Friday, August 30, 2019

ස්ට්රායා මේට්..දිස් ඉස් ස්ට්රායා.. “ඔසී ජොබ් සොයාගැනීමේ එක් ක්රමවේදයක්”



ඕස්ට්රේලියාවේ කෙනෙක් කරන වෘත්තිය අදාළ නොවේ කියන ෆේස්බූක් පෝස්ට් එකක් දැක්කා. ඒකේ කමෙන්ට්ස්නුත් කියවලා මගේ පොට්ට කාසි දෙකත් දාන්න හිතුනා.

ඔය කියන්න ඕනවෙලා තිබුනේ "ලේබර් ඔෆ් ඩිග්නිටි” (Dignity of labour) එක ගැන. ඔතන ලොකු අවුලක් තියෙනවා මෙහේ හැමෝම එක සමාණයි කිව්වට තමන්ගේ කාළය, ශ්රමය කැපකරලා ඉගෙන ගත්ත කෙනෙකුගේ ඵළදායීතාවය නුපුහුණු කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ..ඒ පුහුණුවට, ඉගෙනීමට, වෘත්තීයට මෙහේ ලොකු අගයක් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා..ඉතින් ඩොක්ටර් සහ ලේබරර් අතර මෙහේ පරතරයක් තියෙනවා..කළු හම සුදු හම අතර පරතරයක් තියෙනවා..ඉතින් ඕකට කරපු රිසර්ච් ටිකක් බලලා කතාකෙරැවානම් හරි..අපි නම් හැමෝටම එකවගේ සලකනවනේ ඒක ඉතින් සමානාත්මතාවය - බුද්ධාගමේ වගේම කතෝලික ආගමේ එන ඉගැන්වීම්නේ ඒවා. ඒ වුනාට ඒක මොනිටරි වයිස් එක තැනකට ගේන්න බෑනේ..ඉතින් ඔය බෙදීම තමා ලේබර්, ලිබරල්, ධනවත්, නිර්ධණ පංති විප්ලවා දක්වාම යන්නේ..ඒක කවදාවත් ඉවරවෙන්නෙත් නෑ..ඉවර කරන්නත් බෑ..හරි ඉතින් ස්කිල්ඩ් මයිග්රේශන් ලිස්ට් එක බැලුවමත් ඕකේ වෙනස තේරෙනවනේ..මේක ඉතින් ස්තරායනය කරලා, කේස් ස්ටඩි දාලා, ෆෝකස් ගෲප් ඩිස්කශන් තියන්න තරම් ඉතින් ලොකු අද්යන පරාසයක්..ඒ වගේම අදාළ රිසර්ච් කරපු අය අතර වෙන්න ඕන සාකච්චාවක්..

ඕස්ට්රේලියාවට මුලින්ම ඇවිල්ලා ඔය පොඩි පොඩි ජොබ් කලාට අවුරැදු 5-10ක් යනකොට තමන් යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා ඉන්නම ඕන. හැබැයි ඉතින් ක්ලබ් සීන් එකෙත්, බඩු සීන් එකෙත් ඉඳගෙන වැදිබණ කියන්න යනවානම් අවුරැදු 50ක් ගියත් බ්ලූ කොලර් පොරක් විතරයි. 

ඉගෙනගන්න ආසා නම්, කැපකිරීම තියෙනවා නම් ඇකඩමිකලි තමන්ගේ අරමුණට යන්නත් ප්රොෆෙශනලි වයිට් කොලර් එහෙමත් නැත්නම් මැනේජීරියල් ලෙවල් එකකට යන එක අමාරැදෙයක් නෙමේ. මිකැනික්ගෙන් පටන් අරන් වර්ක්ශොප් මැනේජර්ලා වෙච්ච අයත්, චෙෆ් ගෙන් පටන් අරන් රෙස්ටුරන්ට් මැනේජර්ලා වෙච්ච අයත්, අවුට්සයිඩ් ක්ලාක් ගෙන් පටන් අරන් ලෝයර්ස්ලා වෙච්ච අයත්, (ඔය හැමෝම වගේ ඉන්වෙස්ට්මන්ට් ප්රොපටීස් මෙහේ හරි ලංකාවේ හරි අරගෙන දාලා, හොඳ රස්සාවක් කරගෙන දරැ මල්ලෝ හදාගෙන ලංකාවටත් අනෙක් මිනිස්සුන්ටත් උදව්පදව් කරගෙන ඉන්න ආදර්ශමත් අය) ඕස්ට්රේලියාවේ හැම ප්රාන්තෙකින්ම හොයාගන්න පුළුවන්….හැබැයි ජීවිතේ පික්සු කෙලලා නම් ඉතින් සොරි තමා ඒ අය දිහා ලොන්ජිටියුඩනල් සර්වේ එකක් දාගෙන ඉන්න..(හොරෙන් ඈ)…

(හැබැයි අර 👆 කියපු බැලන්ස් ප්රොෆෙශනල අයත් ලංකාවේ හිටියා නම් ඒ අය මෙහෙට වඩා හොලිස්ටිකලි ඉහළතැන් වල ඉන්නවා, ඒක අන්තිමටම බලන්න මම බැලන්ස් කරන්න ඕන ලයිෆ්ස් පහක් කෙටියෙන් එලැබොරේට් කරනවා..)

