Showing posts with label උපුටාගත්තේ විරංග ගුණසේකර ගෙනි.. Show all posts
Showing posts with label උපුටාගත්තේ විරංග ගුණසේකර ගෙනි.. Show all posts

Saturday, April 6, 2019

සිත්ගත් කවි, උපුටාගත්තේ විරංග ගුණසේකර ගෙනි.


උපුටාගත්තේ විරංග ගුණසේකර ගෙනි.

" කොල්ලුපිටියෙදි වැටලූ චීන ගණිකා නිවසේ විශ්ව විද්යාල සිසුවියකුත් "

කැම්පස් බඩුව

සඳ අමාවක රැයේ 
මත්ව පෑයූ ඉරේ
රශිමියෙනි කුලුඳුලේ 
මල් පෙති බිමට හැලුනේ

අනාගත වැඩ තකා 
ශිල්ප ලැබුමට ගිය කලටා
ගුරු සිත නොරිදවනු පිනිසා 
පඬුරු පිදුවයි රුහිරු මසිනා

බොහෝ සිත් වෙර දරා 
ශිල්ප වනපොත් කරලා
පැමිනි කල දෙවොලටා
දෙවිඳු තිර රෙදි වසාගත්තා

පෙම් බස්ම මිමිනුවත්
රැඩිකල් පෙම් කුරුල්ලෙක් උවත්
පෙති ගිලිහුන මලක්
රැගෙන යාවිද බුදු පුදටවත්

ඉපනැලි වු පෙමක් 
දැවී අලු උන තැනක්
බොහෝ සරු බිමක් 
නොවේවිද වැපුරුමට රන් කාසියක්

නොමිලේ පෙම සොයන
සැවුලන් සිටින නුවරක
වීතරාගී ඇගේ තුණු වත
මිලකලා ඇය රන් මසුවකට

වැසූ ඇස් ඇති පිලිමයක
තරාදිය සහ කඩුව වනමින
මස් රාත්තලක් මිස
පෙනේවිද දැරියකගේ හදවත....


...විරංග ගුණසේකර...