Thursday, May 2, 2019

පාසල තුල අපේ දරුවන් සුරක්ෂිතද?


















6 වෙනිද පාසල් පටන්ගන්නව කියල ආණ්ඩුව ( දැන් ඉතින් ආණ්ඩුව කියන්නෙ කවුද කියන එක වෙනමම හොයල බලන්න වෙනව ) කියනව. 
එත්කොට ළමයින්ගෙ ආරක්ශාව, ඒකට මොකද වෙන්නෙ? අධ්යාපන  ඇමති කියල  එක පොලිස් නිලධාරියෙක් හරි පාසලක ආරක්ෂාවට දෙන්න බලන්නම් කියල. ඒ ඇතිද? ඒ ඇතිද? ???

C4 , ටී. එන්. ටී වගේ අධි බල පුපුරන ද්රව්ය යොදාගෙන, අතිශය දරුණු උපක්රම යොදාගෙන කටයුතු කරන ත්රස්තවාදී කන්ඩායමක් එක්ක එක පොලිස් නිලධාරියෙක්ට පාසකල ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්ද? අනික අපි ලෝකෙ දැකපු ට්රෙන්ඩ්ස් එක්ක සන්සන්දනය කරල බලද්දි ත්රස්තවාදීන්ගෙ මීලඟ ඉලක්කය පාසලක් හරි පන්සලක් හරි වෙන්න පුලුවන්. 

අනික ළමයින්ව ප්රාන ඇපයට ගත්තොත්?

ආන්ඩුවට ඇයි පාසල් පටන්ගන්න හදිස්සි? 

කාදිනල් තුමා කියනව කතෝලික පාසල් පටන්ගන්න එපා දැන්ම කියල. පල්ලියෙ දේව මෙහෙය නවත්තල…..

ආණ්ඩුවට ඕනෙ රටේ ජන ජීවිතය සාමාන්යයි කියල ලෝකෙට පෙන්නන්න. ..

ඇපි ප්රශ්නෙ ඉක්මනින් විසඳුව කියල පෙන්නන්න…..

එහෙමත් නැත්නම් වල්නරබල් තැනක් එක්ස්පෝස් කරල ත්රස්තවාදීන්ට තව අවස්ථාවක් දෙන්නද දන්නෙත් නෑ කියල සාධාරන සැකයක් ඇති වෙනව……

රාජිත ඇමති කියනව එයාට ත්රස්තවාදීන්ගෙන් තර්ජන කියල. ….

පාර්ලිමේන්තුවෙ ආරක්ශාව වැඩිකරන්න කියල. ප්රභූන්ගෙ ගමන් සීමා කරන්න කියල. තව ප්රහරය්ක් එනව කියල අනතුරු හඟවල තියෙද්දි මොකද්ද මේ හදිස්සිය?????

තාම කිසි දෙයක් හරියට විසඳිලා නෑ. එල්. ටී. ටී. ඊ. යුද්ධ කාලෙ එක ප්රදේෂයක් හරි ක්ලියර් කලාම හමුදාව කියනව ඒ පැත්තෙ ආරක්ෂාව තහවුරුයි කියල……ඒත් කවුරුත් එහෙම කියල නෑ….. ආණ්ඩුවෙත් වගකීම බාරගන්න කිසි කෙනෙක් නෑ……

අනික මේ ගොල්ලො වගකීමෙන් කරනව කියන ප්රකාෂ කොච්චර බොරුද කියල අපි දැකල තියෙනව.

" ජනාධිපති තුමා දැනගෙන ඉඳල අපිට කිව්වෙ නෑ කියයි", 

"පොලිස්පති තුමා ජනාධිපති තුමාට කිව්වෙ නෑ කියයි", 

" තාත්ත කිව්ව නිසා මගේ පුතා ව්තරක් පාසල් යැව්වෙ නෑ" කියයි. 

අන්තිමට මොකෙක් හරි බිලි බෝයි කෙනෙක් බොරුවට ඉල්ලල අස් වෙයි. ඒත් ඒ විනාස වෙන ජීවිත වලට මොකද වෙන්නෙ?.

දැනට රටේ පවතින හැටියට අපිට විස්වාස කරන්න පුලුවන් හමුදාවයි, කාදිනල් තුමයි විතරයි. ඒ අය විතරයි ම්නිස්සුන්ගෙ ජීවිත වලට වටිනාකමක් දීල වැඩ කරන්නෙ. ඉතින් මේ දේෂපාලඥ්ඥයන්ගෙ ඇජෙන්ඩ වලට අපිට අපේ දරුවන්ගෙ ජීවිත ඔට්ටු තියන්න පුලුවන්ද?

~~~~~~~~~~~ හිතේ දුක් දරාගෙන හිසේ ගිනි එක්ක ජීවත් වෙන තවත් දරැවෙක්ගේ තාත්තෙක්.~~~~~~~~ 

                           මාර්තු, 03, 2019..
පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...
DISCLAIMER : මේ ලේඛකයා ත්රස්ත විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇත.

No comments:

Post a Comment