Sunday, April 5, 2020

සංග්රාමයෙන් තොරවූ සෞභාග්යයක් වෙත්ද?




නුතන පරපුරේ චින්තකයන්ගේ ප්රහර්ශයට පත්වූ ප්රහර්ශයට ලක්කල මතයක් වූයේ "සංග්රාමිකව ලබාගත් කිසිවක් නැතයි" යන මාතෘකාවයි. සත්යවශයෙන්ම මෙය ගැඹුරින් විග්රහකොට අධ්යනය කල යුත්තාවූ කාළීන මාතෘකාවක් ලෙසට දැක්වීම මේ ලියමනේ අරමුණයි. කොරොනා උවදුර නිසා කලක් ඇසුරැකල පතපොත නැවත කියවීමේ දුර්ලභ භාග්යය උදාවීම කරනකොට පැරණි පද්යයන් වෙත යොමුවීම සිතට ඇතිකලේ මහත් සතුටකි එමෙන්ම ආශ්වාදයකි. ඒ කියවීම ලිවීමකට ගොණුකෙරැනේ  ඉතිහාසය, සාහිත්යය සහ කළාවන් දුශ්කර කාළයන් අතික්රමණය සඳහා උත්තේජනයක් සැපයීම වෙන නිසාමය.

අද දින කියවීමට ගත්තේ 1952දී විස්ටන් හ්යු ආඩන් (W.H Auden) විසින් රචිත "අකිලිස් ගේ පලිහ" නම්වූ කාව්යයයි “The Shield of Achilles”. ආඩන් කියවන්නන් බොහෝ ආදරයෙන් වැලඳගත්තේ ඔහුගේ විධිමාත්ර සියුම් නිපුණත්වයටත්, මහා වීරකාව්යක පුරාතන රණශූර සමාජයක් සහ විසිවන සියවසේදීත් සංග්රාමයන් නිසා විඳවන්නාවූ සමාජ සංස්ථාවන්ගේ අනූභූතීන් එකට සන්තතිකව වර්ණනනය කිරීම නිසාය. මෙහිදී වැදගත්වන කරැණ වන්නේ අප විග්රහ කරන්නේ ප්රචන්ඩත්වයයි, සැහැසිකම හා කෘරත්වයයි. එක් සමාජයකට පීඩනය, වේදනාව සහ මරණයයි. තවත් සමාජයකට විමුක්තිය, ගැලවීම සහ සුජාතකත්වයයි.

ආඩන් බොහෝවිට යුධ, සංග්රාමික මානසිකත්වය බැහැර කල අයෙක් ලෙස පොදු පිලිගැනීමක් තිබුනත් ඔහුගේ සමලිංගික රැචිය සහ ආගමික ගැටම්කාරීත්වය නිසා ඇතිවූ චිත්ත වික්ශෝපය නිසා පොදුවේ සංග්රාමයකින් පසුව තිබෙන්නාවූ සමාජ ආකෘතීන් වෙනස්වී නව පිරිවිතර ඇතිවීම ඔහු අගය කලබව මගේ හැඟීමයි.

