Showing posts with label මාතර. Show all posts
Showing posts with label මාතර. Show all posts

Wednesday, April 24, 2019

කෙසේ වැටුනත් නැවත නැගිටිමි...නියත වශයෙන්ම...


”දෙදහස් හතරේ දෙසෑම්බර් 26”...

දවස් පහම වෑඩ කරලා,ඒකෙත් දවස් දෙක තුනක් රෑ එක දෙක වෙනකල් බීලා ,අමාරෑවෙන් ශේප් වෙලා ඉතිරි දවස් වල පාඩම් කරලා, සිකුරාදට ඈදුම් ටිකත් බෑග් එකේ දාගෙන ක්වාටර්ස් එකෙන් එලියට බහින්නේ නිදි අකවුන්ට් එක ඔවර්ඩ්රෝ කරගෙන. ගෙදර ඈවිත් ශර්ට් වල කොලර් ටික අතින් හෝදලා වොශින් මෑශින් එකට දාලා සිකුරාදට නිදාගන්නේ සෙනසුරාදා උදේ 4 හමාරට එලාම් එක තියාගෙන..සෙනසුරාදා උදේ පහට මාතරින් ඒ/සී බස් එකකට නූපේ හන්දියෙන් ගොඩවෙන්නේ නිදි එකවුන්ට් එක ටිකක් හරි ක්රෙඩිට් පෑත්තට දාගෙන දෙයියනේ කියලා කටකපල නිදා ගන්න බලාගෙන තමයි...මට මුලින්ම තියෙන්නේ (ACS) ක්ලාස් එක බම්බලපිටියේ..හවසට SLIM මාර්කටින් ලක්ශ්මන්ස් බිල්ඩින් එකේ..බස් එකේ සෑපට නිදිදෙව්දුව බදාගෙන නිදාගෙන හිටපු මම අවදිවෙන්නේ මොබයිල් එකේ කරදරේට..”හෙලෝ”..”පුතේ ගෙදර එන්න එපා, අපිට කරදරයක් නෑ..කෑළණියේ නෑන්දලගේ ගෙදර යන්න, එන්න එපා"..කතා කරේ අම්මා මම ඈයි කියලා අහන්නත් කලින් ලයින් එක කට් වුනා..මේ මොකක් ගෑනද කියන්නේ..පොල්ලෙන් ගෑහුවා වගේ මම ඈහෑරුනා...වීදුරෑවෙන් එලිය බෑලුවම දෑක්කේ ලයන් පබ් එක..තාම ගල්කිස්ස...ආපහු ගෙදරට කෝල් එකක් ගන්න ට්රයි කරා..ලයින්ස් බිසී...බස් එකත් ටිකක් විතර කලබලයි..දෑන් දෙහිවල YMBA එක ගාව...මම එතනින් බෑස්සා...මිනිස්සු දුවනවා,අඩනවා, "මුහුද් ගොඩගලලා" ඒ අතරින් කවුදෝ කියනවා මට ඈහුනා..පිස්සු පොරක්...තාමත් ලයින්ස් බිසී..මම කෑළණියේ නෑන්දට කෝල් කරා...ඒත් නෙට්වර්ක් ඩවුන්...මෙතන මොන හරි අවුලක් තියෙනවා..මම පාර ක්රොස් කරලා මුලින්ම හම්බවුන මාතරට යන ලේලන්ඩ් තඩියක එල්ලුනා...මිනිස්සු පාර පුරාම...මොකක් හරි විනම්බෑසියක් වෙලා තමයි..මේ ෆෝන් පොලොවේ ගහන්න හිතෙන්වා..ඕන වෙලාවට කනෙක්ශන් නෑ..



වේගෙන් ගාලු පාර දිගේ ආපු බස් එක මොරටුවේ අලුත් පාරට දෑම්මා...එතකොට මම මුහුද දිහා බෑලුවා..වෙනදා උදේ වරුවට නිසන්සල මුහුද සෑරවෙලා, රළු වෙලා..ගල්වෑටිය උඩටම එනකල් රෑළ..බස් එක අලුත් පාරේ මෑදක් එනකොටම මුහුද අයිනේ තිබුන ගෙවල් කඩාගෙන මුහුද පාරට ආවා...කෑඩුන ගෙවල් වල, කඩවල, ලී මෝල ව්ල සුන්බුන් අස්සෙන් මිනිස්සුන්ගේ විළාප හඩ ඈහෙන කොට මම බස් එකෙන් පෑන්නා...බස් එකේ සේරම ආපහු මොරටුව පෑත්තට දුවන්න ගත්තා...මට අම්මා, තාත්තා, සීයා...මාතර ගෙදර මතක් වුනා...මොරටුවට මෙහෙම නම් මාතරට මොනව වෙලා ඈත්ද? පොත් ටික විසිකරපු මම පානදුර දිහාට දුවන්න ගත්තා..තාම මුහුදු වතුර ගාලු පාර පුරාවට..වතුර වෑඩි වුනොත් පීනනවා..ගෙදර අය මෑරිල නම් මමත් මෑරෙනවා..එක් කෙනෙක් හරි ඉතුරෑ වෙලානම් එයා වෙනුවෙන් ජීවත් වෙනවා..මොරටුවේ ඉදන් කළුතරට මම දුවනවා පෑයකින්..කදුලූ බේරි බේරී  වේගෙන් දුවන මාව මුස්ලිම් අන්කල් කෙනෙක් එයාගේ තෑපෑල් නයින්ටියේ දාගෙන ඈවිත් නාගස් හන්දියෙන් ඈරලවනවා...ගාලු පාරම පොලීසියෙන් වහලා.."ආපහු යන්න මල්ලි, තව රෑල්ලක් එයිද දන්නෑ, ඒක නිසා මාතර යන්න එපා" සාජන් කෙනෙක් මට කිව්වා..එතකොටත් ඈතුලෙන් මෑරිලා හිටපු මට පිටින් මෑරෙන එක කොහොමත් එකයි..මම ආපහු දුවන්න ගත්තා රට ඈතුලෙන් හරි මාතර යනවා... 


පොල්හේනේ සර්ෆ් බෝර්ඩ් එකක් අරන් මුහුදේ ඈතට ගිහිල්ලා මෑරෙන්න ගියපු මම හෑමදාම බුදුන් වදින්න ගත්තේ ඒක ජීවිතේට පාඩමක් කියලා දුන්නා හිතාගෙන......මගේ කාඹරේ බුදු පින්තූරෙට පහනක් තියලා..හදුන් කූරක් ගහලා පිලිවෙලට කරනන පටන්ගත්තේ කවද හරි ආසන්න කර්මයක් වශයෙන් සිහිවෙන්න..බුදුපහන නිවලා හදුන්කූර තියෙන්න අරිනවා.ඩිම් ලයිට් එකත් එක්ක සුවදවත් කාමරේ හිත ගත දෙකම සනසනවා..සතියක ඕවර්ඩ්රෝ වෙච්ච නිදි අකවුන්ට් එක ටිකක් හරි රිකවර් වෙන්නේ සතිඅන්තේ දවස් දෙකේ විතරයි..හරියටම සුනාමියට සති එකහමාරක් වගේ..බුදුන් වෑදලා නිදාගත්ත මම රෑ එකපාරටම අවදිවෙනවා...හුස්ම ගන්නත් අමාරුයි...කාමරේ පුරාම පිච්චෙන ගදක් එක්ක දුමෙන් පිරිලා..ඩිම් ලයිට් එකෙන් මට පේනවා බුදු පින්තූරේ පිච්චෙනවා...එදා කාගිල්ස් එකෙන් ගෙනාපු මහත හදුන්කූර බුදුපින්තුරේ ඈතුලට වෑටිලා...පින්තුරේ පිච්චෙනවා...මම මේසේ උඩ තිබුන වතුර වීදුරෑව අරන් පින්තූරෙට දෑම්මා..."පටස්"...සද්දයක් එක්ක පින්තූරේ වීදුරෑව පිපිරෑවා...සද්දේ මොකද බලන්න අම්මත්, තාත්තත් කාඹරේට ආවා...."අනේ දෙය්යනේ" අම්මා  බයවෙලා බුදුපින්තූරේ දිහා බලාගෙන හිටියා...තාත්තා මූකුත් කිව්වේ නෑතුව බුදු පින්තූරේ පරිස්සමට ගලවලා දොර ඈරලා එලියෙන් තිබ්බා..මම කෑඩුනූ වීදුරෑ කටු අහුලන්න ගත්තා…


සුනාමියට සතියක් වගේ තියෙද්දී ආච්චි අම්මා ලිස්සලා වෑට්ලා මාතර ඩොක්ට සිල්වගේ වොර්ඩ් එකට ඈඩ්මිට් කරනවා...නරක කාළයක් තමයි ගෙවෙන්නේ මට බෑන්කුවෙත් හුස්මගන්නත් බෑරි වෙන්න වෑඩ සෙට් වෙනවා..පොඩි පොඩි කෑපිලිත් නෑතුවාම නෙමෙයි.....ඔය කාලෙම මම මගේ සල්ලිත් බෑන්ක් එකේ ලොන් එකකුත් දාලා ටොයොටා කොරොනා AT 170 එකක් අරගන්නවා...තාත්තගේ ඩයිහට්සු කියුරෝ එකට වඩා ඒකේ පෙනුම හොදයි....නොම්බරේ 18-9112..”චහ් බලන්නකො නොම්මරේ එකක් 9 අන්ක 13 හරිම අසුභයි”..ආච්චි බලන්න එන හෑමෝම කියනවා..”ඔයා වෑඩිය ඩ්රයිව් කරන්න එපා..පාරේ යන්කොට පරිස්සමින් යන්න..බෑන්කුවේ කල්පනාවෙන් වෑඩ කරන්න”..අම්මා මන්තරයක් වගේ කියවන්න ගත්තා..."නරක කලට සතහට පෑමිනෙන වෙහෙස...එදුරෑ නොවෙයි කළකම් ඵලදෙවා මිස”..කොළඹ ඉදන් මාතරට දුවන මගේ හිතේ මේවා එක එක ආපහු මතක් වෙන්න ගත්තා...අපේ ගෙවල් තිබුනේ මුහුදට මීටර් සීයක් විතර දුරින්..කොල්ලො එක්ක එක්තුවෙලා මුහුදේ පනින එක තරම් වෙන දෙයක් මට තිබුනේ නෑ..ඒත් මුහුද කියන්නේ කවදාවත් තේරෑම් ගන්න බෑරි, විශ්වාස කල නොහෑකි...අපූර්ව අමුතු තෑනක්...මුහුදු රස්සාවේ යන කිසිම කෙනෙක් යන්නේ ආපහු එන්නම් කියල නෙමෙයි...යන්නම් කියල විතරයි..


උදේ පහට ගෙදරින් ආපු මම පෑරෑළිය, අම්බලන්ගොඩ පහු කරන්න ඈත්තේ හතහාමරට අටට විතර සුනාමිය එන්නේ නමයට..මොකක්දෝ වාසනාවකට මම මරණයෙන් බේරෙනවා...කළුතරින් පටන් අරගෙන, ඈල්පිටිය, අකුරෑස්ස හරහා මම ආපහු මාතර එනකොට හවස හයයි...උදේ ගෙදරින් ගිය මට හවස එන්න ගෙදරක් නෑ...ආච්චිව සිල්වා හොස්පිටල් එකේ පළවෙනි තට්ටුවට ගෙනියලා මොකද එතන ඈළ දිගේ මුහුදු වතුර ඈවිත් යටවෙයි කියන බයට..මගේ කාරෙකේ අම්මලා ආච්චි බලන්න ගියපු නිසා ඒක බේරිලාඅ0ක 9ත් 13ත් මිත්යාව බොරෑකරා හෑබෑයි හේතුඵළ දහම නම් සත්යයක් වග ඔප්පු වුනා...…විසාලා මහනුවරට අන්ත වටපිටාවක් තිබුනේ..යන්න පාරක් නෑ..පාර හරහා වෑටුන ගස්, වාහන, ගෙවල් වල සුන්බුන්..බාගෙට යටවුන මළමිනී..මළමිනී වගේ ඉන්න ජීවමාන මිනිස්සු නෑතිවුන ළමයි, බිරිද, ස්වාමියා හොයනවා..අඩනවා...පිස්සුවෙන් වගේ ඈවිදිනවා..මම ගෙදර බලන්න යන්කොට බලන්න තිබුනේ ගෙදර සෑකිල්ල විතරයි...තාත්තගේ කියුරෝ එක එහා ගෙදරට වතුර පාර නිසා ගහගෙන ගිහින් තිබුනා..ඒකේ රෝදෙක හිරවෙලා ඔලුව පොඩිවෙලා පොඩි කොල්ලෙක්ගේ මරණයක්..කාරෙක ලගම තිබුන අඹගහේ යට ඈස් ඈරගෙන මෑරුණ නොදන්නා ගෑණු කෙනෙක්...මුහුදු වෑලි ඈස් දෙකේම පිරිලා..කට ඈදවෙලා..ලොකූ දුකකින් මෑරිලා වගේ මට දෑනුනේ..පොල්හේනේ නාන්න ගියපු කෙනෙක්ද දන්නේ නෑ...පාරදිගේ මුහුද දිහාට එනකොට හුගක් මළසිරුරු අස් කරලා.ඒත් අතරින් පතර සුන්බුන් වලට යට වෙච්ච මිනිස්සු...සමහර තෑන්වල අවයව නෑති කවන්ධ විතරයි....ළමයි දෙන්නෙක් එක්ක නෝනා මෑරුණූ ප්රසන්න ගේ තිබුනු තෑනට වෙලා ඉකිගහා අඩනවා..හිස් බෑල්මකින් එන සුමිත් අය්යා මම දෑක්කේ මේ වෙලාවේ.."අක්කා නෑතිවුනා මල්ලි" "පොඩි එකා අන්තිම මොහොතෙත් එයාව අතෑරලා නෑ..කොහොම හරී පීනන්න බලලා...ඒ වතුරේ පීනන්න බෑ මල්ලී..කොන්ඩේ ගහක පෑටලුනාම පොඩි එකාට අම්මා අතෑරිලා" සුමිත් අය්යා පොඩි කොල්ලාගේ ඔලුව අතගගා කියවනවා..සුමිත් ගේ පොඩිවුන්ට පීනන්න පුලුවන් මාලුන්ට වගේ..අම්මා අල්ලගෙන පීනන පොඩි එකා මට මෑවිලා පෙනුනා..”උඹට බුදුවෙන්න දෑම්ම බෑ..නියත විවරණ වලට කල් තියෙනවා..උඹේ අම්මාට උඹ ණය නෑ”..මම හිතින් කියෙව්වා...පොඩීවුන් දෙන්නා සුමිත් අය්යාව තදින් අල්ලාගෙන.."පව් අම්මා නෑති උන්ට අප්පා කවර කල” අය්යා කොහෙද යන්නේ..."දන්නෑ මල්ලි" කියලා හිස් බෑල්මකින් සුමිත් අය්යා යන්න ගියා..සුනාමිය මිනිස්සු සේරම එක කුළකෙකට ලඝු කලා...සල්ලි, තත්වේ, නම මේ සේරම සුනාමිය අරන්ගියා...සල්ලි හින්දා මනුස්සකම් අමතක වෙච්ච..බොරෑ තත්ව මේන්ටේන් කරපු අයත් ඒ එක්කම මෑරිලා ගියා. සමහරෑන්ගේ මරණ පවා හම්බවුනේ නෑ..පොලොවේ පයගහලා මනුස්සකම තිබුන අයට නෑතිවුනේ හෞතික සම්පත් විතරයි..කෑඩුන ගෙදර දිහා බලපු මම ආපහු හොස්පිටල් එකට ගියා..මාළතී අක්කා අඩාගෙන හොස්පිටල් එකට ආවා බන්ධුතිලක් අය්යා එතකොට වෑඩකරේ ඌරුබොක්ක හොස්පිටල් එකේ...ඈම්බියුලන්ස් එකකින් ආච්චිව එහෙට ගෙනගියා..ඒ මිනිස්සු ඒ වෙලාවේ මට පෙනුනේ දෙවිවරෑ වගේ..ලොකු අම්මගේ චාමර අය්යා, ඉශාර අය්යා, ලොකු තාත්තා සුනාමිය දවසේම කොහොම හරි මාතර ආවා..මගේ හොදම යාලුවා සෂිමාල් බයික් එකකින් මාතර ඈවිත් තිබුනේ මගදිගට පොලීසියත් එක්ක රන්ඩු වෙවී...මාතර මෑනේජර් මට රිලීෆ් ක්වාටර්ස් එක දුන්නා..තාවකාළිකව ඉන්න...සුනාමියෙන් දවස් ගානක් යනකන් මට කන්න පිරියක් තිබුනේ නෑ...නිදාගන්න නිදිමතක් තිබුනේත් නෑ...නිදාගත්තත් දුකෙන් මෑරුණ ගෑණු ළමයා පේන්නගත්තා..කෑම කන වෙලාවට ඔලුව පොඩිවෙලා මෑරණු පොඩි කොල්ලාගේ ඈදවුන මූණ මතක් වුනා...මගේ දිහා ඈස් ඈරගෙන මෑරිලා හිටපූ නාදුනන ගෑණූ කෙනාත්..ඔළුව පොඩිවෙච්ච කොල්ලත් මට  කාළයක් යනකල් හීනෙනුත් පේන්න ගත්තා..කාගේ කවුද කියලා දන්නේ නෑති කීදාහක් එහෙම මෑරිලා ඈත්ද? ..


රජයෙන් දුන්නත් මුකුත් ගත්තේ නෑ..මොකද අපිට වඩා අවශ්ය මිනිසුන්ට ඒවා දෙන්න ඕන කියලා හිතුව නිසා..ට්රොමා (trauma) කවුන්සලින්, තෙරපි නෑතුව අපි දුක දරාගෙන ජීවිතේ එක්ක ඔට්ටු වුනා..මම තාත්තත් එක්ක රෙන්ට් එකට ඉන්න ගෙවල් හෙව්වා..ඔය අතරේ මම කඩුවෙල සෙරන්ඩිබ් පාර්ක් එකෙන් ගෙයක් ගන්නවා...ඒකට හේතුව සීයත්, ආච්චිත් එයාලගේ ගෙදර කෑඩුන එකට හිටියේ හරිම දුකකින්...ජීවිතේ අන්තිමට මරණේ තියන්නත් ගෙදරක් නෑ කියලා කිව්වම මම කිව්වා ”නෑ අපි මෙහෙන් කොළඹ යමු කියලා”..ලෙඩ වෙලා හිටිය ආච්චි සුනාමියෙන් පස්සේ ටික කාලෙකින් අපිව දාලා යනවා..දෙවෙනි ලෝක යුද්දෙත් සටන්කරලා ඈවිත් ගුරෑවරයෙක් වෙලා ජීවිතේ අරඹලා..උගන්වන අතරේ කෑම්පස් ගිහින් ප්රින්සිපල් කෙනෙක් වෙලා ළමයි තුන් දෙනෙක් හදලා, රටට ලෝකෙට ණය නොවී ගෙවල් හදාගෙන ආඩම්බරෙන් හිටපු සීයත් ආච්චිත් නෑතිවෙලා මාස ගානකින් අපිව දාලා යන්වා..මම ගත්ත කඩුවෙල ගෙදරට යන්න ඒ දෙන්නටම බෑරි වෙනවා..අන්තිමට මරණේ තියෙන්නෙත් රෙන්ට් එකට හිටපු ගෙවල් වල..මගේ ජීවිතේ පරමාදර්ශී චරිත දෙක මට නෑතිවෙන්නේ..ඒ අය මට අවශ්යම මොහොතෙදී...ලෝකේ හෑටි හරි පුදුමයි.."වෑටෙන වෙලාවට ඈතුලෙන් ශක්තිමත් වෙන්න".. සීයගේ වචන මගේ හිතේ රෑව්දෙන්න ගත්තා..."ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"..ආච්චි හෑමදාම කිව්වේ ඔය කතාව..මගේ හිතේ කොනක පොදිගෑහිලා නරක් වෙලා තිබුන දුක කියන්න හිටියේ අහන්න හිටියේ මගේ ආච්චි අම්මා විතරයි.."මෑටිල්ඩා  ගජවීර" සීයගේ "ඩොලා" නෑදෑසනුහරේට "ඩොලි අක්කා" දෙවෙනි පරම්පරාවට "මාතර ආච්චි" මට නම් මගේ මුලු ලෝකෙම වුනේ අම්මගේ අම්මා...මගේ ලෝකය කෑරකුනේ ආච්චි අම්මා වටකරගෙන...ඈත්තටම ආච්චි අම්මා වයසට ගියත් බොනික්කෙක් වගේ හිටියේ..."ඩෝල්" කියපු සීයා කාළයත් එක්ක  "ඩොලා" කියනකොටත් මම දෑක්කේ ආච්චි අම්මගේ සුන්දර හිනාව... ඒ හිනාව ඒ සුවද කවදාවත් ආපහු දකින්න විදින්න වෙන්නෙ නෑ...ඒත් ඒ ආදරේ හෑමදාම මාව බලාගන්නවා...කාළයක් දුකෙන් මෑරුණු කෙල්ලත්..ඔළුව පොඩිවෙච්ච් කොල්ලත් මගේ නින්ද හොරාගන්නවා...මම ආච්චිව මතක් කරලා නිදාගන්නකොට පරණ හදුන්කූරෑ සුවද හීනෙන් වගේ මට දෑනෙනවා...ඉස්කොලේ ඩෙඩ්ලයින් වල ස්ට්රෙස් එකට,”හෙඩ්ස්පෙස්", ස්ලීප් තෙරපි යන පොඩි කොල්ලො දෑක්කම මට මගේ තෙරපි ඒක වෙච්ච ආච්චි අම්මව ආදරෙන් සිහිවෙනවා..


