Tuesday, December 28, 2021

අමතක_නොවන_සිදුවීමක්

 


#අමතක_නොවන_සිදුවීමක්



සමහර අය අපේ ජීවිත වලට එන්නේ අහම්බෙන්, යාළුකම් ඇතිවෙන්නේ නොහිතන විදියට ඒ අය අපෙන් ඇත්වුනාම අපේ කොටසකුත් ඒ අය අරගෙන යනවා. ජීවිතය කියන්නේ අත්දැකීම්, අත්විදීම් අනුසාරයෙන් ගොඩනැගෙන අපූරු කතාවක්. ඔය කතාවේ එක එක පරිච්චේදවල අපි කාලයෙන් කාලයට ගොඩනගපු, අපි හැමෝගෙම ඇතුලේ ඉන්න රසවතා, ලේඛකයා, කියන චරිත කතාවක් තුලින් එලියට එනවා. සමහර වෙලාවට ඒ පරිච්චේදය මුළු ලෝකයෙන්ම සැඟවුන හිතේ කොනක පුපුරු ගහන අපූරු මතක..


෴ 


"I don't believe in love at first sight..

I believe in love at first debate, first argument, first inside joke, first genuine laughter after a lifetime of sadness ,

I believe in love at first heartfelt conversation, first completely comfortable un-awkward silence ,

I believe in love at first support through hardships, first shared pain and first divided joy ..

I don't believe in falling in love with a face ,

I believe in falling in love with a mind and a soul." 

-Maryame Sabry Zakhary   


මිරියම් ගේ උඩ තියෙන කවිය දැක්කම ජීවිතේ එක පරිච්චේදයක අඟුළු හිමිහිට විවරවුනා. මම වැඩිය කතාකරන කෙනෙක් නෙමෙයි. යාළුකම් ඇතිකරගත්තා වගේ නෙමෙයි පවත්වාගෙන යන එක. විශේශයෙන්ම විරුද්ධ ලිංගික අයත් එක්ක. මට තේරෙන විදියට අපි මුලින්ම ලව් කරන්නේ, කැමති වෙන්නේ පෙනුමට පස්සේ තමයි අපි ගතිගුණට ආදරේ කරන්නේ. ඔතන රාගයෙන් තොර හද එළිය සේ අචින්ත්යය ප්රේමයක් නෑ, සමහර වෙලාවට පෙනුමට වඩා ගොඩක් වෙනස් අය කාළයත් එක්ක හම්බ වෙනවා. කෙල්ලෝ හුඟක් වෙලාවට කැමතිවෙන්නේ කතාකාරයොන්ට, චැටර් බොක්ස් වලට, එහෙම අයට තමන්ගේ පැත්තට ගැහැණු ළමයෙක්ව හරව ගන්න ලේසියි, ඒ වගේම තමයි කවි ලියන අයටත්. 


ඒ කාලේ මම හොඳ කවියෙක්. 



ඒ මගේ මුල්ම වෘත්තීමය ජීවිතයේ මුල් කාළය, මට හමුවෙනවා අපූරු ගැහැණු ළමයෙක්. කරාටි බ්ලැක් බෙල්ට් එකක් තියෙන හරිම කැරිස්මැටික් කෙල්ලෙක් එයත් තමන්ගේ වෘත්තීමය ජීවිතය ආරම්භ කල මුල් කාලය. අපි දෙන්නාට එකට වැඩකරන්න ලැබෙන්නේ අහම්බයකින්, ඒකෙනුත් වැඩි හරියක් අපි දෙන්නා කලේ රණ්ඩු කරන එක.


