Saturday, April 6, 2019

"පේන්ටින් එකක් නිසා ගොඩයෑම"

"පේන්ටින් එකක් නිසා ගොඩයෑම"

කාලෙකට කලින් තෝමස් කින්කේඩ් ගේ පේන්ටින් ගැන ආටිකල් එකක් දැකලා මේ කතාව ලියන්න හිතුනා, අපි හැමෝම ඈතුලතින් හොයනවා ගැලපෙන තැනක් වගේම ගැලපෙන මිනිසුන්, 
මොකද අපේ පිටින් ඉන්න ඇනලටිකල්, ලොජිකල් පුද්ගලයට වඩා ඇතුලත පුද්ගලයා රසවතෙක් නැත්තම් කවීයෙක් එහෙමත් නැත්තම් නාට්යකරුවෙක් වෙන්න පුලුවන් නිසා. සමහර වෙලාවට වෘත්තීමය වශයෙන් විවිධාකාර රෑකියාවල නිරත වෙලා හිටියත් අපේ ඇතුලෙ ඉන්න රසවතා හැම වෙලාවෙම අපිට ගැලපෙන මිනිසුන් සොයා යනවා, ඒ සෙවීම් බොහො විට හමුවෙන්නේ අපූරෑ තැන් වලින්. මේ ඒවගේ එකක් ගැන.

මගේ යාලුවෙක් හිටියා චිත්ර වලට හරිම ආසාවක් තිබුන කෙනෙක්. එයත් එක්ක ඉස්සර චිත්ර ප්රදර්ශන වලට ගියාට මමනම් කිසිම අවබෝදයකින් රස විදපු කෙනෙක් නෙමෙයි. ඔහොම කාලයක් ගිහිල්ලා මගේ යාලුවා ට්රෙශරි පැත්තෙ රස්සාවකට ඉල්ලුම් පත් යොමුකෙරෑවා. එයාට වඩා බොහොම අධ්යාපනික සුදුසුකම් වැඩි, පළපුරුද්ද අතින් රට රට වල වැඩකිරිමෙන් අත්දැකීම් බහුල, සමාජ සම්බන්ධතා පැත්තෙන් ඉදිරියෙන් හිටපු බොහොම දෙනා මේ තනතුරට ඉල්ලුම් කරලා තිබුනා. එතන අයත් එක්ක බැලුවම මගේ යාලුවාට තිබුනේ යාන්තම් ගොඩයන ටයිප් එකේ සුදුසුකම්. මෙතන්දීත් ගෲප් ඩිස්කශන් වලදී එහෙම සමහර අයගේ ඇනලිසීස්, ඒඅය සිනාරියොස් ඩිෆ්රග්මන්ට් කරලා සමහර රටවල කරන්සි ඩිවෑලුවේශන් හින්දා ණය ගෙවීම් හැකියාවන් හා ණය ගැනීම් වගේ දේවල් පබ්ලික් සෙක්ට කලයන්ට්ස්ලට බලපාන හැටි,මිටිගේශන් ටෑක්ටික්ස් එහෙම වනලා දුන්නම මගේ යාලුවට ටිකක් ජබර කලන්තේ වගේලු.

වවුලගේ ගෙදර ගියානම් ඉතින් එල්ලිලා හිටපන්කෝ කියලා මිනිහා මටත් හිතින් බැණ බැණ ඉදලා මොකද සීවී එකයි, කවර් ලෙටර් එකයි, පොසිශන් ඩිස්ක්රිප්ශන් එකට ගැලපෙන්න කම්පිටන්සි ස්ටේට්මන්ට් එකයි ටිකක් අතිනුත් දාලා ලියලා දුන්නේ මම නිසා, මගේ යාලුවා මීටරේ මම ඌ ගැන දන්න නිසා මම ඌට ගොඩදාගන්න පුලුවන් වෙන්න තමයි සේරම ලියලා දුන්නේ.

ඉතින් සේරම ඈන්ලිටිකල්, සයිකො මෙට්රික් අරවා මේවා පස්සේ අන්තිමට ඉන්ටවීව් එකක් තිබිලා, මේවාත් අර මොඩර්න් විදියට ලැටරල් තින්කින්, අවුට් ඔෆ් ද බොක්ස් තින්කින් වගේ බලන එකක්. මෙතනදීත් මම මගේ යාලුවට කිව්වා උඹ ලොකු ලයින් එකක් දාපන්, බොරු බර වචන ටිකක් දාලා පට්ට වැඩ්ඩා වගේ හිටපන් කියලා. මගේ යාලුවා අවංක ඩයල් එක, බොරු සෝබන නෑ. මිනිහා ඉන්ටවීව් එකට ගිහින් වාඩිවෙලා බැලුවම පැනල් එකට උඩින් එක පැත්තක තිබිලා තියෙන්නේ බෙන්ජමින් වෙස්ට් ගේ "ද ඩෙත් ඔෆ් ජෙනරල් වුල්ෆ්" කියනන් ප්රසිද්ධ චිත්රය අනෙක් පැත්තේ එල්ලලා තිබිලා තියෙන්නේ ශෝන් ඈන්ටොයින් වටූ කියන චිත්ර ශිල්පියාගේ "ද ඩෙත් ඔෆ් මොන්ට්කාම්" කියන චිත්රය. මේ දෙකම කැනඩාවේ කියුබෙක් ප්රාන්තයේ වෙච්ච සටන මෙහෙයවපු ජෙනරාල්වරු දෙපලගේ මරණය ගැන ඇදපු චිත්ර දෙකක්.


මගේ යාලුවා චිත්ර පොරනේ මිනිහා මේ චිත්ර දෙක අහවල් ගැලරියේ මේන්න මේ දවසේ ප්රදර්ශනයට තිබුනා මේකට ප්රස්තුත වුනෙ කියුබෙක් වල මෙන්න මේ යුද්දය කිව්වම පැනල් එකම හොල්මන් වෙලා. එතන හිටපු ටොප් ලෙවෙල් කීප දෙනෙක්ගෙම විනෝදාංශය ගැලරිවල චිත්ර බලන එක ඒ වගේම කෑනේඩියන් සම්භවයක් තියෙන අය. අන්තිමට පොසිශන් එකට අදාලව කිසිම ප්රශ්නයක් අහලා නෑ. ඉදිරියට එන්න තියෙන ප්රදර්ශන , දැනට තිබුන හොදම ඒවා, ආසම ආර්ට් ගැලරි එක.චිත්ර වල අරවද, මේවද තමයි කතා කරලා තියෙන්නේ. කොහොමහරි අඩුම සුදුසුකම් තිබුන මගේ මිත්රයා කන්සල්ටන්සි ෆර්ම් එකේ සීනියර් ඇනලසිට් වුනේ උගේ චිත්ර දෑනුමට පින්සිද්ද වෙන්න. වැඩ කරන්න අවශ්යය ටෙක්නිකල් දැනුම අඩු වුනත් තමන් වගේ හිතන එක හා සමාන විනෝදාංශ තියෙන අයත් එක්ක වැඩකරන්න පහසුයි කියන එක මම දන්නේ අත්දැකීමෙන්.එදා ඉදලා මමත් ආර්ට් ගැලරිවල බඩගානවා අඩු ගානේ චිත්රේ නමවත් මතක තියාගන්න..


                                                        © පසන් , පර්ත්. අප්රේල් 2, 2019.



                                 පින්තූර ගත්තේ මෙතනින්, National Gallery of Canada වෙබ් සයිට් එකෙන්













1 comment: