මේ ලියමනේ අභිප්රාය රෝමාණුවන් විසින් එළවාදැමූ අවතැන්වූ යුදෙව්වන් නැවත ශුද්ධවූ නගරය කෙරේ ආගමණය ගැනවත් ඩේවිඩ් බෙන්ගුරියොන්ගේ දේශපාලනික වශයෙන් ඊශ්රායලය නිර්මාණය කිරීම ගැනවත් කීම නොවේ.1948දී ස්වාධීන දේශයක් වශයෙන් ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සන්විධාණය පිලිගත් නමුත් ලොකයේ රටක් වශයෙන් ඊශ්රායලය ස්ථාපිත වූ "සය දින යුද්දය" හා ඉන් අන්තුරුව ඇතිවූ බල අරගලයන් සැකෙවින් දැක්වීමයි.. ඊශ්රායලය රටක් වශයෙන් දින හයකදී ගොඩ නැගුනද අද දක්වාම ස්තිර වූ සාමයක් එහි නැත. පෙරවදනක් ලෙස සැකෙවින් ඉතිහාසය මෙසේය..
දහ නම වන සියවසේ මැද ඇරඹි "යුදෙව් ව්යාපාරය" ලොව පුරා විසිරී පැතිරී සිටි යුදෙව්වන්ට පලස්තීනයටත් ශුද්ධ නගරය වූ ජෙරුසලමටත් පැමිනීමට ආරාධනා කල අතර යුරෝපයේ, රැසියාවේ, ඇමෙරිකාවේ සහ මැද පෙරදිග යුදෙව් ජනයා රැළි වශයෙන් පලස්තීනයට පැමිණියේය. දහසය වන සියවසේ ඔටෝමන් අධිරාජ්යය සමයේ සිට අරාබි ජාතිකයන්ගේ අයිතියක්ව තිබූ පලස්තීනය, බ්රිතාන්යය පාළණයට නතුවුයේ පළමු ලෝක සන්ග්රාමයෙන් පසුවය. 1917දී බැල්ෆොර් සම්මුතියට අනුව බ්රිතාන්යය විදේශ ලේකම් ආතර් ජේම්ස් බැල්ෆෝර් යුදෙව් ජනාවාසයක් ඇරඹීමටත් එයට නෛතික හා පරිපාළණ අයිතීන් ලබා දීමටත් ලිඛිතව පොරොන්දු විය. එනමුත් රැළි වශයෙන් ඇරඹි යුදෙව් සන්ක්රමණිකයන්ගේ පැමිනීම පලස්තීන අරාබීන්ගේ දරැණූ පහරදීම් හමුවේ අඩපණ වූ අතර බ්රිතන්යයන්ද සිය පොරොන්දු පහසුවෙන් අමතක කරන ලදී..මේ සියළු සන්සිද්දීන් ලොකයාගේ අවධානයෙන් පහසුවෙන් ඉවත්වී ගියේය..
දෙවැනි ලෝක යුධ සමයේ නාසි වද කදවුරැ නිසා නිසා යුදෙව් වරැන්ගේ ජාතික සිහිනය කෙරේ ලෝ වාසීන්ගේ අවදාණය යොමුවිය. මහා බ්රිතාණ්යය පලස්තීන ප්රශ්නය එක්සන් ජාතීන් වෙත යොමුකොට නිදහස් වූ අතර 1947දී එක්සත් ජාතීන්ගේ මහා සභාවේ සම්මතවූ යෝජනා අ0ක 181 ප්රකාරව පලස්තීනය රටවල් දෙකකට වෙන් කරන ලදී. එක් රටක් අරාබි ජාතිකයන්ටද අනෙක යුදෙව්වන් සදහාද වෙන්විය..එම යෝජනා සම්මතයෙන් පසුදිනම ප්ලස්තීන සටන් කරැවන් ඊශ්රායලයට පහරදුන් අතර ඊශ්රායලයද සිය නිදහස උදෙසා සටන් වැදීම ආරම්භ කලේය..
1948දී පළමුව ඇතිවූ මෙම සටනේදි පලස්තීන හිතවාදීන්,ඉරාකයේ,සිරියාවේ, ඊජිප්තුවේ සහ ට්රාන්ස් ජෝර්දාන් අරාබි සටන්කරැවන් පරදා තමන්ට ලැබුනු කොටසටත් වඩා 30% ක බිම් ප්රමාණයක් අල්වා ගැනීමට ඊශ්රායලය සමත් විය. එනමුදු ජෙරුසලමේ ශුද්ධ නගරය ජොර්දානුවන් අතට පත්විය..මා ඉතා අගයන ජෝරදානු ෆීල්ඩ් මාර්ශල් "හබිස් මජාලි" ගේ සන්ග්රාමික ක්රමොපායන් හමුවේ ඊශ්රායලයේ සුපිරිම වැඩකරැවන් (පසුකලෙක ඊශ්රයල අගමැති වූ ශැරොන් වද ජීවග්රහනයෙන් අල්වා ගන්නා ලදී) පසුබැස්සේය..1970දී පලස්තීන කළු සැප්තැම්බරය සාර්තක ලෙස මැඩලුයේද මජාලි විසිනි. පසුකාළීනව ඊශ්රායලයේ පැත්තෙන් මාගේ සිත්ගත් චරිතයක් වන මොඩෙචායි "මොට්ටා" ගර් ශුද්ධ නගරය වූ ජෙරුසලමේ බටහිර බිත්තියේ ඇති "ටෙමපල් මවුන්ට්" හෙවත් දේවස්තානයේ පාදම නැවත අල්ලාගනුයේ 1967 වසරේදීය..දේවස්තානයේ පාදම අසල වැලපෙන ඊශ්රායල කොමාන්ඩෝ සෙබළු තිදෙනාගේ ඡායාරැපයද යුද ඉතිහාසයේ සුවිශේශී ඡායාරැපයකි. කෙසේවතුදු 1948 න් පසු ඊශ්රායලය රටක් වශයෙන් ලොවපුරා පිලිගැනිනි..
දෙවැනි අරාබි- ඉශ්රායල යුද්දය ඇතිවනුයේ 1956 දීය එහිදීද ජයග්රාහී ඊශ්රායලය සාමකාමී කාළයකට එළඹ සිටියද දෙවරක් පරාජයෙන් වියරැ වී සිටි අරබී පාළකයින් ඊශ්රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට පිඹුරැපත් සකසමින් සිටියහ. ඊජිප්තුවේ ජනපති ගමෙල් අබ්දුල් නසාර් විසින් කරළියට ගෙන ආ "පැන්-ඇරබිසම්" එනම් "කුමන රටක සිටියද ජාතියක් වශයෙන් අරාබිකරයම එකතු විය යුතුබව" ජාතිවාදී ගොණුවීමක් දක්වා පෑතිරැනි. බ්රිතාන්යයන් සූවස් ඇලෙන් එලවා දමා එය ජනසතු කොට ප්රබළ චරිතයක් බවට පත්වූ නසාර් ඊශ්රායලයට එරෙහිව අනෙකුත් අරාබි ජාතීන් සමග කදවුරැ බැදීමට පටන්ගති.ඊශ්රායලයට නැගෙනහිරින් පහරදීමට සිරියාවටද, ඊශ්රායලයේ නාවුක ගමනාගමනය අඩාල කොට ටිරන් සමුද්රසන්දියේ සිට රතු මුහුද දක්වා අවහිර කිරීමට ඊජිප්තුවද, ඊශ්රායලයේ ප්රධාන ජළ සැපයුම වූ ජෝර්දාන් ගඟ අවහිර කිරීමට ජෝර්දානයද පිඹුරැපත් සැකසීය..
1967 වසරේ මැයි මස ඊජිප්තු හමුදා සිනායි අර්ධද්වීපයේ රොද බදින්නට විය, ඒ සමගම ඊජිප්තු ජනපති නසර්ගේ බලවත් විරොධය හමුවේ එක්සත් ජාතීන්ගේ සහන හමුදාවන් එම ප්රදේශයෙන් ඉවත්විය. මෙම සහන හමුදා 1957 සිට ඊශ්රායලයට අනවශ්යය අරාබී මැදිහත් වීම් වලින් ආරක්ශාව සැලසූ අතර ඔවුන්ගේ ඉවත්වීම වක්රාකාරයෙන් "ඊශ්රායලයේ ආරක්ශාව ඊශ්රායලය සතු බවට" ලෝක ප්රජාවේ ඇගවීමක් මෙන් විය. 1967 වසරේ මැයි මස 22-23 දෙදින් ඊජිප්තු නාවුක හමුදා ටිරන් සමුද්රසන්දිය අවහිර කල අතර ඊශ්රායල අගමැති ලෙවි එශ්කොල් මහා බ්රිතාන්යයට, ඇමෙරිකාවට හා එක්සත් ජාතීන්ගේ සන්විදානයට උදව් ඉල්ලා ආයාචනය කලේය. තැලෙන යකඩය උඩ පැන තලන්නට ඊජිප්තු ජනපති නසර් ජෝර්දානයේ හුසේන් රජු සමග යුධ ගිවිසුමක් අත්සන් කල අතර එම ගිවිසුම් ප්රකාරව ජෝර්දානු හමුදා ඊශ්රායල දේශසීමාවේ රැස්වන්නට විය. සිරියානු හමුදා ගෝලාන් කදුකරයේ ස්ථානගත වූවේය.
"අපගේ මූලික අරමුණ ඊශ්රායලය සහමුලින්ම විනාශ කිරීමයි, ලෝක සිතියමෙන් ඉශ්රායලය අතුගා දැමීමයි" ජනපති නසාර් අරාබි ජාතීන් හමුවේ ශපථ කලේය. පසුකලෙක ඊශ්රායල අගමැති වූද පලස්තීනය කෙරේ සාමයේ දැත දිගුකලාවූ යිට්ශැක් රාබීන් ඊශ්රායල හමුදා ප්රදානියා විය. ඔහුගේ දෙවැනියා වූයේ ඊසර් වෙයිස්මාන්ය. ඊශ්රායලයේ ආරක්ශක ඇමති වූයේ ආක්රමණශීලී මෝශේ දයාන් ය..මෝශේ ගේ බිරිද හා ප්ලස්තීන සටන්කාමී යසර් අරෆත් ගේ නැන්දනිය අතර වූ අපූරැ මිතු දම ලේඛක ඇන්තනී ඩේවිඩ් විසින් මනාව ඔහුගේ "ඉම්ප්රොබරබල් ෆ්රෙන්ඩ්ශිප්" කෘතියේ දක්වා ඇත, මේ හා සමානව ලන්කාවේ කොටි නායක රහීම් හා කැප්ටන් කොතලාවල අතර තිබූ මිතුදමද මුද්රිත කෘතියකින් නොවූවද බ්ලොග් අවකාශයේ දක්වා තිබේ..
ඔපරේශන් ෆෝකස් වෙතින් නැවත හමුවෙමු…
මතු සම්බන්දයි….
පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...
© පසන්, නොවැම්බර් 10, 2016.
ප.ලි. - මේ පරණ ලියමනකි...කාළීනව වැදගත් කමක් ඇතිවූ නිසා මුදාහැරීමට සිතුනි..
No comments:
Post a Comment