Wednesday, July 31, 2019

~~~~~ හුදකලාව යනු සැපතකි ~~~~~





හුදකලාව යනු විඳීමකි...
හුදකලාව යනු දැනීමකි...
හුදකලාව යනු සතුටකි...
හුදකලාව යනු උත්කර්ශයකි...
හුදකලාව යනු කළාවකි...
හුදකලාව යනු ආගමකි...
හුදකලාව යනු චිකිත්සාවකි..
හුදකලාව යනු සැපතකි...
හුදකලාව යනු ප්රහර්ශයකි...
හුදකලාව යනු සැනසීමකි……

එය රසවිඳින්නන්ට ඇබ්බැහියකි, 
අතනොහැරිය හැකි පුරැද්දකි…
කඨොර වෙනස්වීම් හමුවේ නොසැලී සිටීමට ස්ථාවරයකි...

තනිව පියාසර කරනවුන් ශක්තිමත්ම පියාපත් දරන්නෝ වෙති..
තනිව ගමන් කරනවුන් ශක්තිමත්ම දිශානතියක් ඇත්තෝ වෙති..

~~~~~~~~~~~~~~~~~~

සාර්ථකත්වය යනු හුදකලා ගමනකි...
සාර්ථකත්වය යනු අසීරැ ගමනකි...
සාර්ථකත්වය යනු දැඩි ගමනකි...
එය සියල්ලන් සඳහා නොව තෝරාගත් සුළුපිරිසකගේ ගමනකි..
බැටළුවන් සඳහා නොවන ගමනකි..
වෘකයන් සඳහාම වූ ගමනකි...
තමන් යනු කවුරැන්දැයි හඳුනා ගන්නා ගමනකි…
තම විභවය සොයාගන්නා ගමනකි..
~~~~~~~~

හුදකලාව රස විඳින්නෝ අපූරැ මිනිසුන්ය….
ලෝකය වෙනස් කලේ ඔවුන්ය…
සම්මතයෙන් ඔබ්බට තනිව ගියේ ඔවුන්ය…
අන් අයගේ පිලිගැනීම් හරසර ලඝු කෙරැවෝ ඔවුන්මය….
යථාර්තයේ තිමිර ගැලවූයෝ ඔවුන්ය…
අත්දැකීමේ සීමා වළළු පුළුල් කෙරැවේ ඔවුන්ය..
~~~~

තම පැවැත්ම සඳහා අන් අයගේ අවශ්යයතාවය, පිළිගැනීම අවම වූවෝ ඔවුන් වෙති..
තනිව ගමන්ගන්නෝ පිළිගැනීම් නොතකයි, උත්කර්ෂයන් නොබලයි…
සිය ශක්තිය මත විශ්වාසය තබයි…
ඒ මතම සතුටට පත්වේ…
සමෘද්ධිමත් වේ... 
~~~
ඔබ අනිකුන් වෙතින් උදව් නොඉල්විය යුතුයැයි මම නොපවසමි..
ඔබට සතුටු වීමට හුදකලා වීම අනිවාර්යයැයි මම නොපවසමි...
මන්ද මෙය ඔබ සඳහා නොවන ගමනක් විය හැකි බැවිනි..
මෙය ඔබේ තේ කෝප්පය නොවිය හැක..
නමුත් මෙය මගේ ගමනයි…
මා වැනිවූ අනෙකුත් වෘකයන්ගේ ගමනයි...
අපේ ගමනයි…
තනිව සටන් කරන්නන්ගේ විජයග්රාහී ගමනයි…

නමුත් සමහර විට මෙය ඔබේද ගමන විය හැකිය…
~~

කිසිවෙකු විසින් උදව් නොකලාවූ, කිසිවෙකුගේ සහාය නොලැබූ..
කිසිවෙක් අනුග්රාහ නොදැක්වූ…
අපගේ ස්වොත්සාහයෙන්, වීර්යයෙන්, ආත්ම විශ්වාසයෙන් ගියාවූ ගමනයි...
අනෙකුන්ගේ විශ්වාසයන් අපට අවැසි නැත…
අපගේ විශ්වාසය ප්රමාණවත්ය..
~~

සත්යවාදී වූ විට..
තමන් කෙරේ විශ්වාසය ඇති විට..
අන් අයගේ මතවාදයන් නොව තමන්ගේම දැක්මක් ඇතිවිට…
තම යුතුකම්, වගකීම් හා වගවීම් නියත දැක්මකින් සෘජූ වූ විට..
තමන් කවුදැයි තමන්ම දන්නා විට…
තමා කෙරෙහිම ඇතිවූ ගෞරවයක් ඇතිවිට බාහිර සම්මාන ශුණ්යය වනු ඇත…
මේ සියල්ලම නැතිවිට බාහිර සම්මාන ඇගයීම් මහමෙරක් වනු ඇත…
ඒවා නැතිවිට දුකක් වනු ඇත…
බාහිර ඇගයීම් ලැබීමට ආශාකරනු ඇත..
ඒ සඳහා ශ්රමය වගුරැවනු ඇත….
ඒ අතරම තමන් යනු කවරෙක්දැයි අමතක වනු ඇත…
මමත්වය උදෙසා සිය විභවයන්, ශක්තීන් උගසට තබනු ඇත..
අවසන අත්පොලසන් හඬ දහසක් උදෙසා ඔවුන් සිය නිදහස පාවාදෙනු ඇත..
~~

මිනිසුන් ගරැකරන්නේ ශක්තිවන්තයන්ටය…
බර උසුලා දරාගන්නවුන්ටය…
ධෛර්යවන්තයින්ටය...
පහර දරා පෙරලා පහරදෙන්නවුන්ටය…
වැටුනත් නැවත නැගිටින අයවළුන්ටය…
සිය හදවතට අවැසි දේ සොයා නිභයව ගමන්ගන්නා අයටය…
~~~

