Saturday, April 6, 2019

"ඕස්ට්රේලියාව රටක් නෙමෙයි"


"ඕස්ට්රේලියාව රටක් නෙමෙයි"...ඈ...මොකක් කිව්වා..


"දිස් ඉස් නොට් අ කන්ට්රි මෑන්" අමුවෙන් ජේඩී එකක් නවාගෙන ලොකු ජගා කිව්වම මට "කෑබ් සෑව්" එක ඉස්මොල්ලේ ගියා. "මූට පයිත්තියන්ද මන්දා" මට එහෙම හිතුනා..ඕවට මුකුත් කියන්න නරකයි.."නොඩ් ඈන්ඩ් ස්මයිල්"  තියරිය දාගෙන මම මස් කෑල්ලක් සූප්පු කරා.."යා යා..අර ලොයර් X කේස් එක නිසානේ උඹට ඕක හිතුනේ”..තට්ට සෑමාත් අඩුපාඩු එකතුකරනවා. මොන මගුලක්ද මේ..බොන වෙලාවට අවුල් ටොපික් ඈදගත්තම පට්ට චාටර්..ජගා නිකන් ටෝක් දෙන එකෙක් නෙමෙයි..හෑම එකාම එක්ක බොන එකෙකුත් නෙමෙයි..බොන  අතරේ ලොකු ටෝක් දාන එකෙකුත් නෙමෙයි..හෑබෑයි හිතට වෑදුනොත් පොලිටික්ස්, සන්ගීතය, කළාව, වේදිකා නාට්යය, ක්රිකට්, වාමාන්ශික ව්යයාපාරය, (ව්යාපාරයක් තමයි ඒකත්)  ශෲන්ගාරය ඔය ඕන ටොපික් එකක් ගෑන දාර්ශණික මතවාදයක් අමුතු විදියට උලුප්පන සිරා ඩයල් එකක්..ඒ වුනාට අද වෙනස්.

කොහොමත් ඕස්ට්රේලියාව රටක් නෙමෙයි මේක ඉතින් මහාද්වීපයක්නේ..ඕක ලන්කාවේ සමාජ අද්යයණය කියන විශය කරපු හෑම එකාම දන්නවනේ..මන් හිතන්නේ මුන්ගේ කාලේ තිබුනේ භූගෝලය..ජගා භූගෝලේ ෆේල් වගේ..මම හිතුවා.."දිස් ඉස් අ කොළණි..යෙස්ටඩේ, ටුඩේ ඈන්ඩ් ෆොරෙවර් ඉට් විල් බි අ කොන්වික්ට් කොළණි" මූට කොළණි හීණමාණයක්ද?.. ම්හූ නොඩ් ඈන්ඩ් ඩෝන්ට් ස්මයිල්..මම තාම කුකුල් අණ්ඩ සූප්පු කරන්වා..ජගා හරි.."අපි පටන් ගන්නේ නිදහස තුලින්" එමර්සන් එහෙම කිව්වා වගේ මතකයි..”මොකද්ද මේ කොළනි කතාව..ඕස්ට්රේලියාව රටක් නෙමෙය්ද?” මෙච්චර වෙලාවක් අහගෙන හිටපු අපේ මළයා මෑදට පෑන්නා..මම කකුලෙන් ඌට ගෑහුවා..හපෝයි..ඉවරයි..

