Friday, March 22, 2019

ආලවක දමණය / දූපතේ රස කතා




"දූපතේ රස කතා"
- ආලවක දමණය - ”ගල්ගොඩියාන”
හුගක් කතා වල අන්තර්ගතේ කියවනකොට හා ඒවායේ ප්රතිචාර දෑක්කම කෂ්ටිය පරණ පුද්ගලික රස කථා වලට කෑමතියි කියලා පෙනුන නිසා දූපතේ  (ගල්ගොඩියානේ) රස කතා ලියන්න හිතුනා..

අවුරෑද්දේ ගොඩ කාළයක් කෑලේට වෑහිලා තියෙන ”ගල්ගොඩියාන” වෙසක් කාළයට කල එලි වෙනවා, ගමේ කොල්ලො "ආලවක දමණය"  ඕකේ පෙන්නන්න  හදන්නවා.. ඒකත් ඉතින් මාස දෙක තුනක් රෑ නිදිමරාගෙන කරන සුන්දර වෑඩක්..දූපත නිසා ඉතින් හෑම වෙලාවෙම යන්න එන්නබෑනේ අවශ්ය හෑම දෙයක්ම එකපාර ගෙනියනවා..දවල් පටන්ගත්තම රෑ කරෑවල වෑටෙනකම් කෑලේ සුද්ද කරලා ලයිට් එල්ලන්නත් ආළවක ගේ ස්පොට් එක ගාව ටිකක් අමුතු භයන්කාර ගතියක් එන්න හදන්නත් මහන්සි වෙන කොල්ලොන්ට දවල්ට රෑට කන්න වගේම බොන්නත් අනෙත් අවශ්යතාත් ඉත්තේරෑවෙන්ම සපයන්න ගමේ හෑමෝම එකතු වෙනවා...මේක ඉතින් ගමේ වෑඩේනේ...වෙසක් දවසට කොට දාලා දුපතට යන්න පාළමකුත් හදන්න මේ සෙට් එක පොල්කොට හිටවලා, බටගස් ඉන්දලා, ලෑලිදාලා ලොකු ගේමක් දෙනවා.. ඔය මාතර අවට දික්වෑල්ල, කුඩාවෑල්ල, ගන්දර වගේ මුහුද කිට්ටුව පෑතිවගේම අකුරෑස්ස, මොරවක පෑතිවලින් පවා ආළවක දමණය බලන්න එනවා.ගන්දර, දික්වෑල්ල පෑතිවල සෙට් එන්නේ බෝට්ටුවලින්..කොලඹ, නුවර, හලාවත වගේ හිටපු මගේ යාලුවොත් ඈවිත් සතියක් විතර නවතිනවා...වෙසක් සිරිය ව්දින්න..ඒ වගේම ගොඩ ඉදන් දුපතට හදන පාළමේ වෙසක් බලන්න එන නන්ගිලාව, අක්කලාව එගොඩ මෙගොඩ කරන් එකත් රාජකාරියක් වගේ කරන්න..

ආළවක දමණයත් අපූරෑ වෑඩක්..දුපතේ වම් පෑත්තේ භයන්කාර රෞද්ර ආළවකයාගේ රෑපයක් තියෙනවා..මේක බල්බ්දාලා උසට හදපු තඩි පින්තූරයක්...දකුණු පෑත්තේ බුදු හාමුදුරෑවන්ගේ ශේවේතවර්ණයෙන් බෑබලෙන ශඩ්වර්ණ රශ්මීධාරාවන්ගෙන් යුක්ත ආළවකයට වඩා ලොකු රෑපයක්.අතරමෑද රවුමට රවුමට ලයිට් තියෙනවා ආළවකයගේ ඉදන්  බුදුහාමුදුරෑවො දිහාවට..ලයිට් නිවිලා ආයෙත් පත්තුවෙන්නේ ආළවකයා බුදුහාමුදුරුවො දිහාට පාරා වලල්ලෙන් දමා ගහනවා වගේ..පොඩි වෑඩක් නෙමෙයි.. තොරණ් ගහනවා වගේ තමයි..මොකද දූපතේ ඉදන් ගොඩට පේන්න පොඩි වෑඩ කරලා නොන්ඩී වෙන්න බෑනේ..


