Friday, April 26, 2019

බැන්කු ජීවිතේ - # 005


පොඩි එවුන් ව්දියට අපිට මුලින්ම සෙට් වෙන්නේ ගිණුම් අරින්න, චෙක් නිශ්කාශනය , ටෙලර් වැඩ වගේ දේවල්. මම ආසම ටෙලර් එකට මොකද හවස 3ට බොක්ස් එක බැලන්ස් කරන්න විතරයි තියෙන්නේ. හෙටට හිතන්න දෙයක් නෑ. දවසේ වැඩ ඉවරයි. අනෙක් හැම එකකම හෙටටත් හිතන්න දෙයක් තියෙන්වා. හැබැයි කැෂ් බොක්ස් එක අවුට් නම් හුටා. සල්ලි වැඩිද? අඩුද? කියලා බලලා වවුචර්ස් ආපහු බැලන්ස් කරන්න වෙනවා. සල්ලි වැඩිපුර දීලා නම් චාටර් කස්ටා හොයාගෙන ගිහිල්ලා ඉල්ලන් එන්න වෙනවා.

මේකත් බ්රාන්ච් එකේ වෙච්ච ටෙලර් කෙනෙක්ගේ රස කතාවක්, සාමාන්යයෙන් ජ0ගම ගිණුමක සල්ලි නැතුව චෙක් එකක් කස්ටමර් කෙනෙක් ගෙනාවොත් කළමණාකරුගේ අනුමැතිය ඇතිව ගෙවනවා. දවසක් කස්ටමර් කෙනෙක් චෙක් එකක් උස්සන් එනවා, අකවුන්ට් එකේ සල්ලි නෑ, කවුන්ටර් එකේ ඉන්න ටෙලර් කියනවා "මේක මැනේජර් මහත්තයාට පෙන්නලා අත්සනක් දාගෙන එන්න කියලා" මැනේජර්ට දුන්නම "ආර් ඩී" කියලා ලියලා දෙනවා.  ටෙලර් ගෙවනවා, හවස මැනේජර් දුවගෙන එනවා "මොකද ඔයා අර xxx ගේ චෙක් එක ගෙව්වේ" ටෙලර් කියනවා "ඉතින් මිස්ටර් දිසානායක ඔයා ගෙවන්න කියලා ඉනීෂියල් කරලා තිබුනේ" කියලා…”නෑ නෑ...මම එහෙම ලියලා දුන්නේ නැ...කෝ ගේනවකෝ චෙක් එක” ගෙන්නලා බෑලුවම හරි "ආර් ඩි" කියලා ලියලා තියෙන්නේ, බොසාට මල පැනලා ටෙලර්ට දෙහිකපනවා 'යකෝ ආර්. ඩී කියන්නේ “රිෆර් ටූ ඩ්රොවර්” (Refer to drawer) සින්හලෙන් “ආධායකයා විමසනු” ඒ කියන්නේ ගෙවන්න එපා, බොසා සද්දේ දානවා.. “ආ ඒකත් එහෙමද? මම හිතුවේ බොස් නමේ ඉනිශියල් කියලා ටෙලර් කියනවා, බොසාගේ නම රෝXX දිසානායක.
ඒ වගේම තමයි හෙළ බාෂාවෙන් කතා කරන් කස්ටමර්ස්ලා සෙට් වුනාම. ඉස්සර මගේ කස්ටමර් කෙනෙක් හිටියා කථා කරේ සින්හලෙන් "ආයුබෝවන් මහතානෙනි, මාගේ ගිණුමේ අයිරාව පවසන්න" කියනවා. 'මමත් අත අරින්නේ නෑ, හෙළයෙන් වනනවා, "ගරු විදාණපතිරණ මහතානෙනි, ඔබගේ ගිණුම රැපියල් එක් ලක්ශ දාහත්දහසක ධණ ශේශයක් පවතී. අගරු වූ චෙක්පත් නොමැත" කියලා.ඒ වෙලාවට ලස්සන කෙල්ලෙක් එහෙම බෑන්කුවට ඈවිත් මගේ ලග හිටියොත් හීමීට මාව මග හෑරලා යනවා. :-) මේවට වඩා රස කතා තියෙනවා එකින් එක පස්සේ දාන්නම්.