මේ යකා දන්න උලව්ව, නොදන්න මගුල් අහන්න යනවා…යකෝ ජාත්යන්තර කුමන්ත්රණ ඕස්ට්රෙලියාවේ වුනේ වීරවන්ශයා කෑළේ පෑනලා ඉන්න කාලේ..වල් බය්යා මොනවද 1975  එන්ගලන්ත්යේ කොමන්වෙලත් අන්ඩර් සෙකට්රි සර් මයිකල් පෑලිසර් එක්ක එකතු වෙලා බ්රිතාන්යයේ මහ රෑජිණගේ ඕස්ට්රේලියානු නියෝජිත ගවනර් ජෙනරල් සර් ජෝන් කර් විසින් එවකට පෑවති ලේබර් අගමෑති විට්ලම් ගෙදර යවපු එක ගෑන දන්නේ..ඔව් ඔව් නාමිකයි අරකයි මේකයි බයිලා කිව්වට රෑජිනට පුලුවන් ඕස්ට්රේලියාවේ අගමෑති වෙනස් කරන්නත්..මොකද ගවනර් ජෙනරල් තමයි රෑජිනගේ නියෝජිතයා මිනිස්ටර් ලා ඈපොයින්ට් කරන එක, පණත් සම්ම්ත කරන එක ඔය වගේ අටෝරාසියක් වෑඩ..(අනිත් එක ඔය ලන්කාවේ වගේ බයිලා මෙහෙ නෑනේ..ඡන්දදායකයා මොනව කිව්වත් පක්සෙට ඕන විදියට තමයි වෑඩ..ඒකනේ පහුගිය අවුරුදු දහයට අගමෑතිවරෑ හතක් පත්වුනේ..පට්ට නේහ්..) ඒ කියන්නේ ඕස්ට්රේලියාව රටක් නෙමෙයිද? ඒක මෙහෙමයි රටක තියෙනවානේ ව්යවස්තාවක් ඒ වගේ ඕස්ට්රේලියාවේ ව්යවස්ථාවත් එන්ගලන්තයේ 1900 ජූලි වල හෑදුවේ..ඒකේ 9වන වගන්තියට අනුව මේක කොළණියක්..එක්සත් ජාතීන්ගේ සන්විධානයට ඈතුලත් වීමට නම් ස්ව්යෛරී රටක් විය යුතුයි..එතකොට අනිත් රටකින් පාළණය, අතපෙවීම්, මෑදිහත්වීම් වෙන්න බෑ..විශේෂයෙන් එන්ගලන්තේ වගේ තවත් ස්ව්යෛරී රටකින්..එහෙම බෑලුවම රෑජිනගේ නියෝජිතයෙක් ඉන්න..පාළනයට අවශ්යය විටෙකදී බලපෑම් කලහෑකි කොළණියක් තමයි ඕස්ට්රේලියාව. 

අන්න උඹට වෑරදුන තෑන...හූ..හූ..හූ...අය්යේ මේන් ඕස්ට්රේලියා ඈක්ට් එක 1986,  එතනදි ඔය එන්ගලන්තේ කොනෙක්ශන් ලිහලා තියෙන්නේ..හප්පට බොල..පොඩි එකා වගේ හිටියට මළයත් යමක් කමක් දන්න එකෙක්...නෑ බන් ඒක කරේ ඈබෝ එවුන් උන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා එන්ගලන්තේ ප්රිව් කවූන්සිලේට යන එක වලක්වා ගන්න..1982 දී කෑනේඩියානු ඉන්දියානුවන් ඔය ප්රිවි කවුන්සිලේට ගිහිල්ලා සම අයිතිවාසිකම් ලබාගත්තා ඒක කෑනේඩියානු ව්යවස්තාවේ 35 වගන්තියේ දක්වලා තියෙනවා...මෙකේ  ඉන්න කොලණි කාරයො ඈබො එවුන් ප්රිවි කවුන්සිලෙට යන එක වලක්වන්න තමයි ඔය 86 ඕස්ට්රේලියා ඈක්ට් එක ගෙනාවේ..හරි මල්ලි ශොට් එකක් දාගෙන මට කියපන් "එහෙම නම් ඔය පරණ ව්යවස්ථාව ජනමත විචාරණයකින් තොරව කොහොමද වෙනස් කලේ” හුටා ඒකත් එහෙමනේ...."සද්දෙන් අය්යා සද්දෙන් ලන්කාවේ වගේ" මට එහෙම හිතුනා...හිතෙන හෑම දෙයක්ම කියන්න හොද නෑ...මම චිකන් කට්ට සූප්පු කරා..කට්ට නිකන් මූලතිව් වලට කොටි ගහලා වගේ...මම තව මස් අණඩක් ගත්තා..