මේවා ඉතින් සල්ලි බලාගෙන කරන් ඒවා නෙමෙයි,හෑමෝම එකතුවෙලා, සහයෝගයෙන් මිත්රත්වයෙන් කරපු සමාජසේවා වෑඩ.  මාස දෙකක් විතර වෑඩ කරලා වෙසක් දවසේට කලින් දවසේත් ටිකක රෑ වෙනකන් කට්ටියට දූපතේ තෑන තෑන ෆිලෑෂ් ලයිට් හයි කරන්න..මුහුද මෑද පාලමේ ලයිට් දාන්න වගේ වෑඩ තිබුනා. ඒ කාලේ මම බෑන්ක් එකේ වෑඩ (යන්න කලින් බෝ පෑළේ ගියාට පස්සේ කාක බෝදිය වගේ වුනා) යාලුවෝ, අහල පහල වෑඩට සෙට්වෙන අය සේරම එක්ක රෑට රෑට දූපතේ හීනියට සෙට් වෙනවා..බජව් දෑම්මට හුළග නිසා ගොඩබිමට ඈහෙන්නේ නෑ .හොරෙන් හොරෙන් කරාට ඉතින් හෑමෝම දන්නවා. බොන බ්රෑන්ඩ් නම් අද කාලේ වගේ සුපිරි නෑ ඒවුනාට මට තිබුන එකම අවුල බිව්වම පොඩ්ඩක් ඈලේට යන්වා එච්චරයි කොහොමත් පෘථිවිය අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා,ඒවුනාට මට පීනන එකට නම් ඒක කිසිම බාදාවක් වුනේ නෑ..මොකද අතක් පයක් කෑඩිල නවතින එකක්ය..කෙලින්ම මළා තමයි..
..කෂ්ටියම එදා රෑ වෙනකල් වෑඩකරලා ලයිට් ටෙස්ට් කරලා තමයි ගෙවල් වලට ගියේ.සේරම පට්ට විදියට ඔර්ගනයිස් කරලා.අපේ සීයටයි, බාප්ප සීයටයි කිව්වා ලයිට් විවෘත කරන්න කියලා..එතකොට දේශපාළණ ගොටු හිටියේ නෑ..”අපෙන් විය යුත්ත රටට,පන්සලට සහ ගමට” යන සන්කල්පේ තමයි තිබුනේ..සීයා ස්විච් එකා දාලා ආළවක දමණය දිහා බලන් හිටියා එහෙමම හෑරුනා ගියා..මොකද වුනේ කියලා මමත් ආළවක දමණය දිහා බෑලුවා..හුටා වයරින් කරපු එකා ඩෝප් දාලා වෑරදියට වයර් අමුනලා…


ආළවකයා බුදු හාමුදුරෑවන්ට පාරාවලල්ලෙන් ගහනවා නෙමෙයි..පාරාවලල්ල එන්නේ බුදු හාමුදුරුවන්ගේ පෑත්තෙන්..හොදටා ඈදගෙන ගොඩබිම සෝබනේට හිටපු සෙට් එකම එහෙන්ම පෑන්නා මූදට සර්කිට් ආපහු සෙට් කරන්න..ආපහු වයරින් කරලා බෑලුවම වෑඩේ හරි..ගෙදර ගියාම සීයා නම් වෙච්ච දේ එච්චර ගනන් ගත්තේ නෑ අපිත් එක්ක සෙට් වෙච්ච එහා ගෙදර බාප්පට නම් ආච්චි දුන්නේ කොහු කෑඩෙන්න.පොඩි එකා හින්දා මම බේරණා..


                                                      © පසන් , මාර්තු 22, 2019.


පින්තූර අන්තර්ජාළයෙනි පරණ ෆොටෝ සුනාමිය නිසා අතුරෑදන්වී ඈත. 

මාතර





”මතක තියෙන මාතර” 


මාතර ගෑන ලියපු බ්ලොග්1 කියවනකොට මට මාතර මතක් වෙනවා, පොල්හේන මතක් වෙනවා.. මාතර කියන්නේ මටනම් පුදුම අත්දෑකීම් අත්විදීම් දුන්න ලස්සන තෑනක්. මම ඉපදුනේ පොල්හේනට අල්ලපු ගමේ. පොල්හේන බීච් එකේ ඉදන් වම් පෑත්තට බෑලුවම පොඩි දුපතක් පේනවා. තව ඈතට බෑලුවොත් කොටුවේගොඩ පරෙවි දුපත පේනවා, ලගින්ම පේන පොඩි දුපතට කිව්වේ "ගල්ගොඩියාන" කියලා. ඒ දුපත කෙලින්ම වගේ තමයි අපේ ගෙවල් තිබුනේ.