මේක පට්ට දිග වෙයිද මන්දා..කොහොම වුනත් මම සමහර අයගේ ප්රොෆයිල් වලින් දේවල් කොපි කොරන් තියන් ඉන්නවා.. ඔය සොබ්බ ඩයල් දෙක තුනකුත් තියන් ඉන්න ඕන මොකද දන්නවද? ආ..ඒක මෙහෙම සිරාවට කියලා තිබුනා "හිමාලි දිසානායක - ජූලි23" මගේ යාළුවෙක් නෙමෙයි හැබැයි ලියමන මරැ හින්දා මම කොපිකර ගත්තා..  

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
FB - හිමාලි දිසානායක
July 23 at 11:00 AM · 

සමහර මිනිස්සු හරියට කොකාකෝලා වගේ..

කොහොම නිර්මාණය වෙච්ච උන්ද කියල නොදැනම අපි උන්ව ජීවිතේට එකතු කරගන්නව...

ඇගට හොදනෑ කියල දැන දැනම, ඇගටම ගන්නව..

"ආයෙ න්ම් ඕනෙ නෑ.. මේ අන්තිම පාර!" කියල හිතින් හිතාගත්තත්, ආයෙ උන්ටම උදව් කරනව..

" ඕව බොන්න එපා. වස!" කියල අනුන්ට උපදෙස් දෙනව, ඒත් තමන් බොනව!

අච්චර fresh juice තියෙද්දිත්, කෝක් එකක් ගැහුවාම තරම් කික් එකක් නෑකියල හිතනව..

ඒ වගේ උන් කී දෙනෙක් ජීවිතේ ඉන්නවද??? 
අනුන්ට බොරු පංඩිත උපදෙස් දෙනව, හැබැයි මෑන් තරම් කෙප්ප ගොනෙක් ලොවෙත් නෑ.

ගෙවල් ලස්සනට තියන් ඔන්න හැටි ගැන ලෝකෙ නැති vidoes දානව, හැබැයි ගෙදර සින්ක් එකේ කලින් දවසෙ කාපු හැලි වලනුත් ගොඩ ගැහිලා..

ලමයින්ව හදන හැටි ගැන කියා දෙයි මොන්ටිසෝරි මැතිනියටත්. ඒත් ලමයි හදන්නෙ නෑ " වදයක් " ලු...

සකසුරුවම් ගැන ටෝක්ස් තමා ටෝක්ස්...ඒත් ලෝකෙට ණය!

ම්න් න්ම් කියන්නෙ උනුත් ඉන්න ඕනෙ.. 
ඒවගේ අය කීප පොලක්ම මාත් මේකෙ දාගෙන ඉන්නෙ. ..
අපි ආතල් දෙනව විතරක් නෙමේ, ඔය වගේ
" සර්වලෝක පිත්තල දිස්න " උන්ගෙන් ආතල් ගන්නව ආයෙ ලොවෙත් නැතුව !!! 😀😀😜😜

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉතින් ඔය සේරම ඔපීනියන් කියවලා මේ මගේ පොට්ට කාසි දෙක මම ඔසී ජොබ් හොයපු විදිය..කතාවක් විදියටම දාන්නම්කෝ..ඔයාලත් කියවලා බලන්න ගොඩයනවද කියලා..හරි ගියොත් තව කෙනෙක්ට කියලා දෙන්නකෝ..

ස්ට්රායා වල ජොබ් සෙවීමේ මගේ විශේශිත ක්රම වේදයක් ඇත (මේක මේ 2007 කරපු එක හැබැයි "ස්ටුඩ් ද ටෙස්ට් ඔෆ් ටයිම්" සෝ ශෙයාරින් විත් යූ ඕල් ආ...දැන් ඉන්න සෙක්ට එකේ නම් ඉතින් කන්ටැක්ස් ම තමා බ්රෝ..). ඒ නම් පලමුව ජොබ් ඒජන්සියේ බැන්කු වලට ඉන්න රිකෘටර් හොයාගෙන සීවී එක ඊමේල් කිරීමයි..පසුව දවසකට දෙකකට පස්සේ කෝල් එකක් දීලා කතා කරනවා ජොබ් ඉල්ලන්න නෙවෙයි..එම්ප්ලොය්මන්ට් ට්රෙන්ඩ්ස් ගැන වගේ කතාකරන්න තුන්වෙනුව ශේප් එකේ කොෆී එකකට සෙට්වෙනවා..එතකොට නිකම්ම වැඩේ ගොඩ..මම මේක ලන්කාවේ එවුන්ට අනන්තවත් කියනවා..උන් මේක කරනවා මුල ස්ටෙප්ස් දෙක ලෙසටම හැබැයි තුන කාගන්නවා..කොහොමත් බෑංකින් & ෆයිනැන්ශල් සෙක්ට එකේ ඉන්න රිකෘටින් කෙල්ලො ලස්සණයි..ඒ වගේම බොහෝම ඇප්රරොචබල් සෝශල් එවුන්..කෝපි බොන්න ගියාම අපේ ලන්කාවේ බූරැ වාහෙලා මුන්ව වෙන ඒවලට සෙට්කරගන්න බලනවා..ඒජන්සි එකෙන්ම බ්ලැක්ලිස්ට් වෙලා ජොබ් කරගන්න බැරුව ලොකු ටෝක්දදා ක්ලිනින් කරන්වා..අපි පව් කියලා අපේ යාලු සුද්දියොන්ට කියලා රෙකමන්ඩ් කරාට උන් ඇවිත් අපේ එවුන් එවපු මැසේජ්ස් පෙන්නනකොට බඩකපාගෙන මැරෙන්න හිතෙනවා. පොඩි කොල්ලො වගේම ළමයි දෙක තුන ඉන්න ලන්කාවේ හොද ජොබ් දාලා මෙහේ ඇවිත් වාත වෙන නාකි පොරවලුත් මුලින් රස්සාව ගන්න නෙමෙයි බලන්නේ පොඩි කෑලි වලට සෙට් වෙන්න...මෙන්න මේ හේතුව නිසා මම ලන්කාවේ හොදම දන්න බොක්කකට ඇරෙන්න වෙන එකෙක්ටවත් ජොබ් වලට සපෝර්ට් දෙන්නේ නෑ..දන්න එවුන්ට නම් එනකොටම බෑන්කින්ද ලීගල් සපොර්ට්ද ජොබ් සෙට් කරලා දෙනවා..


මෙහේ ආපු මුල් දවස් වල මට ජොබ් ඒජන්සි හත අටකින්ම කතා කරා (ඔය උඩ කිව්ව කෝපි ස්ට්රැටජිය වැඩ කරනවා ඇ..කෙල්ලො නම් ඉතින් මොනවද නේහ්...අනික ඉතින් ඕවා ඉමොශනල් ඉන්ටෙලිජන්ස්..මාතර අපිට කොහෙත් එකයිනේ...), හේයිස්, රොබර්ට හාල්ෆ්, හඩ්සන්, කෙලී සර්විසස් සහ චෑලෙන්ජ් රෙකෘට්මන්ට් ටික වෙන් කර ගෙන ඒකෙනුත්…මම කෙලී සර්විසස් එකට ගියා ඒකේ හිටියේ ලෝරා පැටර්සන් කියලා යූකේ කෙල්ලෙක්. ටිකක බරසාර එකක් හැබැයි හොද කෙල්ල..මම මුලින් පටන් ගත්තේ ටෙම්පින් (ටෙම්පරරී) හැබැයි ෆුල් ටයිම් වැඩ සෙට් වුනා..මොකද මම මාර ෆ්ලෙක්සිබල් හින්දා..ටෙම්පින් හින්දා මම එක එක දවසට යන බ්රාන්ච් වෙනස් වෙනවා.අද සවුත් පැත්තේ ඩොටේ බ්රාන්ච් එකක වැඩට යන මම හෙට සිටි එකේ, අනිද්දා නොර්ත්වල ඩොටේ තැනක. සමහර වෙලාවට සවුත්වල ඩොටේ බ්රාන්ච් එකකට ගිහිල්ලා අමාරුවෙන් පාකින් හොයාගෙන බ්රාන්ච් එක ඇතුලට යන්කොට ලෝරා කතා කරලා අහනවා නොර්ත්වල බ්රාන්ච් එකකට යන්න පුලුවන්ද කියලා "නෝ ප්රොබ්ලම් ලෝරා ජස්ට් ගිවි මී වන් අවර් ටු රීච් දෙයා" කිව්වම ඒකිට ෆුල් හැපී.."යු ජස්ට් මේඩ් මයි ඩේ ඩාලින්" කියලා මාව මුරැන්ගාගහේ උඩම තියෙනවා..ඔය වගේ ඒවා හින්දා උන්ට මන් ගැන විශ්වාසයක් ඇතිවුනා..අනික අපි වල් ටෝක් දාගෙන ෆර්යිඩේ බීගෙන ක්ලබ් බඩගාන ඩයල් නෙවෙයිනේ..ඉතින් අර ලන්කාවේ ප්රොෆෙශනල් ප්රොෆයිල් එක ශේප් එකේ හදාගත්තා..ඒ කියන්නේ අරමුණක් ඇතිව මෙහෙට ආපු, ජීවිතේ සරළව විදින බැලන්ස් එකේ ඉන්න කැටගරි එක.. දැන් එතකොට ඔයාලා බලයි අනෙත් කැටගරි මොනවද කියලා නේද? 