ඒ කාලේ මම ස්ලිම් එකේ මාර්කටින් එක්ක ඔස්ට්රේලියන් කම්පියුටර් සොසයිටි එකේ (ACS) එක්සෑම් කරන එක බොස් දන්නවා...මගේ බොස් කියනවා "මේ තමුසේ වගේ එකෙක් මේ වගේ කස්ටමර් සර්විස් රෝල් වල ටැග් ගැහෙන්න එපා අපරාදේ  , තමුසේ අයි ටී වගේ ඩිපාර්ට්මන්ට් එකකට යනවා කියලා”, මම ඇප්ලයි කරලා ජෙනරල් බෑන්කින් ඉදලා මම අයි ටී ඩිපාර්ට්මන්ට් (IT/EDP) එකට එනවා, එතන සම්පුර්ණයෙන්ම වෙනස් බෝල් ගේම් එකක්. ශිෆ්ට් එකට වැඩ, උදේ 6-2, දවල් 2-10 සහ රාත්රි 10-6 ශිෆ්ට් තිබුනේ. රැට බෑන්කුවේ ඩේටාබේස් එක ශට් කරලා බැකප් (Back-up) ගන්නවා, එතකන් ඒටීඑම්  (ATM) ටික වෙනම සර්වර් එකකට සම්බන්ද කරනවා, අර හොට් බැකප්, කෝල්ඩ් බැකප් කියන්නේ, ඩේටා බේස් එක වැඩකරන් අතරේ සහ නවත්තලා බැකප් ගන්න එක. රෑට ගන්නේ කෝල්ඩ් බැකප්. බැකප් එක ගන්නකම් එක්කෙනෙක් වැඩ කරනවා, ඊට පස්සේ පොර නිදා ගන්නවා, බැකප් එකෙන් පස්සේ අනිත් කෙනා වැඩ පටන්ගන්නවා. මුලු බ්රාන්ච් නෙට්වර්ක් එකම පහුවෙනිදාට වැඩකරන්න ලේස්ති කරන්න එක දෙවෙනියාගේ වගකීම, එන්ඩ් ඔෆ් ඩේ, බිගිනින් ඔෆ් ඩේ දාලා අකවුන්ට් එකක් වයසට යවන්නේ මේ ප්රොසෙස් වලින්. දවල් ශිෆ්ට් නම් ඉතින් බ්රාන්ච් වල එක එක අයි ටී ප්රොබ්ලම්ස් ට්රබල් ෂුට් කර කර, ඒටීඑම් වෑඩකරනවද, ලින්ක් ඩවුන්ද බලබල ඉන්න එක තමයි. මේක නෙට්වර්ක්, ඩේටා ප්රරොසෙසින් පෑත්ත සිස්ටම් ඩිවලොප්මන්ට් කියලා තව පැති තිබුනා.


මේකෙදි ඔය රෑට කොහේහරි බ්රාන්ච් එකක ඉලෙක්ට්රිකල් අවුලක් ගියොත් ෆෝන් එකෙන් ගොඩදාගන්න ඉලෙක්ට්රිශියන්ලත් නයිට් ශිෆ්ට් ඉන්නවා..උන් එක්ක ඉතින් රෑ තිස්සේ ෆිල්ම් බලන එකත් එතන චාරිත්රයක් වගේ, කරාටි ෆිල්ම්ස්, සයන්ස් ෆික්ශන් එව්වා, ලව් ස්ටොරි, ඩොකියුමෙන්ට්රිස් අතරේ ඉදහිට වැඩිහිටියන්ට පමණයි එව්වත් ගියා..හැබැයි එව්වා නම් ඉතින් සද්දේ නැතුව බැලුවේ..කරාටි ෆිල්ම්ස් වලනම් බිශූම්...ඩග්..බිශෑව්..වගේ සද්දේ දාගෙන ඈහුවට අර XXX ෆිල්ම් වල සද්දේ නැතුව තමයි බැලුවේ...මේ ඩිපාර්ට්පන්ට් එකේ ඩේටා සෙකියුරිටි ඒවා හින්දා කී කාඩ් නැතුව ඇතුලට එන්න බැ..දොර ගාව සිකුයුරිටි එකෙනුත් හිට්යා පොතක් තියාගෙන..ඉතින් බය නැතුව ෆිල්ම් හෝල් එකේ වගේ අපි ෆිල්ම් බලනවා..

