Friday, June 7, 2019

~ “වසා දැමූ ❤️ ” ~




සිතින් සිතකට පාව ආ සඳ මලක් වී තව පිපේවා.....
සිතේ අදහස් කියනු බැරි මුව හෙටත් ගොළුවී තිබේවා...
හදේ පතුලේ ඇරුනු දොරඟුළු  නුඹට පමණක් පෙනේවා...
නුඹට අවසඟ මගේ සිතුවිලි කවක් වී යලි ගැයේවා...

සීත අහසෙක ඇදුනූ තිමිරෙක නුඹේ මතකය පෙනේවා...
රුදුරැ සසරේ අපට අමතක සෙනෙහසේ සුව දැනේවා...
දොරේ ගලනා සහස් පැතුමන් හදේ පැතුලේ බැදේවා...
හිමි වුනොතින් මේ භවේදී හදේ යලි රැව ඇදේවා…

                                                     ~~~~පසන්, පර්ත්, 2019. ~~~~~~

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි... 

No comments:

Post a Comment