Friday, March 22, 2019

ආලවක දමණය / දූපතේ රස කතා




"දූපතේ රස කතා"
- ආලවක දමණය - ”ගල්ගොඩියාන”
හුගක් කතා වල අන්තර්ගතේ කියවනකොට හා ඒවායේ ප්රතිචාර දෑක්කම කෂ්ටිය පරණ පුද්ගලික රස කථා වලට කෑමතියි කියලා පෙනුන නිසා දූපතේ  (ගල්ගොඩියානේ) රස කතා ලියන්න හිතුනා..

අවුරෑද්දේ ගොඩ කාළයක් කෑලේට වෑහිලා තියෙන ”ගල්ගොඩියාන” වෙසක් කාළයට කල එලි වෙනවා, ගමේ කොල්ලො "ආලවක දමණය"  ඕකේ පෙන්නන්න  හදන්නවා.. ඒකත් ඉතින් මාස දෙක තුනක් රෑ නිදිමරාගෙන කරන සුන්දර වෑඩක්..දූපත නිසා ඉතින් හෑම වෙලාවෙම යන්න එන්නබෑනේ අවශ්ය හෑම දෙයක්ම එකපාර ගෙනියනවා..දවල් පටන්ගත්තම රෑ කරෑවල වෑටෙනකම් කෑලේ සුද්ද කරලා ලයිට් එල්ලන්නත් ආළවක ගේ ස්පොට් එක ගාව ටිකක් අමුතු භයන්කාර ගතියක් එන්න හදන්නත් මහන්සි වෙන කොල්ලොන්ට දවල්ට රෑට කන්න වගේම බොන්නත් අනෙත් අවශ්යතාත් ඉත්තේරෑවෙන්ම සපයන්න ගමේ හෑමෝම එකතු වෙනවා...මේක ඉතින් ගමේ වෑඩේනේ...වෙසක් දවසට කොට දාලා දුපතට යන්න පාළමකුත් හදන්න මේ සෙට් එක පොල්කොට හිටවලා, බටගස් ඉන්දලා, ලෑලිදාලා ලොකු ගේමක් දෙනවා.. ඔය මාතර අවට දික්වෑල්ල, කුඩාවෑල්ල, ගන්දර වගේ මුහුද කිට්ටුව පෑතිවගේම අකුරෑස්ස, මොරවක පෑතිවලින් පවා ආළවක දමණය බලන්න එනවා.ගන්දර, දික්වෑල්ල පෑතිවල සෙට් එන්නේ බෝට්ටුවලින්..කොලඹ, නුවර, හලාවත වගේ හිටපු මගේ යාලුවොත් ඈවිත් සතියක් විතර නවතිනවා...වෙසක් සිරිය ව්දින්න..ඒ වගේම ගොඩ ඉදන් දුපතට හදන පාළමේ වෙසක් බලන්න එන නන්ගිලාව, අක්කලාව එගොඩ මෙගොඩ කරන් එකත් රාජකාරියක් වගේ කරන්න..

ආළවක දමණයත් අපූරෑ වෑඩක්..දුපතේ වම් පෑත්තේ භයන්කාර රෞද්ර ආළවකයාගේ රෑපයක් තියෙනවා..මේක බල්බ්දාලා උසට හදපු තඩි පින්තූරයක්...දකුණු පෑත්තේ බුදු හාමුදුරෑවන්ගේ ශේවේතවර්ණයෙන් බෑබලෙන ශඩ්වර්ණ රශ්මීධාරාවන්ගෙන් යුක්ත ආළවකයට වඩා ලොකු රෑපයක්.අතරමෑද රවුමට රවුමට ලයිට් තියෙනවා ආළවකයගේ ඉදන්  බුදුහාමුදුරෑවො දිහාවට..ලයිට් නිවිලා ආයෙත් පත්තුවෙන්නේ ආළවකයා බුදුහාමුදුරුවො දිහාට පාරා වලල්ලෙන් දමා ගහනවා වගේ..පොඩි වෑඩක් නෙමෙයි.. තොරණ් ගහනවා වගේ තමයි..මොකද දූපතේ ඉදන් ගොඩට පේන්න පොඩි වෑඩ කරලා නොන්ඩී වෙන්න බෑනේ..