ඔබ එසේ වන්නේ  ඇයිදැයි අසනු ඇත... 
එය  එසේ වන්නේ එය දුර්ලභ බැවිනි...
එය එසේ වන්නේ එය සියල්ලන්ටම කලනොහැකි බැවිනි..
එය  එසේ වන්නේ එය අප සඳහා පමණක්ම වන බැවිනි... 
එය  තනිව ගමන් කරනවුන් සඳහාම වූ බැවිනි...
බොහෝ මිනිසුන් මඟ යෑමට බලාපොරොත්තු වූවත් මග පෙන්වන්නවුන් අප වන බැවිනි... 
~~~~

අප උගත්තේ තනිව සටන් කිරීමටයි…
ඒනිසාම ශක්තිය උරගා බැලීමේදී අපි ශක්තිවන්තයින් වීමු..
ඒ සටන් කිරීමෙන් ලබාගත්තේ ඇතුලත ශක්තියයි..
එය බිඳ දැමිය නොහැක..
විනාශකල නොහැක…
සතුරාට යටත් කල නොහැක…
අන්ධකාරයේ පහලට කිමිදුනු මා ආධ්යත්මයේ ගැඹුර සොයාගත්තේය…
එහි දැක්ම පැහැදිලිය මා යනු කවරෙක්ද යන්නත්…
අවශ්යයතා හා දැක්මත් පැහැදිලිය…
නිරවුල්ය…
~~~

මා පැමිණිමග ආපසු හැරී බැලූ විට මටම සතුටුවිය හැක…
තනිව ගමන්ගත් මාගේ ගමන විටෙක රළුය…
විටෙක අපහසුය…
නමුත් අවසන මම ජයගතිමි..
මට මා ගැනම ඇත්තේ ගෞරවයකි…
සතුටකි…
හුදකලාවේ සටන්කොට ජයගත් මා මටම වීරයෙකි…
තනිව ගමන්ගත් මා මෘගයෙක් බවටද දේවත්වය ආරෝපිත්යෙක් බවටද බලා සිටින්නත් දෙස් දෙනු ඇත…
ඒ කිසිවක් මට අදාල නොවේ…
ඒ මම හුදකලාවේ අනන්තය ස්පර්ශ කොට ඇති බැවිනි මා මාතුලම සතුටින් සිටිනා බැවිනි…
~~~
ඔබට ඔබ සමගම තනිවීම සතුටක් නම් හුදකලාව වචනයක් පමණි….
එහි ඇති කිසිවක් නැත..
එහි නැති කිසිවක්ද නැත…
ඇත්තේ ප්රහර්ශයේද, මායාවේද, සත්යයේද කඩතුරාව පමණි…
විනිවිදින්න හුදකලාව..
අත්විදින්න යතාර්තය..

ඔබ තුලම ඔබ සතුටු වන්න...
නිවීම ඇත්තේ එහිය...
ස්වර්ගය ඇත්තේ එහිය...
මෝක්ශය ඇත්තේ එහිය...
ප්රඥාව ඇත්තේ එහිය...
අවබෝධ්ය ඇත්තේ එහිය…
පියාවිදා ඉගිලෙන්න…
ඔබේ ශක්තීන් අවදිකරගන්න…
තනිව හැසිරෙන්න…
අවිද්යාව බිඳ හෙලන්න..
තනිව පියාසර කරනවුන් ශක්තිමත්ම පියාපත් දරන්නෝ වෙති..
තනිව ගමන් කරනවුන් ශක්තිමත්ම දිශානතියක් ඇත්තෝ වෙති..
~~~

හුදකලාව යනු විඳීමකි...
හුදකලාව යනු දැනීමකි...
හුදකලාව යනු සතුටකි...
හුදකලාව යනු උත්කර්ශයකි...
හුදකලාව යනු කළාවකි...
හුදකලාව යනු ආගමකි...
හුදකලාව යනු චිකිත්සාවකි..
හුදකලාව යනු සැපතකි...
හුදකලාව යනු ප්රහර්ශයකි...
හුදකලාව යනු සැනසීමකි……
~~~



© පසන්, පර්ත්, ජූලි 31, 2019.


පින්තූර අන්තර්ජාලයෙනි…



No comments:

Post a Comment