Wednesday, December 18, 2019

ඕස්ට්රේලියාවේ ගිනියම සහ ඇවිලීම්...


ප්රියානි ජයසිංහ මහත්මිය ගේ ජනප්රිය ගීතයක් කට සවන්දෙමින් වත්පොතේ ජේමිස් බණ්ඩාගේත් ජනක විකාර ගේ පෝස්ට් කිහිපයකුත් ඒවාට උපුල් හේවා, හිරන්ත හේරත් ඇතුළු තවත් කිහිපදෙනෙක්ගේ ගේ කමෙන්ට්ස්නුත් බලමින් දුම්රියෙන් එන අතර තුර මගේ ඉපදුන රටට සහ දැන් ඉන්න රටට වෙන සහ කිරීමට බලාපොරොත්තුවෙන යුතුකම්, වගකීම්, වගවීම් අතර හිත දෝළණය වෙමින් ලියූ ලියමනක්.

ප්රියානි ජයසිංහ මහත්මිය 2018 වසරේදී සිය සැමියාගේ පහරදීමකින් මියයනවා. මේ හා සමානව සිදුවීමක් 2013 වසරේදී ඕස්ට්රේලියාවේ සිදුවුනා එහිදී සිය බිරිඳට මිටියකින් පහරදීමෙන් මරණයට පත්කිරීම නිසා ශ්රී ලාංකික කතිකාචාර්යයවරයෙක් වරදකරැබවට පත්වුනා1. නැවතත් 2016 වසරේදී ශ්රී ලාංකික වෛද්යවරියක් සිය සැමියාට මිටියකින් පහරදී මරණයට පත්කිරීමේ හේතුවෙන් වරදකාරිය බවට පත්වුනා2. මේ අවුරැද්දේ පෙබරවාරි මාසයේ තවත් ලාංකික කාන්තාවක් සිය විවාහක ස්වාමියාගේ පහරදීමකින් අවාසනාවන්ත ලෙස මියගියා3. (සියළු විස්තර අවසන සමුද්දේශයේ දක්වා ඇත.) අවාසනාවකට පර්ත් නගරයේ කේන්ද්රිය වූ මෙම මනුශ්ය ඝාතනයන් සියල්ල සිදුවුයේ වින්දිතයන්ගේ සමීපතමයන් අතින් වීමත් ඔවුන් ඉහල අධ්යාපණක් ලද සාමාජිය වශයෙන් ඉහල තත්වයක සිටි පුද්ගලයන් වීමත් කණගාටුවට කරැණක්. තත්වය මෙසේ වීමට හේතු සාමාජීය සහ ආර්ථික තත්වයන් විශ්ලේශණයෙන් දැක්වීමට බොහෝ වියතුන්, ආගමික නායකයන් සහ සාංක්රමනික ප්රජාව උත්සාහකලද එයට නිශ්චිතවූ හේතු පැහැදිලිව නිර්වචනය කොට  දැක්වීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නෑ.

ඕස්ට්රේලියාව කාන්තා හිංසනයෙන් ඉදිරියෙන්ම සිටින කාන්තා හා ළමා අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරන රටක්. 

ඕස්ට්රේලියානු මානව හිමිකම් කොමිසම් වාර්තා අනුව 85% කාන්තාවන් රැකියා ස්ථානයේදී ලිංගික අතවරයන්ට ලක්වී තියෙනවා. (AHRC,2018)(https://www.humanrights.gov.au/sites/default/files/document/publication/AHRC_WORKPLACE_SH_2018.pdf)

ඕස්ට්රේලියානු සනීපාරක්ශණය හා සුභසාධන ආයතන දත්තවලට අනුව සෑම ගැහැණුන් පස් දෙනෙක් ගෙන එක අයෙකුත් (1.7 මිලියන ) සහ සෑම පිරිමින් විසිදෙනෙකුගෙන් එක අයෙකුත් ලිංගික වශයෙන් අවුරැදු පහලොවේ සිටම අපයෝජනයට පත්වී ඇත. (Australian Institute of Health & Welfare)(https://www.aihw.gov.au/getmedia/d1a8d479-a39a-48c1-bbe2-4b27c7a321e0/aihw-fdv-02.pdf.aspx?inline=true) මේ නයින් බලන කල තුන්වන ලෝකයේ බොහෝ රටවල් කාන්තා අයිතිවාසිකම් හා සුභසාධනය යන අංශ ඔස්සේ දියුණු ඕස්ට්රේලියාවට වඩා බොහෝ ඉදිරියෙනි.

