Wednesday, May 1, 2019

සිත්ගත් කවි, "ලෝක කම්කරැ දිනය - මැයි 01",



"ලෝක කම්කරැ දිනය  - මැයි 01"

බාලන්ද දාසන්ද අද මෙහේ පැමින නැත..
මොහොමඩ්ද නවුෆර්ද එහා මැයි රැලියෙ ඇත..
සිරිදාස පියදාස වෙනත් රැලි දෙකක ඇත..
"කම්කරුවනි එක්වව්" බෝඩ්නම් ගසා ඇත..

රතුපාට කොලපාට නිල්පාට කොඩිද ඇත..
කොලබ මහනුවර සහ ගාල්ලෙද වෙනම ඇත..
___ ඇතුලු ආසනේ ජනතාව පැමින ඇත..
ගරු ඇමතිතුමන්ලත් සුබපැතුම් එවා ඇත..

වේගවත් රස කතා පවත්වති ඇමතිවරු..
අගමැතිද ජනපතිද මේ අතර වැඩ හිදිති..
ජනතාව ප්රීතියෙන් ඔදවැඩී ගොස නගති..
කේතුමති නුවරවත් මෙවන් ප්රිය දසුන් නැති..

වැඩ කරන ජනතාව ඉතින් නම් ප්රීති වෙති..
වැඩි පඩිද බෝනස්ද මේ පාර ලැබී ඇති!
සාදුකින් පෙලෙන උන් ඉතින් නම් තවත් නැති..
බාර් වහලා උනත් මෙන්න මුන් ඩෝප් වෙති..

සිරිදාස වී වලට වැඩි මිලක් ලැබුනාද?
බාලන්ගෙ දවස් පඩි කීයකින් වැඩි උනිද?
නවුෆර්ගෙ ලැලි ගෙට ඔප්පුවක් ලැබුනාද?
මැති ඇමතිවරු ඇවිත් කිව්වෙ ඕවා නොවෙද?

ජොසපිනුත් දනවතිත් අදත් කුනු අදිනවා..
සෙල්ලම්ම විස්සකට කිලෝවක් නෙලනවා..
ජිනදාස පනහෙ මිටි හතලිහක් බානවා..
තවත් කම්කරු දිනක් මේ ලෙසින් ගෙවෙනවා….


~විරංග ගුණසේකර~

පින්තූර ගත්තේ අන්තර්ජාලයෙනි...

No comments:

Post a Comment