සීයා ආච්චි නෑතුව තාත්තත් අම්මත් කඩුවෙල ගෙදර ඉන්න කෑමති වෙන්නේ නෑ..මම කඩුවෙල ගෙදර ඩබල් ගානකට විකුණනවා..සීයාගෙන් ලෑබුන පන්නරයත් ආච්චිගෙන් ලෑබුන දරාගෑනීමත් නිසා ජීවිතේ කොනක ඉදන් ආපහු පටන්ගන්නවා..2004 දී සුනාමිය නිසා සේරම නෑතිවෙලා ඈදන් හිටපු ඈදුම විතරක් ඉතුරෑ වුන මම 2014දී බටහිර ඔස්ට්රේලියාවේ 4X2 එකක් අරගෙන අම්මලත් ස්පොන්සර් කරලා ගෙන්න ගන්නවා..අල්ලපු ගෙදර එකාව දන්නේ නෑති..සින්හල වචනයක් ඈහෙන්නේ නෑති පර්ත් අම්මලට අල්ලන්නේ නෑ..."මෑරෙන්න ඕන ඈහෑලගහ වත්තේ කෑරකොප්පුවේ, ඈගේ ඈට පස් වෙන්න ඕන ලන්කාවේ මාතර පොලොවට" නොවදිනා වෑදුම් වෑන්දත් ඒ දෙන්නා ලන්කාවට යන්වා... සුනාමි ඈවිල්ලා අවුරුදු දහයක් ගතවෙලත් සුනාමියෙන් පස්සේ පටන්ගත්ත දිවිල්ල මම තාම දුවනවා...ඒත් කවදා හරි මම ලන්කාවට එනවා සදහටම නවතින්න..

                                                     © පසන්, පර්ත්. දෙසෑම්බර් 26, 2015.




පින්තූර ගත්තේ අන්තර්ජාලයෙන්,

Wednesday, April 10, 2019

"භූගත සිකුරා"..


භූගත සිකුරා..

අටම්පහියෙත් නොබෑදපු කොල්ලොන්ට තියෙන ඉල්ලුමත් සෑපයීමේ අඩුවත් දෑකලා මට මේ කතාවත් ලියන්න හිතුනා..මේක ටිකක් ෆෲට් සෑලඩ් එකක් වගේ..ලව්, ස්පීච් ඉම්පෙඩිමන්ට්ස්, ස්ව්මිනි සේරම තියෙනවා..කාලෙකට කලින් ලිව්ව මේකට හේතුවුනේ අර "දත් කෑත හින්දා එයාව දාල ගියා කියපු කෙල්ලගේ වීඩියෝ එක දෑකලා..


අර ගෑණු ළමයගේ කෑත කතාව අහලා මට හරියට දුක හිතුනා, ඒ කෙල්ල ගෑන නෙමෙයි අපි ගෑන. මොකද කාළයක් අපෙත් සිකුරු ග්රහයා භූගත වෙලා කන්කුන් කන කේසර සින්හයෝ වගේ හිටපු නිසා. අපරාදේ කියන්න බෑ අපිට එහෙම වුනාට අනිත් කොල්ලොන්ට නම් සිකුරා දුන්නේ අඩගහලා. "හොද කෙහෙල් කන්නෙම පණුවෝ" කියලා හිත හදාගන්න බෑලුවට සමහර කෙල්ලෝ පණුවෝ වගේ කොල්ලො එක්ක යාළුවුනේ උන්ගේ කෑත ගෙවිලා කියලා හිතුවා.ඔය කොහොමටත් පණ්ඩිත කථා ගෝණිගනන් කිව්වට අපිත් එක්ක හිටිය ලොකු අය්යටත් සිකුරා නීච වෙමින් තිබුනේ. "අළුත් ඒව නම් මොනාද බන්, නරක කාළයක් ලබල තියෙන්නේ තියෙන ඒවා රෑකගනිල්ලා" කියල දාර්ශණික උපදෙස් දෙන්න ගත්තා. ඔය කාලේ තමයි මගේ හොදම යාලුවටත් සිකුරා බෑල්ම දෑම්මේ, එකම අවුල වුනේ අර ෆේමස් 50% හරියන එකේ උගේ 50% විතරයි තිබුනේ. ඔය අස්සේ මූ කෙල්ලගෙන් ඈහුවම කෙල්ල හෑමෝම ඉස්සරහා මූට කෑමති නෑ කිව්වා. මටත් හරිම අප්සෙට්.   

අපිත් එක්ක ස්විමින් කරන්න ආවා මූණ හොදන්නේ නෑති අප්සට්, අපිරිසිදු පොරක් (K.K.K ඩොබා- කළු, කෑත, කොට ඩොබා). ලග ඉස්කෝලෙකට යන්නේ, පොරත් අර  කලු වලත් අන්තිම කෑටගරි එකේ. ඒ කියන්නේ කළු, කට්ට කළු, ගිනි කළු, දෑකුම් කළු ස්පෙක්ට්රම් එකේ අග ඉන්නේ.උගේ ස්විමින් ට්රන්ක් එක ළුණු සිවියක් වගේ දිරලා. අපිනම් පීනන කොට ටිකක් ඈතින් පීනන්නේ මොකද මූ නාන්නේ නෑති නිසා කුණු ගියාම පරණ බෑනියන්, බේදර්ස් මතුවෙනවා කියලා රාවයක් තිබුන නිසා.හෑබෑයි ඩොබා මාත් එක්ක හරිම හිතවත් මොකද පාට වෙනස් වුනාට මමත් හිතින් දෑකුම්කලු හින්දා. මගේ යාලුවා නාහෙන් අඩනවා අර කෙල්ල ඕනමයි කියලා. අපි ප්ලෑන් කරලා ඩොබාට කිව්වා අර කෙල්ලගෙන් කෑමතිද අහන්න කියලා, ඩොබාට ස්පීඩො එන්ඩුයරන්ස් බේදර්ස් දෙකක් මම මාමට කියලා රටින් ගෙනත් දෙන්වා කිව්වම ඩොබා එකපයින් කෑමති වුනා. ස්විමින් ආපු දවසක ඩොබා අර කෙල්ලගෙන් කෑමතිද ඈහුවා, අපි ටික බලන් ඉදලා හිනාවුනා, කෙල්ලට මාර අප්සෙට්, කෙල්ල දෑක්කම අපි "ඩොබා" කියලා කෑගහනවා..”වර්ණපාළ තියරි ඩොබා” කියනවා. එතන මාර එපිසෝඩ් එකක්. කෙල්ල බෑලුවා මේක හරියන්නේ නෑ.දෑන් ඩොබා වගේ අප්සෙට් එවුන් හෝල්සේල් අහන්න ගත්තොත් ඉවරයක් වෙනවා මෙහෙම ගිහින් ඩොබා වගේ මළගිය පරාණකාරයෙක් සෙට් වුනොත් ඉවරයි කියලා මගේ යාලුවට කෑමතියි කිව්වා.උන් දෙන්නගේ ආදර ගන්ගාව ගලාගෙන ගිහින් ඉඩෝරෙට අහුවෙලා අවුරුද්දකින් පස්සේ දිය කඩිත්තක් වත් හොයා ගන්න බෑරිවුනා. මගේ අනිත් යාලුවා නම් ෆිල්ම් ඈක්ටර් කෙනෙක් වගේ, නම කිව්වම හෑමෝම දන්නවා.කෙල්ලො නම් ඌ එනකොටම අහන්නත් කලින් "බෑ" කියනවා. ඉස්කෝලෙත් නමට වඩා "ඈණකොන්ඩා" කිව්වම තමයි දන්නේ. මොකද හෑම එකක්ම ඈණගන්න නිසා. 

තව හිත හොද යාලුවෙක් හිටියා පොරට පොඩි වචන උච්චාරණයේ ගෑටලුවක් තිබුනා. ඒක නිසා ගොඩක් වෙලාවට කතා කරනවා අඩුයි. ඇණකොන්ඩා නම් ඒක අරගෙන බයිට් කරන්වා."උඹ කෙල්ල ලගට ගිහින් ඔයා මට කෑ..කෑ.කෑ..කෑ..මතිද? අහන්කොට කෙල්ල නෑ..නෑ..නෑ..කියයි කියලා. කොච්චර කිව්වත් ඈණකොන්ඩා බයිට් කරන එක නවත්තන්නේ නෑ. ඕක අහගෙන හිටපු කෙල්ලෙක් දවසක් ඈනකොන්ඩා ඉස්සරහදිම  මගේ යාලුවගෙන් කෑමතිද ඈහුවා. ඈහුවා විතරයි පොරගේ ස්පීච් ඉම්පෙඩිමන්ට්ස් කොහෙද නෑ "ඔව් නන්ගි මාත් කෑම්තියි" කිව්වා. ඒක දෑකලා ඈණකොන්ඩා කට ඈරගෙන හිටපු විදියට බ්රේක් නෑති මෑස්සෙක් ආවානම් කෙලින්ම ඈතුලේ..

මට නම් හෑමෝම කිව්වේ පතලක් වත් බෑහෑලා බලමු කියලා, මොකද හාරන කොට ඔය භූගත වෙලා ඉන්න සිකුරා හම්බවුනොත්. අන්තිමටම නම් හම්බ වුනා ස්කූල් එකෙන් අවුට් වෙලා,අවුරෑදු 10 කට විතර පස්සේ, බෑන්ක් එකේ වෑඩකරණ කාලේ, කොහෙන්ද දන්නවද? පත්තරේ මන්ගල කින්කිණි එකෙන්. දෑන් ඉන්නේ ඔය යස අගේට...දෑන්නම් හිතෙනවා එදා ඉදන් ගත වෙන්නේ සෙනසුරු මහදශාව, රාහු අතුරු දශාව සහ කේතුගේ අන්තර්දශාව වත්ද කියලා. සිකුරෑ උච්ච වෙලා එහෙමම නීච වෙලා ගියා, මෙහෙම කිව්වට මම පට්ට පරමාදර්ශී චරිතයක් හොදේ...ෆෑන්ටසියෙන් එහා ගිය රියලිටි එකේ ඉන්න හොද පවුල් සන්ස්තාවක සභාපති කෙනෙක්..දෑනට දෑනට හොදේ...හෙට කෙළ වුනොත් ඔයාලගේ ඈස්වහ කටවහ තමා ඉතින්..ලිටරරි ලියන ඒවා..ෆිගරේටිව්ලි ගන්න එපා..ඔය තනිකඩ හෑමෝටම කියන්න තියෙන්නේ එෆ්.බී එකේ නෑතුව මන්ගල කිණ්කිනි එකෙවත් බෑලුවොත් අහවරයිනේ කියලා..පස්සේ සිකුරාට කොන්ක්රීට් එකක් දාන්න බෑරියෑ කවදාවත් උච්ච් නොවෙන්න....


                                                                  © පසන් , අප්රේල් 8, 2019.

                                                                       පින්තූර අන්තර්ජාලයෙනි..

Friday, March 22, 2019

ආලවක දමණය / දූපතේ රස කතා




"දූපතේ රස කතා"
- ආලවක දමණය - ”ගල්ගොඩියාන”
හුගක් කතා වල අන්තර්ගතේ කියවනකොට හා ඒවායේ ප්රතිචාර දෑක්කම කෂ්ටිය පරණ පුද්ගලික රස කථා වලට කෑමතියි කියලා පෙනුන නිසා දූපතේ  (ගල්ගොඩියානේ) රස කතා ලියන්න හිතුනා..

අවුරෑද්දේ ගොඩ කාළයක් කෑලේට වෑහිලා තියෙන ”ගල්ගොඩියාන” වෙසක් කාළයට කල එලි වෙනවා, ගමේ කොල්ලො "ආලවක දමණය"  ඕකේ පෙන්නන්න  හදන්නවා.. ඒකත් ඉතින් මාස දෙක තුනක් රෑ නිදිමරාගෙන කරන සුන්දර වෑඩක්..දූපත නිසා ඉතින් හෑම වෙලාවෙම යන්න එන්නබෑනේ අවශ්ය හෑම දෙයක්ම එකපාර ගෙනියනවා..දවල් පටන්ගත්තම රෑ කරෑවල වෑටෙනකම් කෑලේ සුද්ද කරලා ලයිට් එල්ලන්නත් ආළවක ගේ ස්පොට් එක ගාව ටිකක් අමුතු භයන්කාර ගතියක් එන්න හදන්නත් මහන්සි වෙන කොල්ලොන්ට දවල්ට රෑට කන්න වගේම බොන්නත් අනෙත් අවශ්යතාත් ඉත්තේරෑවෙන්ම සපයන්න ගමේ හෑමෝම එකතු වෙනවා...මේක ඉතින් ගමේ වෑඩේනේ...වෙසක් දවසට කොට දාලා දුපතට යන්න පාළමකුත් හදන්න මේ සෙට් එක පොල්කොට හිටවලා, බටගස් ඉන්දලා, ලෑලිදාලා ලොකු ගේමක් දෙනවා.. ඔය මාතර අවට දික්වෑල්ල, කුඩාවෑල්ල, ගන්දර වගේ මුහුද කිට්ටුව පෑතිවගේම අකුරෑස්ස, මොරවක පෑතිවලින් පවා ආළවක දමණය බලන්න එනවා.ගන්දර, දික්වෑල්ල පෑතිවල සෙට් එන්නේ බෝට්ටුවලින්..කොලඹ, නුවර, හලාවත වගේ හිටපු මගේ යාලුවොත් ඈවිත් සතියක් විතර නවතිනවා...වෙසක් සිරිය ව්දින්න..ඒ වගේම ගොඩ ඉදන් දුපතට හදන පාළමේ වෙසක් බලන්න එන නන්ගිලාව, අක්කලාව එගොඩ මෙගොඩ කරන් එකත් රාජකාරියක් වගේ කරන්න..

ආළවක දමණයත් අපූරෑ වෑඩක්..දුපතේ වම් පෑත්තේ භයන්කාර රෞද්ර ආළවකයාගේ රෑපයක් තියෙනවා..මේක බල්බ්දාලා උසට හදපු තඩි පින්තූරයක්...දකුණු පෑත්තේ බුදු හාමුදුරෑවන්ගේ ශේවේතවර්ණයෙන් බෑබලෙන ශඩ්වර්ණ රශ්මීධාරාවන්ගෙන් යුක්ත ආළවකයට වඩා ලොකු රෑපයක්.අතරමෑද රවුමට රවුමට ලයිට් තියෙනවා ආළවකයගේ ඉදන්  බුදුහාමුදුරෑවො දිහාවට..ලයිට් නිවිලා ආයෙත් පත්තුවෙන්නේ ආළවකයා බුදුහාමුදුරුවො දිහාට පාරා වලල්ලෙන් දමා ගහනවා වගේ..පොඩි වෑඩක් නෙමෙයි.. තොරණ් ගහනවා වගේ තමයි..මොකද දූපතේ ඉදන් ගොඩට පේන්න පොඩි වෑඩ කරලා නොන්ඩී වෙන්න බෑනේ..


