Friday, September 27, 2019

යථාර්තය, සත්යය සහ මායාව..



යුරෝපීය සුදු හම ත්රස්තවාදීන් නැත, ඇත්තේ කළු ත්රස්තයන් පමණි. 2019 වසරේ මාර්තු 15 දින, විසිඅට හැවිරිදි ඕස්ට්රේලියානු ජාතික බ්රෙන්ටන් හැරිසන් ටැරන්ට් නවසීලන්තයේ රිකාටන් හි "අල්-නූර් මුස්ලිම් දේවස්ථානයේ" සහ "ලින්වූඩ් ඉස්ලාම් මූලස්තානයේ" සිකුරාදා දින දේව මෙහෙයට පැමිනෙමින් සිටි මුස්ලිම් ජාතිකයින් 51 දෙනෙක් මරාදැමුවේය. මුලු මහත් ලෝකයක් පිළිකුලෙන් යුතුව නැරඹූ මෙම සමුළ ඝාතනය ෆේස් බුක් ඔස්සේ සජීවීව බෙදාහැරි ටැරන්ට් ගේ අරමුණ වූයේ බටහිර රටවල මුස්ලිම් ජනතාවට සුදූ ජාතිකයන්ගේ ශ්රේෂ්ඨත්වය විදහා පෑම සඳහා බව ඔහු පසුව දන්වා සිටියේය. මෙම ඝාතනයන්ට ප්රථම ටැරන්ට් විසින් රචිත පිටු 74 කින් සමන්විත "ග්රේට් රිප්ලේස්මන්ට්" ප්රකාශණයේ අරමුණු ලෙස සුදු ජාතිකයන්ගේ අධිපතීත්වය තහවුරැ කිරීමත් සාංක්රමණික එදිරි ප්රතිපත්තියක් ඇතිකිරීමත් දැක්වූ අතර නාසීන්ගේ කාළවර්ණ සූර්යයා සහ ඕඩින්ගේ කුරුසය සංකේත ලෙස දක්වා තිබිනි.

උත්ප්රාසයට කරැණ වන්නේ නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩන් මෙම ඝාතනයන් හෙලාදුටුවද ඝාතන නඩුව ගොණුකෙරැවේ එක් ඝාතනයක් සඳහාත්, නවසීලන්ත ත්රස්ත මර්ධණ පණතින් පරිබාහිරව වීමත්ය. පසුව එය වෙනස් වුනද සුදු ජාතිකයන් ත්රස්තවාදීන් නොවන බවට ඇති පූර්ව නිගමණය මේ මගින්ද සනාථ වේ.

ත්රස්තවාදයේ ප්රාරම්භක අවස්ථාව ලෙස මහජනතාවට එරෙහි රජයේ ක්රියාවන් හඳුන්වා දී ඇත්තේ ප්රංශ විප්ලවයෙන් පසු 1789 වසරේදීය. ඉන්පසුව 19 වන සියවසේ ත්රස්තවාදය ලෙස යොදාගත්තේ දේශපාලනික වූ ඝාතනයන් දැක්වීමට වූවත් 1960 වර්ශයෙන් පසුව වගවිභාගයක් නැතිව සිදුවූ කැරළිකරැවන්ගේ ඝාතනයන් ත්රස්ත ක්රියාලෙස හුවා දැක්වීම විය. ත්රස්තවාදය ගැන රටවල් අතරද ජාත්යන්තර නීතියේද ඒකවාචක හැඳින්වීමක් නැත. එයට සාධාරණ හේතුව වන්නේද ත්රස්තවාදය යන වචනය සහ මූලිකවූ ප්රභවය සම්බන්දයෙන් තිබෙන්නාවූ පරස්පර මතයන් හා විග්රහයන්ය. ඒ අනුව එක රටක නිදහස වෙනුවෙන් සටන්වදින්නෙකු තවත් රටකට ත්රස්තවාදියෙක් ලෙස පෙනීයනු ඇති බැවිනි. එමෙන්ම ත්රස්තවාදය තුල රට වැසියා සහ රාජ්යයන් ඇතුලත් වීමද, ත්රස්තවාදයේ දේශපාළණ භූමිකාවද, ත්රස්තවාදයට ඉලක්කවන්නාවූ සාමාණ්යය ජනයා සහ පීඩාවේ තක්සේරැව සම්බන්ධයෙන්ද මූලික නිර්නායකයන් සහ ඒ පිලිබඳ එකඟතාවයන් රටවල් අතර ඇතිවී නැත. 

නවසීලන්තය සහ ඕස්ට්රේලියාව සිය ත්රස්ත මර්ධණ පනත් නියාමණය කෙරැවේ එංගලන්තෙයේ ත්රස්තපණත් අච්චුවට ප්රාකාරවය ඒ අනුව එහි මූලයන් ඇත්තේද 1970 බෙල්ෆාස්ට් නගරය කේන්ද්රගතකරගෙන වීම බැව් අප තේරැම් ගතයුතුය. එකළ මූළ පරමාර්ථය වූයේ අයර්ලන්ත දේශසීමා ගැටලුව දේශපාළණ ගැටළුවකින් තොරව ස්ථායී කිරීමයි ඒ සඳහා සාම්ප්රදායික නීති ප්රවේශයක අවශ්යයතාවය ඉස්මතු විය. මේ අතරට අයර්ලන්ත  ත්රස්තයන් සඳහා අභිචෝදනා කරන ලද්දේ ත්රස්තවාදය සාමාණ්ය මනුෂ්ය ඝාතන සහ චෝදනා යටතේ වීමයි. තැචර්ගේ ආණ්ඩුවේ උපාය වූයේ ආයුධ සන්නද්ධ අයිරිශ් සටන්කරැවන්ගේ නීත්යානුකූලත්වයත්, සුජාතභාවයත් ක්රමයෙන් නැතිකර හැරීමටත්, යුධ සිරකරැවන් ලෙස අයිරිශ් ජාතිකයන්ගේ නීතිමය ස්තාවරයක් අහිමිකිරීමත්ය. මෙහිදී හේග් සම්මුතීන්, ජිනීවා සම්මුතීන් සහ ජාත්යන්තර රතු කුරැස සංවිධානයේ නිර්නායකයන් අවලංගු කිරීමට වේදිකාවක් ලෙසටත් එකළ එංගලන්ත් ආණ්ඩුව මේ අවස්ථාව යොදාගත්තේය.

උතුරැ අයර්ලන්තයට සාමකාමී කාළයක් උදාවූ 1995 වසරේදී බර්වික් හි ආදිපාද ලොයිඩ් විසින් බ්රිතාන්යය පාර්ලිමේන්තුවට යෝජනා කරනු ලැබුවේ ත්රස්තවාදය සඳහා අභිප්රේරණය වන්නාවු හේතු ලෙස දේශපාළනික, සාමාජීය සහ දෘශ්ඨිවාදාත්මක පෙළඹවීම් ඇති බවත් ඒ අනුව නීති රෙකුලාසි සම්පාදනය විය යුතු බවත්ය. බ්රිතාන්යය පාර්ලිමේන්තුව මේ යෝජනා පිලිගත්මුත් සාමාජීය හේතු වෙනුවට ආගමික හේතු ඇතිබව පෙන්වා දෙමින් ඒය ඇතුලත් කලේය.

මේ අර්ථයෙන් බලන කල මෙල්බර්න් නගරය භීතියට පත්කල "ගාගසූලස් ගේ ක්රියා" ත්රස්තක්රියාවන් නොවේ. නමුත් මොහම්මඩ් කාලිෆ් ගේ ක්රියා ත්රස්තක්රියාවකි. ෆර්හාඩ් ජර්බොර් ගේ ක්රියා ත්රස්තක්රියාවකි. ඒනයින් බලන කල බ්රෙන්ටන් ටැරන්ට් ගේ මිනිස් ඝාතනයන්ද ත්රස්තක්රියා ගනයට ඇතුලත් වේ. ඕස්ට්රේලියානු සහ නව සීලන්ත නීතියේ ත්රස්තක්රියා කිරීමට පෙර නැවැත්වීම සඳහා නීති බලාත්මක වී තිබුනද බොහෝ විට ත්රස්ත ක්රියා සිදුවීමෙන් පසුව මාධ්යය හරහා විශාල භීතියක් මහජනයා තුල ජනිත කොට එම සිද්ධිය යටපත් කරනු විනා මනා විමර්ශනයක් හේතු සෙවීමක් කොට වැරදිකරැවන්ට දඬුවම් කිරීමක් නොකරයි. ලංකාව වැනි රටක ත්රස්තයන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරන මේ රටවල් තම රටේ නීති පද්ධතියේ විශේශිත විධිවිදාන යොදා මිනිසුන් යදමින් බැඳ මානව හිමිකම් උල්ලංඝනය කරමින් ක්රියා කරයි.

මාධ්යය මගින්ද සුදු ජාතිකයන්හට දිව්යමය කරැණාවක් ආරෝපණය කිරීමට යත්නදරන අතර අනේක් සියළුම ජාතින් ප්රචන්ඩ්ත්වය ඩී.එන්.ඒ ප්රතිවලිතයේ දරාගෙන රැගෙන එනු ලබයි. ඉහත ඡායාරෑපයේද පැහැදිලිව දක්වා ඇත්තේද මේ සංසිද්ධියම වේ.

ලංකාවේද දැන් දැන් දේශපාළණික ප්රොපගැන්ඩාව හමුදාව, විනය, කොමිස්, බැංකු කැඩීම්, නපුන්සකයන්ගේ දඩාවතේ යෑම් සහ සල්ලාලයන්ගේ අල්ජ්ජී ක්රියා අතර දෝලණය වෙමින් ව්යාකූලත්වයේ කල්පිතයන්ගේ ආකර්ශණයන්, විකර්ශනයන් අතර ඉපිලෙනු දැකගත හැකිය. සුදුහම ත්රස්තවාදීන් සෙවනැලි අතර සිට මරණයේ භිතිය ගෙන එන්නාසේම මාධ්යසඟයෝද අකුරැ අතර සැඟවී නීතියේ දෙවඟනගේ සළුපිලිද, සත්යයේ කඩතුරාවද ඉරාදමන බව පැහැදිලි වනවිට නැවතත් හංසයාගේ ප්රෝඩාවට සිංහල ජාතිය ගොදුරැවී ඇතිබව පසක් වනවා නොඅනුමානය. මරේ ඩාලින් බේසිනයේ දූශණ, කංසා නීතිගතකිරීම්, ඉයුතනේශියා, යුධ අපරාධ, නීතියේ අවභාවිතය, පොලීසියේ කෲරත්වය, වර්ණභේදවාදය සහ දහසක් සැඟවුනු ගැටළු අතරේ දෝළණය වන ඕස්ට්රේලියානු දේශපාළණය කිසි විටෙක සුදු හමැතියෙකුගේ වරදක් ඇබෝ එකෙකුගේ නිවරදිභාවය උදෙසා හිලව් කලේ නැත. සුද්දාගේ අවකල් ක්රියා සියල්ල කල්ලාගේ මරණයෙන් වැසී ගියේය. අපි තවමත් සුද්දාගේ අපුල නීතියෙන් යුක්තියා හා සාධාරණත්වය හඹායන්නේ මිරිගුවක් පසුපස යන මෝඩ මුව රෑනක් සේය. පක්ශ දේශපාළණයෙන් තොර ජාතිකත්වයක් උදෙසා සිහළුන් එක්වන්නේ කවදාද???

© පසන්, පර්ත්, 2019.

පින්තූර අන්තර්ජාලයෙනි.





No comments:

Post a Comment