මෙහෙත් ඉන්නවා එක එක අප්සැට් කැටගරි වල පොරවල්, පළවෙනි කැටගරි එක තමයි බොරැව දාලා මෙහේ ආපු කොලිෆිකේශන් නැති බොරැවෙන්ම ජීවත්වෙන චාටර් සෙට් එක. ප්රසන්ටේජ් (percentage) එකක් වශයෙන් ගත්තොත් 40%  විතර ඉන්නේ උන්. මේ එහෙම එකෙක් ගැන කතාව...මම ලන්කාවෙන් ඇවිල්ලා එක එකා කියන් දේවල් අහන්නේ නැතුව උඩ කියපු විදිහට ඇප්රොච් කරලා බැන්කුවලටම සෙට් වුනා..ඔහොම ඉන්නකොට දවසක් සුපර්මාකට් එකකදී ලන්කාවේ පොරක් සෙට් වුනා..එයා තමයි මුලින්ම කතා කරලා එයාවම ඉන්ට්රොඩියුස් කරලා ලොකු වන්ශෙන් දෙන්න ගත්තා..පොරට ගෙවල් 7ක් තියනවලු..බිස්නස් දෙකක් තියෙනවා..පර්ත් වල ඉන්න සේරම ලොකු පොරවල් එයාගේ යාලුවෝ..මට මොනවහරි වුනොත් මුලින්ම එයාට කතා කරන්න කිව්වා..මමත් ඉතින් ගොනා පාර්ට් එක දාගෙන අහගෙන ඉන්නවා..මගේ ට්රොලියේ තියෙන්නේ චිකන් කිලෝ පහක් වෙන වෙනම කිලෝ එක ගානේ, බ්රෙස්ට් පීසස් තයිස් වෙන්වෙන්ව..(පට්ට කුක් ඇ..සමහර දවසට මම ඔසියොන්ට උයනවා උන් අඬ අඬ කන්නේ..තුනපහ දාලා මිරිසට හැදුවම පට්ට රසයි..හැබැයි පට්ට සැරයි..සැර නිසා දුම් දාගෙන කඳුළු පෙරාගෙන අඬනවා හැබැයි රස නිසා නවත්තන්නේ නැතුව කනවා..හැක් පරණ ඇරියෙස් කැමෙනුත් කවර් කරන්වා..) රතුහාලේ බත් 10kg පැක් තුනක්, බිස්කට්,චීස්, ජූස් පැකට්, ටූ ලීටර් මිල්ක් බොට්ල් දෙකක්.. කැරට්, බෝන්චි, අමු මිරිස් වගේ එලවළු,බිත්තර හැටක්..ඔය වගේ ඒවා තමයි.. මේ යකාගේ එකේ තියෙන්නේ ෆ්රොසන් පිට්සා, මිනරල් වෝටර්, ෆ්රොසන් වෙජීස්, කැනලොනි, තඩි චිප්ස් පැකට්, ඌරු මස්, දැල්ලෝ වගේ ඒවා.මිනිහා තව කජු වගෙත් අරෙගෙන මට කියනවා "මම හොදට කන බොන මිනිහා මල්ලී, ජේසු පිහිටෙන් කොලෙස්ට්රොල්, ප්රෙශර් නෑ"  කියලා.කොහොම හරි කයිය දාගෙන චෙකවුට් එකලගට ගියා, වැඩිහිටියනේ කියලා මම මිනිහට ඉස්සරවෙන්න දුන්නා..චෙකවුට් එකේ කෙල්ල බඩු දාද්දී මිනිහ මගෙන් අහනවා බොනවද කියලා මමත් ටිකක් කල්පනා කරලා කිව්වා, "අයියේ ලන්කාවෙදි නම් ටිකක් බිව්වා බැන්ක් එකේ ඉන්න කාලේ දැන් නම් කාලෙකින් බිව්වේ නෑ”  කියලා. ආ..අද මගේ ගානේබොමු මල්ලි ඉන්න මම එහාපෑත්තේ "බී ඩබ්ලිව් එස්" එකෙන් බොට්ල් එකක් අරන් එන්නම් කියලා උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් මාරු..චෙකවුට් කෙල්ල සේරම බෑග් වල දාලා මගෙන් අහනවා "වෙයර්ස් යුර් ෆ්රෙන්ඩ්? ද ටෝටල් ඉස් ඩොලර් 178 ඈන්ඩ් අයි කාන්ට් හොල්ඩ් ද කිවු (queue) කියලා" මම මගේ කාඩ් එකෙන් උගේ බිලත් ගෙවලා මගේ බඩුත් අරගෙන එලියට එනකොට මේන්න මූ එනවා හිනාවේගෙන “ඕ සොරිමල්ලි අයි හැව් ටු ගෝ ටු ද ෆිලින් ස්ටේශන් ටු ගෙට් සම් සිගරෙට්ස් බට් ඉන් ද "බී ඩබ් එස්" දේ ඩෝන්ට් හැව් මයි ස්ට්ෆ් සෝ විල් කැච් අප් ලේටර්"  කියාගෙන. එහෙම ඇවිත් උගේ ට්රොලි එකත් අරගෙන මුකුත් වුනේ නෑ වගේ ගියා..මමත් ඉතින් බලු කපුටු දානයක් දුන්නා කියලා හිත හදා ගත්තා.. 