සවරිනිටි එකේ ඔකියුපන්සි ක්ලෙම් කරන්න තුනක් ඕනනේ..ටෙරා නාලියස්, එෆෙක්ටිව් කොන්ට්රෝල්, විල් ඈන්ඩ් ඉන්ටෙන්ශන් මම කල්පනා කරා..එහෙමම ශොට් එකෙක් දෑම්මා..චෑහ්..අමු බඩු..කිණ්ඩියා ඈඹරිලා ගියා...මම චිකන් අණ්ඩ සූප්පු කරා...හියුමන් රයිට් ඈක්ට් එකක් නෑති එකම රට ඕස්ට්රේලියාව...එන්ගලන්තේ හිරකාරයො එහේ තියාගන්න බෑරිනිසා කොමදොරෑ ආතර් පිලිප් මෙහෙට ගෙනාවා..උන්ට මොන හියුමන් රයිට්ද? උන්ගේ පරම්පරාවලින් පෑවතෙන් එවුනුත් එහෙමම තමයි ඉතින්..ශෝක් බයිට් එක...ජගාගෙන් රෙසිපිය ඉල්ලගන්න ඕන..වවුලගේ ගෙදර ආවනම් ඉතින් එල්ලිලා හිටපන්...හොද නෑත්නම් ආපහු ලන්කාවට පල...මොන මගුලක්ද මේ..රටේ ව්යවස්තාවත් බොනකොට කතා කරන්න හොද නෑති ලිස්ට් එකට මම දෑම්මා..ක්රිස්ටෝපර් වීරමන්ත්රීගෙන් පස්සේ ඉන්ටනෑශනල් වලට ගිය ලන්කාවේ කිසිකෙනෙක් නෑ වගේ තමයි මට මතක් වුනේ...වෙරි හිදුනම තව මතක් වෙයි..මෙහේ ඉතින් ඔය බෑම්බූ සීලීම  (ආසියානුවන් සහ සුදු නොවන අන් ජන වර්ග ඉහලට ඒම වලක්වන- කලර් බා එකට තවත් නමක්) තියෙනකන් ලොකු තෑන් අල්ලනවා බොරෑ..”රේසිස්ට් පක&*ර්ස්” මම හිතින් කියෙව්වා..


මෙව්වා මේ මල විකාර...රෑජිණ ආන්ටි ආවම ඔසියොන්ගේ තියෙන ගෑම්ම කොහොමද? උන්ට හොද නම් මට ඉත්තෑවො යනවෑ..ගහනව ලන්කාවේ ගෙදර කබානා පහක්..සීසන් එකේ සුද්දොන්ට දෙනවා ඕෆ් සීසන් කපල් වලට දෙනවා.."රිටයර් රිච් රිටයර් යන්ග්" රොබර්ට් කියොසාකියත් කොනකින් ඔලුව දෑම්ම, ආවොත් එහෙමයි නෑත්නම් ඒත් එහෙමයි..”මම නම් මෑරෙන්නේ ලන්කාවේ හරිය”..මෙච්චර වෙලා නිහඩ කල්පනා ලොවක සෑරිසෑරෑ මම සෑරෙන් මල්ලිට කිව්වා...ඌ ඩිම් වෙලා ගියා..."මාත් ජොයින් වෙනවා" ජගාත් සෙට්...මට බෑ බන් හෑබෑයි මම මාස 6න් හයට විසිට් එනවා තට්ට සෑම කිව්වා...කොහේ ගියත් ඉතින් ලන්කාවේ එවුන් එක්ක ආතල් එකක් දාගෙන ඉන්න එක තරම් සෑපයක් කොයින්ද?...ලිබරල් තින්කින් ඩා..,..”ඕස්ට්රේලියාව රටක් නෙමේ බන් මේක රෑජිනගෙ කොලණියක්...ඒ වුනාට කාටවත් කියන්න එපා බන්...මගේ සිහිණය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලන් නොවන්න" මම මල්ලිට කිව්වා...කට්ට විසි කරපන් මේ මස් කාපන්..මල්ලි මට ඌරෑ තෙල් කෑල්ලක් දෑම්මා.


                                                          © පසන් , පර්ත්, අප්රේල් 01, 2019.



පින්තූර ගත්තේ මෙහෙන්..ttps://janhawkinsau.files.wordpress.com/2013/10/boat-people.png





1 comment:

  1. මම චිකන් කට්ට සූප්පු කරා

    ReplyDelete