ඔය දුපතට උදේ වරුවට ඈවිදගෙන යන්න පුලුවන්, හෑබෑයි යන්න ඕන විදියක් තියෙනවා, හවස් වරෑවට නම් පීනන්නම වෙනවා. කාලෙකට ඉස්සර මම මගේ යාලුවන්ව ඉම්ප්රෙස් කරන්නේ ඔය දුපතට එක්ක ගිහිල්ලා. දුපතට එක්ක යන වෙලාවට ත්රාසය, භීතිය ගෙන දෙන්න පොඩ්ඩක් ගිලෙන්න, කොරල් වලට කකුල් තුවාලවෙන්න එක්ක යන්න මම දෑනගෙන හිටියා. දුපතට ගියාම ඈතුලේ තියෙනවා "ටු ස්ටොරිඩ් ගල් ගෙයක්" මේකේ ඉතිහාසයත් හරිම රසවත්, සියමේ ඒ කියන්නේ දෑන් තායිලන්තේ රජ පරම්පරාවේ චාරිත්රයක් තියෙන්වා රජ වෙන්න කලින් පෑවිදි වෙන්න ඕන, ඒක රජ නොවුනත් සමහර රජ පවුලේ අය කරනවා, ඉතින් තායි රජ පවුලට සම්බන්ධ ප්රිස්‌දාන් චුම්සායි කුමාරයා පෑවිදිවෙලා වෑඩ වාසය කරලා තියෙන්නේ මේ දුපතේ තමයි. වෑඩිපුර විස්තර 2018 මෑයි අට දිවයින පත්තරේ හසිත චාමිකර ගුණසිංහ ගේ  ”සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු” ආටිකල් එකෙන් බලා ගන්න පුලුවන්.

ඉතින් මේවා කියලා කෂ්ටියව පුදුම කරලා ගෙදර එක්ක එනකොට අම්මා බත් හට්ටි දෙක තුනක් හදලා. මොකද මුහුදේ නාලා ආවම කන්න පුලුවන් පෑලෙන්න. අපේ අම්මා ගොරකදාලා හින්දලා හදන මාලු ඈඹුල්තියල් එකක් තිබුනා. තාමත් මතක් වෙනකොට බඩගිනි වෙනවා. ඒක තරම් රස මාලු ඈඹුල් තියල් එකක් මම කොහෙදිවත් කාලා නෑ. ඒකේ ගුණ වරුණාව කටින් කට ගිහිල්ලා මගේ යාලුවන්ගේ නෝනලාත් ළමයි හම්බවෙන්න එනකොට පණිවිඩ එවනවා "අනේ අම්මගේ මාළු ඈඹුල් තියල් කන්න ආසයි" කියලා. අපේ අම්මත් ඒවගේ ඒවට පීදිලා ඉන්නේ. අපේ ගෙදරට මාළු ගේන කෙනාට කියලා මාලු අරගෙන ලොකු මාළු ඈතිලියක් හදලා. හොදට ලොකු බොක්ක තියෙන පිගානකට අඩුක් කරලා මට දෙනවා, ඒකත් එක්කම අග්ගලා දාපු පොඩි පෙට්ටියක් එහෙමත් නෑත්නම් හෑලප පාර්සලයක් අනිවාර්යයෙන්ම දෙනවා. මට හුළන්. මමත් හෑලප හරි අග්ගලා ඉල්ලුවාම, අම්මා සුපුරුදු පූස් හිනාව දාලා "අනේ පුතේ ඒ දරුවට දෙකම දෙන්න. මම පස්සේ ඔයාට හදලා දෙන්නම් කියනවා විතරයි. මගේ පන්ගුව නෑ. කිරිබතුයි, කට්ට සම්බෝලෙයි එක්ක මාළු ඈඹුල් තියල් අපේ ගෙදරින් කාපු මගේ යලුවෝ තාමත් ඒවා ගෑන කියවනවා. අපේ අම්මටත් තිබුනේ ආච්චිට වගේම සන්ග්රහයට මිනිස්සුන්ට කන්න දෙන්න ආසාවක්. ඕනෙම වෙලාවක එන කෙනෙක්ට පෑය භාගෙන් උයලා රසට දුම්දාන කෑමවේලක් දෙනවා. අම්මගේ පරිප්පු තෙම්පරාදුවකුත් තිබුනා. පොල්සම්බෝලෙත් එක්ක රතුහාලේ බතට ගෑලපෙන. දෙලුයි පොලුයි බලමාලුයි එක්ක රතුහාලේ බත් කාලා, කුරුමබා බීලා පොල්හේනේ ස්විමින්කරලා මටත් තිබුනා බෑදුන තෙල් පාට ඈගක්, බෝල ශොල්ඩර්ස් එක්ක 26ක ඉනක් තිබුන අපි දිහා ඉස්සර පොල්හේනට ආපු සුද්දියෝ ඈස් පොඩිකරගෙන බලාගෙන හිටියේ. අපිත් එක්ක හිටපු සමහරෑ ඉගෙනීමට එච්චර උනන්දුවක් දෑක්වුවේ නෑ. උන් ඒ ලෙවල් වලින් පස්සෙත් ලයිෆ් සේවින්ග් ම විතරක් කරාට දෑන් ඉන්නෙ යුරොප් වල. ඒ පොල්හේනට ආපු යුරොප් වල සුදු කෙල්ලො කළු හමට ආසවුන නිසා. උන්ගේ ළමයි තමයි එහේ ලස්සනම පාට. හෑබෑයි හික්කඩුව, මිරිස්ස වගේ බීච් බෝයි සන්ස්කෲතියක් පොල්හේනේ තිබුනෙ නෑ. "ඔහේලා ඉතින් මක්කයි ඒවා ගෑන දන්නේ නේද?"