මම කිව්වනේ මම ටෙම්පින් කරන් හින්දා එක එක බ්රාන්ච් වලට යනවා..එක තැනක වැඩ පොඩ්ඩක් වැඩිවෙලා ට්කක් රෑ වුනා..මම බ්රාන්ච් එකෙන් එන්කොට මෙන්න එදා පොල්ල තිබ්බ ඩයල් එක වැකුම් එකක් කරේ තියාගෙන බ්රාන්ච් එක පැත්තට එනවා..මම ආපහු බ්රාන්ච් එකට ගිහින් වොශ් රැම් එකට වෙලා ටිකක් ඉදලා ආවා..මට බිස්නස් දෙකක් තියෙනවා කිව්ව එකා බ්රාන්ච් එක ක්ලීන් කරනවා දාඩිය දාගෙන.. බැලුවම ඌට තියෙන්නේ ක්ලීනින් බිස්නස් දෙකක්..එකක උගේ වයිෆ් ඒජ්කෙයාර් ෆෑසිලිටි එකක් ක්ලීන් කරනවා මූ බැන්කු ටිකක් ක්ලීන් කරනවා..මමත් ඉතින් "ආ අය්යා කොහොමද” කියලා සින්හලෙන් කතා කරා..ඌ එතනත් නයි අරිනවා..”අයි ඈම් සෝ පිස්ඩ් මල්ලී මයි වර්කර් ගොට් සික් සඩන්ලි සෝ අයි හැව් ටු ඩු දිස් අදර් වයිස් අයි ඩෝන්ට් ඩු දිස් ස්ට්ෆ්” කියලා එතනත් නයා අරිනවා..එතකොටම උගේ ගෑණි කතා කරා, "එක්ස්කියුස් මල්ලී වන් මිනිට් ආ" කියලා ඌ ආන්සර් කරනවා පෝටබල් වැකුම් එකක් කරේ දාගෙන..ලග හින්දා කියන දේ මට ඇහෙනවා, උගේ ගෑණිට මළ පෑනලා ඒජ් කෙයා එකේ නාකි මිනිහෙක්ට බඩ ගිහිල්ලා කාමරේ ඇද ගාව ඉදන් ටොයිලට් එක ගාවටම බිම ජරාකරලා..ගෑනි කියනවා ඌට එන්නලු..ඒ ගෑනි ඒක කියපු විදිහ අහලා මට වමනේ යන්න ආවා..මම එහෙමම ඌට හැන්ඩ් සිග්නල් වලින් යනවා කියලා ආවා..දෑන් ඉතින් කියවන කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඔය රටවල් "ලේබර් ඔෆ් ඩිග්නිටි" (Labour of Dignity) තියෙනවා මොනව කරාම මොකද කියලා, මේ යකා මෙහෙට ඇවිත් තියෙන්නේ දෙවියෝ විකුනලා, මෙහේ තිබුනා රිලිජස් වර්කර් කියලා වීසා කැටගරි එකක් (සබ් ක්ලාස් 408 කැටගරි එක), දේව සේවයට එන්න ඕන වෙන්නේ පල්ලියේ ෆාදර්ගේ ලියුමක් විතරයි, ඒවත් එක්ක බොරු පවුල් පොත් ගහලා, බැප්ටිසම් සර්ටිවිකට් ගහලා මෙහෙට එනවා. ඇවිත් දේව සේවය පැත්තක බොරු කොම්පැණි දාගෙන කුනු අදිනවා..අලුතෙන් ආපු එකෙක් දැක්කම බොරෑ ශෝ දානවා...ඉතින් එහෙම කරලා ඇවිත් අපිටත් පොලු තියෙන්වා ඉතින් ඔයවගේ එවුන්ට නාකි සුද්දන්ගේ ජරාව අදින්න නෙමේ ජරාව කන්නයි වෙන්න ඕන…

තව එවුන් ඉන්නවා (20% විතර) වොකේශනල් ක්වොලිෆිකේශන් ටිකක් හදාගෙන හිමීට ලන්කාවෙ ඔලුව උස්සගෙන එන්කොට ඔය බ්රික් ලේයින්, කොමර්ශල් කුකරි වගේ බොරු සර්ටිෆිකේට් දාලා මෙහේ පීආර් එක දාගත්ත එවුන්.. උන්ට ඉතින් ආපහු ලන්කාවට යන්නත් බෑ ඒක නිසා කටු කාගෙන ලන්කාවට බොරුවට බැන බැන ඉන්නවා..මෙහේ ටැක්ස් සිස්ටම් එක හින්දා තමයි නිව්ස්ටාට්, සින්ගල් පෙරන්ට්, විඩොවර් බෙනිෆිට් සේරම දෙන්නේ  අපෙන් ඔය ගන්න ටැක්ස් එකෙන්... හැබැයි ඔය ටැක්ස් සිස්ටම් එක අර 'ටැක්ස් සිස්ටම් එක්ස්ප්ලේන්ඩ් ඉන් බියර් වීඩියෝ"  වගේ සරළ නෑ. අපේ මෝඩ සෙට් එකට ඕනෙම ගූගොඩක් සුද්දෙක් කිව්වම හොදයි කිවිවම හොයල බලන්නේ නැතුව කරේ තියාගන්න නිසා හිතන් ඉන්නේ හරිම සාධාරණ ප්රොග්රෙසිව් සිස්ටම් එකක් කියලා, උන් සේරම හැලිය රත් වෙනකන් ඉන්න ගෙම්බො වගේ..කාලේ ගිහිල්ලා නාකිවුනාම රජයෙන් හම්බවෙන එකෙන් ජීවත් වෙන්නත් බෑ..ආපහු ලන්කාවට යන්නත් බෑ..කරගත්ත දේකුත් නෑ..ඉදිරියකුත් නෑ..මුන් සේරම එකම කැටගරියේ..සෝබන කුක්කෝ..