මෙහි සඳහන් වන්නාවූ "පලිහ" හෝමර් විසින් රචිත ග්රීකයන්ගේ ඉලියඩ් කාව්යයේ දහ අටවන කොටසේ දක්වා ඇති පරිච්චේදයකි. මෙය වැදගත් වන්නේ පීටර් පෝල් රැබන්ස්, වැන් ඩයික්, වෙස්ට් වැනි ලොව සුපතල චිත්ර ශිල්පීන් මෙම කරැණ අරභයා කලාවූ චිත්ර නිර්මාණයන් ලොව පතල කළාකෘතීන් ලෙස ගෞරවාදරයට පත් වීම නිසාය. මෙයට ප්රස්තුත වන්නේ ට්රෝජන් හි රණශූර හෙක්ටර් විසින් පෙට්රොක්ලිස් මරණයට පත්කොට ඔහු විසින් පැලඳ සිටි අකිලිස් ගේ සන්නාහය පැලඳ රණබිමට ගොස් ග්රීකයන් හට අකිලිස් මියගිය බව දැක්වීමට ගත් ප්රයත්නයයි. මෙහිදී අකිලිස් සිය මව වන මුහුදට අධිපත් තීටස් දෙවඟනගෙන් තමා සඳහා වෙනත් සන්නාහයක් හිෆීස්ටස් නම්වූ සන්නාහයන් නිර්මාණය කරන්නාවු දෙවියන් වෙතින් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරයි. හිෆීස්ටස්ගේ කම්මලේ ගිනිඋදුන එට්නා යමහලේ පතුලේ ඇතිබවටත් ඔහුගේ කැඩපත අතීතය, වර්ථමානය සහ අනාගතය පිලිඹිඹු කරන බවටත් පුරාවෘතයේ සඳහන්ව ඇත.මෙහි යටි අදහස මෙසේද දැක්වෙයි සටන් ඇතිවන්නේ රජයක, සමූහයක හෝ ජනකණ්ඩායමක සුජාතභාවය, නීතිය ගැන ගැටළු ඇතිවිටය. එකම රටක නීති දෙකක්, රජයන් දෙකක් පවතින විට ගැටළු ඇතිවිය හැකිය. හිෆිස්ටස් විසිතුරැ ලෙස නිර්මාණය කල පලිහ තුල මංගලෝත්සවයන්, සංග්රහ, මඩමණ්ඩියක්, නර්ථනකරැවන්, අධිකරණශාලාවක් සහ යුධපිටියක් වශයෙන් දක්වා තිබුනි.එනයින් බලන කල සංග්රාමය වනාහි සමාජයක් තුලින් උපදවන ලද්දක්ය, එමෙන්ම එම සමාජය හැඩගස්වන්නාවූ අපුරැ සිද්ධිදාමයක ආරම්භයක්ය. යුද්ධය හා සාමය එකිනෙකට වෙලී , පැටලී සම්මිශ්රනය වී ඇත්තේ අපූරැ ආකාරයකටය. එය පවත්නාවූ යම් සමාජයක් නිර්වචනය කරයි එමෙන්ම එම සමාජ්යේ වටිනාකම් අන් අයට පැහැදිලිව පෙන්වා දෙයි. එසේවී නම් සංග්රාමයෙන් තොර සාමයක් නොමැත.

එංගලන්තයට එරෙහිව ඇමෙරිකාවේ නැගිටීමත්, ප්රංශ විප්ලවයත් රාජ්යයක නීත්යානුකූලභාවය සඳහා අවශ්යය වන්නේ යුධමය ජයග්රහණ බවට පැහැදිලිකොට ඇත. ජර්මානු දාර්ශණික හේගල්ට අනුව රාජ්යයක් ඇතිවන්නේ නීතිය කරන කොට නොව සංග්රාමයන් හේතුකොටගෙනය. එංගලන්තය යනු අදද ලිඛිත ව්යවස්තාවක් නොමැති රටකි.

මානව ඉතිහාසය හැදැරීමේදී ප්රකට වන්නාවූ කරැන නම් අප මුහුන දෙන සියළුම ගැටළු මේ ආකාරයෙන්ම හෝ සමානව පැරැන්නන් මුහුණ දී ඇතිබවයි. ඉතිහාසය හොඳින් ඉගෙනීමෙන්ම අපට ඒ ගැටළු සඳහා පැරැන්නන් මුහුණදුන් ආකාරය ඉගෙනීමටත් ඔවුන්ගේ අඩුපාඩු, අත්වැරදීම් නොකර සිටීමටත් අනුබලයක් ලබාදෙයි. 