කාටහරි දෙයක් කියල දෙනකොට මුලින්ම මම ඒ අදාල වැඩේ කෙරෙන, අපි වැඩකරන පිලිවෙල කියලා දෙනව. බේසික් ෆ්රේම් වර්ක් එක ඇතුලේ තමන්ට ලේසි විදියට වැඩකරන්න මගෙන් ඉගෙන ගන්න අයට මම නිදහස දීලා තිබුනෙ. ඒත් කෙල්ලගේ පණ්ඩිතකම් හින්දා අපි දෙන්නගේ මත ගැටුම් හැමදාම තිබුන. මම වැඩකරන්නේ මගේම පිලිවෙලකට, මුලින්ම අමාරුම වැඩ ටික ඉවරකරනව ඊට පස්සෙ ලේසියෙන්, ඉක්මනට ඉවර කරන්න පුලුවන් ටික අන්තිමටම සම්පූර්ණ කරනව. ඒ වුනාට අළුත් කෙල්ල වැඩකරන්නේ වෙනස් විදියට එයා වැඩ බෙදාගන්නේ උදේ වරුවේ කරන වැඩ සහ හවස් වරුවේ කරන වැඩ විදියට...දෙන්නගේම තිබුනේ හිතුවක්කාර, මුරණ්ඩු අදහස්. දෙන්නාගෙන් එක් කෙනෙක්වත් තමන්ගේ වැඩකරන විදිය වෙනස්කරන්න යන්නේ නෑ..ඉතින් අපි දෙන්නා ගැටෙනව.. හැමදාම රණ්ඩු, හැමදාම ගැටීම්..


ඔය කොහොම කිව්වත් කාන්දමක වුනත් එකට ඇලෙන්නේ ප්රතිවිරැද්ධ ධ්රැව, කාළයත් එක්ක මටත් දැනෙනවා ආකර්ශණයක් හැබැයි ඒක ආදරයක්ද කියන්න තේරෙන්නේ නෑ..සමහර විට සාංසාරිකව එකතුවෙච්චි දෙයකට ගෙවීමක්ද දන්නෙත් නැහැ. 


එදත් අපි දෙන්නා රණ්ඩු කරගෙන වැඩකරපු දවසක්..පරක්කු වුන නිසා මම එයාව බෝඩිමට ඇරලවන්න එයත් එක්කම පාරදිගේ යන්න ගත්ත. ඒ යන අතරෙත් අපි රණ්ඩු වෙනව, එයා කවදාවත් තමන් වැරදියි කියල පිළිගන්න කෙනෙක් නෙමෙයි. මමත් මගේ වැඩකරන ක්රමය වෙනස් කරන් කෙනෙක් නෙමෙයි. එයා කතාකරනව මම අහගෙන ඉන්නව, ඇත්තටම එයා හරි කියන එක ඔප්පු කරන්නයි හදන්නේ. ඉතින් අපි දෙන්න රණ්ඩු වෙවී යනකොට මට හොදටම තරහයි. 


"කොල්ලෙක් නම් මෙළහකට මම ඔයාට මෙලහකට මයිගෙරි හරි මාවාසි ගෙරි කික් එකක් දීලා කට වැහෙන්න" 


මම එහෙම කිව්වම කෙල්ල නැවතුනා, 


"හරි ගහනවකො බලන්න" එහෙම කියල බලන් ඉන්න ගත්තම මම තරහ වැඩිකමටම කලේ එයාව ඇදල කිස් එකක් දීපු එක. අනපේක්ශිතව වෙච්චි දේට කෙල්ල පුදුමයෙන් වගේ මම දිහා බලන් හිටිය. තරහ වැඩි හින්දා හිතුවෙ නැතුව කලාට මගේ හිතත් එකපාරටම කරපු  දේ ගැන දොස්කියන්න ගත්ත. මම ටිකක් පස්සට වෙලා පාරේ කවුරුත් අපි දෙන්නා දැක්කද කියල බැලුව. විනාඩි දෙකක් විතර යන්නැති එකපාරටම මගේ ළඟට ආපු කෙල්ල මගේ කොළර් එකෙන් අල්ල ගත්ත. ලොකු අතුල් පාරක් බලාපොරොත්තුවෙන් මම ඇස් දෙක පියාගත්ත මතකයි. එක පාරටම මගේ තොල්දෙකට බරක් දැනුනා, ඇස් අරිනකොට ටිකක් විතර බර, ඒත් සුමුදු චුම්බණයක්. "දැන් හරි, තරහ නිවුණ" එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන එහෙම කියනව මට හිමිහිට ඇහුණ.. ඒත් ඒ වෙලාවෙ අපි ආපහු ඇවිලුනා..අවාරෙට වැස්සක් ඇවිත් වියළි කළාප තෙත් කරගෙන, ක්ශීරපථ දැඩිකරගෙන, අකුණු ගහලා ගිණි විජ්ජුම්බරයක් වුනා...එදායින් පටන් ගත්ත ගිණිජාලාවෝ මාස 8 - 10ක් එක දිගට ඇවිළුනා.....


ඔය අතරේ මම පුරුදුවුනා මගේ සාම්ප්රදායික වැඩ රටාවෙන් මිදිලා බොහොම ෆ්ලෙක්සිබල් විදියට වැඩකරන්න. නිකිණිත් පුරුදු වුනා එයාගේ උදේ වරැවේ වැඩ සමහර දවසට හවසටත් කරන්න. මම ඒ කාලේ කවි ලියලා එයාට දෙනව රස විදින්න.


ඒත් ඒ කවි එයාට කවදාවත් තෙරුම් ගියේ නෑ..


හුගක් වෙලාවට සිකුරාදා වැඩ ඉවර වෙලා, වෑන් එකක කට්ටිය ගාලු හරහා කොලඹ යනවා..

මම මාතර යනවා කියලා හොරෙන් ආපහු ගාලු එනවා…නිකිණිත් එයාගේ නැදැවෙන අක්කා කෙනෙක්ගේ ගෙදරට යනවා කියලා ගාල්ලෙන් බැහැලා මාත් එක්ක එනවා..අපි දෙන්නාත් ඉතින් ඉර බහින හැන්දැවේ අහස දිහා බලාගෙන කිසිම තේරැමක් නැති බොළඳ දේවල් ගැන කතා කරනවා..මම එයාට කවි, නිසැදැස් ලියලා දෙනවා එයා ඒවා බලලා ගුලි කරලා මුහුදට දාන්නේ පොඩි කෙල්ලෙක් වගේ.. පැයකින් විතර පස්සේ ආපහු එයාව ඩ්රොප් කරනවා කොලඹ යන බස් එකකට...ගෙදර ගියාද? පරිස්සමට ගියාද? කියල යාලුවොන්ගෙන් අහන මම කවදාවත් එයාගෙන් එහෙම අහලා නෑ..


අපි දෙන්නම ආදරේ කියලත් නෑ...අහලත් නෑ...ඒත් සමහර බැදීම් තියෙනවා ඒවා ඇයි ඇතිවුනේ කියල කියන්න බැරි වෙන, සමහර වෙලාවට අපිට අපේ හැඟීම් වචන වලට පෙරලන්න අමාරුයි. ඒ හැඟිම් වලට වචන නැහැ..