 පොල්හේනේ මුහුදේ පීනන එක වගේම ස්විමින් මීට්ස් වලටත් යන එක ජීවිතයට බද්ධ වෙලා තිබුනේ. පොල්හේන ස්විමින් ක්ලබ්  එකේ ඉන්න කොට එක පෑත්තකින් පොල්හේනේ ඉදන් මඩිහට පීනනවා, අනෙක් පෑත්තෙන් පොල්හේනේ ඉදන් ගල්ගොඩියානට පීනනවා, තොටමුණේ නිල්වලා ගගෙත් පීනලා තියෙනවා. ස්විමින් මීට් කාලෙට අම්බලන්ගොඩ ඉදන් දුවේ මොදර වෙනකල් පීනලා තියෙනවා. දෑනට මාතර, කොලඹ සහ නුවර ස්විමින් කෝචින් කරන බොහොමයක් අය පුද්ගලික මට්ටමෙන් අදුරන්නේ මෙන්න මේ ස්විමින් උණ හෑදිලා හිටපු නිසා. ඉතාම හොදින් පුහුණුවීම් කලත් ජාතික මට්ටමට නම් යන්න පුලුවන් කමක් තිබුනේ නෑ. වෙලාව තමයි ඉතින්. සමහරවිට පහසුකම් අඩුවත් බලපෑවා වෙන්න පුලුවන්, මොකද මුහුදේ පීනපු අපි එකපාරටම පූල් වල පීනන්න ගියාම අර ක්රිකට් වල තණතීරෑ මාරෑකරා වගේ තමයි. ඒත් ඒ මතකය හරිම සුන්දරයි. උසස් පෙළ වෙනකොට පිහිණිම නතර කරලා හොදට පාඩම් කරා, ඒත් කෑම්පස් ගියේ නෑ කෙලින්ම ගියේ බෑන්කුවකට කෙලින්ම ගියේ බෑන්කුවකට, බෑන්කු ජීවිතේ රස කථා වෙනමම කියන්නම්., ඒ කොහොම බෑලුවත් පොල්හේන මුහුද ජීවිතේට කියලා දීපු පාඩම් නම් ගොඩයි.

එක දවසක් සර්ෆ් බෝර්ඩ් එකක් අරගෙන පුලුවන්තරම් ඈතට ගියා. ආපහු එන්න හදනකොට මුහුද හොදටම සෑර වෙලා, රළ පාර බොහෝම ගෑඹුරුයි. ටික වෙලාවකින් ගොඩබිම පෙනන නොපෙනතරම් රළ වේගවත්, මම මෑරෙන්න සුදානම් වුනා, දහම් පාසලේ කර්ම චතුශ්කය මතක් වුනා. ආසන්න කර්මයක් තියෙනවද බෑලුවා නෑ. ජිවිතයේ වෑඩිපුර කරපු මොකක් වත් මතක් වුනේත් නෑ. මෙහෙම මෑරුනොත් අනිවා දුර්ගති උපතක් තමයි කියලා හිතුනා. පුලුවන් තරම් තිබුනු ශක්තිය යොදාගෙන පිනුවා. එදා ගොඩට ආවාම හිතුවා හෑමදාම තුන් සුත්රය කියනවා කියලා. තාම ඒක කරනවා. කාලයක් තිබුනා ගෙදරින් මල් කඩාගෙන, ෆුට් බයික් එකෙන් ගිහිල්ලා මාතර බොධියලග පිරිත් කියපු. මාතර බොධියත් එක්තරා සන්ධිස්තානයක් තමයි අපේ ජීවිත වලට.

පරණ ෆුට් බයික් එකේ මාතර නුපේ පරණ ඩච් මාර්කට් එක ලගින් කුමාරතුන්ග මාවතේ  හුණුකොටුවේ හන්දිය හරහා මාතර බෝධිය පහුකරන් මාතර ලයිබ්රි එකට යන එක ඉස්සර හරිම ආශ්වාදයක් දීපු දෙයක්. ඒ කාලයේ රෑසියන් කථා පොත් සුලභව තිබුනා, රාදුගා ප්රකාශකයන්ගේ රෑසියාවේ මුද්රිත ඉහල නිමාවකින් තිබුන පොත්, සෝවියට් සන්ගමයේ බිද වෑටීමත් එක්ක ඒවාත් නෑවතුනා. දෑදිගම වී. රොඩ්රිගෝ මහතා පරිවර්තනය කරපු පොත් හරිම ආසාවෙන් කියවුවේ. ගෝර්කි, තොල්ස්තොයි, ගොගොල් වගේම ශෝන් පෝල් සාත්රේ, චිනුවා අචිබේ, පෑබ්ලෝ නෙරුඩා, ගාර්සියා මාකේස් යන ලෝක ප්රසිද්ද ගත්කතුවරෑන්ගේ පරිවර්ථන අපි ආසාවෙන් රසවිදපුවා. ඒ වගේම තමයි වේදිකා  නාට්ය බෑලීමත්, අපි නාට්ය බෑලුවේ රසාස්වාදය, වින්දනය හා අද්යාපණය වෙනුවෙන්. ආර්. ආර්. සමර්කෝන් ගේ "උතුරේ රාහුල හිමි” දයානන්ද ගුණවර්දනයන් ගේ නරි බෑනා, ජසයා හා ලෙන්චිනා, හෙන් රි ජයසේනයන් ගේ හුනුවටයේ කතාව, ධර්මසිරි බන්ඩාරණායකයන් ගේ මකරාක්ශයා, ධවල භීශණ, ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව, පුත්ර සමාගම, තළමල පිපිලා, අන්දරේලා වගේම ජයසේකර අපොන්සු ගේ අත්, පාතාලේ සොල්දාදුවො සහ තටු අපි ආසාවෙන් බලපූ වේදිකා නාට්ය අතරින් කිහිපයක්.