මේවා ඉතින් සල්ලි බලාගෙන කරන් ඒවා නෙමෙයි,හෑමෝම එකතුවෙලා, සහයෝගයෙන් මිත්රත්වයෙන් කරපු සමාජසේවා වෑඩ.  මාස දෙකක් විතර වෑඩ කරලා වෙසක් දවසේට කලින් දවසේත් ටිකක රෑ වෙනකන් කට්ටියට දූපතේ තෑන තෑන ෆිලෑෂ් ලයිට් හයි කරන්න..මුහුද මෑද පාලමේ ලයිට් දාන්න වගේ වෑඩ තිබුනා. ඒ කාලේ මම බෑන්ක් එකේ වෑඩ (යන්න කලින් බෝ පෑළේ ගියාට පස්සේ කාක බෝදිය වගේ වුනා) යාලුවෝ, අහල පහල වෑඩට සෙට්වෙන අය සේරම එක්ක රෑට රෑට දූපතේ හීනියට සෙට් වෙනවා..බජව් දෑම්මට හුළග නිසා ගොඩබිමට ඈහෙන්නේ නෑ .හොරෙන් හොරෙන් කරාට ඉතින් හෑමෝම දන්නවා. බොන බ්රෑන්ඩ් නම් අද කාලේ වගේ සුපිරි නෑ ඒවුනාට මට තිබුන එකම අවුල බිව්වම පොඩ්ඩක් ඈලේට යන්වා එච්චරයි කොහොමත් පෘථිවිය අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා,ඒවුනාට මට පීනන එකට නම් ඒක කිසිම බාදාවක් වුනේ නෑ..මොකද අතක් පයක් කෑඩිල නවතින එකක්ය..කෙලින්ම මළා තමයි..
..කෂ්ටියම එදා රෑ වෙනකල් වෑඩකරලා ලයිට් ටෙස්ට් කරලා තමයි ගෙවල් වලට ගියේ.සේරම පට්ට විදියට ඔර්ගනයිස් කරලා.අපේ සීයටයි, බාප්ප සීයටයි කිව්වා ලයිට් විවෘත කරන්න කියලා..එතකොට දේශපාළණ ගොටු හිටියේ නෑ..”අපෙන් විය යුත්ත රටට,පන්සලට සහ ගමට” යන සන්කල්පේ තමයි තිබුනේ..සීයා ස්විච් එකා දාලා ආළවක දමණය දිහා බලන් හිටියා එහෙමම හෑරුනා ගියා..මොකද වුනේ කියලා මමත් ආළවක දමණය දිහා බෑලුවා..හුටා වයරින් කරපු එකා ඩෝප් දාලා වෑරදියට වයර් අමුනලා…


ආළවකයා බුදු හාමුදුරෑවන්ට පාරාවලල්ලෙන් ගහනවා නෙමෙයි..පාරාවලල්ල එන්නේ බුදු හාමුදුරුවන්ගේ පෑත්තෙන්..හොදටා ඈදගෙන ගොඩබිම සෝබනේට හිටපු සෙට් එකම එහෙන්ම පෑන්නා මූදට සර්කිට් ආපහු සෙට් කරන්න..ආපහු වයරින් කරලා බෑලුවම වෑඩේ හරි..ගෙදර ගියාම සීයා නම් වෙච්ච දේ එච්චර ගනන් ගත්තේ නෑ අපිත් එක්ක සෙට් වෙච්ච එහා ගෙදර බාප්පට නම් ආච්චි දුන්නේ කොහු කෑඩෙන්න.පොඩි එකා හින්දා මම බේරණා..


                                                      © පසන් , මාර්තු 22, 2019.


පින්තූර අන්තර්ජාළයෙනි පරණ ෆොටෝ සුනාමිය නිසා අතුරෑදන්වී ඈත. 

No comments:

Post a Comment