සංග්රාමයන් හා යුධ ශිල්පයෙන් ලෝකයා හට අහිමිවූදේ බොහෝය එමෙන්ම එනිසා ලබාගත්දේද බොහෝය. මවිසින් වරක් එය ඉතා සංක්ශිප්තව වරක් ලිපියකින් දැක්වු අතර දෙවෙනි ලෝක සංග්රාමය නොවුයේ නම් හිට්ලර් සහ ඔහුගේ සහචරයින් දැනුදු යුදෙව්වන් අමානුශික අන්දමින් ඝාතනය කරනවා ඇත. ඇමෙරිකාවේ සිවිල් යුධයේ ජයග්රහන නොවීනම් දැනුදු වහළුන් වෙලදාම ජයටම සිදුවෙනවා ඇත. එසේනම් කලයුත්තේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන යහපත් හෙටක් උදෙසා නිසි ක්රියාමාර්ග ගැනීමයි.

ඉතිහාසය උගත් බොහෝ හමුදා නායකයින් ඉතා ප්රශස්ත ලෙස සතුරාගේ ඊළඟ පියවර උපකල්පනය කලේය. නූතනයේ මේ සඳහා ඉතාම සුදුසු උදාහරණයක් ගෙනහැර මෙසේ දැක්විය හැකිය.

අද්මිරාල් චාර්ල්ස් (විලී) මූවර් යනු ඇමෙරිකානු නාවුක නිලදරයෙකි. ඇෆ්ගන් යුද සමයේ ඔහු බහරේන් රාජ්යයේ ඇමෙරිකානු පස්වන නාවුක බළඇණියට අණදුන්නේය. 9/11 ප්රහාරයෙන් පසුව ඇමෙරිකානුවන් අල්-කයිඩා ත්රස්තයන් හට ඇෆ්ගනිස්තානයේ උතුරේ මසාර්-ඊ-ශරිෆ් නගරයට පහරදෙනවිට ඔවුන් කාබුල් අගනුවරට පසුබැස්සේය. අද්මිරාල් විලී මුවර් ඔහුගේ අද්යනයන් අනුව එවකට ඔහු යටතේ සිටි ජෙනරල් ජේම්ස් මැටිස් හට පවසා ඇත්තේ අවුරැදු 500ක ඉතිහාසය තුල කිසිවෙකුත් කාබුල් නගරය රැක නොසිටි බවත් කාබුල් බිඳ වැටීමෙන් පසු ත්රස්තයන් ඔවුන්ගේ ආරක්ශිත කන්දහාර් කදුවෙතට පසුබසින බවත්ය. මෙහි දැක්වූ ජෙනරල් මැටිස් පසුව ඇමෙරිකානු මැරින් බලකායේ එකොලොස්වන අණදෙන්නාවූ අතර පසුව විසිහය වැනි ආරක්ශක ලේකම් ලෙස පත්විය. අද්මිරාල් විලී මුවර් පැවසූ පරිදිම කාබුල් බිඳ වැටිනි. ත්රස්තයන් කන්දහාර් දෙසට පසු බසිද්දී සැතපුම් 350ක් රට ඇතුලට ගොස් සිටි ඇමෙරිකානු භටයින් ඔවුනට පහරදිනි. 

කාර්තීජියානු හැනිබල් කැනේහිදී සිදුකල ආකාරයටම ඇමෙරිකානු හමුදා සිය යුධෝපක්රමයන් යොදාගති. ඉතිහාසයට අනුව ජයග්රාහකයින් ඒක පාර්ශ්විකව ලෙස යුධ ජයග්රහණ ගැන ලියා ඇත්තේය එමෙන්ම යුධ ජග්රහණ මත්තෙන් ලෝකයේ ගමන්මග යහපත් දිශානතියකට යොමුකිරීමද කර ඇත. මෙනයින් බලන කල යුධ සංග්රාමයන්ගෙන් තොර සාමයක් නැත. එය මානව සමාජ්යේ ප්රගමනය උදෙසා  වු  අත්යාවශ්ය නපුරකි.  

© පසන්, 2020
පින්තූර අන්තර්ජාලයෙනි




1 comment: