කොහොම හරි පහුවෙනිදා බ්රාන්ච් එකට යනකොට සේරම දන්නවා සයිකො කට් වෙලා කියලා 'යකෝ මම ප%$*යක් ඇරියත් මේ සේරම දන්නවනේ" සයිකෝට මළ පැනලා....
මමත් ඉතින් වෙනදා වගේම ක්ලියරින් කරන්න පටන් ගත්තා..බීලා, සයිකොගේ ජරාව ඇදලා බිම හෝදලා නිදාගන්න කොට රැ දෙකත් පහුවෙලා..උදේ නැගිටින කොට ඔලුව පැලෙන්න රිදෙනවා..රෝසපාට ඔසරියක් ඇදගෙන පොඩි කෙල්ලත් එනවා..මගේ ඇස් දිහා බලාගෙන විනාඩියක් විතර ඉදලා "ගුඩ් මෝනින් අයියේ" කිව්වා..මමත් “මෝනින් මෝනින්..අද ටිකක් ඔලුව රිදෙනවා නන්ගි..තේරෙන්නේ නැති දේවල් අද අහන්න එපා හෙට අහන්න කියලා කිව්වා”..මෙන්න මේකි මගේ මුණ ලගටම ආවා.."ඇයි අය්යේ බොන්නේ..ගද විතරක් කිව්වා" මම කිව්වා "ඔයා ලගට එන්න එපා අද මම වැඩ සේරම කරන්නම් බලන් ඉන්න" කියලා...මේකි ලගටම ආවා.."නෑ අය්යේ ඒකට කමක් නැ….. ඇයි අය්යේ එහෙම කරන්නේ, පව් නේද සයිකො අය්යා" කියලා…මේකි අමුතු ලයින් එකක්…
මට මළ පෑන්නා.. ඇයි යකෝ මම සූප්පුවක් ගහලා සයිකොට පෙව්වද. ඇයි යකෝ මූ මීට ඉස්සර කී වතාවක් බීලා හෝටල් දෑම්මද?..මූ මේ පුරුදු වෙන්න බොන එකෙක්ද?..ඒත් මම කටවහගෙන වෑඩ කරන්න ගත්තා..”නිකන් නාස්ති වෙනවා..ඔයා ඇත්ලැටික් කරලා තියෙනවද?” මේකිත් ඔළුව රිදෙන වෙලාවට තව ප්රශ්ණ අහනවා.."නැ න0ගි ස්විමින් විතරයි කරේ”…..”ආහ් ඒකනේ හැන්ඩ්සම් කොල්ලෙක් නිසා කෙල්ලෙක් නැද්ද? තැන තැන බේබද්දා වගේ බී බී අනිත් අයත් නාස්ති කරන්නේ”….එහෙම කිව්වම නම් මට ආවේ තරහක්ද සතුටක්ද කියල මතක නැ..ඒත් ඉතින් ඔය ඇන්ටි පාරවල් හැන්ඩ්සම් බෝයි කියනවට වඩා කෙල්ලෙක් කිව්වම පොඩි ගතියක් තියෙනවනේ..…
“යකඩෝ ඈවිත් දවස් දෙක තුනයි මේක "රෝ" ඔත්තු සේවය වගෙනේ..අර හැන්ඩ්සම් පාර්ට් එක මොකක්ද නන්ගී”… කියලා මම හිනාවෙලා ඈහුවා, මම හිතුවා මේකි ලැජ්ජාවේ බිම බලාගෙන අර ෆිල්ම් වල වගේ සීන් එකක් දායි කියලා..නෑ..මේකි හිනාවක් වත් නැතුව ඇස්දිහා බලාගෙන කියනවා "ඔයාගේ ශොල්ඩර්ස් සිවිමිනි හින්දා නේද? එතකොට කොල්ලෙක්ට ගති"…මේ මොකාටද මේකි එන්නේ කියලා මම බැලුවා..සයිකො කවුන්ටර් එකේ ඔලුව ගහගෙන ඉන්නවා..කස්ටොත් නැති දවස..පියන් කෙනෙක් සයිකොට තැඹිලි ග්ලාස් එකක් ගෙනි යනවා…”ඔයත් හරි චාම්, ඔසරිය ලස්සනට අදිනවා..හරි ලස්සනයි” කියලා මමත් ඉතින් පොඩි පැණියක් දාන්න ගත්තා…
