පොරොන්දම් මහගොඩක අස්සේ හිතේ නැති ඔබ ලඟින් හිටියා..
ස්නේහයක් නැති පපුතුරේ නුඹ හීණ තවරනු සෙමෙන් දැනුනා..
හීනි හඬකින් කොඳුර කොඳුරා රාග ගිණි හද සුසුම් යැදුවා..
තදින් මිරිකූ උරස් හරිමැද වෙනකෙනෙක් මගේ හිතේ උන්නා..
අසිරි ගී මැද රනින් පුරවා හිතින් ඈතට සෙමෙන් ඇදුනා..
පෙමක් කැටිකොට දෑස් දල්වා නුඹේ ඇස් මට දුකක් දුන්නා..
හිතේ අයිනේ මාළිගාවක සඳළුතළ මත ඇයත් සිටියා..
මිරිඟුවක ඇති වතුර බොඳවී ඔබේ රැව එහි ගිලී වැටුනා..
රැහිරැ විහිරැනු ශ්වේත සළුවේ ජීවිතේ බර තදින් ඇඳුනා...
හීන් හඬකින් මගේදැයි නුඹ දෑස් දල්වා සෙමෙන් ඇසුවා...
සදානොවෙනස් නිහඬ මා සිත ඈත අහසෙක ඈව සෙව්වා...
කවක් ලියලා නුඹ රිදන්නට මගේ සිත තව වාරැ නැතිවා..
හදේ පතුලේ කටු ගොඩක් මැද රෝස මල්පෙති ඇයත් දුටුවා...
සනුහරේ ඇති ලේබලේකට මගේ සෙනෙහස ලංසු තිව්වා...
සසර ඉමතෙක් එක්ව යන්නට පෙරැම්පුරලා පහන් දල්වා..
පැතු අප ලොව තනිව යෑමට පෙර කෙරැ පව ඇගෙන් ඇසුවා..
~~~~~~
© පසන්..2019
පින්තූර අන්තර්ජාලයෙනි.
No comments:
Post a Comment