Wednesday, April 10, 2019

"භූගත සිකුරා"..


භූගත සිකුරා..

අටම්පහියෙත් නොබෑදපු කොල්ලොන්ට තියෙන ඉල්ලුමත් සෑපයීමේ අඩුවත් දෑකලා මට මේ කතාවත් ලියන්න හිතුනා..මේක ටිකක් ෆෲට් සෑලඩ් එකක් වගේ..ලව්, ස්පීච් ඉම්පෙඩිමන්ට්ස්, ස්ව්මිනි සේරම තියෙනවා..කාලෙකට කලින් ලිව්ව මේකට හේතුවුනේ අර "දත් කෑත හින්දා එයාව දාල ගියා කියපු කෙල්ලගේ වීඩියෝ එක දෑකලා..


අර ගෑණු ළමයගේ කෑත කතාව අහලා මට හරියට දුක හිතුනා, ඒ කෙල්ල ගෑන නෙමෙයි අපි ගෑන. මොකද කාළයක් අපෙත් සිකුරු ග්රහයා භූගත වෙලා කන්කුන් කන කේසර සින්හයෝ වගේ හිටපු නිසා. අපරාදේ කියන්න බෑ අපිට එහෙම වුනාට අනිත් කොල්ලොන්ට නම් සිකුරා දුන්නේ අඩගහලා. "හොද කෙහෙල් කන්නෙම පණුවෝ" කියලා හිත හදාගන්න බෑලුවට සමහර කෙල්ලෝ පණුවෝ වගේ කොල්ලො එක්ක යාළුවුනේ උන්ගේ කෑත ගෙවිලා කියලා හිතුවා.ඔය කොහොමටත් පණ්ඩිත කථා ගෝණිගනන් කිව්වට අපිත් එක්ක හිටිය ලොකු අය්යටත් සිකුරා නීච වෙමින් තිබුනේ. "අළුත් ඒව නම් මොනාද බන්, නරක කාළයක් ලබල තියෙන්නේ තියෙන ඒවා රෑකගනිල්ලා" කියල දාර්ශණික උපදෙස් දෙන්න ගත්තා. ඔය කාලේ තමයි මගේ හොදම යාලුවටත් සිකුරා බෑල්ම දෑම්මේ, එකම අවුල වුනේ අර ෆේමස් 50% හරියන එකේ උගේ 50% විතරයි තිබුනේ. ඔය අස්සේ මූ කෙල්ලගෙන් ඈහුවම කෙල්ල හෑමෝම ඉස්සරහා මූට කෑමති නෑ කිව්වා. මටත් හරිම අප්සෙට්.   

අපිත් එක්ක ස්විමින් කරන්න ආවා මූණ හොදන්නේ නෑති අප්සට්, අපිරිසිදු පොරක් (K.K.K ඩොබා- කළු, කෑත, කොට ඩොබා). ලග ඉස්කෝලෙකට යන්නේ, පොරත් අර  කලු වලත් අන්තිම කෑටගරි එකේ. ඒ කියන්නේ කළු, කට්ට කළු, ගිනි කළු, දෑකුම් කළු ස්පෙක්ට්රම් එකේ අග ඉන්නේ.උගේ ස්විමින් ට්රන්ක් එක ළුණු සිවියක් වගේ දිරලා. අපිනම් පීනන කොට ටිකක් ඈතින් පීනන්නේ මොකද මූ නාන්නේ නෑති නිසා කුණු ගියාම පරණ බෑනියන්, බේදර්ස් මතුවෙනවා කියලා රාවයක් තිබුන නිසා.හෑබෑයි ඩොබා මාත් එක්ක හරිම හිතවත් මොකද පාට වෙනස් වුනාට මමත් හිතින් දෑකුම්කලු හින්දා. මගේ යාලුවා නාහෙන් අඩනවා අර කෙල්ල ඕනමයි කියලා. අපි ප්ලෑන් කරලා ඩොබාට කිව්වා අර කෙල්ලගෙන් කෑමතිද අහන්න කියලා, ඩොබාට ස්පීඩො එන්ඩුයරන්ස් බේදර්ස් දෙකක් මම මාමට කියලා රටින් ගෙනත් දෙන්වා කිව්වම ඩොබා එකපයින් කෑමති වුනා. ස්විමින් ආපු දවසක ඩොබා අර කෙල්ලගෙන් කෑමතිද ඈහුවා, අපි ටික බලන් ඉදලා හිනාවුනා, කෙල්ලට මාර අප්සෙට්, කෙල්ල දෑක්කම අපි "ඩොබා" කියලා කෑගහනවා..”වර්ණපාළ තියරි ඩොබා” කියනවා. එතන මාර එපිසෝඩ් එකක්. කෙල්ල බෑලුවා මේක හරියන්නේ නෑ.දෑන් ඩොබා වගේ අප්සෙට් එවුන් හෝල්සේල් අහන්න ගත්තොත් ඉවරයක් වෙනවා මෙහෙම ගිහින් ඩොබා වගේ මළගිය පරාණකාරයෙක් සෙට් වුනොත් ඉවරයි කියලා මගේ යාලුවට කෑමතියි කිව්වා.උන් දෙන්නගේ ආදර ගන්ගාව ගලාගෙන ගිහින් ඉඩෝරෙට අහුවෙලා අවුරුද්දකින් පස්සේ දිය කඩිත්තක් වත් හොයා ගන්න බෑරිවුනා. මගේ අනිත් යාලුවා නම් ෆිල්ම් ඈක්ටර් කෙනෙක් වගේ, නම කිව්වම හෑමෝම දන්නවා.කෙල්ලො නම් ඌ එනකොටම අහන්නත් කලින් "බෑ" කියනවා. ඉස්කෝලෙත් නමට වඩා "ඈණකොන්ඩා" කිව්වම තමයි දන්නේ. මොකද හෑම එකක්ම ඈණගන්න නිසා. 

තව හිත හොද යාලුවෙක් හිටියා පොරට පොඩි වචන උච්චාරණයේ ගෑටලුවක් තිබුනා. ඒක නිසා ගොඩක් වෙලාවට කතා කරනවා අඩුයි. ඇණකොන්ඩා නම් ඒක අරගෙන බයිට් කරන්වා."උඹ කෙල්ල ලගට ගිහින් ඔයා මට කෑ..කෑ.කෑ..කෑ..මතිද? අහන්කොට කෙල්ල නෑ..නෑ..නෑ..කියයි කියලා. කොච්චර කිව්වත් ඈණකොන්ඩා බයිට් කරන එක නවත්තන්නේ නෑ. ඕක අහගෙන හිටපු කෙල්ලෙක් දවසක් ඈනකොන්ඩා ඉස්සරහදිම  මගේ යාලුවගෙන් කෑමතිද ඈහුවා. ඈහුවා විතරයි පොරගේ ස්පීච් ඉම්පෙඩිමන්ට්ස් කොහෙද නෑ "ඔව් නන්ගි මාත් කෑම්තියි" කිව්වා. ඒක දෑකලා ඈණකොන්ඩා කට ඈරගෙන හිටපු විදියට බ්රේක් නෑති මෑස්සෙක් ආවානම් කෙලින්ම ඈතුලේ..

මට නම් හෑමෝම කිව්වේ පතලක් වත් බෑහෑලා බලමු කියලා, මොකද හාරන කොට ඔය භූගත වෙලා ඉන්න සිකුරා හම්බවුනොත්. අන්තිමටම නම් හම්බ වුනා ස්කූල් එකෙන් අවුට් වෙලා,අවුරෑදු 10 කට විතර පස්සේ, බෑන්ක් එකේ වෑඩකරණ කාලේ, කොහෙන්ද දන්නවද? පත්තරේ මන්ගල කින්කිණි එකෙන්. දෑන් ඉන්නේ ඔය යස අගේට...දෑන්නම් හිතෙනවා එදා ඉදන් ගත වෙන්නේ සෙනසුරු මහදශාව, රාහු අතුරු දශාව සහ කේතුගේ අන්තර්දශාව වත්ද කියලා. සිකුරෑ උච්ච වෙලා එහෙමම නීච වෙලා ගියා, මෙහෙම කිව්වට මම පට්ට පරමාදර්ශී චරිතයක් හොදේ...ෆෑන්ටසියෙන් එහා ගිය රියලිටි එකේ ඉන්න හොද පවුල් සන්ස්තාවක සභාපති කෙනෙක්..දෑනට දෑනට හොදේ...හෙට කෙළ වුනොත් ඔයාලගේ ඈස්වහ කටවහ තමා ඉතින්..ලිටරරි ලියන ඒවා..ෆිගරේටිව්ලි ගන්න එපා..ඔය තනිකඩ හෑමෝටම කියන්න තියෙන්නේ එෆ්.බී එකේ නෑතුව මන්ගල කිණ්කිනි එකෙවත් බෑලුවොත් අහවරයිනේ කියලා..පස්සේ සිකුරාට කොන්ක්රීට් එකක් දාන්න බෑරියෑ කවදාවත් උච්ච් නොවෙන්න....


                                                                  © පසන් , අප්රේල් 8, 2019.

                                                                       පින්තූර අන්තර්ජාලයෙනි..

1 comment: