පාන්දර කෝල් එක..
මෙල්බන් ලොකු එකී..
ඊලගට ටී ටීක් මැසෙජ් එක..
ඉතාලියෙ පොඩි එකා..
කප් රුකෙන් කේක් ගෙඩියක් එවයි මද්දුමී..
පූසො උබවත් හිටින් මගෙ හිතට හරි මදී..
රැහැයියන් ගයන ගී..
දෙල් ගහට මුවා වී..
රැයද දහවල කියා..
වෙනස උන් නොමදනී..
තනි මටත් ඒකෙ දැන්..
එහෙව් ගානක් නැතී..
අවුරුද්ද මහ පෝය..
ඔහේ ගෙවිලා ගියා..
හාමිනාගේ දානෙ..
පන්සලට ගෙන ගියා..
පාරෙ යන මොටෝ රත..
නිතර හිත රැවටුවා..
ඉගිල ගිය මතකයන්..
නෙත් කෙවෙනි තෙත් කලා..
~~~ © විරංග ගුණසේකර ~~~
පින්තූර අන්තර්ජාලයෙනි..
this is exactly what is going to happen to me
ReplyDeletefurther to above need to one more as I do hv 4
ReplyDeletepodi from - really don't know where she will go
Nice, sad. As parents we want kids to do well, even if they move far away. However, in old age we will fell lonely.
ReplyDelete