ඒ දවස් වල මම වැඩිපුරම කවි ලිව්වේ "ලප" වලට, එයත් හරියට ප්රමිලා වගේ…මම ඉතින් දස්කොන් වුනා…..මේක දිගටම ගියොත් කෙල්ලට හොද නෑ කියලා මට තේරුණා..මම ලියන කවි මේ කෙල්ලට කවදාවත් තේරැනේ නැ..ව්යංගයෙන් හොරෙන් මම එයාට කැමතියි කියලා කවි වලින් ලිව්වා..මගෙත් වැරැද්ද අවශ්යයම නැත්නන් මම කිසි දෙයක් කෙලින් කියන්නේ නැ....මම එයාට යවහන් දෝශ ඇරලා, ගැටපද දාලා, වර්ණනා ඇඩ් කරලා කවි, නිසැදැස් ලිව්වට එයා ඒවා රස වින්දේ නැති තරම්..එයාගේ ෆෙයාවෙල් එකේදී මම කවියක් ලියලා දුන්නම එයා මට ඒක ආපහු දීලා මෙහෙම කියනවා "කවි කන්නද අනේ, හවසට අයියා ගෙදර නැ”…එදා ක්වාටර්ස් එක නිකම් මළගෙදර වගේ හැමෝම ඒකිට හිතින් ලව් කරලා..කිසි කෙනෙක් දන්නේ නැතිවුනාට මට පොඩි ආඩම්බරේකුත් තිබුනා මම ගැනම...අන්තිම වතාවටත් මම එයා බලන්න ගියා..ප්රේමය, විරහව, වේදනාව සේරම එකට දාලා හින්දපු මට හිතට වැදුනු මගේ කවියක් අරගෙන…එයා ඒක කියවලා ගුලිකරලා විසිකරා…


මේකිට කවි තේරෙන්නේ නැ..


”පවර ඔයා මට සිංදු, කවි ලියන්න එපා..ඔය ඇතුලේ ඉන්න කවි කාරයට වඩා පිටතින් පේන නිශ්ශබ්ද දරදඬු කොල්ලට මම ආසයි”..…එයා එහෙම කිව්වේ කිසිම හැගීමකින් තොරව…


"මම කවදාවත් ආපහු කවි ලියන්නේ නැ..ඔයත් කොල්ලෙක්ගේ පෙනුම විතරක් බලන්න එපා හිත් ඇතුලත් කියවන්න පුරුදු වෙන්න" මම එයාට කිව්වා.."ඔයාට පිස්සු අනේ" එයා කිව්වේ එච්චරයි..


ඇත්ත පිරිමි අපිට සමහරවෙලාවට පිස්සු... 


තාත්තගේ කන්ටැක්ට්ස් එක්ක එයා රට යනවා කොහේද කියලා මම ඇහුවෙත් නැ…

මට කිව්වෙත් නැ…

බ්රාන්ච් එකේ හිටියේ හරියටම අවුරැදු එකහමාරක් විතර...ඒ තිබුන සම්බන්දකන් ලෝකයට රහසේම වැහිලා යනවා…..


සමහර අය අපේ ජීවිත වලට එන්නේ අහම්බෙන්, යාළුකම් ඇතිවෙන්නේ නොහිතන විදියට ඒ අය අපෙන් ඇත්වුනාම අපේ කොටසකුත් ඒ අය අරගෙන යනවා..


මම ඊට පස්සේ කවි ලියන්න ගියේ නැ..සමහර වෙලාවට වචන් තුන හතරක් ගෙතුවට ඒවයේ පරණ තිබුණ ජීවය අතුරැදහන් වෙලා තිබුනේ…


සමහර දේවල් අපිට නැති වෙනවා…


සමහර දේවල් අපි නැති කරගන්නවා..


ඒත් ඒ දේවල් දේවල් ලැබුණට වඩා නැතිවුන නිසා අපි රියලිටියෙන් එහා ගිය ෆැන්ටසියක හීණ දකිනවා…


හප හප රස විදින්න වේදනාවත් වෙලාවකට රසයි..


ජීවිතේ සමහර හමුවීම් හරි සංකීර්ණයි……



“Perhaps we are in this world to search for love, find it and lose it, again and again. With each love, we are born anew, and with each love that ends we collect a new wound. I am covered with proud scars.”

― Isabel Allende 


 © පසන්, පර්ත්, 2020.

පින්තූර අන්තර්ජාලයෙනි..



ප.ලි - කාලෙකට කලින් වත්පොතේ (එෆ්.බී එකේ) ලියන ගෲප් එකක තරඟෙකට ලියනලද සහ ජයග්රහනය කල කතාවකි. විප්රවාසී සහුර්දයන්ගේ රස විඳීම උදෙසා නැවත මෙහි පළකරමි.

2 comments: