”දෙදහස් හතරේ දෙසෑම්බර් 26”...
දවස් පහම වෑඩ කරලා,ඒකෙත් දවස් දෙක තුනක් රෑ එක දෙක වෙනකල් බීලා ,අමාරෑවෙන් ශේප් වෙලා ඉතිරි දවස් වල පාඩම් කරලා, සිකුරාදට ඈදුම් ටිකත් බෑග් එකේ දාගෙන ක්වාටර්ස් එකෙන් එලියට බහින්නේ නිදි අකවුන්ට් එක ඔවර්ඩ්රෝ කරගෙන. ගෙදර ඈවිත් ශර්ට් වල කොලර් ටික අතින් හෝදලා වොශින් මෑශින් එකට දාලා සිකුරාදට නිදාගන්නේ සෙනසුරාදා උදේ 4 හමාරට එලාම් එක තියාගෙන..සෙනසුරාදා උදේ පහට මාතරින් ඒ/සී බස් එකකට නූපේ හන්දියෙන් ගොඩවෙන්නේ නිදි එකවුන්ට් එක ටිකක් හරි ක්රෙඩිට් පෑත්තට දාගෙන දෙයියනේ කියලා කටකපල නිදා ගන්න බලාගෙන තමයි...මට මුලින්ම තියෙන්නේ (ACS) ක්ලාස් එක බම්බලපිටියේ..හවසට SLIM මාර්කටින් ලක්ශ්මන්ස් බිල්ඩින් එකේ..බස් එකේ සෑපට නිදිදෙව්දුව බදාගෙන නිදාගෙන හිටපු මම අවදිවෙන්නේ මොබයිල් එකේ කරදරේට..”හෙලෝ”..”පුතේ ගෙදර එන්න එපා, අපිට කරදරයක් නෑ..කෑළණියේ නෑන්දලගේ ගෙදර යන්න, එන්න එපා"..කතා කරේ අම්මා මම ඈයි කියලා අහන්නත් කලින් ලයින් එක කට් වුනා..මේ මොකක් ගෑනද කියන්නේ..පොල්ලෙන් ගෑහුවා වගේ මම ඈහෑරුනා...වීදුරෑවෙන් එලිය බෑලුවම දෑක්කේ ලයන් පබ් එක..තාම ගල්කිස්ස...ආපහු ගෙදරට කෝල් එකක් ගන්න ට්රයි කරා..ලයින්ස් බිසී...බස් එකත් ටිකක් විතර කලබලයි..දෑන් දෙහිවල YMBA එක ගාව...මම එතනින් බෑස්සා...මිනිස්සු දුවනවා,අඩනවා, "මුහුද් ගොඩගලලා" ඒ අතරින් කවුදෝ කියනවා මට ඈහුනා..පිස්සු පොරක්...තාමත් ලයින්ස් බිසී..මම කෑළණියේ නෑන්දට කෝල් කරා...ඒත් නෙට්වර්ක් ඩවුන්...මෙතන මොන හරි අවුලක් තියෙනවා..මම පාර ක්රොස් කරලා මුලින්ම හම්බවුන මාතරට යන ලේලන්ඩ් තඩියක එල්ලුනා...මිනිස්සු පාර පුරාම...මොකක් හරි විනම්බෑසියක් වෙලා තමයි..මේ ෆෝන් පොලොවේ ගහන්න හිතෙන්වා..ඕන වෙලාවට කනෙක්ශන් නෑ..