කොහොමින් හරි ශිෆ්ට් වැඩ කරන ඒකයි රැට ෆිල්ම් බලන එකයි මට දිරෙව්වෙ නෑ......ඉතින් ඔය කාලේ අයි.ටී ඔස්තාර්ලා වැහි වැහැලා ඉතින් ලොකු ටැන්කියක පොඩි මාළුවෙක් වෙනවට වඩා පොඩි ටැන්කියක ලොකු මාළුවෙක් වෙන්න හිතලා මම  ආපහු බ්රාන්ච් බැන්කින් එනවා. ඔය කාලේ අපේ බ්රාන්ච් එකේ හිට්යා ටින්කර් බාස්ලා ගොඩක්, ඒකියන්නේ වැඩ නාගෙන,( වාහනේ කන්ඩෙම් වෙන්න හප්පගෙන ), කස්ටමර් ලට වාත වෙලා බොසාගෙන් කුණු බැනුම් අහලා පැය භාගේකට පස්සේ බොසාගේ රැම් එකේ මැච් බලන එවුන් (මේ කියන්නේ කොච්චර වැඩ අවුල් කරගත්තත් බොසා එක්ක ටක් ගාලා ශේප් වෙන එවුන් ගෑන). මම හිතන්නේ ඒ වගේ අය ඕනම ඔෆිස් එකක ඉන්නවා. එකම අවුල ටින්කර් බාස්ලා ඉන්නකොට අපි කොට අදින අලි වෙනවා. මොකද උන් අල කරන් වැඩ අපි ගොඩ දාන්නත් ඕන හැබයි අරැන් කිසීම පාඩමක් ඉගෙන ගන්නේත් නෑ.

මේ කාලෙදි මගේ ජීවිතයෙත් ලොකු වෙනස් කම් දෙකක් වෙනවා. එකක් සුනාමිය නිසා සේරම නැතිවෙන එක සහ මම මැරි කරන එක. දැන් කශ්ටිය හිනා වෙන්න එපා සුනාමිය දෙපාරක් සෙට් වුනා කියලා හොදේ..සුනාමිය කොච්චර කරදර දුන්නත් ඒකෙනුත් විනෝද වුන අවස්තා තිබුනා..වේලාවක් තිබුනොත් ඒවත් ලියන්නම්..මගේ වයිෆ් ඩිග්රි එකෙන් පස්සේ කාලයක් රජයේ බැන්කුවක වෑඩ කරා, මේකේ විශේශත්වය තමයි මම බදින්නේ ප්රපොසල් එකකින්..එයා වැඩිපුර සමාජ සේවයට කැමති සමාජශීලී මොරටුවේ ඇන්ග්ලිකන් කෙල්ලෙක්....දෙකක් දෑම්මට පස්සේ සින්දු කිව්වට,මම එහෙමට කැපී පේන සමාජශීලී චරිතයක් නෙමෙයි..බොරු රගපෑම් නැති අනුන්ට ලකුණු දමාගන්න දීපු කෙනෙක්.. හැබැයි වයිෆ් නම් හරිම සෝශල් කැපී පෙනෙන කැරැක්ටර් එකක්..සුනාමි අහුවෙලා සේරටම කෙල වෙලා අන්දොස් වෙලා හිටපු වෙලාවක ගෙනාපු එකට කැමති වුනාට වෙලාවකට මම ඉක්මන් වුනා වැඩිද කියලත් හිතෙනවා...ඔය "ඔපෝසීට්ස් ඇට්රැක්ට්" කියන එකට නම් ඉතින් හොදම උදාහරණේ තමයි අපි..කොහොමත් ඉතින් "ගිව් ඇන්ඩ් ටේක්" තියරිය මට ගැලපෙන විදියට "ගිවි ඇන්ඩ් ගිව්" කියලා හදාගෙන නිශ්ශබ්දව වැඩ කිරිමෙන් සාමය ආරක්ශා කොරගෙන තමාගේ ආරක්ශාව තමන්ම සලසාගෙන මම යහතින් කුලැටි ලෙස පවුල් ජීවිතේ දැනට ගෙනියනවා...අර එෆ් බී එකේ දෑක්කා විවාහයක් තියෙන්නේ කසාද සහතිකේ මත නෙවෙයි..ඒක ඈත්තටම ඕන වෙන්නේ දික්කසාදයක් සදහා පමණයි කියලා.මට හිතෙන්නේ ඒක ඇත්ත….



මේ විදියට ගලාගෙන ගියපු ලාන්කීය බෑන්කු ජීවිතයට සමුදීලා මම විදෙස් ගත වෙනවා. එහේදීත් ඉතින් බැන්කුම තමයි

                                                     To Be Continued…………..

                                                   © පසන්, අප්රේල් 18, 2019.

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි…

2 comments:

  1. අපේ බැංකු කාරයෝ ඔය කතා කියන්නේ නෑ. ක්ලීන් සූට් එකෙන් ටයි පටියෙන් වහගෙන ජෙන්ටා වාගේනේ ඉන්නේ. කියන්නත් කියවන්නත් රසකතා ගොඩාක් ඇතිනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ..දැන් ඉන්න එවුන් ටාගට් පස්සේ දුවනවා විතරයි..නැත්නම් නවනළු රසේම විදින්න පුලුවන් තැනක්..

      Delete