එහෙම කිව්වට.…මේ මොකක්ද මේක නිකන් "ඒක් පූල් දෝ මාලී" වෙන්නයි යන්නේ..."එක මලයි බඹරු දෙන්නයි” කියලා මට හිතුනා… මට නම් හැම වෙලාවෙම හිතුවෙ අපි මුලින්ම ලව් කරන්නේ කැමති වෙන්නේ පෙනුමට පස්සේ තමයි අපි ගතිගුණට ආදරේ කරන්නේ..මට හිතෙන විදියට නම් ඔතන රාගයෙන් තොර හද එළිය සේ අචින්ත්යය ප්රේමයක් නෑ, සමහර වෙලාවට පෙනුමට වඩා ගොඩක් වෙනස් අය කාළයත් එක්ක හම්බ වෙනවා..මේ කෙල්ල කරාටි කරපු නිසා ලස්සන් ෆිගර් එකක් තිබුනේ.. සැටඩේ බැන්කින් එකක්දී මේකී ඇදන් ආවා ඩෙනිම් එකක්..ශා..මාර ෆිගර් එක...කොහොමින් හරි මාස දෙක තුනක් යද්දී මට තේරෙනවා අපි අතර කෙමිස්ට්රි එකක් තියෙනවා කියලා..ඒක ආදරයක්ද මොක්කද කියලා තේරෙන්නේ නෑ..එතන තිබුනේ ලොකු ආකර්ශනයක් විතරමද කියලා මම තාමත් කල්පණා කරනවා..
එක දවසක් රෑ වෙනකල් ක්ලියරින් ඩිපාර්ට්මන්ට් එකේ වෑඩ තිබුනා..මම කෙල්ලව එයාගේ බෝඩිමට බස්සන්න ගිය වෙලාවක අපි දෙන්නටම හැගීම් පාලණය කරගන්න බැරි වුනා...එදායින් පටන් ගන්න සම්බන්දේ හැමෝටම හොරෙන් ගලාගියා...මාස අටක් -දහයක් අපි දෙන්නා හොරෙන් හැන්ගිමුත්තන් කලා..මාස දෙකක් විතර ක්ලියරින් වලින් පස්සේ සයිකෝ එක්ක කෑශ් කවුන්ටර්ස් වල තමයි එයා වැඩ කලේ. දවල් වෙලාවේ සයිකෝ කෙල්ලට පට්ට සපොර්ට්..රෑට පාඩම් කරන කොට කියවන්නෙත් ඒකි ගැන..උගේ හිතේ ඒකි ගැන ආදරයක් තිබුනා...අවන්ක, නිකැලැල්, අව්යජ ආදරයක්…හිතට හොරෙන් කරන් වැඩේ ගැන මගේ හිත මටම දොස් කියන්න ගත්තා.. කෙල්ලගේ බොඩිමේ අය්යා නැති දවසට රෑටත් පාඩම්කරන එවුන්ට බොරැ කියලා මම මිසින් වෙනවා.. අපි දෙන්නම ආදරේ කියලත් නෑ...අහලත් නෑ...ඒනිසා මම සයිකොට කිව්වා "උඹ ඉක්මනට කෙල්ල ගෙන් කැමතිද අහපන්" බොහොම පෙරැත්ත කරලා, උනන්දු කරවලා ඌට කියලා ඇස්සෙව්වා...කෙල්ල බෑ කිව්වා…
ඒකි අමුතුම චරිතයක්..තමන්ට ඕන මොකක්ද කියලා දන්න චරිතයක්..අවශ්ය දේ වෙනුවෙන් කාළයක් බලා ඉන්නත්...නොලැබුන දේ අතාරින්නත් පුලුවන් ශක්තිමත් චරිතයක්..ඒකි බ්ලැක් බෙල්ට් එකක්ම තමයි..හුගක් වෙලාවට සිකුරාදා වැඩ ඉවර වෙලා, වැන් එකක කට්ටිය අකුරැස්ස හරහා ගාලු යනවා. කෙල්ල කියනවා ගාලු අක්කා කෙනෙක්ගේ ගෙදරට යනවා කියලා මාත් එක්ක එනවා..දවසේම මහන්සි වෙලා දාඩිය මුහු වෙච්ච එයාගේ ඕඩිකොලොන් සුවදට මම ආසකරා... පැයකින් විතර පස්සේ ආපහු එයාව ඩ්රොප් කරා කොලඹ යන බස් එකකට...ගෙදර ගියාද? පරිස්සමට ගියාද? කියල යාලුවොන්ගෙන් අහන මම කවදාවත් එයාගෙන් එහෙම අහලා නෑ
එයාගේ දකුණු කලවයේ උඩ තිබුන උපන් ළපය මට තාමත් මතකයි..එයා හැමදාම ආසකරේ මගේ උරහිස උඩ ඔලුව තියාගෙන උකුලේ වාඩිවෙලා පපුවෙ රෝම පිරිමදින්න..මේක දිගටම ගියොත් කෙල්ලට හොද නෑ කියලා මට තේරුණා..මම එයාගෙන් ඇහුවා ඔයා මට කැමතිද? කියලා.. ඇග විනිවිද යන් ඒ බෑල්මෙන් විනාඩි 3-4 ක් එයා මගේ දිහා බලන් හිටියා.."අය්යේ අපි දෙන්නා ගස් දෙකක්" එහෙම කියලා එයා ඈත බැලුවා.."ගස් දෙකකට එකට ඉන්න බෑ අයියේ..මට ඕන මට ඕන විදිහට වෙලාගන්න වැලක්”..."එහෙනන් අපි මේක නවත්තමු” කියලා මම කිව්ව්ම..” ඇයි බයද?” කියලා ඈහුවේ අර දිලිසෙන ඇස් දෙකෙන් මගේ ඇස් දිහා බලලා...ඒ ඇස් වල බයක් තිබුනේ නෑ…"අයියේ ඔයා ගොඩාක් දුර යනවා..ඒත් කොච්චියේ පීලී දෙක වගේ අපි කවදාවත් එකතුවෙන්නේ නෑ….කියලා එයා කිව්වේ කිසිම හෑගීමකින් තොරව..."අපි ඉස්සරත් ඕන තරම් හම්බ වෙලා ඇති" කියපු එයා තාමත් මට සුන්දර මතකයක්...
තාත්තගේ කන්ටැක්ට්ස් එක්ක එයා යනවා යුරෝපේ කොහේදෝ රටකට, බ්රාන්ච් එකේ හිටියේ හරියටම අවුරැදු එකහමාරක් විතර...ඒ තිබුන සම්බන්දකන් ලෝකයට රහසේම වැහිලා යනවා..ඔය කාලේ මගේ කටේම තියෙන්නේ සුනිල් එදිරිසින්හ ගේ "කදුලු දෙන්න මට හඩන්න සත් සමුදුරැ ගොඩගලන්න...සුසුම් දෙන්න මට හෙලන්න සක්වලගල සසල වන්න" සින්දුව..අහම්බෙන් ජීවිත්යට ඇවිත් අමුත්තක් හිතේ ගුළි කරලා එයා ගියා...මම සේරම අමතක කරලා මාර්කටින් පාඩම් කරන්න ගන්නවා. ප්රෙලිමිනරි සර්ට්ෆිකේට් එක කම්ප්ලීට් කරලා සර්ට්ෆිකේට් එකට…
To be continued
© පසන්..
පින්තූර අන්තර්ජාලයෙනි..
එක එක අය බැන්නට එව්වා ගනන් ගන්න එපා. තමුන්ගේ අත්දැකීම් ලිව්වට කමක් නෑ. ඔන්න අනික් අයගේ පින්තුර එහෙම පළකරනවා නං වැරදියි.
ReplyDeleteමේ කතාව කියවද්දී මටත් මගේ පරණ සීන් එකක් මතක් උනා. ඒ කාලේ මම වැඩ කරේ ලී බඩු වලට ලංකාවේ ප්‍රසිද්ධම නගරයේ. එහෙ මුල්‍ය ආයතනයක වැඩ කරේ. හැබැයි මම පදිංචිවෙලා හිටියේ වෙනින් දිහක.
එහෙ ඉදං උදේ හවා වැඩට එද්දී කාර්යාලය ලගදී හැමදාම කෙල්ලෙක් නෝට් උනා. නම නං කියන්න බෑ කෙල්ලගේ. 'දිල්'තෝ පාගල් හේ.. දිලිසෙන නමක් තිබ්බ කෙල්ලෙක්.
මං උදේ වරුවේ ඔෆිස් එකේ ඉදලා දවල් වෙනකොට කොහොමහරි එලියට පනිනවා. අපේ ඔෆිෆ් එකේ හිටියා අලුත බැදපු ජෝඩුවක් ඒ හරියෙම ගෙයක් රෙන්ට් කරන්. හෙක් හෙක්.. ඒකෙ යතුර අරං මම යනවා දිලිසෙන නමක් තියෙන කෙල්ලත් එක්ක එහෙට. ඊට පස්සේ ඉතිං රස ගුලාව තමයි. ඇතුල් නොවුන සිදුරක් නැතිව ඇති ඒකිගේ.
