Wednesday, May 1, 2019

සිත්ගත් කවි, සාහිත්යය සමිති, "රහල් ර0ගන" , වේදිකා නාට්යය සහ විර0ගගේ කවි...


විර0ග අයියා මට හමු වෙන්නේ "රහල් ර0ගන" කරන කාලේ...හැම අවුරැද්දකම වේදිකා නාට්යය ලියාගෙන ..ස්පොන්සර්ලා හොයාගෙන, රෑ වෙනකල් රිහසල් කරලා ගෙවුන සුන්දර කාළයක්..විර0ගලගේ නාට්යය තමයි හැමදාම පළමු තැන ගත්තේ..අන්තිමට අපි කරපු රහල් ර0ගන එකේ විර0ගගේ රචනය "තුන්වෙනි වරය"...ඒකේ දෙබස් මට තාම මතකයි...ඒකට හේතුව විර0ගගේ තිබුන අපූරැ පරිකල්පනය..නාට්යයේ චරිත වල තිබුන භාවාත්මක පෞරැශය..මම, ගයාන් නිරෝශන්, නිලුප සන්ජය ලියපු නාට්යය තරගයේ දෙවෙනි තැන ගත්ත "සක්විති කිරැළ" තමයි අපේ අවසාන වේදිකා නාට්යය.. වේදිකා නාට්යය, පින්සල් චිත්ර, පොත් ලිවීම එක්ක ගෙවුනු විර0ග අයියාගේ කවි වලට අපි හැමෝම ආස කරා..අපේ පොඩි කුළකයකට ලඝු වෙන කවි හැමෝටම බෙදාගන්න "සිත්ගත් කවි" තුලින් දාන්නේ ල0කාවේ ඉහළම විනයක් තියෙන වෘත්තිකයෙක් වන විර0ග අයියගෙන් වචනයෙන් ගත්ත අවසරය මත..තව කාළෙකින් ඔහුත් නිදහසේ ලියාවි ඒ වෙනතුරැ විරාමයේ ඔබටත් රසවිදින්න "විර0ගගේ කව් සිතිවිලි”……

————————————

ඉතින් පුත නිදියන්න
එපා යලි නැගිටින්න
මවක් නැත පිලිගන්න
බිමක් නැත රැකගන්න

එදා ඔබ දිවි පුදා 
රැකූ බිම් කඩ අරා
සිටී යහතින් ඉතා
මැඩූ නිවටුන් එදා

නුබෙ රුහිරෙන් එදා
සරු වු බිම් කඩ පුරා
සුපිපි වන මල් කඩා
පුදති උන් රුපු දෙපා

දිනූ බිම දිවි පුදා
රැකි පුතුනි වනු කමා
බිලි වුනෙ නුබ කිමා
රකිනු වස් කෙලෙහිගුන නැති දනා

~විරංග ගුණසේකර~

————————————————————















පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

No comments:

Post a Comment