වේගෙන් ගාලු පාර දිගේ ආපු බස් එක මොරටුවේ අලුත් පාරට දෑම්මා...එතකොට මම මුහුද දිහා බෑලුවා..වෙනදා උදේ වරුවට නිසන්සල මුහුද සෑරවෙලා, රළු වෙලා..ගල්වෑටිය උඩටම එනකල් රෑළ..බස් එක අලුත් පාරේ මෑදක් එනකොටම මුහුද අයිනේ තිබුන ගෙවල් කඩාගෙන මුහුද පාරට ආවා...කෑඩුන ගෙවල් වල, කඩවල, ලී මෝල ව්ල සුන්බුන් අස්සෙන් මිනිස්සුන්ගේ විළාප හඩ ඈහෙන කොට මම බස් එකෙන් පෑන්නා...බස් එකේ සේරම ආපහු මොරටුව පෑත්තට දුවන්න ගත්තා...මට අම්මා, තාත්තා, සීයා...මාතර ගෙදර මතක් වුනා...මොරටුවට මෙහෙම නම් මාතරට මොනව වෙලා ඈත්ද? පොත් ටික විසිකරපු මම පානදුර දිහාට දුවන්න ගත්තා..තාම මුහුදු වතුර ගාලු පාර පුරාවට..වතුර වෑඩි වුනොත් පීනනවා..ගෙදර අය මෑරිල නම් මමත් මෑරෙනවා..එක් කෙනෙක් හරි ඉතුරෑ වෙලානම් එයා වෙනුවෙන් ජීවත් වෙනවා..මොරටුවේ ඉදන් කළුතරට මම දුවනවා පෑයකින්..කදුලූ බේරි බේරී වේගෙන් දුවන මාව මුස්ලිම් අන්කල් කෙනෙක් එයාගේ තෑපෑල් නයින්ටියේ දාගෙන ඈවිත් නාගස් හන්දියෙන් ඈරලවනවා...ගාලු පාරම පොලීසියෙන් වහලා.."ආපහු යන්න මල්ලි, තව රෑල්ලක් එයිද දන්නෑ, ඒක නිසා මාතර යන්න එපා" සාජන් කෙනෙක් මට කිව්වා..එතකොටත් ඈතුලෙන් මෑරිලා හිටපු මට පිටින් මෑරෙන එක කොහොමත් එකයි..මම ආපහු දුවන්න ගත්තා රට ඈතුලෙන් හරි මාතර යනවා...
පොල්හේනේ සර්ෆ් බෝර්ඩ් එකක් අරන් මුහුදේ ඈතට ගිහිල්ලා මෑරෙන්න ගියපු මම හෑමදාම බුදුන් වදින්න ගත්තේ ඒක ජීවිතේට පාඩමක් කියලා දුන්නා හිතාගෙන......මගේ කාඹරේ බුදු පින්තූරෙට පහනක් තියලා..හදුන් කූරක් ගහලා පිලිවෙලට කරනන පටන්ගත්තේ කවද හරි ආසන්න කර්මයක් වශයෙන් සිහිවෙන්න..බුදුපහන නිවලා හදුන්කූර තියෙන්න අරිනවා.ඩිම් ලයිට් එකත් එක්ක සුවදවත් කාමරේ හිත ගත දෙකම සනසනවා..සතියක ඕවර්ඩ්රෝ වෙච්ච නිදි අකවුන්ට් එක ටිකක් හරි රිකවර් වෙන්නේ සතිඅන්තේ දවස් දෙකේ විතරයි..හරියටම සුනාමියට සති එකහමාරක් වගේ..බුදුන් වෑදලා නිදාගත්ත මම රෑ එකපාරටම අවදිවෙනවා...හුස්ම ගන්නත් අමාරුයි...කාමරේ පුරාම පිච්චෙන ගදක් එක්ක දුමෙන් පිරිලා..ඩිම් ලයිට් එකෙන් මට පේනවා බුදු පින්තූරේ පිච්චෙනවා...එදා කාගිල්ස් එකෙන් ගෙනාපු මහත හදුන්කූර බුදුපින්තුරේ ඈතුලට වෑටිලා...පින්තුරේ පිච්චෙනවා...මම මේසේ උඩ තිබුන වතුර වීදුරෑව අරන් පින්තූරෙට දෑම්මා..."පටස්"...සද්දයක් එක්ක පින්තූරේ වීදුරෑව පිපිරෑවා...සද්දේ මොකද බලන්න අම්මත්, තාත්තත් කාඹරේට ආවා...."අනේ දෙය්යනේ" අම්මා බයවෙලා බුදුපින්තූරේ දිහා බලාගෙන හිටියා...තාත්තා මූකුත් කිව්වේ නෑතුව බුදු පින්තූරේ පරිස්සමට ගලවලා දොර ඈරලා එලියෙන් තිබ්බා..මම කෑඩුනූ වීදුරෑ කටු අහුලන්න ගත්තා…
සුනාමියට සතියක් වගේ තියෙද්දී ආච්චි අම්මා ලිස්සලා වෑට්ලා මාතර ඩොක්ට සිල්වගේ වොර්ඩ් එකට ඈඩ්මිට් කරනවා...නරක කාළයක් තමයි ගෙවෙන්නේ මට බෑන්කුවෙත් හුස්මගන්නත් බෑරි වෙන්න වෑඩ සෙට් වෙනවා..පොඩි පොඩි කෑපිලිත් නෑතුවාම නෙමෙයි.....ඔය කාලෙම මම මගේ සල්ලිත් බෑන්ක් එකේ ලොන් එකකුත් දාලා ටොයොටා කොරොනා AT 170 එකක් අරගන්නවා...තාත්තගේ ඩයිහට්සු කියුරෝ එකට වඩා ඒකේ පෙනුම හොදයි....නොම්බරේ 18-9112..”චහ් බලන්නකො නොම්මරේ එකක් 9 අන්ක 13 හරිම අසුභයි”..ආච්චි බලන්න එන හෑමෝම කියනවා..”ඔයා වෑඩිය ඩ්රයිව් කරන්න එපා..පාරේ යන්කොට පරිස්සමින් යන්න..බෑන්කුවේ කල්පනාවෙන් වෑඩ කරන්න”..අම්මා මන්තරයක් වගේ කියවන්න ගත්තා..."නරක කලට සතහට පෑමිනෙන වෙහෙස...එදුරෑ නොවෙයි කළකම් ඵලදෙවා මිස”..කොළඹ ඉදන් මාතරට දුවන මගේ හිතේ මේවා එක එක ආපහු මතක් වෙන්න ගත්තා...අපේ ගෙවල් තිබුනේ මුහුදට මීටර් සීයක් විතර දුරින්..කොල්ලො එක්ක එක්තුවෙලා මුහුදේ පනින එක තරම් වෙන දෙයක් මට තිබුනේ නෑ..ඒත් මුහුද කියන්නේ කවදාවත් තේරෑම් ගන්න බෑරි, විශ්වාස කල නොහෑකි...අපූර්ව අමුතු තෑනක්...මුහුදු රස්සාවේ යන කිසිම කෙනෙක් යන්නේ ආපහු එන්නම් කියල නෙමෙයි...යන්නම් කියල විතරයි..
උදේ පහට ගෙදරින් ආපු මම පෑරෑළිය, අම්බලන්ගොඩ පහු කරන්න ඈත්තේ හතහාමරට අටට විතර සුනාමිය එන්නේ නමයට..මොකක්දෝ වාසනාවකට මම මරණයෙන් බේරෙනවා...කළුතරින් පටන් අරගෙන, ඈල්පිටිය, අකුරෑස්ස හරහා මම ආපහු මාතර එනකොට හවස හයයි...උදේ ගෙදරින් ගිය මට හවස එන්න ගෙදරක් නෑ...ආච්චිව සිල්වා හොස්පිටල් එකේ පළවෙනි තට්ටුවට ගෙනියලා මොකද එතන ඈළ දිගේ මුහුදු වතුර ඈවිත් යටවෙයි කියන බයට..මගේ කාරෙකේ අම්මලා ආච්චි බලන්න ගියපු නිසා ඒක බේරිලාඅ0ක 9ත් 13ත් මිත්යාව බොරෑකරා හෑබෑයි හේතුඵළ දහම නම් සත්යයක් වග ඔප්පු වුනා...…විසාලා මහනුවරට අන්ත වටපිටාවක් තිබුනේ..යන්න පාරක් නෑ..පාර හරහා වෑටුන ගස්, වාහන, ගෙවල් වල සුන්බුන්..බාගෙට යටවුන මළමිනී..මළමිනී වගේ ඉන්න ජීවමාන මිනිස්සු නෑතිවුන ළමයි, බිරිද, ස්වාමියා හොයනවා..අඩනවා...පිස්සුවෙන් වගේ ඈවිදිනවා..මම ගෙදර බලන්න යන්කොට බලන්න තිබුනේ ගෙදර සෑකිල්ල විතරයි...තාත්තගේ කියුරෝ එක එහා ගෙදරට වතුර පාර නිසා ගහගෙන ගිහින් තිබුනා..ඒකේ රෝදෙක හිරවෙලා ඔලුව පොඩිවෙලා පොඩි කොල්ලෙක්ගේ මරණයක්..කාරෙක ලගම තිබුන අඹගහේ යට ඈස් ඈරගෙන මෑරුණ නොදන්නා ගෑණු කෙනෙක්...මුහුදු වෑලි ඈස් දෙකේම පිරිලා..කට ඈදවෙලා..ලොකූ දුකකින් මෑරිලා වගේ මට දෑනුනේ..පොල්හේනේ නාන්න ගියපු කෙනෙක්ද දන්නේ නෑ...පාරදිගේ මුහුද දිහාට එනකොට හුගක් මළසිරුරු අස් කරලා.ඒත් අතරින් පතර සුන්බුන් වලට යට වෙච්ච මිනිස්සු...සමහර තෑන්වල අවයව නෑති කවන්ධ විතරයි....ළමයි දෙන්නෙක් එක්ක නෝනා මෑරුණූ ප්රසන්න ගේ තිබුනු තෑනට වෙලා ඉකිගහා අඩනවා..හිස් බෑල්මකින් එන සුමිත් අය්යා මම දෑක්කේ මේ වෙලාවේ.."අක්කා නෑතිවුනා මල්ලි" "පොඩි එකා අන්තිම මොහොතෙත් එයාව අතෑරලා නෑ..කොහොම හරී පීනන්න බලලා...ඒ වතුරේ පීනන්න බෑ මල්ලී..කොන්ඩේ ගහක පෑටලුනාම පොඩි එකාට අම්මා අතෑරිලා" සුමිත් අය්යා පොඩි කොල්ලාගේ ඔලුව අතගගා කියවනවා..සුමිත් ගේ පොඩිවුන්ට පීනන්න පුලුවන් මාලුන්ට වගේ..අම්මා අල්ලගෙන පීනන පොඩි එකා මට මෑවිලා පෙනුනා..”උඹට බුදුවෙන්න දෑම්ම බෑ..නියත විවරණ වලට කල් තියෙනවා..උඹේ අම්මාට උඹ ණය නෑ”..මම හිතින් කියෙව්වා...පොඩීවුන් දෙන්නා සුමිත් අය්යාව තදින් අල්ලාගෙන.."පව් අම්මා නෑති උන්ට අප්පා කවර කල” අය්යා කොහෙද යන්නේ..."දන්නෑ මල්ලි" කියලා හිස් බෑල්මකින් සුමිත් අය්යා යන්න ගියා..සුනාමිය මිනිස්සු සේරම එක කුළකෙකට ලඝු කලා...සල්ලි, තත්වේ, නම මේ සේරම සුනාමිය අරන්ගියා...සල්ලි හින්දා මනුස්සකම් අමතක වෙච්ච..බොරෑ තත්ව මේන්ටේන් කරපු අයත් ඒ එක්කම මෑරිලා ගියා. සමහරෑන්ගේ මරණ පවා හම්බවුනේ නෑ..පොලොවේ පයගහලා මනුස්සකම තිබුන අයට නෑතිවුනේ හෞතික සම්පත් විතරයි..කෑඩුන ගෙදර දිහා බලපු මම ආපහු හොස්පිටල් එකට ගියා..මාළතී අක්කා අඩාගෙන හොස්පිටල් එකට ආවා බන්ධුතිලක් අය්යා එතකොට වෑඩකරේ ඌරුබොක්ක හොස්පිටල් එකේ...ඈම්බියුලන්ස් එකකින් ආච්චිව එහෙට ගෙනගියා..ඒ මිනිස්සු ඒ වෙලාවේ මට පෙනුනේ දෙවිවරෑ වගේ..ලොකු අම්මගේ චාමර අය්යා, ඉශාර අය්යා, ලොකු තාත්තා සුනාමිය දවසේම කොහොම හරි මාතර ආවා..මගේ හොදම යාලුවා සෂිමාල් බයික් එකකින් මාතර ඈවිත් තිබුනේ මගදිගට පොලීසියත් එක්ක රන්ඩු වෙවී...මාතර මෑනේජර් මට රිලීෆ් ක්වාටර්ස් එක දුන්නා..තාවකාළිකව ඉන්න...සුනාමියෙන් දවස් ගානක් යනකන් මට කන්න පිරියක් තිබුනේ නෑ...නිදාගන්න නිදිමතක් තිබුනේත් නෑ...නිදාගත්තත් දුකෙන් මෑරුණ ගෑණු ළමයා පේන්නගත්තා..කෑම කන වෙලාවට ඔලුව පොඩිවෙලා මෑරණු පොඩි කොල්ලාගේ ඈදවුන මූණ මතක් වුනා...මගේ දිහා ඈස් ඈරගෙන මෑරිලා හිටපූ නාදුනන ගෑණූ කෙනාත්..ඔළුව පොඩිවෙච්ච කොල්ලත් මට කාළයක් යනකල් හීනෙනුත් පේන්න ගත්තා..කාගේ කවුද කියලා දන්නේ නෑති කීදාහක් එහෙම මෑරිලා ඈත්ද? ..
රජයෙන් දුන්නත් මුකුත් ගත්තේ නෑ..මොකද අපිට වඩා අවශ්ය මිනිසුන්ට ඒවා දෙන්න ඕන කියලා හිතුව නිසා..ට්රොමා (trauma) කවුන්සලින්, තෙරපි නෑතුව අපි දුක දරාගෙන ජීවිතේ එක්ක ඔට්ටු වුනා..මම තාත්තත් එක්ක රෙන්ට් එකට ඉන්න ගෙවල් හෙව්වා..ඔය අතරේ මම කඩුවෙල සෙරන්ඩිබ් පාර්ක් එකෙන් ගෙයක් ගන්නවා...ඒකට හේතුව සීයත්, ආච්චිත් එයාලගේ ගෙදර කෑඩුන එකට හිටියේ හරිම දුකකින්...ජීවිතේ අන්තිමට මරණේ තියන්නත් ගෙදරක් නෑ කියලා කිව්වම මම කිව්වා ”නෑ අපි මෙහෙන් කොළඹ යමු කියලා”..ලෙඩ වෙලා හිටිය ආච්චි සුනාමියෙන් පස්සේ ටික කාලෙකින් අපිව දාලා යනවා..දෙවෙනි ලෝක යුද්දෙත් සටන්කරලා ඈවිත් ගුරෑවරයෙක් වෙලා ජීවිතේ අරඹලා..උගන්වන අතරේ කෑම්පස් ගිහින් ප්රින්සිපල් කෙනෙක් වෙලා ළමයි තුන් දෙනෙක් හදලා, රටට ලෝකෙට ණය නොවී ගෙවල් හදාගෙන ආඩම්බරෙන් හිටපු සීයත් ආච්චිත් නෑතිවෙලා මාස ගානකින් අපිව දාලා යන්වා..මම ගත්ත කඩුවෙල ගෙදරට යන්න ඒ දෙන්නටම බෑරි වෙනවා..අන්තිමට මරණේ තියෙන්නෙත් රෙන්ට් එකට හිටපු ගෙවල් වල..මගේ ජීවිතේ පරමාදර්ශී චරිත දෙක මට නෑතිවෙන්නේ..ඒ අය මට අවශ්යම මොහොතෙදී...ලෝකේ හෑටි හරි පුදුමයි.."වෑටෙන වෙලාවට ඈතුලෙන් ශක්තිමත් වෙන්න".. සීයගේ වචන මගේ හිතේ රෑව්දෙන්න ගත්තා..."ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"..ආච්චි හෑමදාම කිව්වේ ඔය කතාව..මගේ හිතේ කොනක පොදිගෑහිලා නරක් වෙලා තිබුන දුක කියන්න හිටියේ අහන්න හිටියේ මගේ ආච්චි අම්මා විතරයි.."මෑටිල්ඩා ගජවීර" සීයගේ "ඩොලා" නෑදෑසනුහරේට "ඩොලි අක්කා" දෙවෙනි පරම්පරාවට "මාතර ආච්චි" මට නම් මගේ මුලු ලෝකෙම වුනේ අම්මගේ අම්මා...මගේ ලෝකය කෑරකුනේ ආච්චි අම්මා වටකරගෙන...ඈත්තටම ආච්චි අම්මා වයසට ගියත් බොනික්කෙක් වගේ හිටියේ..."ඩෝල්" කියපු සීයා කාළයත් එක්ක "ඩොලා" කියනකොටත් මම දෑක්කේ ආච්චි අම්මගේ සුන්දර හිනාව... ඒ හිනාව ඒ සුවද කවදාවත් ආපහු දකින්න විදින්න වෙන්නෙ නෑ...ඒත් ඒ ආදරේ හෑමදාම මාව බලාගන්නවා...කාළයක් දුකෙන් මෑරුණු කෙල්ලත්..ඔළුව පොඩිවෙච්ච් කොල්ලත් මගේ නින්ද හොරාගන්නවා...මම ආච්චිව මතක් කරලා නිදාගන්නකොට පරණ හදුන්කූරෑ සුවද හීනෙන් වගේ මට දෑනෙනවා...ඉස්කොලේ ඩෙඩ්ලයින් වල ස්ට්රෙස් එකට,”හෙඩ්ස්පෙස්", ස්ලීප් තෙරපි යන පොඩි කොල්ලො දෑක්කම මට මගේ තෙරපි ඒක වෙච්ච ආච්චි අම්මව ආදරෙන් සිහිවෙනවා..
සීයා ආච්චි නෑතුව තාත්තත් අම්මත් කඩුවෙල ගෙදර ඉන්න කෑමති වෙන්නේ නෑ..මම කඩුවෙල ගෙදර ඩබල් ගානකට විකුණනවා..සීයාගෙන් ලෑබුන පන්නරයත් ආච්චිගෙන් ලෑබුන දරාගෑනීමත් නිසා ජීවිතේ කොනක ඉදන් ආපහු පටන්ගන්නවා..2004 දී සුනාමිය නිසා සේරම නෑතිවෙලා ඈදන් හිටපු ඈදුම විතරක් ඉතුරෑ වුන මම 2014දී බටහිර ඔස්ට්රේලියාවේ 4X2 එකක් අරගෙන අම්මලත් ස්පොන්සර් කරලා ගෙන්න ගන්නවා..අල්ලපු ගෙදර එකාව දන්නේ නෑති..සින්හල වචනයක් ඈහෙන්නේ නෑති පර්ත් අම්මලට අල්ලන්නේ නෑ..."මෑරෙන්න ඕන ඈහෑලගහ වත්තේ කෑරකොප්පුවේ, ඈගේ ඈට පස් වෙන්න ඕන ලන්කාවේ මාතර පොලොවට" නොවදිනා වෑදුම් වෑන්දත් ඒ දෙන්නා ලන්කාවට යන්වා... සුනාමි ඈවිල්ලා අවුරුදු දහයක් ගතවෙලත් සුනාමියෙන් පස්සේ පටන්ගත්ත දිවිල්ල මම තාම දුවනවා...ඒත් කවදා හරි මම ලන්කාවට එනවා සදහටම නවතින්න..
© පසන්, පර්ත්. දෙසෑම්බර් 26, 2015.
පින්තූර ගත්තේ අන්තර්ජාලයෙන්,
No comments:
Post a Comment