ඔෆිස් එකේ යාලුවා නං සැහෙන්න උදව් දුන්නා. මිනිහගේ වයිෆ් දන්නේ නෑ මම එහෙට යනවා කියලා කෙල්ලෙක් අරං. මාට්ටු උනා නං බනියි පලු යන්න.
පස්සේ එහෙම්ම ඒ සම්බන්දෙ නතර උනා. කෙල්ල කසාඳ බැන්දම පස්සෙත් කීප සැරේ කතා කරා. එක සැරයක් හම්බුනා. දැන් නං කතාබහ නෑ.
..
මේ බ්ලොග් එක සැහෙන්න පරණ බ්ලොග් එකක් නේද? මට කලින් මිස් වෙලා තිබ්බේ කොහොමද? නිතර අප්ඩේට් නොවුන නිසා වෙන්න ඇති.
දිගටම ලියන්න අත්දැකීම්.
කමේන්ටුවට තැන්ක්යු.. අපෝ නෑ සැලෙන්නේ නෑ.. බ්ලොග් එක හදලා තිබ්බට ලිව්වෙ නෑ..අනෙක් අය ලියනවා බලාගෙන හිටිය. පහුගිය පාස්කු කේස් එකෙන් පස්සෙ තමයි ලියන්න ඕන කියන එක හිතට ආවේ.
Deleteඑක එක අය බැන්නට එව්වා ගනන් ගන්න එපා. තමුන්ගේ අත්දැකීම් ලිව්වට කමක් නෑ. ඔන්න අනික් අයගේ පින්තුර එහෙම පළකරනවා නං වැරදියි.
ReplyDeleteමේ කතාව කියවද්දී මටත් මගේ පරණ සීන් එකක් මතක් උනා. ඒ කාලේ මම වැඩ කරේ ලී බඩු වලට ලංකාවේ ප්‍රසිද්ධම නගරයේ. එහෙ මුල්‍ය ආයතනයක වැඩ කරේ. හැබැයි මම පදිංචිවෙලා හිටියේ වෙනින් දිහක.
එහෙ ඉදං උදේ හවා වැඩට එද්දී කාර්යාලය ලගදී හැමදාම කෙල්ලෙක් නෝට් උනා. නම නං කියන්න බෑ කෙල්ලගේ. 'දිල්'තෝ පාගල් හේ.. දිලිසෙන නමක් තිබ්බ කෙල්ලෙක්.
මං උදේ වරුවේ ඔෆිස් එකේ ඉදලා දවල් වෙනකොට කොහොමහරි එලියට පනිනවා. අපේ ඔෆිෆ් එකේ හිටියා අලුත බැදපු ජෝඩුවක් ඒ හරියෙම ගෙයක් රෙන්ට් කරන්. හෙක් හෙක්.. ඒකෙ යතුර අරං මම යනවා දිලිසෙන නමක් තියෙන කෙල්ලත් එක්ක එහෙට. ඊට පස්සේ ඉතිං රස ගුලාව තමයි. ඇතුල් නොවුන සිදුරක් නැතිව ඇති ඒකිගේ.
ඔෆිස් එකේ යාලුවා නං සැහෙන්න උදව් දුන්නා. මිනිහගේ වයිෆ් දන්නේ නෑ මම එහෙට යනවා කියලා කෙල්ලෙක් අරං. මාට්ටු උනා නං බනියි පලු යන්න.
පස්සේ එහෙම්ම ඒ සම්බන්දෙ නතර උනා. කෙල්ල කසාඳ බැන්දම පස්සෙත් කීප සැරේ කතා කරා. එක සැරයක් හම්බුනා. දැන් නං කතාබහ නෑ.
..
මේ බ්ලොග් එක සැහෙන්න පරණ බ්ලොග් එකක් නේද? මට කලින් මිස් වෙලා තිබ්බේ කොහොමද? නිතර අප්ඩේට් නොවුන නිසා වෙන්න ඇති.
දිගටම ලියන්න අත්දැකීම්.
බ්‍රව්සරයේ අවුලක් නිසා එකම කොමෙන්ටුව දෙතුන්පාරක් ආවද කොහෙද. පොඩ්ඩක් ඒක බලන්න
ReplyDeleteඒක අවුලක් නෑ..මේ පැත්තෙ ගොඩ වැදුන එකට ස්තුතියි.
Delete