මේවා ඉතින් සල්ලි බලාගෙන කරන් ඒවා නෙමෙයි,හෑමෝම එකතුවෙලා, සහයෝගයෙන් මිත්රත්වයෙන් කරපු සමාජසේවා වෑඩ.  මාස දෙකක් විතර වෑඩ කරලා වෙසක් දවසේට කලින් දවසේත් ටිකක රෑ වෙනකන් කට්ටියට දූපතේ තෑන තෑන ෆිලෑෂ් ලයිට් හයි කරන්න..මුහුද මෑද පාලමේ ලයිට් දාන්න වගේ වෑඩ තිබුනා. ඒ කාලේ මම බෑන්ක් එකේ වෑඩ (යන්න කලින් බෝ පෑළේ ගියාට පස්සේ කාක බෝදිය වගේ වුනා) යාලුවෝ, අහල පහල වෑඩට සෙට්වෙන අය සේරම එක්ක රෑට රෑට දූපතේ හීනියට සෙට් වෙනවා..බජව් දෑම්මට හුළග නිසා ගොඩබිමට ඈහෙන්නේ නෑ .හොරෙන් හොරෙන් කරාට ඉතින් හෑමෝම දන්නවා. බොන බ්රෑන්ඩ් නම් අද කාලේ වගේ සුපිරි නෑ ඒවුනාට මට තිබුන එකම අවුල බිව්වම පොඩ්ඩක් ඈලේට යන්වා එච්චරයි කොහොමත් පෘථිවිය අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා,ඒවුනාට මට පීනන එකට නම් ඒක කිසිම බාදාවක් වුනේ නෑ..මොකද අතක් පයක් කෑඩිල නවතින එකක්ය..කෙලින්ම මළා තමයි..
..කෂ්ටියම එදා රෑ වෙනකල් වෑඩකරලා ලයිට් ටෙස්ට් කරලා තමයි ගෙවල් වලට ගියේ.සේරම පට්ට විදියට ඔර්ගනයිස් කරලා.අපේ සීයටයි, බාප්ප සීයටයි කිව්වා ලයිට් විවෘත කරන්න කියලා..එතකොට දේශපාළණ ගොටු හිටියේ නෑ..”අපෙන් විය යුත්ත රටට,පන්සලට සහ ගමට” යන සන්කල්පේ තමයි තිබුනේ..සීයා ස්විච් එකා දාලා ආළවක දමණය දිහා බලන් හිටියා එහෙමම හෑරුනා ගියා..මොකද වුනේ කියලා මමත් ආළවක දමණය දිහා බෑලුවා..හුටා වයරින් කරපු එකා ඩෝප් දාලා වෑරදියට වයර් අමුනලා…


ආළවකයා බුදු හාමුදුරෑවන්ට පාරාවලල්ලෙන් ගහනවා නෙමෙයි..පාරාවලල්ල එන්නේ බුදු හාමුදුරුවන්ගේ පෑත්තෙන්..හොදටා ඈදගෙන ගොඩබිම සෝබනේට හිටපු සෙට් එකම එහෙන්ම පෑන්නා මූදට සර්කිට් ආපහු සෙට් කරන්න..ආපහු වයරින් කරලා බෑලුවම වෑඩේ හරි..ගෙදර ගියාම සීයා නම් වෙච්ච දේ එච්චර ගනන් ගත්තේ නෑ අපිත් එක්ක සෙට් වෙච්ච එහා ගෙදර බාප්පට නම් ආච්චි දුන්නේ කොහු කෑඩෙන්න.පොඩි එකා හින්දා මම බේරණා..


                                                      © පසන් , මාර්තු 22, 2019.


පින්තූර අන්තර්ජාළයෙනි පරණ ෆොටෝ සුනාමිය නිසා අතුරෑදන්වී ඈත. 

මාතර





“මතක තියෙන මාතර” 

මාතර ගැන ලියපු බ්ලොග් කියවනකොට මට මාතර මතක් වෙනවා, පොල්හේන මතක් වෙනවා.. මාතර කියන්නේ මටනම් පුදුම අත්දැකීම් අත්විදීම් දුන්න ලස්සන තැනක්. මම ඉපදුනේ පොල්හේනට අල්ලපු ගමේ. පොල්හේන බීච් එකේ ඉදන් වම් පැත්තට බැලුවම පොඩි දුපතක් පේනවා. තව ඈතට බැලුවොත් කොටුවේගොඩ පරෙවි දුපත පේනවා, ලගින්ම පේන පොඩි දුපතට කිව්වේ "ගල්ගොඩියාන" කියලා. ඒ දුපත කෙලින්ම වගේ තමයි අපේ ගෙවල් තිබුනේ.

ඔය දුපතට උදේ වරුවට ඇවිදගෙන යන්න පුලුවන්, හැබැයි යන්න ඕන විදියක් තියෙනවා, හවස් වරැවට නම් පීනන්නම වෙනවා. කාලෙකට ඉස්සර මම මගේ යාලුවන්ව ඉම්ප්රෙස් කරන්නේ ඔය දුපතට එක්ක ගිහිල්ලා. දුපතට එක්ක යන වෙලාවට ත්රාසය, භීතිය ගෙන දෙන්න පොඩ්ඩක් ගිලෙන්න, කොරල් වලට කකුල් තුවාලවෙන්න එක්ක යන්න මම දැනගෙන හිටියා. දුපතට ගියාම ඇතුලේ තියෙනවා "ටු ස්ටොරිඩ් ගල් ගෙයක්" මේකේ ඉතිහාසයත් හරිම රසවත්, සියමේ ඒ කියන්නේ දැන් තායිලන්තේ රජ පරම්පරාවේ චාරිත්රයක් තියෙන්වා රජ වෙන්න කලින් පැවිදි වෙන්න ඕන, ඒක රජ නොවුනත් සමහර රජ පවුලේ අය කරනවා,ඉතින් තායි රජ පවුලට සම්බන්ධ ප්රිස්‌දාන් චුම්සායි කුමාරයා පැවිදිවෙලා වැඩ වාසය කරලා තියෙන්නේ මේ දුපතේ තමයි.වැඩිපුර විස්තර 2018 මැයි අට දිවයින පත්තරේ හසිත චාමිකර ගුණසිංහ  ගේ  “සිරිලක පැවිදි වූ සියම් රජ කුමරු” ආටිකල් එකෙන් බලා ගන්න පුලුවන්.


ඉතින් මේවා කියලා කෂ්ටියව පුදුම කරලා ගෙදර එක්ක එනකොට අම්මා බත් හට්ටි දෙක තුනක් හදලා. මොකද මුහුදේ නාලා ආවම කන්න පුලුවන් පැලෙන්න. .අපේ අම්මා ගොරකදාලා හින්දලා හදන මාලු ඇඹුල්තියල් එකක් තිබුනා..තාමත් මතක් වෙනකොට බඩගිනි වෙනවා...ඒක තරම් රස මාලු ඇඹුල් තියල් එකක් මම කොහෙදිවත් කාලා නෑ. ඒකේ ගුණ වරුණාව කටින් කට ගිහිල්ලා මගේ යාලුවන්ගේ නෝනලාත් ළමයි හම්බවෙන්න එනකොට පණිවිඩ එවනවා "අනේ අම්මගේ මාළු ඇඹුල් තියල් කන්න ආසයි" කියලා..අපේ අම්මත් ඒවගේ ඒවට පීදිලා ඉන්නේ..අපේ ගෙදරට මාළු ගේන කෙනාට කියලා මාලු අරගෙන ලොකු මාළු ඇතිලියක් හදලා..හොදට ලොකු බොක්ක තියෙන පිගානකට අඩුක් කරලා..මට දෙනවා..ඒකත් එක්කම අග්ගලා දාපු පොඩි පෙට්ටියක් එහෙමත් නැත්නම් හැලප පාර්සලයක් අනිවාර්යයෙන්ම දෙනවා..මට හුළන්..මමත් හැලප හරි අග්ගලා ඉල්ලුවාම, අම්මා සුපුරුදු පූස් හිනාව දාලා "අනේ පුතේ ඒ දරුවට දෙකම දෙන්න..මම පස්සේ ඔයාට හදලා දෙන්නම් කියනවා විතරයි..මගේ පන්ගුව නෑ..කිරිබතුයි, කට්ට සම්බෝලෙයි එක්ක මාළු ඇඹුල් තියල් අපේ ගෙදරින් කාපු මගේ යලුවෝ තාමත් ඒවා ගැන කියවනවා..අපේ අම්මටත් තිබුනේ ආච්චිට වගේම සන්ග්රහයට මිනිස්සුන්ට කන්න දෙන්න ආසාවක්..ඕනෙම වෙලාවක එන කෙනෙක්ට පැය භාගෙන් උයලා රසට දුම්දාන කෑමවේලක් දෙනවා..අම්මගේ පරිප්පු තෙම්පරාදුවකුත්  තිබුනා..පොල්සම්බෝලෙත් එක්ක රතුහාලේ බතට ගැලපෙන.. දෙලුයි පොලුයි බලමාලුයි එක්ක රතුහාලේ බත් කාලා, කුරුමබා බීලා පොල්හේනේ ස්විමින්කරලා මටත් තිබුනා බැදුන තෙල් පාට ඇඟක්., .බෝල ශොල්ඩර්ස් එක්ක 26ක ඉනක් තිබුන අපි දිහා ඉස්සර පොල්හේනට ආපු සුද්දියෝ ඇස් පොඩිකරගෙන බලාගෙන හිටියේ..අපිත් එක්ක හිටපු සමහරැ ඉගෙනීමට එච්චර උනන්දුවක් දැක්වුවේ නෑ..උන් ඒ ලෙවල් වලින් පස්සෙත් ලයිෆ් සේවින්ග් ම විතරක් කරාට දැන් ඉන්නෙ යුරොප් වල.. ඒ පොල්හේනට ආපු යුරොප් වල සුදු කෙල්ලො කළු හමට ආසවුන නිසා..උන්ගේ ළමයි තමයි එහේ ලස්සනම පාට.. හැබැයි හික්කඩුව, මිරිස්ස වගේ බීච් බෝයි සන්ස්කෲතියක් පොල්හේනේ තිබුනෙ නෑ.. "ඔහේලා ඉතින් මක්කයි ඒවා ගැන දන්නේ නේද?”

පොල්හේනේ මුහුදේ පීනන එක වගේම ස්විමින් මීට්ස් වලටත් යන එක ජීවිතයට බද්ධ වෙලා තිබුනේ.පොල්හේන ස්විමින් ක්ලබ්  එකේ ඉන්න කොට එක පැත්තකින්  පොල්හේනේ ඉදන් මඩිහට පීනනවා, අනෙක් පැත්තෙන් පොල්හේනේ ඉදන් ගල්ගොඩියානට පීනනවා,  තොටමුණේ නිල්වලා ගගෙත් පීනලා තියෙනවා. ස්විමින් මීට් කාලෙට අම්බලන්ගොඩ ඉදන් දුවේ මොදර වෙනකල් පීනලා තියෙනවා.දැනට මාතර, කොලඹ සහ නුවර ස්විමින් කෝචින් කරන බොහොමයක් අය පුද්ගලික මට්ටමෙන් අදුරන්නේ මෙන්න මේ ස්විමින් උණ හැදිලා හිටපු නිසා. ඉතාම හොදින් පුහුණුවීම් කලත් ජාතික මට්ටමට නම් යන්න පුලුවන් කමක් තිබුනේ නෑ..වෙලාව තමයි ඉතින්.. සමහරවිට පහසුකම් අඩුවත් බලපෑවා වෙන්න පුලුවන්, මොකද මුහුදේ පීනපු අපි එකපාරටම පූල් වල පීනන්න ගියාම බැට්ස්මන්ලට තණතීරැ මාරැකරා වගේ තමයි. ඒත් ඒ මතකය හරිම සුන්දරයි.. උසස් පෙළ වෙනකොට පිහිණිම නතර කරලා හොදට පාඩම් කරා, ඒත් කැම්පස් ගියේ නෑ කෙලින්ම ගියේ බැංකුවකට, බැංකු ජීවිතේ රස කථා වෙනමම කියන්නම්. ඒ කොහොම බැලුවත් පොල්හේන මුහුද ජීවිතේට කියලා දීපු පාඩම් නම් ගොඩයි.


එක දවසක් සර්ෆ් බෝර්ඩ් එකක් අරගෙන පුලුවන්තරම් ඈතට ගියා. ආපහු එන්න හදනකොට මුහුද හොදටම සැර වෙලා, රළ පාර බොහෝම ගැඹුරැයි. ටික වෙලාවකින් ගොඩබිම පෙනන නොපෙනතරම් රළ වේගවත්, මම මැරෙන්න සුදානම් වුනා, දහම් පාසලේ කර්ම චතුශ්කය මතක් වුනා. ආසන්න කර්මයක් තියෙනවද බැලුවා නෑ. ජිවිතයේ වැඩිපුර කරපු මොකක් වත් මතක් වුනේත් නෑ.මෙහෙම මැරුනොත් අනිවා දුර්ගති උපතක් තමයි කියලා හිතුනා. පුලුවන් තරම් තිබුනු ශක්තිය යොදාගෙන පිනුවා. එදා ගොඩට ආවාම හිතුවා හැමදාම තුන් සුත්රය කියනවා කියලා. දැනට අවුරුදු 19-20 ක් වගේ. තාම ඒක කරනවා.කාලයක් තිබුනා ගෙදරින් මල් කඩාගෙන, ෆුට් බයික් එකෙන් ගිහිල්ලා මාතර බොධියලග පිරිත් කියපු. මාතර බොධියත් එක්තරා සන්ධිස්තානයක් තමයි අපේ ජීවිත වලට.