 මාතර රාහුලේ ඉගෙනගෙන වාළුකාරාමයේ දහම් පාසල් ගියපු අපිට මාතර කියන්නේ අපුරු ලෝකයක්, රසාස්වාදය තිව්රකරපු, ගුණදර්ම ඔප්නන්වපු, දක්ශතා හා හෑකියාවන් ගොඩනන්වපු තෑනක්, සිහි කරලා හිත ඈතුලෙන්ම සතුටුවෙන්න පුලුවන් තෑනක්. ඒ ජීවිතයේ පසුතෑවෙන්න දෙයක් නෑ. මම ගමේ කොල්ලෙක්, එහෙම වෙච්ච එක ගෑන මම හරියට සතුටු වෙනවා, ගම්වල තියෙන නිද්රාශිලි භාවය, සන්යමය වගේම එකිනෙකා කෙරෙහි තිබුන ලබෑදියාව, ගෞරවය ජීවිතවලට අලුත් අලුත් ඩිමෙන්ශන් එක් කරා, දෑන් ඉන්න ක්ලබ් ගිහිල්ලා බීලා නටලා ජීවිතේ තේරෑමක් හොයන නාගරික ගන්ධබ්බ චරිත වලට වඩා අපේ ජීවිත වල අරමුණු, ඉලක්ක හා අධිශ්ඨානයන් තිබුනා. මට හිතෙන්නේ මේක දකුණේ පොලොවෙම තියෙන දෙයක්, දකුනේ හෑමෝම තමන්ට අරමුනක් වගේම වගකීමක් තියෙනවා කියලා හිතෙනවා රටට, පවුලට සහ සමාජයට මොකක් හරි කරලා මෑරිලා යන්න. 

හෑබෑයි මේ විස්තර කරලා තියෙන සුන්දර මාතර 2004 සුනාමියෙන් විනාශ වුනා, අපේ මහගෙදරත් කෑඩිලා ගියා. අපේ පවුලට නම් ජීවිත හානි වුනේ නෑ.ඒත් ගමේ දෙසීයකට වඩා මෑරෑනා, මුලු ගමම අවතෑන් වුනා. සුනාමිය නිසා මාතරම වෙනස් වුනා, බස් ස්ටෑන්ඩ් එක අලුතින් හෑදුවා. වෙරළ ලග හිටපු මිනිස්සු ඉඩම් කුනුකොල්ලෙට විකුනලා වෙන පළාත් වලට ගියා, සුද්දෝ ඒ ඉඩම් අරගෙන හොටෙල් හෑදුවා. තිබුන සෝශල් ෆෑබ්රික් එක ඩිස්ටොර්ට් වුනා. පොත් කියවපු නාට්යය බලපු තරුණ පරම්පරාව සුනාමියත් එක්කම මියගියා, කෙල්ලො හින්දා පිහියෙන් ඈනගන්න, මත්ද්රව්ය වලට ඈබ්බෑහි වුන අක්මුල් නෑති ගන්ධබ්බයෝ ටිකක් මාතරට බිහිවුනා. සුනාමියට කලින් මුහුදේ පීනපු මට මුහුද එපා වුනා.. අලුත් මාතරත් එපා වුනා..

2004න් පස්සේ මම මාතර ගිහින් ඈත්තේ අතේ ඈගිලි ගානට ඒ වුනාට තාමත් හිතින් මම පරණ මාතරට ආදරෙයි. සමහර පෝස්ට් කියවනකොට මාතර කොච්චර වෙනස් වුනත්, ලෝකේ මොන තෑන්වල හිටියත්, විවිදාකාරී වුර්තීන්හි නියෑලුනත්, සමාජයේ මොන මට්ටම්වල හිටියත්, හිතින් අපිතාම පරණ අතීතයක් ගෑන සුන්දර ආවර්ජනයක යෙදෙන දකුණේ සරළ අය කියලා හිතෙනවා. ඒවගේම මාතර මිනිස්සු පොඩි දේවලින් සතුටු වෙන, පෙනුමට වටා බොහොම ගෑඹුරෑ මිනිස්සු, ඈත්තටම කිව්වොත් මාතර, මාතර මිනිස්සුන්ට ගමක් නෙමේයි ඒක වෙනම රටක්. ඒ අපූරෑ මිනිස්සු සහ සුන්දර මාතර හෑමදාමත් මට අපුරු මතකයක්..



                                             © පසන්, පර්ත්. මාර්තු 27, 2019.
පින්තූර ගත්තේ මෙතනින්, ttps://amazinglanka.com/wp/galgodiyana/


1.කාලෙක ඉදන් බ්ලොග් ලෝකයේ දෑවෑන්තයින්ගේ බ්ලොග් කියවලා මමත් 2013 දී ඈටෙව්වා බ්ලොගක් “සොලිටරිසෙල්” කියලා පස්සේ මෑස්සො වහන්න ගත්තා..ආපහු ලියන්න හිතලා ඩයිනෝසරයෙක් වෙනවට වඩා ඈඩෑප්ට් වෙලා බූකියේ ලියන්න හිතුනා..