ඕස්ට්රේලියානු සනීපාරක්ශණය හා සුභසාධන ආයතන දත්තවලට අනුව 72,000 ක් ගැහැණුන් ගෘහස්ත හින්සනය නිසා නිවාස නැතැයි රජයෙන් හදිසි රක්ෂාස්ථාන අයදුම් කොට ඇත. මෙයට අමතරව 34,000 (තිස් හතර දහසක්) ළමුන්ද නිවාස නැතිවීම හේතුකොටගෙන අසරණව සිටී. මේ නිසා ඕස්ට්රේලියානු රජයට රජයට දැරීමට වන්නාවූ පාඩුව බිලියන විසිදෙකක් (22 Billion) බවට ක්ල්යින්වෙල්ඩ් පීට් මාර්වික් ගාල්ඩ්ලර් (KPMG) ආයතනය ගනන් බලා ඇත5. (Australian Institute of Health & Welfare)
ඉහත දැක්වූ 72,000 ට ඇබෝරිජිනල් / ආදිවාසී සහ ටොරස් සමුද්ර සන්ධිය  සම්භවයෙන් යුතු ගැහැණුන්,  ගර්භණී ගැහැණුන් සහ මානසික ව්යාධීන්ගෙන් සහ ආබාධිකත්වය යෙන් යුතු ගැහැණුන් අයත් නොවේ. එම කණ්ඩායම් සියල්ලම එකතුවූ කල ඕනැම දිනක ඕස්ට්රේලියාවේ 116,427 ක් හදිසි රක්ෂාස්ථාන තුල, සිය වාහනය තුල,  හෝ පාළමක් යට, ගුබ්බැයෑමක හෝ මහපාරේ නිදාගන්නවා ඇත6. (ABS (2018) Census of Population and Housing: Estimating homelessness, 2016). 
15,872 වූ සංඛ්යාත්මකව ඕස්ට්රේලියානු රජය පෙන්වා දෙන අවුරැදු 12ට අඩු නිවාස අහිමි ළමුන්ය. (AIHW (2018) Specialist homelessness services 2016-17).
     ප්රාන්ත අනුව ගත්විට මේය තවත් වැඩිඅගයක් පහත සටහනින් පෙන්වා දෙනවා.

NSW 37,715 (50.4 people per 10,000) +37% since 2011
VIC 24,817 (41.9 people per 10,000) +11% since 2011
QLD 21,671 (46.1 people per 10,000) +14% since 2011
SA 6,224 (37.1 people per 10,000) +7% since 2011
WA 9,005 (36.4 people per 10,000) -2% since 2011
TAS 1,622 (31.8 people per 10,000) +6% since 2011
NT 13,717 (599.4 people per 10,000) +11% since 2011
ACT 1,596 (40.2 people per 10,000) -8% since 2011

ඉහත සියළුම දත්තයන් ඕස්ට්රේලියානු  සංඛ්යාලේඛණ දෙපාර්තමේන්තුව , ඇන්ග්ලි කෙයා, මිශන් ඕස්ට්රේලියා, ගලවාගැනීමේ හමුදාව (Salvation Army) සහ ක්රයිසිස් ඇකමඩේශන් සර්විසස්, රතු කුරැස සංවිදානය (Red Cross Society) ලබාදුන් දත්ත වලට අනුව පමණක් වන අතර ලබැඳීන් හා ජීවත්වෙන්නවුන් මේ දත්ත මගින් පෙන්වා දී නොමැත. එනම් සිය මිතුරන්ගේ, නෑදැයන්ගේ නිවාස වල තාවකාලිකව දින දෙක තුන ගතකරමින් අහිකුණ්ඨික ජීවිත ගතකරන්නවුන් මේ සංඛ්ය්යාලේඛණයන්ට අයත් නොවන අතර සංඛ්යාත්මකව මේ සියළුම අගයන් ඉහළයන බවත් නියැදීන්ට අනුගත නොවන්නාවු බොහෝ සාධක ඇතිබවත් වෘත්තියවේදීන් දක්වා ඇත. 

