Thursday, December 19, 2019

~~~~~ දනිමි…දැවෙමි...සැනසෙමි... ~~~



ඉසියුමින් නෙත්කොනින් හඟිමි..
මන්දස්මිතයෙන් රිදුන හඳ කිතිකවමි..
මහපටැඟිල්ලෙන් පුටු කකුල කොනහමි...
ඈතින් ඉඳ බලමි නුඹ එහි නැතද අතීත මතකයන්ගේ
ඡායාමාත්රයක් තවමත් එහි තිබුන බව සපථමි... 

ආදරයක් නොතිබුනේදැයි නොදනිමි..
ශිශිරයේද ඇවිලුන රාග ගිනි හේමන්තයේ නිවුන බව පමනක් පවසමි..
ගිමන්හලේදී මොහොතකට දැනුන සුවඳත්..
දුම්රියේ නෙත් හීසරයත් මා ප්රාණවත් කලයුරැ විඳිමි.. 
සැනසෙමි..
දිගු හුස්මක් ගෙන දෑස වසාගතිමි..

සිතින් පමණක් පෙම් කලබවද…
කයින් පමනක් හිමි කරගත් බවද..
සිහිනයෙනුදු මගේ නොවුනබවද...
සිහිකරමි..

සසර ඉම තෙක් නොකල් පහස ලැබීමට වර අඳිමි..
දැවෙමි..
පෙලෙමි..
සැනහෙමි…

ප්රිය ළඳ නුඹට පමණක් ඇලෙමි..
මුසපත්ව ලංවෙමි..
උදෑසන හිරැකිරණත් සමගම වෙන්වෙමි..
ඉසියුමින් නෙත්කොනින් හඟිමි..

©  පසන්  19/12/2019..
පින්තූර අන්තර්ජාලයෙනි..



No comments:

Post a Comment