පරණ ෆුට් බයික් එකේ මාතර නුපේ පරණ ඩච් මාර්කට් එක ලගින් කුමාරතුන්ග මාවතේ  හුණුකොටුවේ හන්දිය හරහා මාතර බෝධිය පහුකරන් මාතර ලයිබ්රි එකට යන එක ඉස්සර හරිම ආශ්වාදයක් දීපු දෙයක්. ලයිබ්රි එකේදී සින්හල සාහිත්ය වංශකතාවේ ප්රමුඛයන්ගේ පොත් වගේම ගෝර්කි, තොල්ස්තොයි, ගොගොල් වගේම ශෝන් පෝල් සාත්රේ, චිනුවා අචිබේ, පැබ්ලෝ නෙරුඩා, ගාර්සියා මාකේස් යන ලෝක ප්රසිද්ද ගත්කතුවරැන්ගේ පරිවර්ථන අපි ආසාවෙන් රසවිදපුවා.,ඒ වගේම තමයි වේදිකා  නාට්ය බැලීමත්, අපි නාට්ය බැලුවේ රසාස්වාදය, වින්දනය හා අද්යාපණය වෙනුවෙන්. ආර්. ආර්. සමර්කෝන් ගේ "උතුරේ රාහුල හිමි” දයානන්ද ගුණවර්දනයන් ගේ නරි බෑනා, ජසයා හා ලෙන්චිනා, හෙන්රි ජයසේනයන් ගේ හුනුවටයේ කතාව, ධර්මසිරි බන්ඩාරණායකයන් ගේ මකරාක්ශයා, ධවල භීශණ, ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව, පුත්ර සමාගම, තළමල පිපිලා, අන්දරේලා වගේම ජයසේකර අපොන්සු ගේ අත්, පාතාලේ සොල්දාදුවො සහ තටු අපි ආසාවෙන් බලපූ වේදිකා නාට්ය අතරින් කිහිපයක්…මාතර අපිට තියෙන්නේ අනන්යය වූ කතා විලාසයක්, ලෝකේ කොහේ හිටියත් දකුනේ කෙනෙක් මාතර කෙනෙක් කොහේදී හමුවුනත් ඒ මාතර කතාව එලියට එනවා, පොශ් ඇක්සන්ට්, ස්ටෙටස් මේන්ටේන් කරන ඒවා අපි අතර නෑ. "ඔහේ කවදයි මෙහෙට ආවේ? මක්කයි කියන්නේ, දොඩන්න වෙලාවක් නෑනේ”, ඔය විදිහට පටන් ගන්න ඒ සුහදත්වය ඒ ලබැඳියාව ලංකාවේ අනෙක් පළාත්වල අයගෙන් දැක්කේ බොහොම අඩුවෙන්. කොහොම බැලුවත් බළමාළු කාලා, මුහුදේ රැළ සද්දේ අහලා ඉන්න අපි අසාධාරණේ දැක්කමත් පහුබහින නිහීන කොට්ඨාශයක් නම් නෙමේ. දහයක් එක්ක වුනත් තනියෙන් සටන්කරන්න, දුක හංගගෙන, වේදනාව දරාගෙන ඉලක්ක කරා යන්න යුතුකම් වගකීම් ඉටුකරන්න තරම් හිත හයිය ගැහැණු සහ මිනිස්සු..

මාතර රාහුල විදුහලේ ඉගෙනගෙන වාලුකාරාමයෙ දහම් පාසල් ගියපු අපිට මාතර කියන්නේ අපුරු ලෝකයක්, රසාස්වාදය තිව්රකරපු, ගුණදර්ම ඔප්නන්වපු, දක්ශතා හා හැකියාවන් ගොඩනන්වපු තැනක්,සිහි කරලා හිත ඇතුලෙන්ම සතුටුවෙන්න පුලුවන් තැනක්. ඒ ජීවිතයේ පසුතැවෙන්න දෙයක් නෑ. මම ගමේ කොල්ලෙක්, එහෙම වෙච්ච එක ගැන මම හරියට සතුටු වෙනවා, ගම්වල තියෙන නිද්රාශිලි භාවය, සන්යමය වගේම එකිනෙකා කෙරෙහි තිබුන ලබැඳියාව, ගෞරවය ජීවිතවලට අලුත් අලුත් ඩිමෙන්ශන් එක් කරා, ක්ලබ් ගිහිල්ලා බීලා නටලා ජීවිතේ තේරැමක් හොයන නාගරික ගන්ධබ්බ චරිත වලට වඩා අපේ ජීවිත වල අරමුණු, ඉලක්ක හා අධිශ්ඨානයන් තිබුනා.මට හිතෙන්නේ මේක දකුණේ පොලොවෙම තියෙන දෙයක්, දකුනේ හැමෝම තමන්ට අරමුනක් වගේම වගකීමක් තියෙනවා කියලා හිතෙනවා රටට, පවුලට සහ සමාජයට මොකක් හරි කරලා මැරිලා යන්න.

හැබැයි මේ විස්තර කරලා තියෙන සුන්දර මාතර 2004 සුනාමියෙන් විනාශ වුනා, අපේ මහගෙදරත් කැඩිලා ගියා. පෙර වාසනාව නිසා හෝ ධාර්මික ජීවිතය නිසා ජීවිත හානි වුනේ නෑ.ඒත් අපේ ගමේ දෙසීයකට වඩා මැරැනා, මුලු ගමම අවතැන් වුනා.සුනාමිය නිසා මාතරම වෙනස් වුනා, බස් ස්ටෑන්ඩ් එක අලුතින් හැදුවා. වෙරළ ලග හිටපු මිනිස්සු ඉඩම් කුනුකොල්ලෙට විකුනලා වෙන පළාත් වලට ගියා, සුද්දෝ ඒ ඉඩම් අරගෙන හොටෙල් හැදුවා. තිබුන සෝශල් ෆැබ්රික් එක ඩිස්ටොර්ට් වුනා. පොත් කියවපු නාට්යය බලපු තරුණ පරම්පරාව සුනාමියත් එක්කම මියගියා, කෙල්ලො හින්දා පිහියෙන් අනින, මත්ද්රව්ය වලට ඇබ්බැහි වුන අක්මුල් නැති ගන්ධබ්බයෝ ටිකක් මාතරට බිහිවුනා. සුනාමියට කලින් මුහුදේ පීනපු මට මුහුද එපා වුනා.අලුත් මාතරත් එපා වුනා..


2004න් පස්සේ මම මාතර ගිහින් ඇත්තේ අතේ ඇගිලි ගානට ඒ වුනාට තාමත් හිතින් මම පරණ මාතරට ආදරෙයි.සමහර පෝස්ට් කියවනකොට මාතර කොච්චර වෙනස් වුනත්, ලෝකේ මොන තැන්වල හිටියත්, විවිදාකාරී වුර්තීන්හි නියැලුනත්, සමාජයේ මොන මට්ටම්වල හිටියත්, හිතින් අපිතාම පරණ අතීතයක් ගැන සුන්දර ආවර්ජනයක යෙදෙන දකුණේ සරළ අය කියලා හිතෙනවා. ඒවගේම මාතර මිනිස්සු පොඩි දේවලින් සතුටු වෙන, පෙනුමට වටා බොහොම ගැඹුරැ මිනිස්සු, ඇත්තටම කිව්වොත් මාතර, මාතර මිනිස්සුන්ට ගමක් නෙමේයි ඒක වෙනම රටක්. ඒ අපූරැ මිනිස්සු සහ සුන්දර මාතර හැමදාමත් මට අපුරු මතකයක්..



                                             © පසන්, පර්ත්. මාර්තු 27, 2019.
පින්තූර ගත්තේ මෙතනින්, ttps://amazinglanka.com/wp/galgodiyana/


1.කාලෙක ඉදන් බ්ලොග් ලෝකයේ දෑවෑන්තයින්ගේ බ්ලොග් කියවලා මමත් 2013 දී ඈටෙව්වා බ්ලොගක් “සොලිටරිසෙල්” කියලා පස්සේ මෑස්සො වහන්න ගත්තා..ආපහු ලියන්න හිතලා ඩයිනෝසරයෙක් වෙනවට වඩා ඈඩෑප්ට් වෙලා බූකියේ ලියන්න හිතුනා..