අනිත් එක තමයි රිෆුජි කැටගරිය..යුද්දේ කාලේ කැඩිච්ච එකම ගේ පැති හතරෙන් ෆොටො ගහලා පවුල් හතරක් වීසා දානවා..කාලෙකට කලින් බෝට්ටුවෙන් ආපු එවුනුත් එහෙමයි..මෙහේ ප්රසන්ටේජ් එකකට 15% වගේ ඉන්නේ..උන්ට ඉතින් කොහොමත් ආතක් පාතක් නැනේ...ඔය වැදි ගෑනියෙක් එක්ක සෙට් වෙලා (ඈබොරිජිනල්) ඔහේ ඉන්නවා අරමුණක් නැතිව පාවෙන චරිත...උන් ගෑන නම් ඉතින් මෙයිට වඩා කියන්න දෙයක් නෑ..උන්ගෙන් අපට වැඩකුත් නෑ..උන්ට වැඩකුත් නෑ..රටට වැඩකුත් නෑ…

ඊලග (25% විතර) කැටගරිය සබ් කැටගරි තුනකට විතර කඩන්න පුලුවන්, මුල්ම එක බර කාලෙකට කලින් මෙහෙට ආපු ඩිග්රි කොලිෆයිඩ් ප්රොෆෙශන්ල්ස් ලා..උදාහරණෙකට ගත්තොත් දෑන් අවුරුදු 50 -60ක් විතර වෙන අර්ලි තර්ටීස් වලවගේ මෙහෙට ආපු සෙට් එක (1960 ගනන්වල වගේ මයිග්රේට කරපු අය). ඔය ගොඩක් ඉන්ජිනියර්ස්ලා, ඩොක්ටර්ස්ලා (යුනිවර්සිටිවල් පී ඒච් ඩී ඩොක්ටර්ස්ලාද ඇතුලුව ) ඒ අයට කොහොමත් ලන්කාවට යන්න බෑ, ප්රධාන දේ ලන්කාවේ එයාලගේ මට්ටමේ හිටපු සේරම කැරියර් වයිස් ටොප් ලෙවල් වලට ගිහිල්ලා..මෙහේ තියෙන බැම්බු සීලින් / ග්ලාස් සීලින් එක හින්දා සාමාන්යයෙන් කලු හම තියෙන අය ඉහළම පොසිශන් වලට ගන්නේ නෑ..මේකට බැම්බු සීලින්ග් කියලා ඉස්සර කිව්වේ ඒශියන් අයට ඉහලට යන්න නොදීම නිසා..ස්ටැටිස්ටිකලි ඒශියන් බැක්ග්රවුන්ඩ් එකෙන් එන එක්සෙකටිව් මැනේජර්ස් ලා 1.9% වගේ ලීඩර් ශිප් රෝල්ස් වල බොහොම අන්ඩර් රිප්රෙසෙන්ටඩ් අය.ඉතින් ලැජ්ජාව වහගෙන ලන්කාවේ පාරවල්වල් ට්රැෆික්, කුණු, දෙශපාලණේ අරව මේව කියව කියව මෙහෙට වෙලා සුද්දන්ට යටවෙලා තමයි මේ පොරවල් ඉන්නේ..මම දන්න අවු.50 -60 කොලිෆයිඩ් ඩයල් ඕස්ට්රේලියන් අවු.35-40 පොඩි කොල්ලො යටතේ වැඩකරනවා..මේවා හොදට හොයල බැලුවොත් ඕන කෙනෙක්ට හොයාගන්න පුලුවන්..අනිත් එක මේ මිනිස්සු උන්ගේ ලමයි හදලා තියෙන්නේ ලන්කාවේ විදියට නෙමෙයි.. වැඩේ කියන්නේ ඕස්ට්රේලියන් විදියටත් නෙමෙයි..ඉතින් උන් සන්ස්කෘතික අනාතයෝ..උන්ට ඉතින් දෙමව්පියො වගේම මෙහේම කාගෙන වැටීගෙන ඉන්න එක තමයි එකම් ඔප්ශන් එක..


අනිත් එක තමයි දෑනට අවු.10 -15 කට විතර කලින් ආපු ප්රිරොෆෙශනල් සෙට් එක ඒ කියන්නේ බී. කොම්, මැනේජ්මන්ට් වගේ ඩිග්රි ගහලා තියෙන අකවුන්ට්ටන්ට් ලා, ඔඩිටර්ස්ලා, ලෝයර්ස් ලා,  කිව්. එස් ලා වගේ අය , ගෙදරක් හොද සබර්බ් එකකින් අරන් වාහන දෙක තුනක් තියාගෙන ෆේස් බුක් එකේ ට්රැවල් ෆොටොදාන සෙට් එක..මේඅයට කෝපරේට් සෙක්ට එකේ කැරියර් ප්රොග්රෙශන් එකක්, අප්වර්ඩ් මොබිලයිසේශන් එකක් නෑ..ඉතින් හුග දෙනෙක් හිමිහිට තමන්ගේම කන්සල්ටන්සි, ටැක්ස් ෆර්ම්ස් එහෙම නැත්නම් පර්සනල් ඉන්ජරි, මයිග්රේශන් ලෝ හරි කන්වේයන්සි ෆර්ම් එකක් දාගෙන ඔප්පුවක් ලියාගෙන ඉන්නවා..මෙහෙම දේ වලට යනකොට තමන්ගේ කාළය ඒවට වැය කරන කොට ඩිවොස්, අයාලේ ගියපු ළමයි ඉතින් සුලබයි..හොරකොටු සෙට් කියලත් කාඩ් ගහන්නේ මුන්ට..මේ සෙට් එක තම්යි අපි ළමයි වෙනුවෙන් තමයි සේරම කරන්නේ කියාගෙන පන්සල් පල්ලිවල ෆොටො අප්ලෝඩ් කරන සෙට් එක. උදාහරනේකට ගත්තොත් අර තමන්ගේ ගෑනියි සුද්දියෙක් එක්කත් එකට ආතල් එකක් ගන්න ගිහින් ගෑනි මිටියෙන් ගහලා මරපු ජිනේXXඩ්ර කියපු ඩොකා මතකද? අන්න ඒ වගේ පිටින් ප්රොෆෙශනල් වුනාට ඇතුල කුනු ඩයල් උන්ටත් ඉතින් තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..ඔය මිනිස්සු ලන්කාවේ හිටියනම් මෙයිට වඩා හොදට ලමයි හදාගෙන ලස්සන පවුල් ජීවිත ගතකරන්න සමහර විට ඉඩ තිබුනා..මේ රටවල ආගමික පරිසරයත් "බො" යන්න තමා, පන්සලේ උත්සවේකදි නම කිව්වේ නෑ කියලා පොරක් දානෙත් නැවැත්තුවා..

දෑන් ඉතින් ඔයාලා බලනවා ඇති අනුන්ට මඩගහන මූ මොන සෙට් එකේද කියලා, මඩක් නෙවෙයි ගැහුවේ ඕක තමයි ඇත්ත තත්වේ තමන්ට ප්රොෆෙශනලි ඉදිරියක් තියෙනවා නම්, අවන්කව ආදරේ කරන දුකට සැපට එකට ඉන්න බිරිදක් හෝ ස්වාමිපුරුශයෙක් ඉන්නවා නම්, යුතුකම් කරන්න දෙමව්පියෝ සහොදර සහොදරියො ඉන්නවා නම්, ඉපදුන රටට සමාජයට යමක් කරලා, දුදරුවන්ට හෙටක් හදලා මෑරෙන්න ඕන කියලා හිතනවා නම් මොන ලබුගෙඩියකට මේ ඕස්ට්රේලියා  එන්න කියල මැරෙනවද මන්දා..


ට්රෑෆික් ගැන කියන එවුන්ගෙන් අහන්න තියෙන්නේ ඔච්චර අවුල ටැක්සි එලවනවද කියලා..මොකො මෙහෙත් වෙනසක් නෑ. උදේ 6.42ට ක්විනානා ෆ්රිවේ එකට දෑම්මම 100ට ගියෑකි..උදේ 6.45ට දෑම්මම 40ට ගියෑකි..කොහොමද විනාඩි තුනේ වෙනස..මම ලමයට උදේට කවලා, කෑම දාලා උදේ 6.35ට යනවා..හවසට එක්කෝ පෑය 1/2 ක් කලින් එනවා, නැත්නම් පෑය 1/2ක් පරක්කු වෙලා එනවා...කුණු කොහෙත් තියෙනවා..එක්කෝ බැරල් එකක් ගෙනල්ලා කොම්පොස්ට් හදලා දෑම්ම නම් ඉවරයි.

ඉතින් මේක කියවලා හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා…මම කියන දේ තේරැම් ගන්න අයත් ඇති තේරැම් නොගන්න අයත් වැඩි ප්රමාණයක් ඇති..කාළාම සුත්රයේ බුදු හාමුදුරුවෝ කිව්වා වගේ සොයලා බලලා කියනදේවල හරයක් තියෙනව නම් අර ගන්න..සතුට තියෙන්නේ ඕස්ට්රේලියාවේ වත් එන්ගලන්තයේ වත් නෙමෙයි..තමන්ගේ හිතේ..හිතේ සතුට නැත්නම් කොහේ ගියත් වැඩක් නෑ සතුටක් නෑ..ඉස්සෙල්ලාම තමන් තමන් ගැන, පවුල ගැන සතුටුද බලන්න. යන්නෙ ඇයි? මොකටද?  හොඳට හිතලා බලන්න..සල්ලිනම් කොච්චර හම්බකරත් ඈතිවෙන ජාතියක් නෙමයි. තමන්ගේ සීමාව මොකක්ද කියන් එක තමන් දැන ගන්න ඕන..එතකොට සතුට විදින්න මොකක්ද කරන්න ඕන කියල අනුන් කියන්න ඕන නෑ තමන්ම දන්නවා….


මේ මම වගේ අය තමයි ඉතිරි වෙලා ඉන්න සුලු පිරිස (5% වගේ) සාදු කාරයක් දෙන්න පින්වතුනි..ඉතිරි ටික අහන්න..., මේ සෙට් එක තමයි බැලන්ස් කරන සෙට් එක..මොනවද බැලන්ස් කරන්නේ දන්නවද? ජීවිත පහක් බැලන්ස් කරනවා..කොපි රයිට් නෑ..ඔයාලත් මේක ඩිවලොප් කරලා පුළුවන් නම් මිනිස්සුන්ට කියලා දෙන්න.ඇකඩ්මික් ලයිෆ්, කෝපරේට් ලයිෆ්, සෝශල් ලයිෆ්, රිලිජස් ලයිෆ් සහ ෆැමිලි ලයිෆ්, ඔය පහ බැලන්ස් කරන එක තමයි කරන්නේ..එකක් වත් අඩු කරන්නේත් නෑ..වැඩි කරන්නේත් නෑ.

ඔහොම බැලන්ස් කරන සුලු පිරිසක් මේහෙත් ඉන්නවා... හැබැයි ඔය බැලන්ස් කරන එක හරි අමාරැයි..ඒකට හරි ස්ට්රැටජීස් තියෙන්න ඕන..අර කිව්වා වගේ ඇකඩමිකලි ඉහලටම ගියාට දරැවා කුඩ්ඩෙක් නම් වැඩක් නෑනේ..අනික කෝපරේට් සෙක්ට එකේ ඉහළටම ගියාට (ඔසී නම් පබ්ලික් සෙක්ට වානා.) ගෙදර ගෑණි/ මිනිහා පිට ගිහින් නම් ඉතින් මොකටද, පට්ට සෝශල් වෙලා වටේටම පොළු ඩයල් එකක් වෙලත් වැඩක් නෑ. නම කියවා ගන්න පන්සලට දානේ දීලා/ බිල් ගෙවලා අනුන්ගේ ගෑණුන්ට මැසේජ් කරලා මාට්ටු වුන අයත් ඉන්නවා..එත්කොට රිලිජස් ලයිෆ් ඩෙඩ්..ඔය මොනවා කලත් අන්තිමට ඉතුරැවෙන්න පවුල විතරයි..ඉතින් සේරම් බැලන්ස් කරන් සිරා පොරවලුත් මෙහේ ඉන්නවා…ඒ අය ප්රෙශර් එක හැන්ඩ්ල් කරන්න, කාගෙන වැඩ කරන්න දන්නවා..ඔය ඩයමන්ඩ්ස් හැදෙන්නේත් පොළවේ හීට් එකයි, ප්රෙශර් එකයි හින්දනේ..ඕක දරාගන්න බැරි අය බ්රේක් වෙනවා නමුත් පීඩණය දරාගෙන වැඩකරන්න පුළුවන් අය "දියමන්ති" වගේ හැමපැත්තටම එළිය දෙනවා..ඒඅය අපේ ලන්කාවේ සන්ස්කෲතියේ විදියට ළමයි හදාගෙන ප්රොග්රෙසිව් විදිහට හිතලා පවුල් ආරක්ශාකරගෙන දෙමව්පියන්ට සලකගෙන ඉන්න මිනිස්සු..මෙහේ ඉන්න බැරිනම් ලන්කාවට හරි ඕනම මොහොතක එන්න පුලුවන් අය..

ඒක නිසා සමාජ අසාධාරණය, තමන් කරන රැකියාව උත්කර්ශයට නන්වලා, මමත්වය බුකියේ උඩදානවට වඩා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම්, වගකීම් කරලා සතුටු වෙන්න. මෙහෙට මොන හේතුවක් නිසා ආවත්, මොන වෘත්තියේ හිටියෙත් සමාජයට දෙයක් දෙන්න..ඇත්ත සමාජ ගත කරන්න.. ඒකට බුකියෙන් ලොග් අවුට් වෙන්න…නැත්නන් වෙන්නේ අර හිමාලි කිව්වා වගේ අනික් අය තමන්ගෙන් ආතල් ගන්න එක තේරෙන්නේ නෑ..පිස්සෙක්ට පිස්සුව තේරෙන්නේ නෑ..ඒකෙ " සර්වලෝක පිත්තල දිස්න " පේන්නේ බලන් ඉන්න අයට විතරයි...හැව් අ නයිස් වීක් එන්ඩ් ඇන්ඩ් ට්රයි ටු සී විත් අවුට් බ්ලින්කර්ස්...විල් සී යූ ඕල් නෙක්ස්ට් ටයිම්..


© පසන්, පර්ත්, 2019.
පින්තූර අන්තර්ජාලයෙන්.






1 comment: