණ්ඩුව කියන්නෙ කවුද කියන එක වෙනමම හොයල බලන්න වෙනව ) කියනව. 
එත්කොට ළමයින්ගෙ ආරක්ශාව, ඒකට මොකද වෙන්නෙ? අධ්යාපන  ඇමති කියල  එක පොලිස් නිලධාරියෙක් හරි පාසලක ආරක්ෂාවට දෙන්න බලන්නම් කියල. ඒ ඇතිද? ඒ ඇතිද? ???

C4 , ටී. එන්. ටී වගේ අධි බල පුපුරන ද්රව්ය යොදාගෙන, අතිශය දරුණු උපක්රම යොදාගෙන කටයුතු කරන ත්රස්තවාදී කන්ඩායමක් එක්ක එක පොලිස් නිලධාරියෙක්ට පාසකල ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්ද? අනික අපි ලෝකෙ දැකපු ට්රෙන්ඩ්ස් එක්ක සන්සන්දනය කරල බලද්දි ත්රස්තවාදීන්ගෙ මීලඟ ඉලක්කය පාසලක් හරි පන්සලක් හරි වෙන්න පුලුවන්. 

අනික ළමයින්ව ප්රාන ඇපයට ගත්තොත්?

ආන්ඩුවට ඇයි පාසල් පටන්ගන්න හදිස්සි? 

කාදිනල් තුමා කියනව කතෝලික පාසල් පටන්ගන්න එපා දැන්ම කියල. පල්ලියෙ දේව මෙහෙය නවත්තල…..

ආණ්ඩුවට ඕනෙ රටේ ජන ජීවිතය සාමාන්යයි කියල ලෝකෙට පෙන්නන්න. ..

ඇපි ප්රශ්නෙ ඉක්මනින් විසඳුව කියල පෙන්නන්න…..

එහෙමත් නැත්නම් වල්නරබල් තැනක් එක්ස්පෝස් කරල ත්රස්තවාදීන්ට තව අවස්ථාවක් දෙන්නද දන්නෙත් නෑ කියල සාධාරන සැකයක් ඇති වෙනව……

රාජිත ඇමති කියනව එයාට ත්රස්තවාදීන්ගෙන් තර්ජන කියල. ….

පාර්ලිමේන්තුවෙ ආරක්ශාව වැඩිකරන්න කියල. ප්රභූන්ගෙ ගමන් සීමා කරන්න කියල. තව ප්රහරය්ක් එනව කියල අනතුරු හඟවල තියෙද්දි මොකද්ද මේ හදිස්සිය?????

තාම කිසි දෙයක් හරියට විසඳිලා නෑ. එල්. ටී. ටී. ඊ. යුද්ධ කාලෙ එක ප්රදේෂයක් හරි ක්ලියර් කලාම හමුදාව කියනව ඒ පැත්තෙ ආරක්ෂාව තහවුරුයි කියල……ඒත් කවුරුත් එහෙම කියල නෑ….. ආණ්ඩුවෙත් වගකීම බාරගන්න කිසි කෙනෙක් නෑ……

අනික මේ ගොල්ලො වගකීමෙන් කරනව කියන ප්රකාෂ කොච්චර බොරුද කියල අපි දැකල තියෙනව.

" ජනාධිපති තුමා දැනගෙන ඉඳල අපිට කිව්වෙ නෑ කියයි", 

"පොලිස්පති තුමා ජනාධිපති තුමාට කිව්වෙ නෑ කියයි", 

" තාත්ත කිව්ව නිසා මගේ පුතා ව්තරක් පාසල් යැව්වෙ නෑ" කියයි. 

අන්තිමට මොකෙක් හරි බිලි බෝයි කෙනෙක් බොරුවට ඉල්ලල අස් වෙයි. ඒත් ඒ විනාස වෙන ජීවිත වලට මොකද වෙන්නෙ?.

දැනට රටේ පවතින හැටියට අපිට විස්වාස කරන්න පුලුවන් හමුදාවයි, කාදිනල් තුමයි විතරයි. ඒ අය විතරයි ම්නිස්සුන්ගෙ ජීවිත වලට වටිනාකමක් දීල වැඩ කරන්නෙ. ඉතින් මේ දේෂපාලඥ්ඥයන්ගෙ ඇජෙන්ඩ වලට අපිට අපේ දරුවන්ගෙ ජීවිත ඔට්ටු තියන්න පුලුවන්ද?

~~~~~~~~~~~ හිතේ දුක් දරාගෙන හිසේ ගිනි එක්ක ජීවත් වෙන තවත් දරැවෙක්ගේ තාත්තෙක්.~~~~~~~~ 

                           මාර්තු, 03, 2019..
පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...
DISCLAIMER : මේ ලේඛකයා ත්රස්ත විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇත.

Wednesday, May 1, 2019

සිත්ගත් කවි, "ලෝක කම්කරැ දිනය - මැයි 01",



"ලෝක කම්කරැ දිනය  - මැයි 01"

බාලන්ද දාසන්ද අද මෙහේ පැමින නැත..
මොහොමඩ්ද නවුෆර්ද එහා මැයි රැලියෙ ඇත..
සිරිදාස පියදාස වෙනත් රැලි දෙකක ඇත..
"කම්කරුවනි එක්වව්" බෝඩ්නම් ගසා ඇත..

රතුපාට කොලපාට නිල්පාට කොඩිද ඇත..
කොලබ මහනුවර සහ ගාල්ලෙද වෙනම ඇත..
___ ඇතුලු ආසනේ ජනතාව පැමින ඇත..
ගරු ඇමතිතුමන්ලත් සුබපැතුම් එවා ඇත..

වේගවත් රස කතා පවත්වති ඇමතිවරු..
අගමැතිද ජනපතිද මේ අතර වැඩ හිදිති..
ජනතාව ප්රීතියෙන් ඔදවැඩී ගොස නගති..
කේතුමති නුවරවත් මෙවන් ප්රිය දසුන් නැති..

වැඩ කරන ජනතාව ඉතින් නම් ප්රීති වෙති..
වැඩි පඩිද බෝනස්ද මේ පාර ලැබී ඇති!
සාදුකින් පෙලෙන උන් ඉතින් නම් තවත් නැති..
බාර් වහලා උනත් මෙන්න මුන් ඩෝප් වෙති..

සිරිදාස වී වලට වැඩි මිලක් ලැබුනාද?
බාලන්ගෙ දවස් පඩි කීයකින් වැඩි උනිද?
නවුෆර්ගෙ ලැලි ගෙට ඔප්පුවක් ලැබුනාද?
මැති ඇමතිවරු ඇවිත් කිව්වෙ ඕවා නොවෙද?

ජොසපිනුත් දනවතිත් අදත් කුනු අදිනවා..
සෙල්ලම්ම විස්සකට කිලෝවක් නෙලනවා..
ජිනදාස පනහෙ මිටි හතලිහක් බානවා..
තවත් කම්කරු දිනක් මේ ලෙසින් ගෙවෙනවා….


~විරංග ගුණසේකර~

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

සිත්ගත් කවි, සාහිත්යය සමිති, "රහල් ර0ගන" , වේදිකා නාට්යය සහ විර0ගගේ කවි...


විර0ග අයියා මට හමු වෙන්නේ "රහල් ර0ගන" කරන කාලේ...හැම අවුරැද්දකම වේදිකා නාට්යය ලියාගෙන ..ස්පොන්සර්ලා හොයාගෙන, රෑ වෙනකල් රිහසල් කරලා ගෙවුන සුන්දර කාළයක්..විර0ගලගේ නාට්යය තමයි හැමදාම පළමු තැන ගත්තේ..අන්තිමට අපි කරපු රහල් ර0ගන එකේ විර0ගගේ රචනය "තුන්වෙනි වරය"...ඒකේ දෙබස් මට තාම මතකයි...ඒකට හේතුව විර0ගගේ තිබුන අපූරැ පරිකල්පනය..නාට්යයේ චරිත වල තිබුන භාවාත්මක පෞරැශය..මම, ගයාන් නිරෝශන්, නිලුප සන්ජය ලියපු නාට්යය තරගයේ දෙවෙනි තැන ගත්ත "සක්විති කිරැළ" තමයි අපේ අවසාන වේදිකා නාට්යය.. වේදිකා නාට්යය, පින්සල් චිත්ර, පොත් ලිවීම එක්ක ගෙවුනු විර0ග අයියාගේ කවි වලට අපි හැමෝම ආස කරා..අපේ පොඩි කුළකයකට ලඝු වෙන කවි හැමෝටම බෙදාගන්න "සිත්ගත් කවි" තුලින් දාන්නේ ල0කාවේ ඉහළම විනයක් තියෙන වෘත්තිකයෙක් වන විර0ග අයියගෙන් වචනයෙන් ගත්ත අවසරය මත..තව කාළෙකින් ඔහුත් නිදහසේ ලියාවි ඒ වෙනතුරැ විරාමයේ ඔබටත් රසවිදින්න "විර0ගගේ කව් සිතිවිලි”……

————————————

ඉතින් පුත නිදියන්න
එපා යලි නැගිටින්න
මවක් නැත පිලිගන්න
බිමක් නැත රැකගන්න

එදා ඔබ දිවි පුදා 
රැකූ බිම් කඩ අරා
සිටී යහතින් ඉතා
මැඩූ නිවටුන් එදා

නුබෙ රුහිරෙන් එදා
සරු වු බිම් කඩ පුරා
සුපිපි වන මල් කඩා
පුදති උන් රුපු දෙපා

දිනූ බිම දිවි පුදා
රැකි පුතුනි වනු කමා
බිලි වුනෙ නුබ කිමා
රකිනු වස් කෙලෙහිගුන නැති දනා

~විරංග ගුණසේකර~

————————————————————















පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...