මේ සඳහා බොහෝ ආධාර ලබාදී පර්යේශණයන් කිරීමට සහාය දක්වන්නේ පහත දක්වා ඇති ආයතනයන් මගින්.
ඕස්ට්රේලියානු කාන්තාවන් උදෙසා වූ ජාතික පර්යේශන ආයතනය - (Australia’s National Research Organisation for Women’s Safety )
ඕස්ට්රේලියානු  සංඛ්යාලේඛණ දෙපාර්තමේන්තුව - (Australian Bureau of Statistics)
ඕස්ට්රේලියානු අගනගර අධිකරණ හා ප්රජා විශෝධක කාර්යාංශය - (Australian Capital Territory Justice and Community Safety Directorate)
ඕස්ට්රේලියානු  අපරාධ වේද විද්යාස්ථානය - (Australian Institute of Criminology)
ඕස්ට්රේලියානු කුටුම්භ අධ්යයන විද්යායතනය -(Australian Institute of Family Studies)
ඕස්ට්රේලියානු  සමාජ විද්යා දෙපාර්තමේන්තුව - (Department of Social Services)
ඕස්ට්රේලියානු  අගමැති කාර්යාංශය සහ කැබිනට් මණ්ඩලය - (Department of the Prime Minister and Cabinet)
සහ ජී-අට කණ්ඩායමේ සියළුම විශ්ව විද්යාලයන්හි විශේශිත පර්යේශණ කණ්ඩායම් හා චින්තන පර්ශදයන්ගේ එක්ලස් කොට ගන්නා ලද්දාවූ පරීක්ශණ, නිරීක්ශණ හා නිගමනයන්ට අනුයාතව
ජී-අට කණ්ඩායමේ විශ්ව විද්යාල,
i. ඕස්ට්රේලියානු ජාතික විශ්ව විද්යාලය (ANU)
ii.මෙල්බර්න් විශ්ව විද්යාලය
iii.සිඩ්නි විශ්ව විද්යාලය
iv. ක්වීන්ස්ලන්ත විශ්ව විද්යාලය
v. මොනෑෂ් විශ්ව විද්යාලය
vi. නිව් සවුත් වේල්ස් විශ්ව විද්යාලය
vii. බටහිර ඕස්ට්රේලියාවේ විශ්ව විද්යාලය (UWA)
viii. ඇඩිලේඩ් විශ්ව විද්යාලය.
ඇත්ත වශයෙන්ම, ඕස්ට්රේලියාව ගැන පුළුල් අධ්යයනයක් කලොත් තේරැම් ගන්න පුළුවන් මේහි තිබෙන්නාවු සම්පත් බෙදීයාමේ විශමතාවය. ඒ අනුව ඇති වී තිබෙන්නාවූ සාමාජීය ගැටළු. සමාජයේ මූලික තැනුම් ඒකකය වන පවුල සහ එහි බිඳ වැටීම නිසා ඇතිවී තිබෙන්නාවු ව්යාකූල තත්වයන්. ඒ නයින් බලනකල ලංකාවේ සිට යහපත් අනාගතයක් බලාපොරොත්තුවෙන් පැමිණ සිය අපේකශාවන් සහ ළමුන් උදෙසා වූ ප්රාර්තනා බිඳ වැටුනු මිනිසාට සිය අන්න්යතාවය, ආත්ම ගරැත්වය රැකගැනීමට ලංකාව දෙසට යොමුවීමත්, ඔසියන්ගෙන් නොලැබෙන්නාවු ගෞරවය උදෙසා සිය රටේ ප්රජාව දෙසටම යොමුවිමත් විමතියට කරැනක් නොවේ.
මේ සියල්ලත් එක්කම රස විඳින්න ප්රියානි ජයසිංහ මහත්මිය ගේ ජනප්රිය ගීතයක් තමයි පහත දක්වා තියෙන්නේ..
කඳුල නිවන්නම්
නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම්
තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම්
අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම්
හිත නොරිදනවා නම්

මල් පූදින්නේ දෑඟිලි අතරේ 
තැලී පෙලී මියැදෙන්න නොවේ 
සෙනෙහේ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි 
හිත රිදවා හඬවන්න නොවේ 

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි 
සෙනෙහේ පුදන්නේ අඳුරේ තනි වූ 
හිතකට එළියක් ලැබ දෙන්නයි 

කඳුල නිවන්නම්
නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම්
තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම්
අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම්
හිත නොරිදනවා නම්

සෙනෙහෙ පුදන්නම්
හිත නොරිදනවා නම්

ගායනය - ප්රියානි ජයසිංහ
ගී පද රචනය හා සංගීත නාද රටා - අශෝක කෝවිලගේ

අන්තිමටම කියන්න තියෙන්නේ එකයි. ඕස්ට්රේලියාව ඔය කියන තරම් ආතල් නෑ. පොෆෙශනල්ස් ලට නම් කොහොමත් නෑ. මහිරංගගේ වත් පොතේ බැලුවම අනිත් අයටත් නෑ කියලා තේරෙයි. මේකට ඉතින් සොලුශන් එකක්/ විසඳුමක් මටත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. සල්ලි හොයාගන්න ආවනන් ඒක කරලා ඉතුරැ කරගෙන තමන්ගේ රටට ගිහින් තමන්ට අවශ්යය, කැමති ආකාරයකට සැපවිඳින්න. මේ දවස් වල ඕස්ට්රේලියාවම ගිනි ගන්නවා අ/ග/කැ/මැති ස්කොට් මොරිසන් පවුල එක්ක හවායි. ඔන්න ආදර්ශයට ගන්නවා නම් අය. මේක මම රිසච් එකකට කරපු එකක් කම්මැලිකමට සිංහලෙන් ලිව්වා. වෙලාතිබුනොත් මේක කම්ප්ලිට් කරන්නම්, ඔය ඔසී එන්න හදන අයට පෙන්නන්න. එතකන් ඔබ සැමට සැප, සතුට හා ජය සපිරි සුභ නත්තලක් හා වාසනාවන්ත නව වසරක් වේවා.

© පසන්...2019
පින්තූර අන්තර්ජාලයෙන්..



No comments:

Post a Comment